අපේ එක්ස්පිරියන්ස් එක හොද නෑ කියන එකෙන් කියන්න බෑ මචන් ඒ දේවල් තනිකර බොරු කියලා.
ඇත්තට ඔය දේවල් අත්දැකපු මිනිස්සු ඉන්නවා මේ ලෝකේ.
එන්ගලන්තේ හෝ ප්‍රන්ශයේ පාරක් තියනවා.
මතක නෑ හරියට.
කිරියේ පරණ ත්‍රේඩ් එකක් තිබ්බා.
ලින්ක් එක සෙට් උනොත් එවන්නම්.
ඒ පාරේ රෑ 2,3 යද්දි මැරිච්ච ආත්ම පාවෙලා යනවා පේනවලු මිනිස්සුන්ට.
එකපාරට කිසි සද්දයක් නැතුව තියෙද්දි මිනිස්සු කෑ ගහන සද්ද එහෙම ඇහෙනවලු.
මගේ අම්මගේ ආච්චිගේ මහත්තයා නැති උනෙත් ඔහොම සීන් එකකින්ලු.
අවුරුදු 92 ඉදලා නැති උනේ ඒ ආච්චි.
ඉස්සර එයාලට පට්ට සල්ලි තිබිලා තියනවා.
ගමේ ඉරිසියාකාරයෝ වැහි වැහලා හිටියලු.
ලොකු ගෙයක් තිබ්බලු එයාලට.
ඒ ගෙදර ආච්චියි , සීයයි ඉද්දි දවල් වෙලාවක මේක වෙලා තියෙන්නේ.
ගෙදර දොරවල් ඔක්කොම හොදට වහලලු තිබ්බේ.
ආච්චි කෑම උයද්දි සීයා පුටුවක වාඩි වෙලා හිටියලු.
ආච්චිට එක පාරටම සීයා කෑ ගහන සද්දයක් ඇහිලා.
ආච්චි ගිහින් බලලා.
බලද්දි සීයා ඉස්සරහ ලොකු , කලු පාට බල්ලෙක් කේන්තියෙන් ඉන්නවලු.
එකපාරටම ඌ දුවලා ඇවිත් සීයාව හැපුවලු.
එකපාරලු හැපුවේ.
හපපු ගමන් බල්ලා දුවලා ගෙදර ප්‍රධාන දොර ගාවට.
දොර වහලලු තිබ්බේ.
දොර ගාවට දුවන් යද්දි ඌව දෙන්නගෙම ඇස් ඉස්සරහ අතුරුදහන් උනාලු.
ඒත් දොර ලොක්ලු.
සියාව ඩොක්ටර් ගාවට ගෙනිච්චලු.
බෙහෙත් අරන් දවසක් යන්න හම්බුනේ නෑලු සියට හොදටම ලෙඩ උනාලු.
ටික ටික පිස්සු බලු රෝගේ හැදුනලු.
හැදිලා මැරුනලු.
ඉස්සර කොණ්ඩදෙනිය හාමුදුරුවෝ කියලා හාමුදුරුවෝ කෙනෙක් උන්නා.
ඒ හාමුදුරුවෝ කරේ හොල්මන් , යක්කු එක්ක වැඩ කරපු එකලු.
මිනිස්සුන්ට ගොඩක් උදව් කරාලු.
ඒ හාමුදුරුවන්ට පාරේ යන වාහනයක් උනත් මතුරලා නවත්තන්න පුලුවන්ලු.
ලන්කාදීප ඉරිදා පත්තරේ ආටිකල් ගොඩක් ගියා ඉස්සර.