The Ultimate Adventure..!

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මේක මම එලකිරියට දාන දෙවැනි post එක.ඒ නිසා ගොඩක් වැරදි ඇති..ඒවට සමාව ඉල්ලලම වැඩේ පටන් ගන්නං.එලකිරිය කියන්නේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත තැනක්.ඒ නිසා මේ post එක දානකොට මම පුළුවන් තරන් උත්සාහ කලේ බලන හැමෝටම වැඩක් ගන්න පුළුවන් විදියට ලියන්න.ඒකයි මේක පරක්කු උනෙත්.වැල් බයිලා වැඩක් නැනේ.කතාවට එන්නන්කෝ මම..
    මගේ ජීවිතේ මෙතෙක් ගියපු හොඳම trip එක කිව්වොත් හරි.අපි කාපු කටු,ගත්ත ආතල් වගේම අපි විඳපු අමුතු අත්දැකීම්තැන්, අපි දැකපු ලස්සන තැන් මේ වගේ වචනෙන් විස්තර කරන්න බෑ..මේක ඒ තරන් පට්ටම adventure එකක්.!මම පුළුවන් විදියට try එකක් දෙන්නන්.
    මෙදා සැරෙත් අපි ගියේ දූවිලි ඇල්ල බලන්නම තමයි.ඒ වගේම කලින් වතාවෙ අපිට miss උන ඇලි ටිකයි ,කළුපහන එනසාල් වාඩි බලන්නයි, වල්පොලමුල්ල කියන අතැරලා දාල තියන ගමට යන එකයි මේ පාර කොහොමහරි කරනව කියල හිතාගෙන තමයි ගියේ..අපි හිතාගෙන ගියා වගේම ඒ හැම එකම කළා.
    මෙදා පාර අපි set එක 5යි.කලින් වතාවේ ආපු එක යාලුවෙක්ට ගමන එන්න බැරි උනා පෞද්ගලික හේතුන් මත.අපි ගමන පටන් ගත්තෙ කොටුව station එකෙන්.

    පිටත් වෙන්න චුට්ටකට කලින්.


    හැමදාම උදේ 7ට පිටත් වෙන නුවර කොච්චියන් නුවරට ගිහින් එතනින් මාතලේට තියනව 10.20ට කෝච්චියක්.එකෙන් ගියා මාතලේට..

    කෝච්චියේ යන ගමන්..




    මාතලේ foodcity එකෙන් ගන්න තිබුන හැමදෙයක්ම ගත්ත.අනික් එක තමයි මේ සැරේ අපි මෙහෙන් ගන්න පුළුවන් ගොඩක් දේවල් කලින්ම අරන් තිබුන.ඒ නිසා වෙලාව ඉතුරු උනා..ඊට පස්සේ ඇත්තටම අපි ටිකක් කට්ටක් කෑව මාතලේ ස්ටෑන්ඩ් එකක.ඉලුක්කුඹුර බස් එක එනකන්.බස් එක පිටත් වෙන්නෙ 3.30ට.අපි පැය 2ක් විතර ඔහේ හිටය ස්ටෑන්ඩ් එකේ..
    අපේ කට්ටිය මාතලේ ස්ටෑන්ඩ් එකේ..




    අපේ අඩුම කුඩුම ටික..


    ඔය බස් එකේ ගිහින් යන්න පුළුවන් ඉලුක්කුඹුරට විතරයි. එතන ඉඳලත් තව කිලෝමීටර් 15ක් විතර තියෙනව අපි නවතින රණමුරේ ගමට.මගදී බස් එක නවත්තනවා කපටි uncle ගේ කඩේ තේ බොන්න.අපි ඇයි එහෙම කියන්නේ කියල තේරෙයි ඒ කඩේට එක පාරක් ගියා නං.. මොනවා උනත් පට්ට වඩේ එක!

    ඉලුක්කුඹුර බස් එක .ticket එක 95යි..මුළු ගමන පැය 2.30යි.


    කපටි uncle ගේ කඩේ..


    අපි හිතපු තරන් සෙනග හිටියේ නෑ බස් එකේ..


    riverston gap එක පහු වෙලා පිටවල පතන කිට්ටුව..




    ඇත්තටම බස් එක ලොකු රවුමක් යනවලු පිටවල ,මහල කොටුව පැත්තෙන්.මේ දවස්වල පාර හදන නිසා පිටවල කිට්ටුවට ගිහින් ආපහු හරවගෙන එනව.
    just click..!



    ගොඩක් හවස් වෙලා නිසා හොඳ shot එකක් ගන්න පුලුවන් උනේ නෑ..අපි ඉලුක්කුඹුරට ඇවිත් ටික වෙලාවකින් අපිව ගෙනියන්න වැන් එක ආව.ගෙදර යන ගමන් රා ටිකක් එහෙම අරගෙන.රෑ 8 විතර වෙනකොට අපේ හිතවත් බංඩ අයියලගේ ගෙදරට ගොඩ උනා.ඇත්තටම මේ පාර අපිට නාන්න රා තිබුන.

    මේ අපි ගෙදර හිටපු දවසේ බීපු රා ටික.ඔය කේතලේ තියෙන්නෙත් රා..!


    පහුවදා උදේ 8ට විතර ගමන පටන් ගත්ත කට්ටිය බුදුන් වැඳලා එහෙම..
    පිටත් වෙන්න චුට්ටකට කලින්..


    අපේ set එක ගමනේ..තවම මීටර් 100ක්වත් අවේ නෑ..


    මේ පාර අපේ මග පෙන්වන්නො උනේ ශාන්ත අයිය සහ කුමාර අයිය..නියම guide!කියන්න වචන නෑ..Knuckles කැලේ ගොඩක් හොඳට දන්නවා.අපි කෙලින්ම ගියේ මිනිහගේ ගෙදර.ගිහින් පොඩි පොඩි දේවල් ටිකක් ලෑස්ති කරගෙන ඇතුල් උන කැලෑවට.
    ගමයි කැලෑවයි වෙන් කරන සීමාව..


    අපි පැය 2.30ක් විතර එක දිගටම ඇවිදලා නැවතුනා පොඩ්ඩක් නාගෙන යන්න.පස්සේ එතන උයාගෙන කෑවා දවල්ට නූඩ්ල්ස් තමයි ඉතින්...
    අපි නාපු තැන..මාළු කොටනව මෙතන.


    තව දෙයක් කියන්න ඕන.මේ දවස්වල වහින්නේ නැති නිසා වතුර ඇත්තෙම නෑ ගොඩක් තැන් වල.සමහර වෙලාවට අපිට ඒක ලොකු ප්‍රශ්නයක් උනා..
    අපේ දවල් කෑම..


    ඊට පස්සේ එතනින් උඩහට නැග්ග දිය ඇල්ලක් බලන්න.ටිකක් ලොකුයි..ඒ උනාට වතුර නෑ..


    ඊට පහල තියෙන පොඩි ඇල්ලක්.


    එතන පොඩි විවේකයක්..


    ඊට පස්සේ සෑහෙන දුරක් ලොකු කන්දක් නැගල ආව පොඩි තැනිතලාවකට..
    ඈතින් පේන කන්ද දිගේ තමයි අපි කලින් වතාවෙ ඇල්ල බලන්න ගියේ..


    එතනත් පොඩි විවේකයක්..තිබහට බොන්නේ රා!


    ඔතන ඉඳන් ගොඩක් දුරට කන්දම තමයි තිබුනේ.ඔතනින් එනකොට හවස 1ට විතර ඇති.ආපහු අපි එක දිගටම පැය 2ක් විතර ඇවිද්ද.ඊට පස්සේ අපි ආව අපේ මේ ගමනෙ එක target එකකට..කළුපහන එනසාල් වතු තියෙන හරියට..ඉස්සර මුළු කළුපහන කැලේම යටි රෝපණය අයින් කරල එනසාල් වගා කරල.ලංකාවේ සාර්ථකම එනසාල් වගාව කරල තියෙන්නෙ මෙහෙලු.ඒකට හේතුව තමයි දේශගුණය.knuckles යුනෙස්කෝ ලෝක උරුමයක් කලාට පස්සේ ඒ හැම වත්තක්ම රජයට පවරාගෙන.වගා කරපු මිනිස්සු හිටපු වාඩි ඔක්කොම ගිනි තියල..එකයි ඉතුරු වෙලා තියෙන්නෙ.KMP වාඩිය කියන්නේ එකට.

    ඔය තියෙන්නෙ එනසාල් වතු..පේනවනේ කැලෑවට වෙලා තියෙන විනාසේ..


    ගිනි තියල දාපු වාඩියක්..


    එනසාල් හැදෙන්නේ ගහේ මුලින් එන මලක් වගේ ඉත්තක..ඒව කඩල පෝරණුවේ දාල තමයි වේලන්නේ.එනසාල් ගහක් අඩි 5ක් විතර උසයි..

    මේ තියෙන්නෙ අමු එනසාල්.


    ඊට පස්සේ ඇත්තටම අපිට තිබුනේ එනසාල් වතු මැද්දෙන් දිගටම කන්ද බහින්න..අපි රෑ නවතින්න හිතාගෙන හිටියේ KMP වාඩියේ.රෑ වෙන්න කලින් එකට යන්න ඕන නිසා ඉක්මන් කරල ඇවිද්ද..

    චුට්ටක් නැවතුනා පාන් ටිකක් කන්න.


    පොඩි close up try එකක්..


    ඊට පස්සේ ඇවිදලා අපි නැවතුනේ ‘රැහැන කිතුල් පතන’ කියන තැන..මාර ලස්සනයි..!ලොකු තැනිතලාවක්..

    අපේ set එක ගමනේ..


    කියන්න වචන නෑ...!


    ඔය තියෙන්නෙ ‘තුන් හිස් ගල’..අඩි 5000ට වඩා උසයි..





    Dead tree art.!


    ඔතන තියෙනෙව පොඩි ලොකාන්තයක් වගේ තැනක්..එතනට පේනවා මීමුරේ වෙල් යායයි ලකේගලයි...ඒ උනාට පල්ලම ළඟට කිට්ටු වෙන්නවත් බෑ.ඒ තරමට හුළඟ.

    ඈතින් සුදු පාටට පේන්නෙ මීමුරේ,වම් පැත්තෙන් පේන්නෙ ලකේගල.


    පොඩි photoshoot එකක්..




    මෙතනදී අපිට පොඩි නෙමෙයි ඇත්තටම ලොකු ප්‍රශ්නයක් ආව.අපිට kmp වාඩියට යන්න පුළුවන් වෙයිද කියල.මොකද එතකොටත් හවස 6ට කිට්ටු නිසා..පස්සේ අපි තීරණයක් ගත්ත මේ කිට්ටුව නවතින්න.කුමාර අයියගේ දැනුමේ වටිනාකම තේරුනේ මේ වේලාවෙ තමයි.පස්සේ චුට්ටක් පල්ලම් බැහැල හොයා ගත්ත පොඩි ගල් ගුහාවක්.එතන වතුරත් තිබුන.පොඩ්ඩක් සුද්ද කරලා එහෙම රෑට බත් ටිකක් උයාගෙන කාල ගිනි මැල දෙකක් ගහගෙන නිදා ගත්ත.උදේ පාන්දර මාරම හීතලයි..

    ගිනි තපිනව..


    උදේටත් බත් ටිකක් කාල පිටත් උනා දිග ගමනකට..මෙන්න මේක කියන්නම ඕන..අපේ set එක කැමතිම ගහ තමයි ‘මාඋස්සා’.. කියල තේරුම් ගන්න අමාරුයි..ඇඟේ ගාගෙනම බලන්න ඕන ආතල් එක..කියල වැඩක් නෑ..

    මේ තියෙන්නෙ ඒ පැලයක්..


    අපි පොඩි වතුර පාරක් දිගේම පල්ලමට බැහැගෙන ආව ගොඩක දුර..ඇත්තටම වතුර තියෙන කාලෙක ගියා නං දිය ඇලි බලන්න තිබුන 100ක්වත්.හැබැයි එහෙනං අපිට මෙහෙම යන්න හම්බ වෙන්නෙ නෑ කූඩැල්ලන්ගෙන් බේරිලා.

    යන ගමන් මගදී හම්බවුන පොඩි පොඩි දියඇලි..




    දුෂ්කර ගමනක...


    චූටි චූටි දියඇලි..ඔය වගේ ඒව නං ගොඩක් තිබුන . ඒ හැම එකම photo ගහන්න ගියේ නෑ පරක්කු වෙන නිසා..






    අපිට මගදී හම්බුන යාලුවෙක්..’පලා පොළඟ’..


    ඊට පස්සේ අපි ආව අපේ හිත්වල යන්න හිතාගෙන හිටපු තවත් තැනකට.

    මෙතන ඉස්සෝ ඇල්ලුවම උඩින් ගල් වැටෙනවලු.රෑ දවල් වෙනසක් නෑ.අපේ guide දෙන්නම ඒ අත්දැකීම විඳලා තියනව කියල තමයි කිවුවේ


    තව පොඩි දිය ඇල්ලක්..


    ඊට පස්සේ අපි ආවේ දූවිලි ඇල්ලට.ඒක දැක්කම ඇඬේනව..වතුර ඇත්තෙම නෑ වගේ..මම කලින් වතාවෙ දාපු thread එක බලපු යාළුවන්ට මතක ඇති මේක තිබුන විදිය.මෙන්න දැන්..


    ඔතන චුට්ටක් වෙලා ඉඳල ආව පහලට කලින් වතාවෙ miss උන දිය ඇල්ලක් බලන්න කියල..

    මේ තියෙන්නෙ ඒක.වතුර ඇත්තෙම නෑ..


    පස්සේ දවල් වෙලා තිබුන නිසා මෙතනම උයාගෙන කෑවා.තව දෙයක් අපි මේ ගමනේදී දැක්ක දෙයක් තමයි අපිටවත් යන්න බැරි තැන් වල අලි ගිහින් තිබුන..

    කට්ටිය උයනව..


    මෙතනින් පහල ලොකු දිය ඇල්ලක් තියෙනව..අපි කලින් පාර එකේ පහලට ගියා..

    එතනට ඈත පේන හැටි..වල්පොලමුල්ල ,riverston tower එක පැත්ත තමයි ඔය පේන්නෙ..


    කොල්ලෙක් මල් කඩනව..


    මැණික් හම්බවෙලා ....


    ඊට පස්සේ අපිට තිබුනේ හරිම අමාරු ගමනක්.මොකද එතකොටත් හවස 4 කිට්ටු කරල.ඉක්මනට පුළුවන් තරන් පහලට ගිහින් නවතින්න තැනක් හොයාගන්න ඕන නිසා..දියඇලි දෙක තුනකුත් තියෙනව පහල බලන්න..ඒවට යන එක ඊට වඩා අමාරුයි..ඇත්තටම ඒ ටිකේ කිසිම photo එකක් ගැහුවේ නෑ..ගමනේම තමයි..

    මේක තමයි කලින් වතාවෙ අපේ කොල්ලෙක් හෙන risk එකක් අරගෙන වැඩ පෙන්නන්න හදපු දිය ඇල්ලේ පහල..ඕක ගොඩක් උසයි


    කොහොමද වැටුනොත්..ඔය තමයි දිය ඇල්ල පාමුල.
    .


    ඔතනින් පහල පේන හැටි තමයි මේ..අපි පහලට බැස්සේ ඔය පේන ගල් ටිකේ තමා..ලිස්සල ගියොත් සොරිම තමයි!ඒ උනාට අපිට වෙන කරන්න දේකුත් නෑ.


    එතනට ඈත පේන හැටි..


    එතනින් චුට්ටක් පහලට බැස්සම තව පොඩි දිය ඇල්ලක් තිබුන..


    තවත් ලොකු දිය ඇල්ලක උඩ..


    මේ තමයි ඒක..



    ඊට පස්සේ අපි ඒ කිට්ටුවම හොයා ගත්ත නවතින්න තැනක්.මොකද වතුර තිබුන.අනික් එක ඒ වෙනකොට ගොඩක් කළුවර වැටිලා නිසා.. මේ ගල් තලාව සුද්ද කරල ගිනි මැල 2ක් ගහල සමහන් එකක් එහෙම බීල set උනා අපේ කට්ටියගේ ජාතික ක්‍රීඩාවට..

    අතු ගානවා..


    කොහේ ගියත් මේක නං අමතක කරන්නෑ..


    මෙතනදී අපේ කොල්ලෙක්ට යකෙකුත් වැහුනලු..මම බය උනා කියල අනික් උන්ට කිවුවේත් නෑ..,උන් බය උනා කියල මට කිවුවෙත් නෑ..පහුවදා තමයි දන්නේ ඔක්කොම බය වෙලා කියල..අයියෝ සල්ලි!!අපි සෙල්ලන් කරන අතරෙ ශාන්ත අයියල ගියා ඉස්සෝ අල්ලන් එන්න..

    අපේ ඉස්සෝ ව්‍යංජනය..


    හොඳට කාල නිදා ගත්ත..

    උදේ තේ එක..



    අපි set එකම ඉන්න photo හරි අඩුයි..මේ ඒ වගේ දෙකක්.. ඔය ගල උඩ තමයි නිදා ගත්තේ..




    අපි නිදා ගත්ත තැනට අවට පරිසරය පේන හැටි..good morning knuckles!!



    to be continued....
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    එදා උදේට පාන් කාල පිටත් උනා වල්පොලමුල්ල බලා..ගඟ දිගේම පහලට බැස්ස..

    කට්ටිය ගමනේ..


    ඊට පස්සේ අපි ආව තව දිය ඇල්ලක් උඩට.එතනට ලස්සනට ඈත පේනවා.. ඈතින් පේන්නෙ වල්පොලමුල්ල.


    එක ටිකක් ලොකු දිය ඇල්ලක්.


    ඔය අයිනටම යන්න පුළුවන්.ඒ උනාට ඕක පහලට වැටෙන තැනට යන්න බෑ..ලොකු වලක් වගේ එකකට වැටෙන්නේ.එතනින් තව එකක්..ඒ දෙකම බලන්න බෑ..try කලොත් කඹයක් දාල බහින්න පුළුවන් වෙයි



    ඔතන චුට්ටක් වෙලා ඉඳල අපි පිටත් උනා එන්න..ඔතනින් එහාට තමයි අපිට වැරදුනේ..මොකද වල්පොලමුල්ල කියන ගමට අපේ ශාන්ත ගිහිල්ලත් නෑ කුමාර ගිහිල්ලත් නෑ.අපි කොහොමත් දන්නේ නැති නිසා උන්ගේ පස්සෙන් ආව උන් යන අඩි පාරේ..මුලින්ම අපිට හම්බුනා ලොකු තැනිතලාවක් .හැම තැනම ඇඹුල් පේර ගස්..

    ඔය පොඩි පොඩි පැල වගේ පේන්නෙ ඇඹුල් පේර ගස්..


    මේ තියෙන්නෙ..


    අපි කලින් පාර ඇල්ල බලන්න ගියේ ඔය පේන drop එක උඩින් තියෙන කැලැව දිගේ තමයි..ඔතනින් දිය ඇල්ලක් එහෙම වැටෙනව මම photo එකක් දාල තිබුන මතක ඇති යාළුවන්ට.කොච්චර ලස්සනට ඇද්ද වහින කාලෙට..


    Truely paradise!!


    තවම ඇඹුල් පේර ඉවර නෑ..


    ටික දුරක් ඔහේ ඇවිද ගෙන යනකොට පොඩි තැනිතලාවක් හම්බුනා.එකේදී ටිකක් බය හිතෙන අත්දැකීමක් ලැබුන. පොඩි සද්දයක් ඇහුන..ගස් පොඩි වෙනවා වගේ..අපිට දැනුන විදියට නං අලියා..අපි shape එකේ මාරු වෙලා ආව.

    මෙතන තමයි ඒ..


    ඔතනින් පස්සේ තව සැහෙන දුරක් ආවම තේරුණා අපිට පාර වැරදුනා කියල..ඇත්තටම ඒ අත්දැකීම මෙහෙම විස්තර කරන්න අමාරුයි.මොකද අපිට වතුරත් නැති වේගෙන ආවේ.කන්ද උඩ වතුර පාරවල් ඔක්කොම හිඳිලා.ඊට පස්සේ අඩි 100ක් විතර පල්ලමක් දිගේ සෑහෙන වෙලාවක් ඇවිද්ද පහලට බහින්න තැනක් හොයාගෙන..අපි gps වලින් ගොඩක් දුරට හොයා ගත්ත අපිට යන්න ඉසවුව..ඒ උනාට පහලට යන්න තැනක් නෑ.

    GPS උදවු බලාපොරොත්තුවෙන්...


    පොඩ්ඩක් ගිමන් හරිනවා..


    ඔය පාරක් වගේ පේන්නෙ අලි ගිහිල්ල හැදිච්ච පාරවල්..එයින් එකක ගිහින් තමයි අපිට කෙල උනේ..


    කොහොමහරි අන්තිමට අපේ කුමාර අයියට පින් සිද්ද වෙන්න පහලට බැස්ස..අපි බැහැපු හැටි දන්නේ අපි විතරයි.මතක් වෙනකොටත් සමහර කොල්ලො හිතවලු කරපු ගොන් කමේ තරම.අන්තිමට අපි ආව තවත් ගඟකට..එතන නාගෙන දවල්ටත් උයාගෙන කාල මහන්සි ඇරිය..

    ඕකේ පහලට තමයි අපි බැස්සේ..


    දවල් කෑම.


    අපි නාපු තැන..ඔතනින් පහල තියෙන්නෙ ප්‍රසාද් ලක්ෂාන් බො_ _ ල.


    මම මේ heart එක දෙන්න ඕනලු කාටද මන්ද..තවම නං දෙන්න බැරි උනා හැබැයි...


    මෙතනට ආවත් අපි තවම යන්න ඕන පාර දන්නේ නෑ.පස්සෙ අපි තීරණයක් ගත්ත ගඟ දිගේම පහලට යන්න.මොකද හදිසියේ පාරක් හොයාගන්න බැරි උනත් අපිට නවතින්න පුළුවන් නිසා ගඟ අයිනේ.ටික දුරක් ගියාම අපේ වාසනාවට හම්බුනා පාර.රතු පාටින් mark කරල තියෙනෙව ගස් වල.ඒ නිසා එතනින් එහාට හොයාගන්න ලෙසයි..තවත් ප්‍රශනයක් උනේ ඒ වෙනකොට ගොඩක් හවස් වෙලා තිබුන නිසා එතනින් එහාට යනවද මේ කිට්ටුව නවතිනවද කියල.ඒ වෙලාවේ තීරණය කළා කීය උනත් යනවා කියල වල්පොලමුල්ලට.ඇත්තටම ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි..හැම තැනම අලි.අනික කැලෑවට ඉක්මනට රෑ වෙනව.අනික අපේ ඇවිදින වේගේ අඩුයි ගොඩක්..නමුත් අපිට වෙන කරන්න දෙයක් නැති නිසා ගිය.ඒ වෙනකොට සත්තු එලියට බහින වෙලාව.අපිට හම්බුනා ගෝනෙක්.,තව පොලොන් තෙලිස්සෙක්..අන්තිමට පැය 2ක විතර ගමනකින් පස්සේ අපි ආව වල්පොලමුල්ලට.
    වල්පොලමුල්ල කියන්නේ ඉස්සර කාලේ ගමක්.දැන් කිසිම මනුස්සයෙක් නෑ.ඔක්කොම අලි කරදර නිසා අතැරලා දාල තියෙන්නෙ.අපි වගේ trip එකක් යන set එකක් නැත්තන් forest එකෙන් එන කවුරු හරි නවතින්න පාවිච්චි කරන්නෙ ඒ ගෙවල් තමයි.අපි හිටපු ගෙදර හැමදේම තියෙනව.කාමර දෙකයි,ඇඳන්,උයන බඩු,ලාම්පු වගේ හැමදේම..

    මේක තමයි ඒ ගෙදර..


    එදා රෑ නං හොඳට නිදා ගත්ත කට්ටිය.කෑමත් ඉතුරු වෙලා තිබුන අපේ වෙලාව හොඳ නිසා..උදෙන්ම ඇහැරුනා ඉක්මනට යන්න ඕන නිසා.මොකද අපි ගෙවල් වලට එන්නත් ඕනනේ.එන්න කලින් වෙලට ගිය පාන්දරම ලස්සන බලන්න.පට්ටම ලස්සනයි..

    ඉර පායාගෙන එන ලස්සන..!


    කෙලින්ම පේන්නෙ දූවිලි ඇල්ලයි තුන් හිස් ගලයි..


    Zoomed…


    පොඩි ආතල් එකක්..


    අනික් එක මෙතන හුළඟ ගොඩක් සැරයි..!

    අපි set එක..


    උදේ කෑම කනව..


    උදේට කාල එහෙම ශාන්ත අයියලගේ ගාස්තු බේරල අපි එන්න පිටත් උනා ඇතන්වල කියන ගමට.තව කිලෝමීටර් 3ක් විතර තියෙන්නෙ..

    good bye knuckles!!


    අපිට ආපහු පාර වැරදුනා ,වෙලාවට ගමේ මනුස්සයෙක් හම්බුනා..නැත්තන් වෙන ගමකින් එලියට එන්නෙ.

    ඇතන්වල ගමේදී..


    ගමේ පන්සල.


    ඊට පස්සේ අපේ වෑන් එක එනකන් අපි චුට්ටක් නා ගත්ත..

    අපි නාපු තැන..


    ඇවිද්ද පය දහස් වටී..!


    පස්සේ අපි කෙලින්ම ආවේ පන්සලට.මොකද අපි කලින් වතාවෙ පන්සලට අරන් දුන්න tile ටික අල්ලලා ඉවරද බලන්නයි හාමුදුරුවෝ හම්බවෙන්නයි.

    මේ චෛත්‍යය වටේ ..ඒ අල්ලපු එකා ඒක කාල!




    චෛත්‍යය නං ලස්සනට තීන්ත ගාල.අපි සල්ලි දුන්න විතරයි එකට නං..


    බුදු මැදුරේ වැඩ නං තවම කරනව..හැබැයි එක ලස්සනටම කරලා තිබුන..


    හාමුදුරුවෝ ගොඩක් සතුටුයි අපි කරපු උදවුව ගැන..ඇත්තටම ඒකට දායක උන හැමෝටම ගොඩාක් පින්!!කවදාහරි නිවන් දකින්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව..!



    ඊට පස්සේ කෙලින්ම ආව බංඩ අයියගේ ගෙදරට..ඇවිත් දවල්ට කෑම එකත් බැඳගෙන එන්න පිටත් උනා..

    බංඩ අයිය wife එක්ක..මේ පොඩි එකත් තියාගෙන අපිට සලකපුවට, හැමදේටම ගොඩක් ස්තුතියි.!


    මේ අපි set එක with ශාන්ත සහ කුමාර..


    ඇත්තටම මේ වගේ ආපහු ගන්න බැරි වෙන අත්දැකීමක් ගන්න උදවු කලාට ශාන්ත අයියටයි කුමාර අයියටයි කියන්න බැරි තරන් ස්තුතියි වන්ත වෙන්න ඕන..!
    ඒ වගේමයි ගෙවල්වල වැඩ තියෙද්දී ඒවා දාල, බිරින්දෑවරු දරු පැටවූ ගෙවල් වල දාල, බොරු නිවාඩු දාල මේ ගමනට සහභාගී උන ලලීන්ද,ලක්ෂාන්,මාධව සහ මගේ අතිජාත මිත්‍රය සජාන්..උඹල set එකටත් ගොඩක් ස්තුතියි..
    තව දෙයක් මේ thread එකේ වැරදි ඇති අම්බානක..ඒ හැම දෙටමත් සමාව ඉල්ලනව.මේක මීට වඩා පොඩි කරන්න අමාරුයි.එකටත් සමා වෙන්න ඕන..තව මතක් කරන්න ඕන මේක දාපන් දාපන් කියල නිතරම මතක් කරපු මගේ තවත් ලඟම යාලුවෙක් වෙන shellon ව..
    හැමෝටම බුදු සරණයි..!!
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් උබලා උපරිම ආතල් එකක් ඇරන් තියෙනවා.. Story එක් මුල ඉදලා අග වෙනකල් Photos එක්ක කියවගෙන යනකොට හරියට Hollywood Movie එකක් වගේ මචන්.. සිරාවටම ආසා හිතෙනවා බන් Photos දැක්කම. ශන්ත, කුමාර ඇතුලු උබටයි යාලුවො සෙට් එකටයි ගොඩාක් ස්තූති අපිවත් මේ ටුවර් එක එක්ක ගියාට මචන්... බලපන් අපේ ලංකාවේ කොයි තරම් සුන්දර තැන් තියෙනවාද කියලා.. පට්ට මචන්. Thanks Again.. REP+5 :yes:

    තව දෙයක් මචන් පුලුවන්නම් මේ Photos වල High Resolution Images ටික ZIP කරල Upload කරලා දෙනවද බා ගන්න. ඒ තරම් වටින Photos ටිකක් මචන්
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් අත ඇරලා තියෙන වල්පොලමුල්ල ගමේ Photos නෑනේ?? තව ඒ ගමේ Photos තියෙනවා නම් දාපන්
     

    shellon

    Junior member
  • May 17, 2012
    39
    21
    8
    පිස්සු හැදෙනවා

    මචෝ සිරාවටම ඇඩෙනවා කදුළු නැනැනැනැනැනැනැනැ.මචෝ සිරාම experience 1තමයි අරන් තියෙන්නේ .photos ටික දකිනකොට වෙනම ලෝකයකට යනවා වගේ බන්.මචෝ used කරපු camera models ටික මොනවද ? උබනම් ඉස්සර වගේමයි කිසි වෙනසක් නැහැ බන්.තවත් මේවගේම trip 1ක් ඉක්මනටම පලයන් උබට ජයෙන් ජය :P:P:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා බන්:cool:
    +12
    11.gif
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    nyamai yaluwa mara trip akak a
    patta sapak pictures tykat niyamai lassanai
    banda santa kumara kyanna kawuda ban
    game ayada ubala nawatuna tana contact ahama dapan
    kawuru hari yanawa nam lasiyan aye set karaganna puluwan na
    inna tanak ahama;)
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    අම්මෝ මරු..මගෙත් කැමතිම වැඩේ තමයි මෙහෙම රට වටේ යන එක.ඒත් මට ආරක්ශක ගැටලු නිසා කියලා මෙච්චර සතුටක් ලබන්න වරම් නෑ..ඒ හින්දා උඹට පිං මචන් මාව නකල්ස් කැලේ දවස් 3ක් එක්කගෙන ගියාට මේ නූලෙන්...නැවතත් මෙහෙම ගමනකින් හමු වෙමු..පුලුවන් නම් මට ඒ කිව්ව ශාන්ත අයියලා සම්බන්ධ කරගන්න විදියක් සෙට් කරලා දෙන්න..
    21+ රෙප්...


    :D:D:D
     

    coolcat2005dj

    Member
    Sep 11, 2013
    26
    13
    3
    මචෝ සිරාවටම ඇඩෙනවා කදුළු නැනැනැනැනැනැනැනැ.මචෝ සිරාම experience 1තමයි අරන් තියෙන්නේ .photos ටික දකිනකොට වෙනම ලෝකයකට යනවා වගේ බන්.මචෝ used කරපු camera models ටික මොනවද ? උබනම් ඉස්සර වගේමයි කිසි වෙනසක් නැහැ බන්.තවත් මේවගේම trip 1ක් ඉක්මනටම පලයන් උබට ජයෙන් ජය :P:P:P

    Thanks buddy,,,we used,
    Nikon 5100 + Nikkor 18-55mm
    Canon 70D + Sigma 18-35 HSM A
    Samsung WB350F
    Olympus VR320