superposition

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    පොඩි දෙයක් උඹල එක්ක කතා කරන්ඩ හිතුණ..
    Schrödinger's cat, අර පෙට්ටියෙ ඇතුලෙ ඉන්න බළල මැරිලද නැද්ද කියල පරීක්ෂණයක් තියෙන්නෙ..
    බළලෙක්ව මේ කතාවට ඈඳ ගත්තට, මේ සීන් එක වෙන්නෙ කුඩා කුඩා කඩාම අංශු වලට නැත්තං ක්වොන්ටම් අංශු වලට..

    බළලෙක් අරං තියෙන්නෙ කතාව පැහැදිලි කරන්ඩ..
    අපිට සාමාන්‍යයෙන් හිතෙන්නෙ පෙට්ටිය ඇතුලෙ,
    1. එක්කො ඌ පණපිටින් ඉන්ඩ ඕන
    2. නැත්තං මැරිල ඉන්ඩ ඕන

    ඒත් කතාව වෙනස්..
    පෙට්ටිය ඇරල බලන්ඩ කලිං, බළල සුපර්පොසිෂන් එකක ඉන්නව කියල කියන්නෙ, මේ එක අවස්ථාවකවත් නොවී අවස්ථා දෙකේම එකම විට ඉන්නව කියල :baffled:
    ඒ කියන්නෙ මැරිලත් ඉන්නව, ඒ මොහොතෙම පණ පිටිනුත් ඉන්නව..

    physics-schrodingers-cat.gif

    හැබැයි අපි නිරීක්ෂණය කරන වෙලාවට, ඒ කියන්නෙ පෙට්ටිය ඇරල බලන වෙලාවට ඔයින් එක අවස්ථාවයි නිරීක්ෂණය කරන්ඩ පුලුවං
    එක්කො පණ පිටින් ඉන්නව දකින්ඩ පුලුවං
    නැත්තං මැරිල ඉන්නව දකින්ඩ පුලුවං..

    ඒත් අපි නිරීක්ෂණය කරන්ඩ කලිං බළල හිටියෙ සුපර්පොසිෂන් එකක.. ඒ කියන්නෙ මැරිල සහ පණපිටින් යන අවස්ථා දෙකේම.. :baffled:

    උඹලත් මේ ගැන දන්න දේවල් කියපල්ලකො..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    එකම දෙයක්, එකම මොහොතෙ දෙවිදියකට තියෙනව... :baffled:
    මාරයි නේ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    ඉර වටේ ග්‍රහලෝක යනව වගේ වටේ යෑමක්, ඉලෙක්ට්‍රෝන වලදි වෙන්නෙ නෑලු..
    අපි ඉස්කෝලෙ යන කාළෙ පරමාණුවක් කියන දේ තේරුං ගත්තෙ, න්‍යෂ්ටියක් වටා ගමං කරන ඉලෙක්ට්‍රෝන කියලනෙ.. ඒ කතාව එහෙනං වැරදියි..

    Capture.JPG

    https://www.quora.com/Why-do-the-electrons-revolve-around-the-nucleus
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    අපි ඉගෙන ගත්ත s කාක්ෂික p කාක්ෂික
    d f කාක්ෂික මොනවගේද කියල දැනගත්තෙ සෑහෙන කාලයක් ගියාට පස්සෙ, ඒකත් ඉන්ටර්නෙට් එකට පිහිට වෙන්ඩ.. (අරක කොයි වගේද කියල බලාගත්තෙත් ඉන්ටනෙට් එකට පිහිට වෙන්ඩ, අපිට ඉතිං උස්සල පෙන්නන්ඩ කවුරුත් නෑනෙ :lol:)

    main-qimg-9527b72ac1795ffd2e7d8efcd9a69fe7
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Schrödinger's cat: a cat, a flask of poison, and a radioactive source are placed in a sealed box. If an internal monitor detects radioactivity (i.e., a single atom decaying), the flask is shattered, releasing the poison that kills the cat. The Copenhagen interpretation of quantum mechanics implies that after a while, the cat is simultaneously alive and dead. Yet, when one looks in the box, one sees the cat either alive or dead, not both alive and dead. This poses the question of when exactly quantum superposition ends and reality collapses into one possibility or the other.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔඅ මගුල් තේරෙන්නේ නෑ මචෝ:no: කොමස්නේ කෙරුවේ:lol:බම්ප් තමා ;)

    උඹ හිතන්නෙ මැත්ස් කලාම ක්වොන්ටම් පිසික්ස් තේරෙයි කියලද :lol: :lol:
    මඟුලක් කතා කරනව :baffled: :baffled:
    අයින්ස්ටයින්ටත් තේරුං ගන්න බැරුව ගිය එක කොහෙ තේරෙන්නද බං :sorry: :sorry:
    අයින්ස්ටයින් ඔය ශ්‍රොඩින්ජර්ගෙ පූසගෙ කතාවට තමා කිව්වෙ ඒක හරියට සපත්තු දෙකක් පෙට්ටි දෙකක දාල එක පෙට්ටියක් ඇන්ටාක්ටිකාවට යවල එක පෙට්ටියක් කෙනෙකුට දෙනව, එතකොට එයා පෙට්ටිය ඇරල බලපුවාම තියෙන්නෙ වම් සපත්තුව නම් එවෙලෙම ඇන්ටාක්ටිකාවෙ තියෙන්නෙ දකුණු සපත්තුව කියල දැනගන්නව හා සමාන දෙයක් පෙට්ටියට දාපු පූසට වෙන්නෙ කියල :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    උඹ හිතන්නෙ මැත්ස් කලාම ක්වොන්ටම් පිසික්ස් තේරෙයි කියලද :lol: :lol:
    මඟුලක් කතා කරනව :baffled: :baffled:
    අයින්ස්ටයින්ටත් තේරුං ගන්න බැරුව ගිය එක කොහෙ තේරෙන්නද බං :sorry: :sorry:
    අයින්ස්ටයින් ඔය ශ්‍රොඩින්ජර්ගෙ පූසගෙ කතාවට තමා කිව්වෙ ඒක හරියට සපත්තු දෙකක් පෙට්ටි දෙකක දාල එක පෙට්ටියක් ඇන්ටාක්ටිකාවට යවල එක පෙට්ටියක් කෙනෙකුට දෙනව, එතකොට එයා පෙට්ටිය ඇරල බලපුවාම තියෙන්නෙ වම් සපත්තුව නම් එවෙලෙම ඇන්ටාක්ටිකාවෙ තියෙන්නෙ දකුණු සපත්තුව කියල දැනගන්නව හා සමාන දෙයක් පෙට්ටියට දාපු පූසට වෙන්නෙ කියල :baffled: :baffled:

    Quantum entanglement
     
    ඇත්තට එහෙම වෙන්නෙ කොහොමද බං ? :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    Star trek විද්යා ප්රබන්ධ චිත්රපට මාලාව තුළ දක්නට ලැබෙන සුවිශේෂී අංගයක් වන්නේ ටෙලිපෝර්ටේෂන් හෙවත් දුරස්ථ ප්රවාහනයයි.ග්රහලෝකයක් මත සිටින කැප්ටන් කර්ක් එක ක්ෂණයකින් අතුරුදන් වී යානය තුළින් මතු වෙයි.මෙය ඉතා චිත්තාකර්ෂණීය තාක්ෂණයක් බව කිව යුතු නැත.කෙසේ වෙතත් මෙය අද අප දක්නා විද්යාවේ ප්රායෝගික සීමාවන් ගෙන් බොහෝ බැහැරව පවතින්නකි.එහෙත් එය කිසි දිනෙක කළ නොහැකි යැයි කියා බැහැර කරන්නට ද අද නොහැකි වී තිබේ.ඒ අප ජීවත්වන ලෝකය තුළම පවතින නමුත් අපට හසු නොවන ක්වන්ටම් ලෝකය තුල දුරස්ථ ප්රවාහනය කල හැකක් බවට තහවුරු වෙමින් තිබීම නිසාය. star trek හි එන දුරස්ථ ප්රවාහණය විද්යාත්මක සිහින දකින්නන්ගේ මිස සැබෑ විද්යාඥයන්ගේ එතරම් උනන්දුවක් ලක් වන්නක් නොවේ.එහෙත් ඔවුන් ගේ උනන්දු දැඩිව දිනාගත් ක්ෂේත්ර කිහිපයක්ම මේ දුරස්ථ ප්රවාහණය හා බැඳී තිබේ.කාලය වැය නොවන අන්තරීක්ෂ සන්නිවේදන සම්බන්ධතා,අධිවේගී ක්වොන්ටම් පරිගණක හා ක්වොන්ටම් අන්තර්ජාල මේ අතරින් කිහිපයකි. විද්යාලෝකය මේ බලාපොරොත්තු යථාර්ථය දෙසට තවත් පියවරක් ළං කරනසුලු සාර්ථක පරීක්ෂණයක් පැවැත්වීමට පර්යේෂකයෝ පිරිසක් පසුගිය දා සමත් වූ හ.ස්විස්ටර්ලන්තයේ ජිනීවා සරසවියට අයත් මේ පර්යේෂකයන් පිරිස කිලෝමීටර් 25 ක දුරකට ෆෝටෝනයක් ප්රවාහනය කිරීමට සමත් ව ඇත. ක්වන්ටම් දුරස්ථ පරිවහනය Star trek හි දැක්වෙන්නක් බඳු දෙයක් නොවේ.සැබැවින් එය ක්වන්ටම් තොරතුරු එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමකි.එහෙත් ඒ ස්ථාන 2ක අතර දුර තරණයකින් නොවේ.ඒසඳහා කාලය ගත වීමක් සිදු නොවේ.කාලය හා අවකාශයේ බලපෑමකින් තොරව තොරතුරු පරිවහනය මෙහි දී සිදු වෙයි. ක්වොන්ටම් දුරස්ථ ප්රවාහනය පිලිබඳ ක්රියාදාමය පදනම් ව ඇත්තේ ක්වොන්ටම් පැටලිල්ල(Quantum entanglement) නම් සංසිද්ධිය මතය. යම් අංශු දෙකක් වෙන වෙනම විග්රහ කළ නොහැකි ලෙස අනෙන්ය ව සම්බන්ධ වු ක්වොන්ටම් තත්ත්වයක පැවතීම ක්වොන්ටම් පැටලැවිල්ල ලෙස හැඳින්වේ.ඉලෙක්ට්රෝනය ,ප්රෝටෝන මෙන්ම කුඩා අණුද මෙසේ පැටලැවිල්ට භාජන විය හැකි අතර මෙලෙස ක්වොන්ටම් පැටලිල්ට ලක්වූ අංශු දෙකෙහි පිහිටුම ,ගම්යතාවය,බැමුම ,ධ්රැවීයතාවය ආදී භෞතික ගුණ අනෙන්යානය සම්බන්ධයක් දක්වයි.උදාහරණයක් ලෙස සමස්තයක් ලෙස යම් පැටළුණ අංශු යුගලයක බැමුම +-1/2 ලෙසින් පවතී.ක්වොන්ටම් පැටලිල්ලකින් බැඳුණු මෙබඳු අංශු යුගලයකට විශේෂත්වය වන්නේ කෙතරම් දුරින් තිබුණද සෑම විටම එකිනෙකාගේ තත්ත්වය දන්නා බවක් හැඟීයාමයි.1935 අයිස්ටයින් මේ සිද්ධිය ගණනය කල විට ඔහු පැවසුවේ ක්වොන්ටම් සමීකරණය නිවැරදි නමුත් තවමත් සම්පූර්ණ නොවන බවයි.දුර පරතරයක ඇති හොල්මන් ක්රියාකාරීත්වය (spooky action at a distance) ලෙස ඔහු මෙය හඳුන්වා දී තිබුණි.මෙලෙස පැටළුන අංශු 2ක් අතර කාල පරතරයකින් තොරව මෙලෙස තොරතුරු හුවමාරුව කිසිම දෙයකට ආලෝකයේ ප්රවේගය අභිභවා යා නොහැකි ය යන නියමයට විරුද්ධ වන බැවින් අයිස්ටයින් ,පොඩොලොස්කි,රෝසන් විදවතුන් සමඟ ඉදිරිපත් කල පත්රිකාවකින් මෙය EPR පරස්පරය ලෙස හඳුන්වා දී තිබුණි.

    http://www.social-peek.com
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තට එහෙම වෙන්නෙ කොහොමද බං ? :baffled:

    ඇත්තටම එහෙම වීම කියන තැන නං ප්‍රශ්නයක් තියෙනව බං :eek: :eek:
    ක්වොන්ටම් භෞතික විද්‍යාව කෙරෙහි වුනත් 100%ක්ම විශ්වාසය තියන්න බෑ :no: :no:
    ස්ලිට් එකක් මැද්දෙන් ඉලෙක්ට්‍රෝන යවල ඩිටෙක්ටරයක් සෙට් කලාම එක විදිහකටයි නිකං යැව්වාම තව විදිහකටයි යෑම කියන නිරීක්ෂණය පැහැදිලි කරන්න පුළුවන් තියරියක් විතරයි ක්වොන්ටම් පිසික්ස් කියන්නෙ :sorry: :sorry:
    දාර්ශනිකව බලනවනං අපිට කවදාවත් ඇයි මෙහෙම දෙයක් වෙන්නෙ කියල හේතුව දැනගන්න බෑ :no: :no:
    අපිට කිසිම දෙයක් මෙහෙම වෙන්නෙ ඇයි කියල හේතුව දැනගන්න බෑ :no: :no:
    අපිට තේරුම් ගත හැකි සීමාවක මේව වෙන්නෙ මෙහෙමයි කියල පැහැදිලි කරන්න තියරියක් හැදීම විතරයි කරන්න පුළුවන් ඒත් ඒකෙනුත් සියල්ල පැහැදිලි වෙන්නෑ :no: :no:
    කවදාවත් සියල්ල තේරුම් ගන්න බැරි, කවදාවත් සියල්ල නිරීක්ෂණය කරන්න බැරි, කවදාවත් සියල්ල පැහැදිලි වෙන තියරියක් හදන්න බැරි විශ්වයක අපි අසරණ වෙලා බං :( :(
     
    දැන් බලපං අභ්‍යවකාශෙට වස්තු දෙකක් ගිහිං දැම්මොත් ඒ දෙක ලං වෙනව අපිට මොනාද පේන්නෙ ලං වෙනව විතරයි :sorry: :sorry:
    නිව්ටන් ඕකට හැදුව තියරියක් ස්කන්ධයක් තියෙන හැම වස්තුවකටම අනෙක් ස්කන්ධ ඇදගැනීමේ බලයක් තියෙනව ඒ නිසයි ලං වෙන්නෙ ඒක තමා ගුරුත්වාකර්ශණ බලය කියල හැදුව තියරියක්. :dull: :dull:
    ඒකෙන් සේරම පැහැදිලි වුනේ නෑනෙ :no: :no:
    ඒකත් අසම්පූර්ණයිනෙ :( :(
    ඊට පස්සෙ අයින්ස්ටයින් කිව්ව ස්කන්ධ අවට කාල-අවකාශය වක්‍ර වෙනව ඒ නිදහසේ වැටීම නිසා තමා ඇදෙන්නෙ කියල ඒකත් අසම්පූර්ණයිනෙ ඒකෙනුත් සියල්ල පැහැදිලි වෙන්නෙ නෑනෙ :no: :no:
    අපි දකිනව ස්කන්ධ දෙකක් ලං වෙනව ඒ වුනාට කවදාවත් ඇයි එහෙම ලං වෙන්නේ කියන එකට තියෙන සියලුම හේතු අපිට දකින්න බෑ :no: :no:
    ඉතිං කොයි තියරිය හැදුවත් සිද්ධිය යම්තාක් දුරකට පැහැදිලි වෙනව මිසක් පරම සත්‍යය දැනගන්න බෑ :no: :no:
    අපි ඇත්තටම අසරණයි :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    භෞතික විද්‍යාව කියන්නෙ මහ පැටලිලි ගොඩක් බං. :no: :no:
    පැටලිලි නැත්තෙ, කවදාවත් අද කියන දෙයක් හෙට බොරු නොවෙන්නෙ pure mathematics වල විතරයි :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    දැන් බලපං අභ්‍යවකාශෙට වස්තු දෙකක් ගිහිං දැම්මොත් ඒ දෙක ලං වෙනව අපිට මොනාද පේන්නෙ ලං වෙනව විතරයි :sorry: :sorry:
    නිව්ටන් ඕකට හැදුව තියරියක් ස්කන්ධයක් තියෙන හැම වස්තුවකටම අනෙක් ස්කන්ධ ඇදගැනීමේ බලයක් තියෙනව ඒ නිසයි ලං වෙන්නෙ ඒක තමා ගුරුත්වාකර්ශණ බලය කියල හැදුව තියරියක්. :dull: :dull:
    ඒකෙන් සේරම පැහැදිලි වුනේ නෑනෙ :no: :no:
    ඒකත් අසම්පූර්ණයිනෙ :( :(
    ඊට පස්සෙ අයින්ස්ටයින් කිව්ව ස්කන්ධ අවට කාල-අවකාශය වක්‍ර වෙනව ඒ නිදහසේ වැටීම නිසා තමා ඇදෙන්නෙ කියල ඒකත් අසම්පූර්ණයිනෙ ඒකෙනුත් සියල්ල පැහැදිලි වෙන්නෙ නෑනෙ :no: :no:
    අපි දකිනව ස්කන්ධ දෙකක් ලං වෙනව ඒ වුනාට කවදාවත් ඇයි එහෙම ලං වෙන්නේ කියන එකට තියෙන සියලුම හේතු අපිට දකින්න බෑ :no: :no:
    ඉතිං කොයි තියරිය හැදුවත් සිද්ධිය යම්තාක් දුරකට පැහැදිලි වෙනව මිසක් පරම සත්‍යය දැනගන්න බෑ :no: :no:
    අපි ඇත්තටම අසරණයි :( :(

    ඒකනං ඇත්ත.. අනන්තය හොයාගෙන යනව වගේ වැඩක්.. කවදාවත් ඉවර කරන්ඩ බෑ.. :(
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Coherence 2013 movie eka balapan eke thiyenne oya effect eka...earth eka lagin comet ekak yaddi set ekak super position ekata set wenawa hena realities godak asse un confuse wena scn ekak thiyenne