මමත් 1998 විතර සම්පූර්ණ ශිෂ්‍යත්වයක් හම්බවෙලා මේකෙ කෝස් එකක් කරා. මම ඇත්තටම මුලින්ම පරිගණකයක් පාවිච්චි කරේ ටෙක් ශ්‍රී ලංකා එක නිසා. මුලින්ම dos තමයි. Floppy disk පාවිච්චි කරේ. පස්සෙ Windows 98. ඉස්සර කාලෙ AC කරපු තැනකට යන්නත් වැඩිය අවස්ථාව නෑනෙ. ඒ අතිනුත් හොඳ අත්දැකීමක් වුනා computer lab එකකට යන එක. හැබැයි මුන්ගෙ මරිසි වැඩ තිබුන. Full scholarship තිබුන අයගෙන් විතරක් වෙනව fees ගත්ත. Course update වුනෙත් නෑ. අන්තිමට බැහැල ගියා. 1998 වගෙ කාලෙ නම් ටෙක් එකට ලංකාවෙ යම් පිලිගැනීමක් තිබුන.