The Cobra Effect

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    bTPmIFB.jpg





    නයි කතාවක්, මී නැටි, සෝඩා බද්ද, තවත් කතා සහ මිනිසුන්ගේ හැසිරීම් රටා …


    මේ කතාව ආර්ථික විද්‍යාව පමණක් නොව, වෙන බොහෝ ක්ෂේත්‍ර සඳහා අදාළ වේ.

    ඉන්දියාව යටත් විජිතයක් වූ කල සිදුවූ කතාව මෙහෙමයි. එහි දිල්ලිය නම් නගරයේ නයින් බොහෝ සිටියෝය. නයින්ගේ දෂ්ට වලින් මිය ගිය මිනිසුන් ගණන සුළු පටු නැත. එසේ හෙයින් මිනිසුන් බොහෝ දෙනෙක් ඉතා බියෙන් සිටියහ. අවේලාවේ තියා වෙලාවේ වත් ගෙයින් පිටට අඩිය තියන්නට කැමති නැති මිනිසුන් සිටියහ. ජන ජීවිතය අඩාල කරන මේ ප්‍රශ්ණයට ආණ්ඩුවෙන් පිළියමක් ලැබිණි.

    මරණ ලද සෑම නයෙක්ටම රිදී කාසියක් ලැබුණි. ප්‍රතිඵලය ඉතා සාර්ථක විය. අපමණ නාගයන් මරා දමන ලදී.

    එහෙත් මෙය ලාභ ලබා ගත හැකි වෙළඳාමක් යයි තේරුම් ගත් සමහර මිනිසුන්, නයින් බෝ කර පැටව් විශාල වශයෙන් ලබා, ආණ්ඩුවට විකුණා මුදල් සෙවීම ආරම්භ කළහ. මෙය දැන ගත් වහාම ආණ්ඩුවෙන් ඉහත කී රිදී කාසිය දීම නවත්වා දමන ලදී. රිදී කාසිය නොලැබෙන බව දැනගත් පසු, බෝ වූ නයින් පරිසරයට මුදා හරින ලදී.

    අවසානයේ සිදු වූයේ පරිසරයට ඕනෑවටත් වඩා නයින් සංඛ්‍යාවක් ඇතුල් වීමය.

    මේ කතාව සත්‍ය වශයෙන්ම වුනාදැයි නොදනිමි. එහෙත් මෙයින් පෙන්වන්නේ සිද්ධාන්තයක් වශයෙන් සහ හොඳ අදහසකින් වුවද, එසේ කරන කියන දෙයක අවසාන ප්‍රතිඵලය අයහපත් විය හැකිය යන්නය. පවතින ගැටළුවකට විසඳුමක් ඉදිරිපත් කරන්නට පෙර, එයින් පසුව විය හැකි හානිය ගැන සිතීම වටී. විසඳුම ගැන මිනිසුන් සිතන්නේ කෙසේද යන්න ගැනද සලකා බැලිය යුතුය. සියලුම ආකාරයේ විසඳුම් වලට, ඒ හා අනුරූප, පසු සිදුවීම් ඇතිවිය හැක. ඒ සිදුවීම් බොහෝ සංකීර්ණ වන්නටද ඉඩ ඇත.

    ඉන්දියාවේ පමණක් නොව, ඕනෑම සමාජයක මේ ආකාරයේ දෙයක් සිදු විය හැක. වියට්නාමයේ සිදු වූ දෙයක් බලමු.

    වියට්නාමයේ හැනෝයි නුවර මීයන් ගේ ප්‍රතිශතය බොහෝ වැඩි වූයේය. නගරයේ කිසි දෙයක් තබා ගැනීමට හැකියාවක් ඇති වූයේ නැත. මෙයට විසඳුමක් සේ බළධාරීන් විසින්, ගෙනත් පෙන්වන මීයෙක්ගේ නැට්ටක් සඳහා මුදලක් දෙන ලදී. සමහර විට මරණ ලද මුළු මීයා ගෙනවිත් දුන්නොත් මරණ ලද මීයන් දමන්නට තැනක් නැති නිසා ඒ තීරණය ගන්නට ඇත.

    මේ විසඳුම සාර්ථක වුනා යයි පෙනුනද, බළධාරීන් පසුව නිරීක්ෂණය කල දෙයක් විය. නගරයේ දැන් නැට්ට නැති මීයන් බහුලව සිටින වගක් පෙනිණ. සිදුව ඇත්තේ මීයෙක් අල්ලා උගේ නැට්ට පමණක් කපා බළධාරීන්ට පෙන්වීමය…!.. නැට්ට කැපුවද, එය මීයාගේ බෝවීමට ප්‍රශ්නයක් නැත. තව තවත් මී නැටි එවිට ලබාගත හැක. එවිට මීයන් අල්ලන්නන්ගේ ලාභය වැඩිවෙනු ඇත.

    සත්‍යය දැනගත් විට, මී නැටි සඳහා දෙන ලද ත්‍යාගය අත් හිටවන ලදී. මේ වන විට නගරයේ මීයන් ගේ සංඛ්‍යාව තවත් වැඩි විය.

    source: https://lalithkrunaratna.wordpress.com/2019/09/09/%e0%b6%b1%e0%b6%ba%e0%b7%92-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%93-%e0%b6%b1%e0%b7%90%e0%b6%a7%e0%b7%92-%e0%b7%83%e0%b7%9d%e0%b6%a9%e0%b7%8f-%e0%b6%b6%e0%b6%af-2/
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ ආකාරයේ දුර දිග නොබලා හෙවත්, ‘අංශක 360 ක් වටේ නොබලා’ කරන ක්‍රියා, ආණ්ඩු වලින් පමණක් නොව ප්‍රසිද්ධ ආයතන වලින්ද කර ඇත. නැවතත් ඉන්දියාවට ;

    ලංකාවේද භාවිතා කරන ‘නැනෝ වාහනය’ නිෂ්පාදනය කලේ ඉතා ශූර සමාගමක් වන ‘ටාටා’ මගිනි. වෙළඳාමේ ශුරයන් වන ඔවුන් මේ වාහනයට හොඳ වෙළඳ නාමයක් ගෙන ආවෝය. එය ‘ලෝකයේ ඇති ලාභම වාහනය’ සේ විය. එමගින් ඩොලර් බිලියනයක් ලබා ගැනීම සමාගමේ අරමුණ විය. මෝටර් බයිසිකල් පදින්නන් සහ ත්‍රී වීල ටැක්සි රියදුරන් මෙය බහුලව මිලට ගනීවී යන්න ඔවුන්ගේ බලාපොරොත්තුව විය.

    නමුත් අද දින විට මේ වාහන නිෂ්පාදන අංශය වසා දමන්නට සිදු ව ඇත.

    සමාගමේ අධිපති කියන ආකාරයට මෙය වූයේ, ඊට දෙන ලද නම නිසාමය. “The cheapest car” හෙවත් ලාභම වාහනය යන්නට ඉන්දියානුවන් කැමති වුනේ නැත. ඉන්දියානුවන් වාහනයක් යන්න සමාජයේ ඉහළ තැනක් ලැබීම සමඟ සංසන්දනය කරති. ලංකාවද එසේමය. මේ ලාභම වාහනය යන්න ඔවුන්ට අවමානයක් විය. ඒ මිළටම ජපන් පාවිච්චි කල වාහනයක් ගැනීමට හැකි වූ නිසා, ඔවුන්ගේ ගර්වයට හානියක් වුනේ නැත.

    ඩොලර් බිලියනයක් ලබා ගැනීමේ සිහිනයේ ආලෝකයෙන්, එම සමාගමේ වෙළඳ නිළධාරීන්ගේ දෑස් නොපෙනී ගිය බවට මෙය හොඳ උදාහරණයකි.

    ලෝකයේ ඉතාම සාර්ථක වූ වෙළඳ ආයතන පවා මේ මුලින් දකින ඉතා සාර්ථක යයි සේ පෙනෙන තීරණ තීන්දු ගෙන, පසුව බොහෝ අලාභ සිදු කර ගත්හ. ඒ සඳහා හොඳම උදාහරණයක් වන්නේ ඇමරිකාවේ ඇපල් දුරකථන සමාගමය.

    2017 වසරේ ඇපල් අයි දුරකථන වල වේගය, එහි බැටරි වල දුර්වලතාවය නිසා අඩු විය. මේ නිසා එම දුරකථන වලට අලුත් බැටරියක් සඳහා යන මුදළ ඩොලර් 79ක් වුවද, පාරිභෝගිකයාට, ‘ඇපල් අයි’ දුරකථන ආකර්ෂණය කිරීම සඳහා, බැටරියක් සඳහා යන මිළ ඩොලර් 29 කට අඩු කරන ලදී.

    මේ නිසා ඒ පැරණි දුරකථනය අඩුවට ලැබෙන බැටරියක් දමා ගැනීම හේතුවෙන්, 2018 වසරේ සැලසුම් කරන ලද අලුත් මාදිළියේ දුරකතථයේ වෙළඳාමට එය පහරක් විය. ඩොලර් 29 ක් දී දැනටමත් තියෙන දුරකථනය අලුත්වැඩියා කර ගැනීම, ඩොලර් 1449ක් දී අළුත් දුරකථනයක් ගැනීමට වඩා ලාභ දායක විය. ඇපල් සමාගමට මෙමගින් වූ අලාභය ඩොලර් බිලියන 9 කි …!

    මේ කතාව උපුටා ගත්තේ ඉන්දියාවේ වරළත් ගණකාධිකරණ ආයතනයේ සභාපතිව සිටි, ආචාර්ය ‘එස්. විකම්සේ මහතා’ ගේ දේශණයකිනි. මෙයට එතුමා දී ඇති නම, ‘නයි ආචරණය’ හෙවත් ‘Cobra effect’ වේ.

    ලංකාව ගැන සිතන්නට ඔබට ආරාධනය කරමි. ‘මහ බැංකු ගනුදෙනුව’ මේ ආකාරයේ දෙයක් මෙන් පෙනේ. එහෙත් මේ ආකාරයේ දේවල් ලංකාවට නම් වැඩියෙන්ම ගැලපී යන්නේ පවතින දේශපාලනයට වේ.

    නොයෙක් පක්ෂ වල මිතුරන් සිටින නිසා ඒ ගැන කිසිත් නොකියමි.
     
    • Like
    Reactions: dmsupun