System with ATM Cards

sithara81

Member
Apr 7, 2009
105
4
0
මචංලා පොඩි උදව්වක් ඕන..
මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවංද POS system එකක Bill එක pay කරනකොට Debit and credit cards වලින් pay කරන විදිය.. API එකක් දෙනවද banks වලින්.. නැත්තම් මැනුවල්ද pay කරා කියන එක add ‍කරන්නේ :confused:
 
smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48

    Manual data feed කරන්න ඕනා.
     
    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0
    Manual data feed කරන්න ඕනා.

    මචං පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවංද?
    ඒ Machine එකට කියන නම මොකද්ද?
    කොහොමද ගන්න පුළුවං?
    එතකොට Manual amount එක දාන්න ඕනද?
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    Bank එකෙන් දෙනවා swipe machine එක. card එකෙන් payment එක ඒකෙන් කරලා. කාර්ඩ් එකේ last 6 numbers and bank එකෙන් දෙන payment reference number එක POS system එකට manually එන්ටර් කරනවා

    උබ ජීවිතේට credit card payment එකක් කරලා නැද්ද? අඩුම ගානේ food city එකකටවත්. නැත්නම් ගිහින් කරලා බලපන්. credit card එකක්ම ඕනේ නෑ. ATM debit card එකෙනුත් කරන්න පුළුවන්
     
    Last edited:

    Opsss නෑ බං මට දැනගන්න ඕන ඕක අපේ POS System එකට Connect කරන්න විදියක් නැද්ද කියලා බං.. Automated. Card එක Swipe කරම් පස්සේ Transaction එක success නම් Recipt එක print කරන්න මචං..
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    දන්න විදියට නෑ. (එහෙම තිබ්බ නං ලංකාවේ ඔය ලොකු ලොකු තැන්වලත් එහෙම එකක් පාවිච්චි වෙන්න ඕනා. පිටරට වල නං කොහොමද දන්නේ නෑ)
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    දන්න විදියට නෑ. (එහෙම තිබ්බ නං ලංකාවේ ඔය ලොකු ලොකු තැන්වලත් එහෙම එකක් පාවිච්චි වෙන්න ඕනා. පිටරට වල නං කොහොමද දන්නේ නෑ)

    ලංකාවේ නෑ බං.පිට රට තියෙනවා.මෙහෙ Manual තමා Feed කරන්න ඕනා,
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    ලංකාවේ නෑ බං.පිට රට තියෙනවා.මෙහෙ Manual තමා Feed කරන්න ඕනා,

    නෑහෑ Keels super ලා එහෙම system එකක් පවිච්චි කරන්නෙ.
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ලංකාවේ නෑ බං.පිට රට තියෙනවා.මෙහෙ Manual තමා Feed කරන්න ඕනා,

    ආ දැනුයි මතක් වුනේ. ලංකාවෙත් තියනවා. කී බෝඩ් එකේම පැත්තකින් තියනවා card එක swipe කරන්න. හැබැයි ෂුවර් නෑ එක credit card එක swipe කරන්නද නැත්තං loyalty card එක swipe කරන්න තියන එකද කියල
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    ඕක මහලොකු මගුලක් නැ බං,
    මුලදි නම් මටත් අවුල් වෙලා තිබ්බ සීන් එකක් :D

    EFTPOS එකේ Credit card එක Swipe කරපු ගමන් USB cable එක හරහා එකේ තියෙන DATA ටික නිකංම එනවා බං, හරියට Barcode Scanner එකේ වගේමයි. ලොකු දෙයක් නැ,

    උඹේ සිස්ටම් වලට RFID හරි Magnetic stripe card හරි දාලා authentication කරනවා නම් දැනටමත් මේ සිද්ධිය පාවිච්චි කරනවා ඇති.

    Credit card වල DATA වර්ග දෙකක් තියෙනවා Track 1 and Track 2 කියලා ඒ දෙක Encode කරලා එන්නෙ එක ක්‍රමයකට. ඒක කොයි බැංකුවෙත් එකයි, ඒත් සමහර කාඩ් වල එන්නෙ Track 1 හෝ Track 2 විතරයි සමහර ඒවගෙ දෙකම එනවා,

    එන්නෙ නිකම්ම නිකං String එකක්, ඒකේ තියෙන DATA අපි හරියට Extract කරගන්න ඕන,

    Card Number එක,
    Expiry date
    Last Name / first name
    PIN
    එක්ක තව තව දේවල් ටිකක් ඕක අස්සෙ තියෙනවා, ඒත් හරියටම තොරගන්න අමාරුයි, මොකද Amex වල වගේ නෙමෙයි Visa / master වල CC Number එකේ දිග වෙනස්, ඒ වගේම ඒකෙ නැ කාඩ් එකේ වර්ගය, බැංකුව වගේ දේවල්, ඒවා අපි card Number එකෙන් calculate කරගන්න ඕන.

    මටත් ඉස්සරවෙලාම Customer කෙනෙක් Credit card Machine එක Integrate කරන්න කියලා ඉල්ලුවම ඔලුව අව්ල් වෙලා තිබුනෙ,

    ඒත් අන්තිමට ලයින්ස් බරගානක Module එකක් ලියාගත්තා ඕක්කොම ගන්න පුලුවන්,

    Track 1 Track 2 data ටිකක් Testing වල ඕන නම් TOR එකෙන් ගිහින් CC card හොරට දෙන එකෙක් ගෙන් < 1$
    card ටිකක් සල්ලි වලට ගන්න, මම කරෙ එහෙම, Machine එකක් නැතුව ඕක Test කරගන්න නම් වෙන ක්‍රමයක් දන්නෙ නැ,
     
    Last edited: