මැතකදි මම දැක්කා වටිනා කියන ත්‍රේඩ් එකක්..
ඒ ත්‍රේඩ් එක එළකිරි අඩවියට දාලා තිබ්බේ අපේ මිගාර සහෝදරයායි. ඒ ත්‍රේඩ් එක දැකපු මොහොතේ ඉදලා මටත් ආසාවක් ඇති වුනා
මේ ක්‍රියාව කරලා බලන්න.. ඒත් මට හරි හැටි කාල වේලාවක් වෙන් කර ගන්න බැරි වුනා..
කොහොම හරි ලැබුන වේලාවෙන් මේ දේ අත්හදා බලන්න හිතුනා..
කට්ටිය බලනවා වෙන්න ඇති මොකක්ද මේ කියන්න හදන්නේ කියලා...
ඒ වෙන මොනවාත් නෙවෙයි අපිට ඕන කරන විඩියෝ එකකට සිංහල උපසිරසි යොදන ආකාරයයි..
මේ ක්‍රියාව වෙන්නේ කොහොම ද කියලා බලා ගන්න නම්..
එළකිරි අඩවියට මේ ගැන විස්තරාත්මකව කියලා දුන්න මිගාරගේ ත්‍රේඩ් එකක් මම මෙතන බෙදා හදා ගත්තා නොබලපු අපේ යාලුවන් වෙනුවෙන්..
කොහොම හරි මේ ත්‍රේඩ් එකෙන් ඉගෙන ගෙන මම පොඩි දෙමළ චිත්‍රපටියක විහිළු කොටසක් සිංහල මාධ්‍යයෙන් මට පුලුවන් ආකාරයට උපසිරසී යෙදුවා..
බලන්න කෝ හොදයි ද කියලා..
(යු ටියුබ් ක්ලිප් එක ෆුල් ස්ක්‍රින් කරලා බලන්න)
බොහෝ දෙනෙකුගේ ඉල්ලිම මත පරිවර්තන කල සිංහල උපසිරැසි වල අකුරු ලොකු කරලා දැම්මා
දැන් බලන්න කලින් එකෙයි මෙකෙයි වෙනස..
මුලදි ටිකක් විතර අමාරු වුනත් ඒ තරම් අමාරුවක් නෑ..
ඔයාලත් උත්සහ කරලා බලන්න..
බැරි වෙන එකක් නෑ.. ඉවසීම තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුලුවන් ආය ඒ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ..
මේ නිර්මාණය ගැන හොද ඔයාලගේ අදහස් දැන ගන්නත් කැමැතියි..
Last edited:




