elane!!! suddanta baya nathi mahinda wage presidentz la thawa kauda lankawe inne?
ලංකාවට චණ්ඩියා වෙන්න "විදෙස් බලපෑම්" ගෙන්වාගන්න ආණ්ඩුව සෑහෙන්න වියදම් කරලා
2010 මාර්තු 23 වෙනි අඟහරුවාදා, 19:15 ශ්‍රී ලංකාවට එරෙහිව විදෙස් බලපෑම් සිදුවන බවට ප්‍රධාන උදාහරණය ලෙස ඉදිරිපත් කළ එක්සත් රාජධානියේ ආරක්ෂක කටයුතු පිළිබඳ විකල්ප අමාත්‍ය ලියම් ෆොක්ස් මහතාගේ ශ්‍රී ලංකා සංචාර සඳහා මුදල් ගෙවා ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින්ම යැයි හෙළිදරව් වී ඇත. මෙය හෙළි වී ඇත්තේ බ්‍රිතාන්‍ය දේශපාලඥයින්ගේ මූල්‍ය විනය පිළිබඳව BBC ලෝක සේවය විසින් කළ ගවේෂණයකදීය. ලියම් ෆොක්ස් මහතා මෙරටට පැමිණි සෑම අවස්ථාවකම ආණ්ඩුව විදෙස් බලපෑම් පිළිබඳව චෝදනා කළ අතර, ඒ මහතා මෙරටට පැමිණි කිහිප අවස්තාවකදීම එම පැමිණීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ උද්ඝෝෂණ පවා සිදු කරන ලදී. මෙම විරෝධය මුළුමනින්ම වංචාවක් බව අලුත්ම තොරතුරු හෙළිදරව් කරයි.
ලියම් ෆොක්ස් මහතා 2007 වසරේදී එක්වරක්ද, 2008 වසරේ එක්වරක්ද, 2009 වසරේ තුන්වරක්ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඊට අදාල සියලු වියදම් දරා ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසිනි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශ රටක අනුග්‍රහයෙන් විදේශ ගත වන්නේ නම් ඊට අදාලව මුදල් වාර්තා සති 4 ක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ලියම් ෆොක්ස් මහතා එම සම්ප්‍රදාය කඩ කර ඇත. 2007 නොවැම්බරයේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ අනුග්‍රහයෙන් කළ සංචාරයට අදාල වාර්තා ඉදිරිපත් කර ඇත්තේ 2008 පෙබරවාරි මාසයේදීය. 2008 මාර්තු, 2009 මාර්තු, 2009 අගෝස්තු, 2009 නොවැම්බර් කළ සංචාරවලට අදාල ඔහු වාර්තා ඉදිරිපත් කර නැත.
මීට අමතරව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ මන්ත්‍රී ඇන්ඩ්‍රැ ලෝව් 2006 අප්‍රේල් මස හා 2008 මාර්තු මස ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුත් ඊට අදාලව නීති රීති අනුගමනය කොට නැත. විදේශීය රටවලින් අනුග්‍රහ ලබන මන්ත්‍රීවරුන්ට එම රටවලට ආධාරදීම පිළිබඳව පාර්ලිමේන්තු යෝජනා ඉදිරිපත් කළ නොහැකි වුවත්, ලියම් ෆොක්ස් මහතා 2008 අප්‍රේල් 30 දින ද ලෝව් මහතා 2006 මැයි 24 වනදා ද ශ්‍රී ලංකාවට ආධාර දීම පිළිබඳ යෝජනා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභා ගත කොට ඇත. මේ පිළිබඳ බ්‍රිතාන්‍ය තුළ දැඩි විරෝධයක් ගොඩ නැගී තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුව තමන් විදෙස් මැදිහත්වීම්වලට එරෙහි යැයි කියමින් ඇතැම් විදෙස් නියෝජිතයින්ට එරෙහිව උද්ඝෝෂණය කරමින් කරන වංචාවද හෙළි දරව් වී තිබේ. මෙම බොහෝ විදෙස් මැදිහත්වීම් "අතින් ගෙවා" ගෙන්වා ගත් ඒවා බව මේ අනුව පැහැදිලිය.
http://lankatruth.com/sin/index.php?...8-51&Itemid=27