Theresa may ට_විශ්වාසභංගයක්
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කන්සවේටිව් පක්ෂය සූදානම් වේ.
රොයිටර් පුවත් සේවය අනාවරණ කළේ, මේ වන විටත් ඇය නියෝජනය කරන කන්සවේටිව් පක්ෂයේ බ්‍රේක්සිට් ක්‍රියාවලියට පක්ෂපාතී මන්ත්‍රීවරුන් ඒ සඳහා අවශ්‍ය ලිපි යොමු කර ඇති බවයි.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ ප්‍රධාන නිලතල හෙබවූ කිහිපදෙනෙකු ඉවත්වීමත් සමග මෙම තත්ත්වය උද්ගතවී තිබේ.
ඒ අනුව මේ වනවිටත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියට අදාළව ලේකම් ධූරය දැරූ ඩොමිනික් රාබ් සහ බ්‍රිතාන්‍ය කම්කරු හා විශ්‍රාම වැටුප් අමාත්‍ය එස්දර් මැක්වී ඇතුළු අමාත්‍යවරුන් 04 දෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස්වී අවසන් ය.
කෙසේවෙතත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පැවසුවේ, යුරෝපා සංගමයෙන් වෙන්වීමට අදාළ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට තමන් හැකි සෑම අයුරින්ම කටයුතු කරන බවයි.
මේ අතර බ්‍රෙක්සිට් ගිවිසුමට අදාළ කෙටුම්පත් එකඟතාවය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය පසුගිය දා හිමි වූ අතර ගිවිසුමට අනුව බ්‍රිතාන්‍යය ලබන වසරේ මාර්තු 29 වැනි දින යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිත වේ.
තෙරේසා මේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක්