The Golden Decades of Sri Lanka 🇱🇰

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේකේ දෙපැත්තක් තියෙනවා. එකපාරට සියලුම ආනයන නැවතීමත් (1970) හෝ ආනයන වලට සීමාවක් නැතිව රටට එන්න දීමත් (1977) අන්ත දෙකක්. මුල් ක්‍රමය තුල මිනිස්සු බොහෝ සෙයින් පීඩාවට ලක් වුන. දෙවෙනි ක්‍රමයෙන් ලංකාවේ සමහර දේශීය වියපර වල බිද වැටුන. එහෙත් මේ දෙකේම සදානීය ලක්ෂණ තිබෙනවා.
    රටකට ගැලපෙන්නේ මිනිස්සු පිඩාවට ලක් නොකට සහ දේශීය වියපාරවලට ආරක්ෂාව බිද නොවැටී යම් පාලනයක් සහිතව ආර්ථිකය විවුර්ත කිරීම. සරල සත්‍යය මේකයි

    :yes::yes::yes::yes::yes: sure
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,300
    667
    113
    Kottawa
    මම මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා. මට නම් ඇඬුනේ නැහැ, හිනා ගියා. සමහර කරුණු 100% නිවැරදියි. සමහර කරුණු 100% වැරදියි. මා දන්නා හැටියට මේකට පිළිතුරු ලියන්නම්.

    වානේ සංස්ථාව තනිකර රුසියානු ව්‍යාපෘතියක්. ඒක වැසීයාමට හේතුව එහි නිෂ්පාදන වල ප්‍රමිතියක් නැතිකමයි. 2''x 2'' බිලට්, වානේ කම්බි, දඟර කම්බි, කටු කම්බි ආදී කිසිම නිෂ්පාදනයකට එවකට අප රටේ භාවිතා උන බ්‍රිතාන්‍ය තත්ත්ව සහතික ලබා ගැනීමට තරම් කොලිටියක් තිබුනේ නැහැ.

    කිඹුලා උදැල්ල කියන්නේ එංගලන්තයේ west midlands හි පිහිටි chillington සමාගමේ නිෂ්පාදනයක් මිසක් ලංකාව ඊට අදාළ නැහැ. නමුත් යක්කල ලංකා ලෝහ භාන්ඩ සංයුක්ත මණ්ඩලයෙන් ''ලං ලෝ'' කියලා උදළු තලයක් හැදුවා. ඒකත් ඉතාම බාල ප්‍රමිතියේ නිෂ්පාදනයක්.

    unic රේඩියෝ, handloom රෙදි ,ඩියුරෝ නිෂ්පාදන, පැරකුම් ටිං කිරි, සබන්, ඒ විතරක් නොවේ, බිස්කට්, වැනි දේවලුත් 100% ලංකාවේ නිපදවූවා කියන එක හරි.

    ලංකාවේ නිෂ්පාදනය කල කිරි වලින් අපේ අවශ්‍යතාවය සපුරා ගත්තා කීම සම්පුර්ණයෙන්ම වැරදියි. කිරි පිටි හැටියට තිබුනේ පිටරටින් bulk imports ලෙස ගෙනැවිත් ලංකාවේ ටින් කල ලක්ස්ප්‍රේ පමණයි. ඒකත් දරුවන් සිටිනා පවුල් වලට මාසයකට රාත්තලක් පමණක් නිකුත් කළා. කිරි නැති නිසා නොබී ඉඳීම කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා කියා අර්ථ දක්වන්නේ කොහොමද?

    proton කාර් ගැන කියන්න ඉස්සෙල්ලා උපාලි ගේ ගලවිලවත්ත කම්හලේ හදාපු UMC mazda එකට එකල සිරිමාවෝගේ රජය කරපු කෙනෙහිලිකම් දන්නවාද ?? UMC mazda එකට ආපු පාර්ට්ස් කස්ටම් එකෙන් රිලීස් කලේ නැහැ. අන්තිමට ඕඩර් කරපු කාර් නියමිත දිනට දෙන්න බැරි තැනට පත්කරලා ඒ කම්හල නැත්තටම නැතිකරලා දැම්මේ උපාලි unp කාරයෙක් නිසයි. උපාලි ෆියට් එකටත් ඒ ඉරණම අත් උනා..ප්රෝටෝන් කතාව නම් ඇහුවෙත් අදයි.
    පලයකාට් සරොම් කියන්නේ දකුණු ඉන්දියානු සරොම් වර්ගයක්. ඩියුරෝ රෙදි export කලා ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක වෙන්න පුලුවන්.

    බතික් කර්මාන්තය බොහොම ජනප්‍රිය උනා. සිල්ක් රෙදි ගැන මම දන්නේ නැහැ. සිල්ක් රෙදි හැදුවා කියන එක ඇත්තක් නම් ඉතාම සුළු නිෂ්පාදනයක් මිසක් ලොකු නිෂ්පාදනයක් උනේ නැති බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.

    ටයර් ආනයනය සම්පුර්ණයෙන්ම වාගේ නවතා දැමු නිසා කැළණි ටයර් හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. ඉන්දියාවෙන් ආනයනය කල වාහන වලට කැළණි ටයර් දාන්න නම් ඒවා ඉන්දියාවට export කලයුතු වෙනවා. ලංකාවේ දැනට භාවිතා වන ""කොට උඩ "" කියන යෙදුම භාවිතයට ආවේ ඔය කාලයේදීයි. ලංගම බස් ටයර් නැතුව කොට උඩ තැබීම නිසා ඇති වූ ඒ යෙදුම ඉන්පසුව පොදුවේ හැම එකටම කියන්න ගත්තා. මේ ලිපිය අනුව ටයර් නැතිව ලංකාවේ බස් කොට උඩ තිබියදී අපි ටයර් export කලාද ??

    ලංකාවේ හදාපු mazda එකටයි fiat එකටයි දෙකටම යන එන මං නැතිකරපු සිරිමාවෝ බණ්ඩාරනායක රජය බර වාහන දේශීයව හදන එක 'හීනයක්' බව කියාපු එකනම් ඇත්තයි.

    1973 හෝ 74 පමණ දක්වා ලංකාවට ආසියාවේ ඉහල තැනක් හිමි වී තිබුනා. ඒ කියන කාල සීමාව දක්වා මාල දිවයිනෙන්, මලයාසියාවෙන්, (බංගලි දේශය ඇති උනාට පසුව ) බංගලි දේශයෙන් සහ සමහර අප්‍රිකානු රටවලින් පාසල්/විශ්ව විද්‍යාල/කාර්මික විද්‍යාල අධ්‍යාපනය සඳහා ලංකාවට සිසුන් පැමිණියා. බොහෝ ආසියානු රටවලට වඩා ඉහල ජීවන තත්වයක් තිබු අපි 74/75 පමණ වනවිට ඉතාම පහල ජීවන තත්වයකට වැටීමත්, අනිකුත් රටවල් අපිව අභිභවා යාමත් සිදු උනා. ඒ දක්වා අපි ආසියාවේ ස්විට්සර්ලන්තය කියා කීම නිවැරදියි.

    උපාලි විජේවර්ධන පිටරටවල් වල කොකෝ වැවුවේ ලංකාවේ වවලා ඉඩ මදි වෙලා නොවෙයි. 72 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පුද්ගලික අයිතිය අක්කර 50 කට සීමා කරලා වතු සියල්ලම රජයට පවරාගෙන ව්‍යාපාර විනාශ කල නිසයි.

    ගැහැණු ඩුබායි ගිහිං පවුල් අවුල් වීම, නොයෙකුත් කරදර වලට පත්වීම හරියි කියලා මම කියන්නේ නැහැ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත/ නිදහස. නමුත්, එතරම් උගත් කමක් නැති ගැහැනුන්ට තියන විකල්ප රැකියාව මොකක්ද කියන එකටවත්, මැද පෙරදිග ගිහිං උපයාගත් මුදලෙන් තම ජීවිතය ගොඩ දා ගත් ගැහැනුන් ගැනවත් මේ කියන අය කතා කරන්නේවත් නැහැ.

    දෙවන ලෝක යුද්ධයෙන් පසු සංවර්ධනය අතින් ජපානයට පමණක් දෙවෙනි වූ ආසියාතික රට වූ අප , ලී ක්වාන් යූ උදාහරණයට ගැනීම ආඩම්බර විය යුතු දෙයක්. නමුත් එය සිදු උනේ 50 දශකයේ මිසක් ඊයේ පෙරේදා නොවන වගත් කිව යුතුයි.

    අධ්‍යාපන චාරිකා වලට කර්මාන්ත ශාලා බලන්න ගිය එක ඇත්තයි .

    70 දශකය දක්වා දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් (කල්ලතෝනි ) ආ බව ඇත්ත උනාට මාලදිවයිනෙන් ආවේ උම්බලකඩ සහ බොන්ඩි අළුවා විකුණන වෙලෙන්දෝයි. ඔවුන් හුලං අත මාරු උනාම (මාස දෙකතුනකින් මෝසම් සුළං පටන් ගැනීම හෝ අවසාන වීම ) වෙළඳාම හමාර කර ලංකාවෙන් එකතු කරගත් බඩු මුට්ටුත් පටවාගෙන ආපසු යනවා.

    77 න් පසු ලංකාවට ලෝකය නිරාවරණය උනා. ඒක සිදු වූ ආකාරය ඉක්මන් වැඩියි. හරියට හාමතේ ඉන්න කෙනෙකුට දිරවා ගන්න බැරිතරම් විශාල කෑම වේලක් එකවරම දුන්නා වගෙයි. නමුත් ලෝකය අපිව පසුකරගෙන හුඟාක් ඉදිරියට ගිහින් තිබුන ඒ යුගයේ හිමිහිට ඉදිරියට යාමක් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. 70-77 යුගයේ ලෝකය ඉදිරියට යද්දී අපි සමුපකාර වල පෝලිම් වලට ජීවතය ගතකලා මිසක් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව ඉදිරියට යාමක්, දියුණුවක් උනේ නැහැ.

    වැඩිහිටියෙකුට දිනකට තම පාං කාඩ් එක ඉදිරිපත් කර පාන් බාගයක් සලාක ක්‍රමයට ලබාගත යුතු වූ, සිකුරාදාට සහ අඟහරුවාදාට බත් කෑම (කඩවල විකිණීම පමණක් නොව, තමන්ගේ බත් මුලක් හෝටලයක් තුලදී ආහාරයට ගැනීමටවත් ඉඩ ලැබුනේ නැහැ.) තහනම් වූ, හාල් සේරු දෙකකට වඩා රැගෙන පාරේ යාම වරදක් වූ, පරිප්පු, උම්බලකඩ, වැනි දේවල් දකින්නවත් නොතිබුන යුගයට golden decade කියා ඉංගිරිසියෙන් මෙහි දක්වා තිබුනාට එකල සිංහලෙන් කිව්වේ ''සත් අවරුදු සාපය '' කියලයි.
    :D
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    hqdefault.jpg

    77න් පස්සේ යමක් කමක් හොයාගන බඩ කට පුරෝගත්ත මද්‍යම පාන්තික බයියන්ගේ රසවත් මාතෘකා :

    1. රාවනා
    2. බුදුන් උපන්නේ ලංකාවේ

    3. දැන් අලුත්ම එක ..77ට පෙර ලංකාවේ දියුනුව....

    JR. නැත්නම් මුන් තවත් සමුහ ගොවිපොළවල්වල ... නොදකින් මුන්වගේ ගතානුගතික nostalgic ගොබ්බයෝ රැලක්... තොපි JRට බනින්නෙත් මිනිහ කපපු පාරේ ගිහින් ගත්ත computer හරහා...:rofl:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මේකේ දෙපැත්තක් තියෙනවා. එකපාරට සියලුම ආනයන නැවතීමත් (1970) හෝ ආනයන වලට සීමාවක් නැතිව රටට එන්න දීමත් (1977) අන්ත දෙකක්. මුල් ක්‍රමය තුල මිනිස්සු බොහෝ සෙයින් පීඩාවට ලක් වුන. දෙවෙනි ක්‍රමයෙන් ලංකාවේ සමහර දේශීය වියපර වල බිද වැටුන. එහෙත් මේ දෙකේම සදානීය ලක්ෂණ තිබෙනවා.
    රටකට ගැලපෙන්නේ මිනිස්සු පිඩාවට ලක් නොකට සහ දේශීය වියපාරවලට ආරක්ෂාව බිද නොවැටී යම් පාලනයක් සහිතව ආර්ථිකය විවුර්ත කිරීම. සරල සත්‍යය මේකයි

    ඔව්, ඔබ කියන දේ හරි. 70 දී හා 77 දී ගහෙන් ගෙඩි එන්නා වාගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමෙන් එම වෙනසේ ප්‍රතිඵල සාර්ථක උනේ නැහැ.

    ඒත්, ඒ කාලයේ සිදු උන වැරදි රාජ්‍ය ප්‍රතිපත්ති වලට බණ්ඩාරනායක මැතිනියට හෝ ජේ ආර්ට පමණක් දොස් කියා වැඩක් නැහැ. බණ්ඩාරනායක මැතිනිය නමට රාජ්‍ය නායිකාව වුවා පමණයි. එතුමියගේ පෞරුෂත්වය, දැනුම, තීන්දු තීරණ ගැනීමේ හැකියාව ගැන මහා ඉහලින් වර්ණනා කලාට රජය ගෙන ගියේ ෆිලික්ස් ඩයස් මහතා හා එකල තුන් හවුලේ සාමාජික පක්ෂයක් වූ සමසමාජයේ ආචාර්ය ඇන් ඇම් පෙරේරා (එකල එතුමාව හැඳින්වුයේ No Money Perera ලෙසයි ) මහතායි. මැතිනියගේ රජයේ බොහෝ ප්‍රතිපත්ති වලට පදනම වුයේ එකල ඉන්දියාවේ ගාන්ධි රජයේ ප්‍රතිපත්තියි. "කිසිම දෙයක් තිබුනේ නැති" ඉන්දියානුවන්ට නැති වෙන්න දෙයක් තිබුනේ නැහැ. (මේ කියන්නේ බහුතර දුප්පතුන් ගැන මිසක් මහරාජා වරුන් ගැන නොවේ) ඒ උනාට ලංකාවේ ජීවන තත්වය ඉන්දියාවට වඩා හුඟක් ඉහලින් තිබීම නිසා සංවෘත ආර්ථිකය නිසා ලංකාවේ මිනිසුන්ට නැති වූ දේ බොහොමයි. ඉන්දියානුවන් තම රටේ දේ හොඳයි කියා සැනසුනාට, ලාංකිකයින් හොඳයි කීවේ 'ඇත්තටම හොඳ' දේවල් වලටයි.

    ඉන්දියානුවන් හෝ එහි රජයයන් අධිරාජ්‍ය විරෝධී උනාට කිසිවිටක ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ඒ විරෝධතාවය බලපැවත්වුවේ නැහැ. S.W.R.D. බණ්ඩාරනායක රජය, රාජ්‍ය භාෂාව සිංහල කිරීම නිසා ඉංගිරිසි මාධ්‍යයෙන් තිබුන උසස් හා පාසල් අධ්‍යාපනයන් නැති වීමෙන් සිදු උනේ අපේ රටේ ඉංග්‍රීසි දැනුමක් නැති උගතුන් බිහිවීමයි. ජපානය රුසියාව වැනි රටවල තම මව් බස පමණක් උගත්, ඉහල උගතුන් සිටියත් ලංකාව වැනි කුඩා රටකට විදේශ භාෂාවක් රහිතව ලෝකය හා ගැටෙන්න නොහැකියි. (ජාතිවාදී ප්‍රශ්න වලටත් මේ සිංහල භාෂා ප්‍රතිපත්තිය මූලික උනා.) එහි අවසාන ප්‍රතිඵලය ඉන්දියානුවන් ඉංගිරිසි කථා කරන(ඔවුන් බ්ර්ර් බ්ර්ර් ගගා ආර් අකුර උඩ නැගලා කතා කරන එක වෙනම දෙයක් ) වෘත්තිකයන් පිට රට සේවය සඳහා යවද්දී අපිට සිංහල පමණක් දන්නා ගෘහ සේවිකාවන් පිට රට යැවීමට සිදු වීමයි. ඉංගිරිසියෙන් ඉගැන්වීම නැවත්වීම ලංකාවේ අභාග්‍යමත්ම සිදුවීම් වලින් එකක් බව කිව යුතුයි.

    77 දී ජේ ආර් ආනයනයන්ට තිබුන බාධක ඉවත් කිරීමෙන් ලංකාවේ තිබුන සමහර ව්‍යාපාර බංකොලොත් උනා. අපේ මිනිසුන් පිටරට දේ වලට ඉහලින් සැලකීම මේ බංකොලොත් වීමට එක හේතුවක්. නමුත් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් 'අපි ආනයනික දේවල් වඩා හොඳ දේවල් නිපදවනවානම් මිනිසුන් බාල ආනයනික දේවල් මිලදී ගනීද ? කියලා.'

    මම කලින් ලිපියක කියා තිබුනා 77 දී සිදු උන වෙනස 'හාමතේ ඉන්නා කෙනෙකුට දිරවා ගන්න බැරි තරම් ලොකු ආහාර වේලක් එකපාර ගිල්ලුවාම වෙන හානියට සමානයි කියලා'. 77 වනවිට ලෝකය අපව දාලා ගොඩක් දුර ගිහින්. ඉතිං ඒක කැච් අප් කරන්න උනේ ටිකෙන් ටික නොවෙයි. එකවරමයි.
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    මම මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා. මට නම් ඇඬුනේ නැහැ, හිනා ගියා. සමහර කරුණු 100% නිවැරදියි. සමහර කරුණු 100% වැරදියි. මා දන්නා හැටියට මේකට පිළිතුරු ලියන්නම්.

    වානේ සංස්ථාව තනිකර රුසියානු ව්‍යාපෘතියක්. ඒක වැසීයාමට හේතුව එහි නිෂ්පාදන වල ප්‍රමිතියක් නැතිකමයි. 2''x 2'' බිලට්, වානේ කම්බි, දඟර කම්බි, කටු කම්බි ආදී කිසිම නිෂ්පාදනයකට එවකට අප රටේ භාවිතා උන බ්‍රිතාන්‍ය තත්ත්ව සහතික ලබා ගැනීමට තරම් කොලිටියක් තිබුනේ නැහැ.

    කිඹුලා උදැල්ල කියන්නේ එංගලන්තයේ west midlands හි පිහිටි chillington සමාගමේ නිෂ්පාදනයක් මිසක් ලංකාව ඊට අදාළ නැහැ. නමුත් යක්කල ලංකා ලෝහ භාන්ඩ සංයුක්ත මණ්ඩලයෙන් ''ලං ලෝ'' කියලා උදළු තලයක් හැදුවා. ඒකත් ඉතාම බාල ප්‍රමිතියේ නිෂ්පාදනයක්.

    unic රේඩියෝ, handloom රෙදි ,ඩියුරෝ නිෂ්පාදන, පැරකුම් ටිං කිරි, සබන්, ඒ විතරක් නොවේ, බිස්කට්, වැනි දේවලුත් 100% ලංකාවේ නිපදවූවා කියන එක හරි.

    ලංකාවේ නිෂ්පාදනය කල කිරි වලින් අපේ අවශ්‍යතාවය සපුරා ගත්තා කීම සම්පුර්ණයෙන්ම වැරදියි. කිරි පිටි හැටියට තිබුනේ පිටරටින් bulk imports ලෙස ගෙනැවිත් ලංකාවේ ටින් කල ලක්ස්ප්‍රේ පමණයි. ඒකත් දරුවන් සිටිනා පවුල් වලට මාසයකට රාත්තලක් පමණක් නිකුත් කළා. කිරි නැති නිසා නොබී ඉඳීම කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා කියා අර්ථ දක්වන්නේ කොහොමද?

    proton කාර් ගැන කියන්න ඉස්සෙල්ලා උපාලි ගේ ගලවිලවත්ත කම්හලේ හදාපු UMC mazda එකට එකල සිරිමාවෝගේ රජය කරපු කෙනෙහිලිකම් දන්නවාද ?? UMC mazda එකට ආපු පාර්ට්ස් කස්ටම් එකෙන් රිලීස් කලේ නැහැ. අන්තිමට ඕඩර් කරපු කාර් නියමිත දිනට දෙන්න බැරි තැනට පත්කරලා ඒ කම්හල නැත්තටම නැතිකරලා දැම්මේ උපාලි unp කාරයෙක් නිසයි. උපාලි ෆියට් එකටත් ඒ ඉරණම අත් උනා..ප්රෝටෝන් කතාව නම් ඇහුවෙත් අදයි.
    පලයකාට් සරොම් කියන්නේ දකුණු ඉන්දියානු සරොම් වර්ගයක්. ඩියුරෝ රෙදි export කලා ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක වෙන්න පුලුවන්.

    බතික් කර්මාන්තය බොහොම ජනප්‍රිය උනා. සිල්ක් රෙදි ගැන මම දන්නේ නැහැ. සිල්ක් රෙදි හැදුවා කියන එක ඇත්තක් නම් ඉතාම සුළු නිෂ්පාදනයක් මිසක් ලොකු නිෂ්පාදනයක් උනේ නැති බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.

    ටයර් ආනයනය සම්පුර්ණයෙන්ම වාගේ නවතා දැමු නිසා කැළණි ටයර් හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. ඉන්දියාවෙන් ආනයනය කල වාහන වලට කැළණි ටයර් දාන්න නම් ඒවා ඉන්දියාවට export කලයුතු වෙනවා. ලංකාවේ දැනට භාවිතා වන ""කොට උඩ "" කියන යෙදුම භාවිතයට ආවේ ඔය කාලයේදීයි. ලංගම බස් ටයර් නැතුව කොට උඩ තැබීම නිසා ඇති වූ ඒ යෙදුම ඉන්පසුව පොදුවේ හැම එකටම කියන්න ගත්තා. මේ ලිපිය අනුව ටයර් නැතිව ලංකාවේ බස් කොට උඩ තිබියදී අපි ටයර් export කලාද ??

    ලංකාවේ හදාපු mazda එකටයි fiat එකටයි දෙකටම යන එන මං නැතිකරපු සිරිමාවෝ බණ්ඩාරනායක රජය බර වාහන දේශීයව හදන එක 'හීනයක්' බව කියාපු එකනම් ඇත්තයි.

    1973 හෝ 74 පමණ දක්වා ලංකාවට ආසියාවේ ඉහල තැනක් හිමි වී තිබුනා. ඒ කියන කාල සීමාව දක්වා මාල දිවයිනෙන්, මලයාසියාවෙන්, (බංගලි දේශය ඇති උනාට පසුව ) බංගලි දේශයෙන් සහ සමහර අප්‍රිකානු රටවලින් පාසල්/විශ්ව විද්‍යාල/කාර්මික විද්‍යාල අධ්‍යාපනය සඳහා ලංකාවට සිසුන් පැමිණියා. බොහෝ ආසියානු රටවලට වඩා ඉහල ජීවන තත්වයක් තිබු අපි 74/75 පමණ වනවිට ඉතාම පහල ජීවන තත්වයකට වැටීමත්, අනිකුත් රටවල් අපිව අභිභවා යාමත් සිදු උනා. ඒ දක්වා අපි ආසියාවේ ස්විට්සර්ලන්තය කියා කීම නිවැරදියි.

    උපාලි විජේවර්ධන පිටරටවල් වල කොකෝ වැවුවේ ලංකාවේ වවලා ඉඩ මදි වෙලා නොවෙයි. 72 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පුද්ගලික අයිතිය අක්කර 50 කට සීමා කරලා වතු සියල්ලම රජයට පවරාගෙන ව්‍යාපාර විනාශ කල නිසයි.

    ගැහැණු ඩුබායි ගිහිං පවුල් අවුල් වීම, නොයෙකුත් කරදර වලට පත්වීම හරියි කියලා මම කියන්නේ නැහැ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත/ නිදහස. නමුත්, එතරම් උගත් කමක් නැති ගැහැනුන්ට තියන විකල්ප රැකියාව මොකක්ද කියන එකටවත්, මැද පෙරදිග ගිහිං උපයාගත් මුදලෙන් තම ජීවිතය ගොඩ දා ගත් ගැහැනුන් ගැනවත් මේ කියන අය කතා කරන්නේවත් නැහැ.

    දෙවන ලෝක යුද්ධයෙන් පසු සංවර්ධනය අතින් ජපානයට පමණක් දෙවෙනි වූ ආසියාතික රට වූ අප , ලී ක්වාන් යූ උදාහරණයට ගැනීම ආඩම්බර විය යුතු දෙයක්. නමුත් එය සිදු උනේ 50 දශකයේ මිසක් ඊයේ පෙරේදා නොවන වගත් කිව යුතුයි.

    අධ්‍යාපන චාරිකා වලට කර්මාන්ත ශාලා බලන්න ගිය එක ඇත්තයි .

    70 දශකය දක්වා දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් (කල්ලතෝනි ) ආ බව ඇත්ත උනාට මාලදිවයිනෙන් ආවේ උම්බලකඩ සහ බොන්ඩි අළුවා විකුණන වෙලෙන්දෝයි. ඔවුන් හුලං අත මාරු උනාම (මාස දෙකතුනකින් මෝසම් සුළං පටන් ගැනීම හෝ අවසාන වීම ) වෙළඳාම හමාර කර ලංකාවෙන් එකතු කරගත් බඩු මුට්ටුත් පටවාගෙන ආපසු යනවා.

    77 න් පසු ලංකාවට ලෝකය නිරාවරණය උනා. ඒක සිදු වූ ආකාරය ඉක්මන් වැඩියි. හරියට හාමතේ ඉන්න කෙනෙකුට දිරවා ගන්න බැරිතරම් විශාල කෑම වේලක් එකවරම දුන්නා වගෙයි. නමුත් ලෝකය අපිව පසුකරගෙන හුඟාක් ඉදිරියට ගිහින් තිබුන ඒ යුගයේ හිමිහිට ඉදිරියට යාමක් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. 70-77 යුගයේ ලෝකය ඉදිරියට යද්දී අපි සමුපකාර වල පෝලිම් වලට ජීවතය ගතකලා මිසක් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව ඉදිරියට යාමක්, දියුණුවක් උනේ නැහැ.

    වැඩිහිටියෙකුට දිනකට තම පාං කාඩ් එක ඉදිරිපත් කර පාන් බාගයක් සලාක ක්‍රමයට ලබාගත යුතු වූ, සිකුරාදාට සහ අඟහරුවාදාට බත් කෑම (කඩවල විකිණීම පමණක් නොව, තමන්ගේ බත් මුලක් හෝටලයක් තුලදී ආහාරයට ගැනීමටවත් ඉඩ ලැබුනේ නැහැ.) තහනම් වූ, හාල් සේරු දෙකකට වඩා රැගෙන පාරේ යාම වරදක් වූ, පරිප්පු, උම්බලකඩ, වැනි දේවල් දකින්නවත් නොතිබුන යුගයට golden decade කියා ඉංගිරිසියෙන් මෙහි දක්වා තිබුනාට එකල සිංහලෙන් කිව්වේ ''සත් අවරුදු සාපය '' කියලයි.

    Me kathawa sampurnemma attha. Mamath ae kale thami iskole giye. Math samupakare, bakary wala polime indala thiyenawa. 1972 apeth wathu godak LRC eken anduwata gattha, hodata thibba pol wathu dan winasa wela. Ae kale jeiwath una ayata pamanai thiba duke therenne.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    ස්තූතියි මහත්මයා අදහස් දැක්වීමට . ගොඩක් දුරට මේකෙ ඉන්නෙ 90 දශකයේ සහ ඊට පස්සෙ ඉපදුන අය . ඉතින් පරිණත නෑ දෙයක් තේරුම් ගැනීමට . කොහොම උනත් අපිට නැති අත්දැකීම් බෙදාගත්තට ස්තූතියි :yes::yes::yes::yes:[/QUOTE

    Katu pol kotala, uru thel kawalam karala ude hawa daily bonakota terumganna molayk ituru wenne na itin...:P
     
    • Like
    Reactions: D_Mad

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552

    Well said Sir