කවදා හරි දවසක අපේ ජිවිතයට කෙල්ලෙක් ඇතුල් වෙනවා..
ඉතින් ඒ කෙල්ල මේ ලොකේ කොහේ හරි තැනක ජිවත් වේලායි ඉන්නේ..
නැතුව අපි වෙනුවෙන් අලුතින් කවුරුත් බිහි වෙන්න යන්නේ නෑ එක පාරින් ම..
කොහොම වුනත් අපි ආදරය කරද්දි අපි කතා බහා කරද්දි අපේ අදහස් එක සමානව ගැලපෙන කොට අපිට ඕන නම් හිතෙයි මේ කෙල්ල ඇවිත් මං වෙනුවෙන් ම ජිවත් වුන කෙල්ලෙක් කියලා..
ඒත් මචන්.. දකින දකින කෙල්ලෙක් වෙනුවෙන් මේ ඇවිත් මගේ කෙල්ල කියලා හිතන්න කොහෙත්ම විදියක් නෑ.. ඒක මහා බොළද ක්‍රියාවක්...
කතා කරන්නේ නැතිව ආශ්‍රය කරන්නේ නැතිව ඒ විදියට හිතන එක හරිම අසාධාරණයි..
එකෙන් වෙන්නේ අපේ හිත් තව දුරටත් තේරුමක් නැතිව රැවටිම් වෙන එක විතරයි..
ඒ හින්දා ආදරයක් කරන්න හිතාගෙන ඉන්නවා නම්. දකින දකින කෙල්ලොන් ව ඒ මතයෙන් හිතන්න එපා...
උඹ මේ මට්ටමෙන් හිතුවාට කෙල්ලෝ කවදාවත් ඒ විදියට දැක්ක පළියට මේ මං වෙනුවෙන් ම ඉපදුන කෙනා කියලා හිතන්න යන්නේ නෑ..
කෙල්ලෝ කපටි වුනාට බොහෝ කෙල්ලෝ බුද්ධිමත්..
කියන්නේ ඒ හින්දායි..