අලුත්ම කාර් එකක Autopilot දාගෙන ගිහින් හැප්පිලා
මියගිය රියදුරා ඉතිහාස ගතවුණු හේතුව
නව තාක්ෂණයත් සමග රියදුරු සහය නොමැතිව ඉබේ ධාවනය
කිරීමේ හැකියාවක් ඇතැම් නවීන මෝටර් රථ සඳහා තිබෙනවා.
ඒක හඳුන්වන්නෙ Autopilot කියලා.
මධ්‍යම ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයකදී Autopilot පද්ධතිය
ක්‍රියාත්මකව තිබියදී සිදුවූ දරුණු රිය අනතුරකින් මෝටර් රථයේ
රියැදුරු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මෙය Autopilot පද්ධතිය
ක්‍රියාත්මක ධාවනය කළ අවස්ථාවක සිදුවූ ලොව පළමු මරණයයි.
මෙම අනතුර සිදුව ඇත්තේ අදාළ මෝටර් රථය ඉදිරියෙන් ධාවනය
වූ ට්‍රැක්ටරයක ටේලරයේ වැදීමෙන්.
කෙසේ වෙතත් අදාළ මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක
නිළධාරීයෙකු පවසා ඇත්තේ Autopilot පද්ධතිය ක්‍රියාත්මක
වුවද මෙම ට්‍රැක්ටරයේ ටේලරය දීප්තිමත් සුදු පැහැයෙන් දිස්වූ
නිසා අහස සේ වරදවා වටහා ගැනීමත්, අසාමාන්‍ය ලෙස උසින්
පිහිටි එම ටේලරය රේඩාර් පද්ධතිය මඟින් මාර්ගයේ ඉදිරියෙන්
ඇති මාර්ග පුළුල් සංඥා පුවරුවක් ලෙස වරදවා වටහා ගැනීමත්
නිසා මේ අනතුර සිදුවෙන්න ඇති කියලා.
කොහොම වුණත් තවමත් පරයේෂණ මට්ටමේ පවතින Autopilot
පද්ධතිය භාවිතයේ දී අනුගමනය කල යුතු පිළිවෙල අනුගමනය
නොකිරීම නිසා මේ අනතුරට සම්පූර්ණ වගකීම මියගිය රියදුරු වෙත
පැවරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
sourse
internet
Last edited: