Thanks firerix

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,344
    2,913
    113
    මාතර
    මේක දැම්මේ firerix ට thanks කරන්න, පොඩි shoutout එකක් විදියට. :yes:

    මට ගොඩාක් කාලෙක ඉඳල migraine තිබුන. කාලෙන් කාලෙට අඩු වැඩි වෙනවා. ලංකාවේ ඉද්දි ඉංග්‍රීසි බෙහෙත් ගත්ත දෙපාරක්. ( Dr Ranjani Gamage and Dr Chang ) ඒ බෙහෙත් කෝස් කලාම ටික කාලෙකට ඕක අඩු වෙනවා. හැබැයි ඒ කාලෙට ඇඟේ active ගතිය ගොඩක් අඩු වෙනවා, නිදි මත වැඩියි.. සිංහල බෙහෙතුත් බීල තියෙනවා, කෙම් ප්‍රතිකාරයක් කියල එකකුත් කළා එක පාරක් මාලිම්බඩ පැත්තේ ඇදුරෙක් ගාව. migraine වැඩි කාලෙට මට ලොකුම අවුල තමයි උදේ අවදි වෙද්දී ඔලුව රිදෙන්න ගන්න එක. රෑ නිදා ගනිද්දී කිසි අවුලක් නැහැ, පොඩි හරි indication එකක් නැහැ. ඒත් උදේ නැගිටිද්දී හැදෙනවා :no:, හැමදාම නෙවෙයි , සතියකට පාරක් වගේ. ඔලුව රිදෙන්නෙ නැති දවස් වලත් ඔලුවේ පොඩි unstable ගතියක් තියෙනවා, නිකන් පොඩි දේකින් වුනත් headache එක trigger වෙන්න පුළුවන් වගේ..

    උඹේ පොස්ට් එක දැකල මම රෑට කන එක නැවැත්තුව experiment එකක් විදියට. ( Intermittent fasting ම නෙවෙයි, just skipping my dinner). ඒක try කරන්න එකම හේතුව වුනේ උඹ කියල තිබුනා උඹට migraine නැති වුනා කියල. මීට ටික කලකට කලින් මම ඕක කළා වෙන හේතුවකට, ඒත් දවස් කීපයකින් වැඩේ අත් හැරිය. ඒ නිසා මට ඕකේ impact එක නෝට් වුනේ නැහැ.
    දැන් මාසෙකට වැඩිය මම රෑට බත් කෑවේ නැහැ, පළතුරක් කෑවොත් තමයි. ඒකට හරියන්න උදේට දවල්ට කනවා, මොකද මම ටිකක් කෙට්ටු පැත්තට බර. තව කෙට්ටු උනොත් පොඩ්ඩක් අවුල්.
    පහුගිය මාසෙටම එක දවසක්වත් උදේ නැගිටිද්දී headache ආවේ නැහැ. ඔලුවේ unstable ගතියත් නැහැ උදේට. 8-) තාම මාසයක් නිසා මට හරියටම කියන්න බැහැ ඒත් මට ඒ මාසේ ඇතුලත දැනුනු වෙනසට වුනත් උඹට thanks කරන එක මගේ යුතුකම.

    තැන්ක්ස් මචන් 🙏👍


    දැන් විද්‍යාත්මකව හොයාගන තියනවා . උදේ ආහාරය රජෙක් වගේ ගන්න කියන අදහස පට්ටකෙප්පයක් කියල හරියටම සමාන්‍ය මිනිසෙකුට අහාර අවශ්‍ය වන්නේ දවසට එක වේලයි ..වැදගත් වග්ගේ ආහාර ගන්න වෙලාවයි බුද්දධර්මයේ වගේම ආයුරුවේදයෙත් ඔය කරුණ කියල තියනවා ඒ අනුව පහත සදහන් පරිදි ආහාර ගන්නවානම් ..නිරෝගී මිනිසෙක් බිහිවෙනවා ..මම දැන් අවූරුද්දක ඉදන් මේ ක්‍රමේ කරනවා ඊට අමතරව ACV පාවීච්චි කරනවා මට උණක් හෙම්බිරිසවක් වත් හැදිලා නැ මේ අවූරුද්දටම ..මම සේම රෝගය සහ මිග්‍රෙන් වලින් හුගක් දුක් වින්ඳ කෙනෙක් නොකරපු දෙයක් නැ අන්තිමට මම පොඩි අද්යනයක් කරලා මේ ආහර ක්‍රමය හොයාගත්තා (මම හොයාගත්ත නෙමේ මේක බුද්ද කලයටත් එහා ඉදන් තියන ක්‍රමයක්) දැන් මට මොන ලෙඩක්වත් නැ මේ ක්‍රමය විද්යාත්මකයි පස්සේ විද්‍යාත්මකව පැහැදිලි කරන්නම් ...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල බෙහෙතුත් බීල තියෙනවා, කෙම් ප්‍රතිකාරයක් කියල එකකුත් කළා එක පාරක් මාලිම්බඩ පැත්තේ ඇදුරෙක් ගාව.
    මොනාද මේ කළේ - සම්පූර්ණ විස්තරයක් දෙන්න - හැබැයි රෝග ලක්ෂණ පහව ගියාට තාම ඔයාට නිට්ටාවට සුව වෙලා නම් නෑ.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,344
    2,913
    113
    මාතර
    මොනාද මේ කළේ - සම්පූර්ණ විස්තරයක් දෙන්න

    සිංහල බෙහෙත් ගත්තේ අපරැක්කේ ආයුර්වේදෙන්. බෙහෙත් මොනවද කියල මතක නැහැ මට. හැබැයි බිව්වා.
    කෙම නම්, දවස් හතක් ඉර පායන්න කලින් ඇදුරාගේ ගෙදර ගියා, ගෙදර ඉස්තෝප්පුවේ ඉඳගෙන ඌ මොනවද තෙල් වගයක් මොනර පිහාටුවකින් නළලේ මැද ඉඳගෙන දෙපැත්තට ගානවා. මට මතක විදියට මොනවද මන්තරෙකුත් කියකිය. ඒක නම් බොරු සීන් එකක්, අම්මල කියපු නිසා දවස් හතම ගියා හැබැයි.

    - හැබැයි රෝග ලක්ෂණ පහව ගියාට තාම ඔයාට නිට්ටාවට සුව වෙලා නම් නෑ.

    ඒක මම දන්නව බන්. migraine හැදිච්ච එකෙක්ගෙන්ම අහන්න ඕන, ලෙඩේ අඩු වුනාම තියෙන වෙනස.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල බෙහෙත් ගත්තේ අපරැක්කේ ආයුර්වේදෙන්.
    ආයුර්වේද බේත් හරියන්නෙ නෑ - පාරම් පරික සිංහල වෙදකමයි හරි යන්නේ.
    කෙම නම්, දවස් හතක් ඉර පායන්න කලින් ඇදුරාගේ ගෙදර ගියා, ගෙදර ඉස්තෝප්පුවේ ඉඳගෙන ඌ මොනවද තෙල් වගයක් මොනර පිහාටුවකින් නළලේ මැද ඉඳගෙන දෙපැත්තට ගානවා. මට මතක විදියට මොනවද මන්තරෙකුත් කියකිය. ඒක නම් බොරු සීන් එකක්, අම්මල කියපු නිසා දවස් හතම ගියා හැබැයි.
    බොරුවක් - හරි කෙමට එක දවසයි යන්නේ.
    ඒක මම දන්නව බන්. migraine හැදිච්ච එකෙක්ගෙන්ම අහන්න ඕන, ලෙඩේ අඩු වුනාම තියෙන වෙනස.
    අඩු වුණා වගේ නෙවෙයි ඕක ආයෙ වැඩි වෙන්නෙ එක පාරට වමනෙ එහෙම ගිහිල්ලයි - ඒ නිසා හරි වෙදකම කොරගෙන නිට්ටාවට සුව කොරගන්න.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,344
    2,913
    113
    මාතර
    ආයුර්වේද බේත් හරියන්නෙ නෑ - පාරම් පරික සිංහල වෙදකමයි හරි යන්නේ.
    බොරුවක් - හරි කෙමට එක දවසයි යන්නේ.
    අඩු වුණා වගේ නෙවෙයි ඕක ආයෙ වැඩි වෙන්නෙ එක පාරට වමනෙ එහෙම ගිහිල්ලයි - ඒ නිසා හරි වෙදකම කොරගෙන නිට්ටාවට සුව කොරගන්න.

    :-D :-D හරි හරි මචන්, ආයිත් වැඩි වුනාම හරි බෙහෙතක් කරලා බලමු