මෙවර ජනාධිපතිවරණය සදහා ලියාපදිංචි ජන්ද දායකයන් ගණන 17,140,354 කි..
ජන්ද ප්‍රකාශිත ප්‍රතිශතය 83% ක් ලෙස ගණනය කලොත් භාවිතා වන ජන්ද ගණන වනුයේ 14,226,494කි..
නරක් වු ජන්ද ප්‍රතිශතය 1% ක් ලෙස සැලකුවහොත් (142,264)
වලංගු ජන්ද සංඛ්‍යාව වනු ඇත්තේ 14,084,230 කි..
එයින් 50% යනු 7,042,115
කොටින්ම කිවහොත් දිනන අපේක්ෂකයා ජන්ද ලක්ෂ 70ක් ලබා ගත යුතුය..
අපට ආසන්නතම ජනාධිපතිවරණය 2019 වසරේ පැවති ජනාධිපතිවරණයයි.
එහිදි ගෝටාභය රාජපක්ෂ උතුරු නැගෙනහිර පලාත සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක් හැරුණ විට (නුවරඑලිය,බදුල්ල,පුත්තලම, පොලොන්නරුව,මහනුවර) 55% ඉක්ම වූ ජන්ද ප්‍රතිශතයක් (සමහර දිස්ත්‍රික්කවලදි එය 65%ද ඉක්මවා තිබුනි) ලබා ගත්තත් ඒ ඉහල ප්‍රතිශත උතුරේදි ඔහු ලැබු පසුබෑමත් සමග තනුක වී ගොස් ඔහුගේ සමස්ථ ප්‍රතිශතය රැදි තිබුනේ 52% කය.(52.25%)..
1994 ජනාධිපතිවරණයේදි ශ්‍රිමනි දිසානායක මහත්මිය ලබා ගත්තාටත් වඩා අඩු ජන්ද ප්‍රතිශත දකුණේ බොහෝ දිස්ත්‍රික්කවල වාර්තා කල සජිත් ප්‍රේමදාස උතුරු නැගෙනහිරදි ලැබු අති මහත් බහුතරය නිසා අවසානයේදි 42% (41.99%) ලබා ගැනිමට සමත් විය..
මේ වන විට භූමියේ දේශපාලනය වෙනස්වී ඇති නිසා ඉකුත් මැතිවරණ ප්‍රතිඵල යොදාගෙන පුරෝකථන කිරිම ඉතා අපහසු වුවත් පහත කරුණු ගැන සලකා බැලිම වටියි..
එක
උ.නැ හැර 2019 දි ගෝටාභය රාජපක්ෂට දකුණේ තිබු ජන රැල්ල හා සමාන ජන රැල්ලක් මෙවර ඉදිරිපත් වන එකදු අපේක්ෂකයකුට හෝ දකුණේ තිබේද....
දෙක
2019 සජිත් ප්‍රේමදාස උතුරු නැගෙනහිරදි ලැබු ඉහල ජන්ද ප්‍රතිශතයම මෙවරත් දකුණේදි පලවෙනි ස්ථානය ලබා නොගන්නා එක් අයෙකුට පමණක් ලබා ගත හැකිද...
පලවෙනි ප්‍රශ්නයට උත්තරය ඔව් නම් සහ දෙවනි ප්‍රශ්නයටද උත්තරය ඔව් වුවත් බොහෝ විට දෙවනි වටයකට නොයා දකුණේ බහුතරය ඇති අපේක්ෂකයා 50% කඩයිම පනිනු ඇත..
පලවෙනි ප්‍රශ්නයට උත්තරය නැහැ යන්න නම් සහ දෙවනි ප්‍රශ්නයට උත්තරය ඔව් නම් උතුරේදි ඉහල ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයා දකුණේදිත් සැලකිය යුතු මට්ටමේ ඉහල ප්‍රතිශතයක් වාර්තා කලහොත් එවිටද පලමු වටයෙන්ම අභිනව ජනාධිපති පත් විමේ සම්භාවිතාවක් පවතියි..
නමුත්..
ප්‍රශ්න දෙකටම උත්තරය නැහැ යන්න නම් ශ්‍රි ලංකා මැතිවරණ ඉතිහාසයේ පලමු වතාවට දෙවනි මනාපය ගණනය කිරිමේ ඉඩක් ඇති බවත් කිව යුතුය.