• Jul 6, 2012
    10,675
    2,901
    113
    මෙය මෙහි මුල් කොටස සමග සම්බන්ධයි........:cool:
    The Ducati Show

    එහෙනම් මේ ඩුකාටිය පිළිබඳ සවිස්තර වාර්තාවයි.එහෙනම් ඩුකාටියේ අංග ලක්ෂන එකින් එක බලමු.

    මේ නූලේ මුල් කොටස ගැන කෙටි හැඳින්වීමක් කරනවා නම් අපි මෙතන කතා කරගෙන ගියේ Ducati monster 696 කියන යතුරු පැදිය ගැන.මේ බයික් එක යුරෝපයටම ආවේණිකයි.L-Twin cylinder එන්ජිමක් තියෙන්නෙ.Specifications ගැන නම් මම මේකෙ මුල් කොටසින් කියලා ඇති.මෙතන්දි මම කියන්න යන්නෙ ඒ ඒ එක් එක් කොටස් සවිස්තරව සහ ඒවගේ වැදගත්කම :):):eek:

    එහෙනම් බොඩියෙන්ම හම ගහන්න පටං ගමු.

    images


    අඩේ සොරි වෙන්න ඕනෙ වැරදුනා.......:sorry::sorry::baffled:
    ආහ් හරි මේ තියෙන්නෙ ..
    :shocked:


    images



    1)Chassis
    i)Monster Trellis(ගරාදිය කිව්වත් අවුලක් නෑ)

    ඉතාමත් ශක්තිමත් නමුත් සැහැල්ලු ගරාදි රාමුව(Trellis Frame) නිසා වගේම පිටුපස ඇලුමිනියම් උප රාමුව නිසා ඩුකාටියට ව්‍යුහාත්මක වාසියක් එක් කරනවා වගේම තවත් ලස්සනකුත් එකතු කරනවා.මේ සමග ඉතාම ඝන(ටකරං නෙමෙයි කියන එක) වගේම ඉතාමත් සැහැල්ලු බවක් යතුරු පැදියට එක් කරනවා.මෙමගින් ඩුකාටියට අසමසම සරළත්වයක් වගේම ගාම්භීර බවක් එක් කරනවා.වෙන්ව පිහිටන ඇලුමිනියම් උප රාමුවෙන්(Aluminium Sub Frame) බර විශාල ලෙස අඩු කිරීමක් සිදු කෙරෙන අතර Footrest hangers(Aluminium made)සමග මෙන්ම දළ ලෝහ වලින් තනන ලද Swing arm එක සමග සන්තතික මෙන්ම හොඳ ගැලපුමක් ලබා දෙයි.

    ii)Aluminium Swing Arm
    GP style Swing Arm එකකි.ඇලුමිනියම් ලෝහයෙන් Swing Arms එහි නුතනම ආකාරයෙන් උසස්ම තත්වයෙන් සකස් කර තිබෙනවා.මෙය විසින් ගුරුත්ව වාසිය තමන්ට උපකාරී වන ආකාරයට සකසාගෙන මෙන්ම තාපය ප්‍රයෝජනයට ගෙන ඉහලම යාන්ත්‍රික වාසි ලබා ගන්නා අතරම එහි ඇති සැහැල්ලු බව නිසාම හැසිරවීම(Handling)පහසු කරවයි

    image.do


    iii)සැහැල්ලු නිමාව

    මෙම යතුරු පැදියේ එක් කර ඇති සෑම අංගයක් නිසාම මුළු යන්ත්‍රයේම සමස්ත බරට බලපෑමක් එක් කර තිබෙනවා.(සමස්ත බර සාපේක්ෂව අඩුයි-161 kg) )මෙම උපක්‍රම නිසා හැසිරවීමෙ පහසුව පමණක් නොව ඉහල කාර්යක්ෂමතාවක්,ඉහල ත්වරණයක් සහ හොඳ තිරිංග පද්ධතියක් පවත්වාගෙන යාමට වැදගත් වෙනවා.

    image.do


    iv)Sachs Rear Suspensions
    බයික් එක පිටුපස ඇති Sachs monoshock ඒකකයේ progressive linkage නිසා Spring සහ පරිමන්දන අංග සඳහා ඉහල පරාසයක් ලබා දෙයි

    image.do


    v)Seat Height(770 mm)
    මෙහී Seat Height Design කර තියෙන්නෙ යතුරු පැදිය අපිට හැසිරවීමට ඉතා පහසු කරවීමටයි.මේ නිසා තමන්ගේ පාද දෙකම නිසියාකාරව පොලොව මත තබා ගැනීමට වගේම අවස්තාවකදී යතුරු පැදියේ පාලනය නිසි ආකාරයෙන් සිදු කර ගැනීමට ඉවහල් වෙනවා

    image.do


    vi)ක්ෂමතා ඉහල නංවන පරිදි සැකසූ ආකෘතිය(Ergonomics and Body design)

    ඝනව ටේපර් කරන ලද මෙන්ම ගැඹුරුව හැඩය සකසන ලද ඉන්ධන ටැංකි ආවරණය නිසා යතුරු පැදිය හැසිරවීමේදි පහසුව මෙන්ම ඉහල සැප පහසුවක් ලබා දෙයි.මෙහි බඳ කොටසේ ඇති පටු හැඩය අඩු Seat height මෙන්ම ධාවකයාට යතුරු පැදිය හැසිරවීමේ ඉහල පහසුවක් ලබා දෙයි.
    මෙහි සුක්කානම් චාපය හෙවත් Steering Lock වැඩිදියුණු කරමින් අංශක 64ක චාපයෙන් චාපයට යෙදෙනා සුක්කානම් චලිතයක (Steering travel)යොදවා ඇත.මේ සඳහා වැඩි අවධානයක් යොමු කිරීම නිසා සඵල සුක්කානම් චාපය ඉහල නංවා ඇත.


    vii)සැහැල්ලු 3-spoke wheels
    සැහැල්ලු ඇලුමිනියම් ස්පෝක් 3 නිසා සචලතාව ඉහල නංවමින් ධාවකයා විසින් ඒ සඳහා දැරිය යුතු ආයාසය අඩු කරයි.
    3.50x17 front wheel ==> 120/60ZR tyre
    4.50x17 rear wheel ==> 160/60ZR rubber.


    මේ නිසා ඉහල ස්ථායීතාවක් සහිතව ඉහල වේග පරාසයන් තුල යතුරු පැදිය නියමා කාරව පාලනය කරගැනීමේ හැකියාව ලැබී තිබේ


    image.do


    viii)Marzocchi forks

    120 mm suspension travel එකක් සහිත 43 mm Marzocchi upside down stanchion fork මගින් ඉහල බෑඳුමක් මෙන්ම අසමසම හැසිරවීමේ සුව පහසුවක් ගෙන දෙයි

    viii)Brembo brakes
    පදවන්නාගේ ආරක්ෂාව උදෙසා ඉදිරිපස හා පිටුපස ඉහල තිරිංග පද්ධතියක් වැඩිදියුනු කර ඇත. ඉදිරිපස, 320mm floating discs, four-piston, radially mounted callipers මගින් සවිකර ඇත, 245mm floating rear disc ,twin-piston calliper සමග ක්‍රියා කරයි .

    image.do



    ඔන්න බයික් කට්ටෙ දේහ සොබාව වර්ණනා කරල ඉවරයි.දැං තියෙන්නෙ මෙව්වා එකේ මෝල දිහාවට හැරෙන්න ඒකත් බලමු එහෙනම්

    2)Engine


    i)APTC Clutch
    APTC wet clutch මගින් යොදන ලිස්සුම් ක්‍රියාව මගින් වේගවත් පහල නැංවීම් හරහා එහි පසු පස කෙළවර සිදුවිය හැකි අස්ථාපනය වීම් වළක්වා ගත හැකි වේ.එමෙන්ම ලිවරයේ ක්‍රියාවලියේදී ඉතා සැහැල්ලු බවක්(Soft transmission) ද ලබාදේ.මෙය නාගරික මාර්ග තදබද වලදී මෙන්ම දුර ගමන් වලදී ඉතාමත් ප්‍රයෝජනවත්ය.21-plate oil-bath clutch (11 friction and 10 steel) මගින් ට සාපේක්ෂව ක්ෂමතාව ඉහල නංවමින් බර අඩු කිරීමක් සිදු කෙරේ.එමෙන්ම මෙයට නිශ්ශබ්ද කරවීමේ ක්‍රියාවලියක් සහිත වීම මෙන්ම අඩු නඩත්තුවක් උපකාරී වෙයි.

    image.do


    ii)Desmodue

    Ducati එන්ජිම Desmodue, 696cc, air cooled, L-Twin engine එකක්.මෙහි අශ්වබල 80ක ජවයක් නිපදවන්න පුළුවන්.මෙ නිසාම මේකට ආවේණිකම ශබ්දයක් තියනවා.

    ඒකත් අහලම බලන්න
    http://www.youtube.com/watch?v=ELSflviTLc4&feature=player_detailpage

    මෙම එන්ජිම මගින් ඉතා ඉහල ව්‍යාවර්තයක් නිපදවනවා.එනම් ඕනෑම කටුක කාර්‍යයක් පහසුවෙන් ඉටු කර ගැනීමට හැකිවන ලෙසයි මෙය සකසා තියෙන්නෙ

    අපේ සුද්ද අයියා මේ ගැන එකක රස කරලා කියලා තිබුනා මෙහෙම"The impressive torque, typical of the Ducati L-Twin engines, will excite with every twist of the throttle."


    image.do


    iii)Lightweight crankcases
    මීට ඉහත ඩුකාටි සංස්කරණ වලට වඩා කැපී පෙනෙන වෙනස්කමක් තියන තැනක් තමයි මේ Crankcases .ඩුකාටියේ එන්ජිමේ මීට ඉහත සංස්කරණ වලට වඩා Gearbox එකේ අභ්‍යන්තර කොටස් Crankcase එකට වඩාත් ලඟින් පිහිටලා තියනවා.මෙමගින් සාපේක්ෂව කුඩා මෙන්ම සංකීර්ණ පිටත හැඩයක් නිර්මාණය කර තිබෙනවා.එමෙන්ම මෙමගින් ඊට ඉහත සංස්කරණ වලට සාපේක්ෂව එහි බරෙහි සැළකිය යුතු අඩු වීමක් දක්නට තිබෙනවා



    image.do


    iv)Exhaust system

    බයික් එකක් ගැන අපේ කොල්ලන්ගේ ප්‍රියතම විශය.....

    මේ මාතෘකාව ගැන කතා කරන්න හොඳම බයික් එක තමයි මේ.මම කළිනුත් කිව්වා Ducati monsterට තියෙන්නෙ L-Twin එන්ජිමක්.මේ L නැමුම් හරහා දහනයෙන් පිටවන ශබ්දය එනකොට එය ගැඹුරුයි අනන්‍යතාවක් සහිතයි.(deep and rich exhaust tone)

    සුද්දා අයියා හැඩ වැඩ දාලා මේ ගැන මෙහෙම කියලා තිබුනා."Its bold, high-level twin mufflers also make a striking style statement."

    මේ එකේ සෑම සිලින්ඩර්යක් පාසාම එක් Lambda probe නම් කොටසක් අඩංගුයි.මෙමගින් ඉතා ඉහල කාර්‍යක්ෂමතාමක් සඳහා හොඳ ඉන්ධන සැපයුමක් ලබා දෙනවා.එමෙන්ම නූතන ලෝකයේ පරිසර නීති වලට අනුකූල වන ලෙසත් මෙය සකසා තියනවා.



    image.do



    එන්ජිම ගැන කතා කරනකොට ඉන් යතුරු පැදියට යෙදවිය හැකි උපරිම ක්ෂමතාව මෙන්ම උපරිම ව්‍යාවර්තය ගැනත් කතා නොකර බෑ.ඒ කියන්නෙ බයික් එකක කොහොමද කියලා අපිට නිර්ණය කරන්න වෙන්නෙ මේ සාධක දෙකෙන් වෙන නිසා.මේ ඩුකාටි සයිට් එකේ ඒ ගැන තිබුන ප්‍රස්තාරයක්

    image.do


    එනම් මීට ඉහලම ක්ෂමතාව ලෙස 80hp (58,8kW) @ 9,000rpm ද ඉහලම ව්‍යාවර්තය ලෙස 50,6lb-ft (7,0kgm) of torque @ 7,750rpmද නිපදවිය හැකි ය

    ඇති යාන්තං බොල අමාරු කෙරුවාව ඉවරයි.දැන් ඉතින් තියෙන්නෙ ඊළඟ කෙරුවාවට බහින්න.


    3)Equipments

    i)Head LIght

    ඩුකාටියක් ගැන කතා කරනකොට කතා නොකරම බැරි අංගය.මේ Headlight designඑකට කියන්නෙ Triple-Parabola Headlight design කියලා.ඒත් සමහරු මේක ඩුකාටි Headlights කියලත් හඳුන්වනවා.මොකද ඒක මෑත කාලීන ඩුකාටි වලම දක්නට ලැබුන විශේෂ ලක්ෂණයක්.ප්‍රකාශ විද්‍යාව පිළිබඳ තාක්ෂණය සහ සංකීර්ණ නිපැවුම් ක්‍රමවේදයන් උපයෝගී කරගෙන තමයි මේක නිපදවලා තියෙන්නෙ.එමෙන්ම මෙමගින් යෙදෙන පුළුල් ගැඹුරු කිරණ කදම්බය හේතු කොට ගෙන ඉතා ඉහල දෘෂ්ටියක් ගෙන දෙමින් රෑ ගමන් බිමන් පහසු කරයි.




    image.do


    ii)LED Tail Light

    විශේෂයෙන්ම නිපැයූ LED තීරුවක් මගින් මෙන්ම එහි කාර්යය වැඩි දියුනු කරන අපසාරී කාචයකින්ද සමන්විතයි.මෙමගින් ඉතා විශද අලෝක කදම්බයක් ලබා දෙන අතර ඉතා ඉහල ආයුකාලයක් ලබා දීමද සිදු කරයි.

    Monster 1100 Evo License plate lights දී පවා LEDතාක්ෂණය උපයෝගී කර ගනී


    image.do


    iii)Silencer covers
    ඉතා දිගු මෙන්ම තාපයෙන් ආවරණයක් සළස්වයි

    image.do



    iv)මීටර පද්ධතිය

    සම්පූර්ණ ඩිජිටල් මීටර පද්ධතියකි.scheduled maintenance warning, oil temperature, trip odometer, lap time, fuel reserve, warning light for low oil pressure, turn signals, over-rev warning, immobilizer සහ neutral warning light ආදී තොරතුරු පෙන්වයි.


    image.do



    v)Stopwatch

    මෙම ක්‍රියාවලිය High beam සක්‍රිය කිරීමත් සමග ආරම්භ වන අතර මෙහිදී පටිගත වන සෑම කාලය පිළිබඳ දත්තයක්ම memory තුල ගබඩා කෙරේ.එමනිසා memory මගින් නැවත data ලබා ගත හැකි අතර වම් අත පැත්තේ ඇති instrumental butttons මගින් පාලනය කල හැකිය.

    vi)ABS system


    ආරම්භයේ සිට ගත් කල මුල් වතාවට එක් කෙරෙන අංගයකි.මෙහි විශේෂත්වය වන්නේ අනෙක් අඩංගු යතුරු පැදි වලට සාපේක්ෂව සාමාන්‍ය තිරිංග යෙදීමේ අත්දැකීමක් සමගම අසමසම ආරක්ෂාවක් ලබාදීමයි.එනම් පදවන්නාට සාමාන්‍ය තිරිංග යෙදීමේ අත්දැකීම ලබාදේ


    image.do



    vi)DDA Ready

    මෙහි Instrumental display එකම Ducati Data Analyzer (DDA) system සඳහා Control Panel එක වශයෙන් ක්‍රියා කරයි.මෙම යතුරු පැදිය අදාල පද්ධතිය සඳහා සූදානම් ලෙස සකස් කර ඇත.එම දත්ත හුවමාරු වැඩසටහනට විශේෂ DDA මෘදුකාංගයක් සහ memory key අඩංගුයිමෙම Seat එක ට පහලින් ඇති Plug එකක් හා සම්බන්ධ කළ හැකිය.එම Plug එක බැටරි චාජරයක් සඳහා Plug එක ලෙස ක්‍රියා කළ හැකිය


    image.do


    vii)Adjustable levers

    user-friendly brake සහ 4-point adjustable levers සහිත Clutch එක මගින් ඕනෑම පදවන්නෙක් සඳහා යන්ත්‍රයේ පාලනය පහසු කරවයි


    image.do


    viii)හැඩය සහ නිමාව

    image.do


    :cool::cool::cool::cool::cool::cool:
    ඔන්න වැඩේ ඔතනින් ඉවරයි.මේකට මම හෙන කට්ටක් කෑවා:eek::eek:.මේක කොපි පේස්ට් කිරිල්ලක් නෙමෙයි.තොරතුරු බොහෝමයක් internet එකෙන් පන්නපුවා උනාට මේක හදන්න නම් හෙන කට්ටක් කෑවා.මේකෙ මු කොටසට මේ ඔක්කොම ටික දැම්ම නම් එකෙක්වත් බලන්නෙ නැති වෙයි කියලා හිතුන නිසා තමයි කොටස් දෙකකට කඩලා දැම්මෙ.:shocked::shocked:
    එහෙනම් මේක බලලම යන්න.

    මේ මගේ පරන බයික් ත්‍රෙඩ් ටිකක්


    1)KTM-ආදිපාද 200
    2)Yamaha FZ1 2012
    3)The Ducati Show

    ඒ වගේම මේකත් බලලම මගේ අනිත් නූල් වලට යනවනම් හොඳයි කියන එකයි මගේ අදහස:yes::yes:

    වර්ගවාදය සහ බයික්

    එහෙනම් වැරැද්දක් තියනවා නම් කියන්න. :):)
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    තවත් සුපිරි thread එකක් කොල්ලා......
    ඔන්න මේ පාර නම් උඹ thread එක මරුවට organize කරලා තියනවා.
    සිරාවටම කියන්නේ හරිම පිළිවෙලයි.......! :yes: :)
    තව තවත් මෙවැනිම වූ සුපිරි thread දැමීමට ධෛර්යය ශක්තිය ලැබේවා........! :yes:
     
  • Jul 6, 2012
    10,675
    2,901
    113
    තවත් සුපිරි thread එකක් කොල්ලා......
    ඔන්න මේ පාර නම් උඹ thread එක මරුවට organize කරලා තියනවා.
    සිරාවටම කියන්නේ හරිම පිළිවෙලයි.......! :yes: :)
    තව තවත් මෙවැනිම වූ සුපිරි thread දැමීමට ධෛර්යය ශක්තිය ලැබේවා........! :yes:

    තැන්කූ වේවා අයියේ.මේකට නම් හෙන කට්ටක් කෑවා.එළකිරි. අයියලගෙ හෙල්ප් එකෙන් තමයි මෙච්චර දුර ආවෙ:cool::):)