මේක 88-89 කලබල කාලෙ වෙච්ච සිද්දියක්.
එක රජයේ සේවකයෙක් හිටිය. ඔන්න එදා පඩි දවස. මිනිහට හිතුන පොඩ්ඩක් ඇග රත් කරගන්න ඔනෙ කියල. ඉතින් පොර ගිය බාර් එකට. ඔන්න ඉතින් බිබී ඉන්නකොට දන්නෙම නැතුව රෑ උනා. දන්නවනෙ ඉතින් ඒ කාලෙ රෑට කවුරුත් එලියටවත් බහින්නෙ නෑ කියල. ඒත් පොරට ගානක් නෑ හොදට වැදිල නිසා. මිනිහ බාර් එකෙන් එලියට බැස්සා.
බල්ලෙක්වත් නෑ පරෙ. මිනිහ ඉතින් වැනි වැනි හෙමින් හෙමින් යනව. ඔහොම යද්දි මෙන්න මිනිහට පොඩි බඩේ අප්සෙට් එකක් ආවා.මළ මගුලයි. දැන් කොහෙන්ද ටොයිලට් එකක් හොයන්නෙ. ඇයි බොලෙ මේ කාලෙ මිනිස්සු රෑට දොරවල් අරින්නෙ නෑනෙ. මිනිහට දැන් ඉන්නම බෑ. යන්න ඔන්න මෙන්න. මිනිහත් ඉතින් ඕන මගුලක් වෙයන් කියල පාර අයිනෙ තිබ්බ පදුරක් අස්සට ගියා වැඩේ කරගන්න. ගිහින් ඉද ගත්ත.
මේ අතරෙ මුර සන්චාරයෙ යන පොලිස්කාරයො දෙන්නෙක් මෙන්න පාර දිගෙ එනවා.මේ මිනිහ ඉන්න හරියෙන් යද්දි පදුර අස්සෙන් සද්දයක් ආපු නිසා පොලිස්කාරයො දෙන්න එකපාරටම නැවතිල තුවක්කුව් දික් කරල මහ හයියෙන් කෑගැහුව
"සරෙන්ඩර්.ර්.ර්.ර්.ර්.ර්" [යටත් වෙන්න..] කියල.
මේක ඇහිච්ච අර මනුස්සය හෙමින් සැරේ පදුර අස්සෙන් ඔලුව දාල කියපි...
"සර්.............. රෙන්ඩ තමයි යන්නෙ" කියල