Thai AirAsia මෙරටට ඒම සීමා කරයි

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
Thai AirAsia මෙරටට ඒම සීමා කරයි

Sri Lanka flights by Thai AirAsia slashed

කොළඹ-බැංකොක් ගමනාන්තය සඳහා සිතූ තරමේ ඉල්ලුමක් නොමැතිවීම නිසා ළඟදී මෙරටට පැමිණි මැලේසියාව පදනම් කරගත් Thai AirAsia ගුවන් සමාගම කොළඹට පියාසර කරන ගමන් වාර ගණන අඩුකර තිබේ.

මේ අනුව, සමාගම පවසා තිබෙන්නේ සතියකට කොළඹට පියාසර කරන ගමන් වාර ගණන ජුනි මාසයේ සිට තුනක් දක්වා අඩුකර තිබෙන බවයි.

ගුවන් සමාගමට වැඩි ඉල්ලුමක් තිබෙන ගමනාන්තවල ගමන් වාර ප්‍රමාණය වැඩිකිරීමට අවධානය යොමුවී තිබෙන බව මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Tassapon Bijleveld, බැංකොක් පෝස්ට් පුවත් පතට සඳහන් කර ඇත.

මෙම ගුවන් සමාගමේ බැංකොක් දක්වා ගාස්තු සාමාන්‍යයෙන් අඩු වුවත් ගෙවිය යුතු වීසා ගාස්තු වැඩිවීම නිසා ලාංකිකයින්ට බැංකොක් එතරම් ආකර්ශනීය ගමනාන්තයක් වී නොමැත.