"The Bank Job2" by German bank robbers(Amazing bank robbery in Germany)

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle


    බැංකුවක ඉදිරිපස භූමියේ වු ඉඩම කුලියට ගනිමින් එහි සිට බැංකුවේ සේප්පු තැන්පත් කර ඇති භුගත කාමරයට උමඟක් කපමින් සේප්පු සියල්ල තුල ඇති ආසන්න වශයෙන් යුරෝ මිලියන 10 ක් වු මුදලත් වටිනා ස්වර්ණාභරන ආදි දෑ සොරකම් කර පලා යන පිරිසකි. එය පසුපස හඹා යාමට පරීක්ෂණ කරන පොලිසියේ නිලධාරීන් පිරිසකි. :baffled:

    පොලීසීයට සොර පිරිස අල්ලා ගත හැකිවේද?? :P
    එන්න බලන්න...:oo:

    ත්‍රාසය භීතිය සටන් ඇති නැති නමක් නැති අලුත්ම චිත්‍රපටිය
    7.gif


    Chamikawpblogspotcom7-45.jpg


    උඩ තියෙන ජාතියේ චිත්‍රපටි ඔබත් බලලා ඇති...:yes:
    හැබැයි “චාමිකයා ඉසව්වට“ කියන මේ කතාව
    "100% ක් ඇත්ත කතාවක්...." :D

    ඇත්තටම මේ කතාව චිත්‍රපටියක් වගේ හින්දම “චාමිකයාට“ හිතුනා වැදගත් වෙයි කියලා කට්ටියටම දැනගන්න ඉදිරිපත් කරන එක...:D ැබැයි දැනුවත් වෙන්න විතරයි.. :P



    සිද්ධිය සිද්ධ වෙලා තියෙන්න පසුගිය සිකුරාදා ජර්මනියේ බර්ලිනයේ බටහිර Steglitz දිස්ත්‍රික්කයේ පිහිටි
    Berliner Volks බැංකුවට...:yes:
    Chamikawpblogspotcom4-59.jpg



    බැංකුව ඉදිරිපස මීටර් 100 ක් ඉදිරියෙන් පිහිටි වසා දමන ලද ගරාජයක සිට පොලව මට්ටමෙන් අඩි 40 ගැඹුරින් අඩි 100 ක් දුරට බැංකුවේ සේප්පු තැන්පත් කර ඇති භුගත කාමරයට උමඟක් කපමින් සේප්පුව තුල වු ආරක්ෂිත පෙට්ටි 300ක් තුල වු, ආසන්න වශයෙන් යුරෝ මිලියන 10 ක් වු මුදලත් වටිනා ස්වර්ණාභරන ආදි දෑ සොරකම් කර ගෙන ගොස් ඇත. ආකාරය
    :baffled:

    සිද්ධිය වු ආකාරය:baffled:


    8gSBtXKBMjTTxJhAK56EyBgn.jpeg





    Chamikawpblogspotcom1-69.jpg



    ගරාජය බද්දට ගෙන ඇත්තේ මීට මාස 11 පෙර එනම් 2011 පෙබරවාරි මාසයේ බොරු නමකින් බව දැන් අනාවරණය කරගෙන ඇත. :baffled:

    තමන්ගේ රටේ ආරක්ෂාව වෙන රටවල ඔත්තු සොයන බුද්ධි අංශ, ඒජන්සි ගැන දැන ගන්න කැමතිද? ඇවිත් බලන්න! :P


    උමඟ අඩි 4.5 ක් උසට හා අඩි 3 පලලට සාදා ඇති අතර කඩා වැටීම වැලැක්වීමට ලෑලි භාවිතා කර ඇත. :oo:


    එලෙස සැකසු උමගින් ගොස් ආරක්ෂිත සේප්පු කාමරයේ අඩි 3 ක් පළල වු ක්‍රොන්ක්‍රීට් බිත්තිය සිදුරු හතරකින් වීද එයට ඇතුල් වීමද පුදුම සහගත කරුණයි. :baffled: :oo:




    Chamikawpblogspotcom3-62.jpg



    පසුගිය සදුදා උදෑසන ජර්මන් පොලීසීය මේ ගැන සොයාගෙන ඇත්තේ ගරාජයක වු ගින්නක් පිලිබඳ කරුණු සොයා බැලීමට යාමත් සමඟයි. එම ගිනි තැබිමෙන් එහි සොරපිරිසගේ ඇඟිලි සලකුනු හා DNA සලකුණු විනාශ කර දැමීම මුලික කාර්ය වී ඇති බව පොලීසිය පවසයි.:D




    එම ආරක්ෂිත සේප්පු කාමරයේ අඩි 3 ක් පළල වු ක්‍රොන්ක්‍රීට් බිත්තිය සිදුරු කිරීමට ඔවුන් ශබ්දය නොනැගෙන ඩ්‍රිල් (pneumatic drills) යොදා ගෙන ඇති බව තහවුරු කරයි.:P
    Chamikawpblogspotcom6-48.jpg



    ගරාජයේ ඉදිරිපසින් වාහන 3 ක් ගාල් කිරීමට හැකි අතර ඉන්පසු රොලර් දොරකින් පසුපස කොටස වෙන් වී ඇත.

    සොර පිරිස උමඟ හෑරීමට පටන්ගෙන ඇත්තේ පසුපස පෙදෙසේ සිටයි.
    8.gif

    Chamikawpblogspotcom2-65.jpg



    මෙම සිද්ධියට කී දෙනෙක් හවුල්දැයි තවමත් නොදන්නා අතර ජර්මන් පොලීසිය රහස් නිලධාරීන් 10 කින් යුතුව “"tunnel"නමින් මෙහෙයුමක් අරඹා ඇත. :D


    දැනට එම ස්ථානයේ නිතර ගැවසුන සැකකටයුතු පුද්ගලයෙකුගේ අදින ලද ජායාරූපයක් හදුනා ගැනීම සඳහා ඉදිරපත් කරන අතරම දන්න යම් තොරතුරක් ලබා දීමට දුරකතන අංකයක්ද ලබා දී ඇත. ඒ 4664945107 ලෙසයි.:yes:


    Chamikawpblogspotcom5-53.jpg



    මෙය ඉතා පලපුරුදු සොර කණ්ඩායමක් සිදුකරන ලද්දක් බවත් මෙය ඔවුන්ගේ පළමු සොරකම් නොවන්නට ඉඩ තිබෙන බවත් පැවසේ... :P


    මේ කතාව ඇත්තටම
    2008 දී තිරගත වු Jason Statham රඟන The Bank Job චිත්‍රපටියට සමාන බව අදහස් දක්වන බොහෝ දෙනාගේ අදහසයි... :D
    Chamikawpblogspotcom7-45.jpg




    ආ...Inside man (2006) මේ චිත්‍රපටියටත් අමුතුම තාලේ බැංකු හොරකමක්..... :P

    තව එකක් තියෙනවා ඒ Stolen (2012) චිත්‍රපටියයි. අනිත් එක Daylight Robbary (2008) චිත්‍රපටියයි.:D

    වේලාවක් තිබුනොත් දෙක තුනම බලන්න හැබැයි බැංකු එහේම කඩන්න යනවා නෙවෙයි හරිය!! :P

    ොරතුරු ජායරූප අන්තර්ජාලයෙන් උපු‍ටා ‍ගන්න ලදි..
    වැඩි විස්තර මෙතනින් බලන්නත් පුළුවන්... :P