ෆොන්සේකාගේ දෙවන මෙහෙයුමේ තුන්වන පාවාදීම
එල්.ටී.ටී.ඊ සංවිධානය සතු වත්කම් පිළිබඳව රටට හෙළිකරන ලෙස හිටපු යුධ හමුදාපති වරයෙක් වශයෙන් සේවය කළ සරත් ෆොන්සේකා සිදුකරන ප්‍රකාශය පිළිකුලෙන් හෙළාදකින ජාතික බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ පවසන්නේ මෙය ජනාධිපතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් සරත් ෆොන්සේකා රට පාවාදුන් තුන්වන අවස්ථාව ලෙසයි. ඔහු මේ පිළිබඳව අදහස් දැක්වූයේ අද (ජන.17) ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතිකවද එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට කැපීපෙනෙන මෙහෙයක් ඉටුකළ බුද්ධි අංශය පීඩනයට පත් කරමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ වත්කම් පිළිබඳව රටට හෙළිකරන ලෙස සරත් ෆොන්සේකා ප්‍රමුඛ විපක්ෂය බලපෑම් කළද එවැනි ඉතා සංවේදී තොරතුරු හෙලිකිරීම ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් බව ද මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ වැඩිදුරටත් පැවසීය.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙවැනි අති සංවේදී තොරතුරු රටට හෙළිකරන ලෙස හුදු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් කරන පක්ෂග්‍රාහී ප්‍රකාශ මීට ඉහත සිදුවු මිලේනිම් සිටි පාවාදීමට සමාන බවත් මිලේනියම් සිටි පාවාදීම හමුවේ සිදුවුයේ රටට අමිල සේවයක් කළ බුද්ධි නිළධාරීන් තිරිසනුන් මෙන් මහමග ඝාතනය වීමත් බව ඔහු වැඩි දුරටත් පැවසීය.
සුදු කොඩි කතාවකින් පළමු වරට ත්‍රිවිධ හමුදාවම පාවාදුන් ෆොන්සේකා ද්‍රවිඩ සංධානයේ කොන්දේසි සඳහා රහසිගතව එකඟ වීමෙන් දෙවන වරටද මුළු රටම පාවාදෙන ලදී.
මේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ෆොන්සේකා සිදුකළ තුන්වන පාවාදීමයි.