Thinking outside the box

raaajit

Well-known member
  • Nov 4, 2007
    727
    859
    93
    :)
    මම කතාවේ ORIGINAL කතානායකයා කියපු විදියටම කියන්නම්. එයා මොනවද science PROFFESOR කෙනෙක්.

    මිනිහ කතාව පටන් ගන්නවා , “මගේ මිත්‍රයා අපේ CAMPUS එකේ PHYSICS PROFFESOR කෙනෙක් .දවසක් එයාගේ පන්තියක ගෝලයෙක් එක්ක වෙච්ච ප්‍රශ්නයක් සමාදාන කරන්න මට පැවරුණා.ඉතින් නියමිත වෙලාවට මම ඒ පන්තියට ගිහින් දෙන්නම මුණගැසුන. ප්‍රශ්නය වුනේ අවසාන PHYSICS විබාගයේදී එක ප්‍රශ්නයකට ශිෂ්‍යයාට බින්දුවක් ලැබිල..
    මිනිහ LECTURER එක්ක රණ්ඩු වෙනවලු දීපු උත්තරය හරි මුළු ලකුණු ගණනම ඕනා කියල...
    මේකයි මට බේරන්න වෙලා තියෙන්නේ....මම විබාගේ ප්‍රශ්නය කියෙව්වා...
    ප්‍රශ්නය මෙහෙමයි .”බැරෝමීටරයක් භාවිතා කර තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලක උස මනින්නේ කෙසේද ?”

    කොල්ල දීල තියෙන උත්තරය,”බැරෝමීටරය අරගෙන බිල්ඩිමේ වහල උඩට ගිහින් බැරෝමීටෙරය ලනුවක අගට බැඳලා බිමට පහත් කරලා ,ලනුව සලකුණු කරලා, ආපහු අරගෙන ලනුව මැනලා බිල්ඩිමේ උස දැනගන්න.”

    ඉතින් LECTURER කියනවලු මේ උත්තරේට ලකුණු දෙන්නේ නෑ කියල.ඉතින් මේ කොල්ල පොඩි හර්තාල් එකක්....
    මම ශිෂ්‍යයාට කිව්වා පිළිතුරේ සම්පුර්ණයි, පැහැදිලියි . නමුත් PHYSICS වලට අදාළ නෑ , පුලුවන්නම් PHYSICS වලින් උත්තරයක් දෙන්න, ලකුණු ඕනෙනම්. විනාඩි හයක් ඇතුලත . ඉතින් කොල්ලත් කැමති වෙලා , කොලයක් එහෙම අරගෙන ආපහු වැඩේට බැස්සා...
    මගේ යාලු lecturer ත් පැත්තකින් ඉඳගෙන ඉන්නවා . විනාඩි පහක් ගියාම මම ඔලුව උස්සල බැලුව කොල්ල ලියන පාටක් නෑ .”දැන්වත් පිළිගන්නවද තමුන් වැරදියි කියල ?” මම ඇහුවා .එතකොට ඌ කියපි උත්තර ගණනාවක් තියනවා මම කල්පනා කරන්නේ මොකක්ද හොඳම එක කියලයි .එහෙම කියල මිනිහ ආපහු පටන් අර ගත්ත පාර ලියාගෙන ලියාගෙන ගිහින් කොහොමහරි විනාඩි හය ඇතුලත මට උත්තර කොලය අරන් ආව.මම කියවල බැලුවම මිනිහ ලියල ” බැරෝමීටරය රැගෙන බිල්ඩිම මුදුනට ගිහින් BAROMETER එක පොළොවට අත හරින්න. මෙහිදී BAROMETER එක පොලවට පතිත වෙන්නට ගතවෙන කාලය STOPWATCH එකකින් මැන ගන්න. ඉන් පසු ඒ දත්තයන් X=0.5*a t^2, සුත්‍රය භාවිතා කර බිල්ඩිමේ උස ගණනය කරන්න . මම උත්තරය කියවල මගේ මිත්‍ර lecturer ට දීල ඇහුව මොකද කියන්නේ කියල .මිත්‍රය කිසි කතාවක් නැතුව සම්පුර්ණ ලකුණු ගාණම දුන්නා . ප්‍රශ්නය විසඳුනා .ඔක්කොමල්ල හැපි...
    මේ කතාවේ හොඳම හරිය එන්නේ දැන්....
    දැන් ඉතින් ප්‍රශ්නේ විසඳුනා . මම වැඩය වගේ පිටත් වෙලා එන්න හදන කොට මට මතක් වුණා මේ හාදයා කිව්වා නේද තව උත්තර ගණනාවක් තියෙනවා කියල. ඉතින් මම පොඩ්ඩක් නැවතිලා කොල්ල ගෙන් ඇහුව ඒ ගැන.එතකොට මිනිහ කියනවා. ඔව් ඔව් තව ක්‍රමවල් ගොඩක් තියනෙවා....
    “තව එක විදියක් තමයි අව්ව තියෙන දවසක බිල්ඩිමේ හෙවනැල්ල මැනල ඒ එක්කම barometer එකේ හෙවනැල්ලත් මැනල ඒ දත්ත දෙක සංසන්දනය කරලා උත්තරය හොයා ගන්න පුළුවන්.”
    මම ඇහැව්වා තව මොනවද කියල.
    මිනිහ තව උත්තරයක් දෙනවා.”barometer එක අරගෙන පඩිපෙළ දිගේ බිල්ඩිම උඩට නගින ගමන් අඩි කෝදුවක් වගේ BAROMETER එකෙන් මනින්න . මෙහෙම ගියාම අන්තිමේදී බිල්ඩිමේ උස BAROMETER ඒකක වලින් නිගමනය කරන්න පුළුවන්.ඒක බොහොම සරල විදියක් .
    එකට වැඩිය සංකීර්ණ විසඳුමක් ඕනෙනම් barometer එක නුලක අගට ගැට ගහල ඒක pendulam එකක් වගේ පද්දන්න පොලොව මට්ටමෙන් සහ බිල්ඩිම මුදුනෙන් .මෙහිදී ගුරුත්වාකර්ෂණ අගයන් දෙකක් ලැබේවි . ඒ පොලොව මට්ටමේදී අගයයි බිල්ඩිම මුදුනේදී අගයයි . ඒ අගයන් දෙකේ වෙනස උපයෝගී කරගෙන බිල්ඩිමේ උස ( in principle ) හොයා ගන්න පුළුවන් .ඒ ආකාරයටම ආයෙත් BAROMETER එක ලනුවක ගැට ගස බිල්ඩිම මුදුනට ගිහින් ලනුව පොලවට කිට්ටුවට පාත් කර ආපහු පද්දල ඒ පැද්දෙන දුර period of precession අනුව යමින් නිසි උත්තරය හොයාගන්නත් පුළුවන් . ( *මගේ නම් මචන් PHYSICS අන්තිමයි. ඒ නිසා මේවා තේරුම් කරන්නනම් අහන්න එපා..)

    මේ ඔක්කොම වලින් ලේසිම මමත් කැමතිම විදිය තමයි BAROMETER එක අරගෙන බිල්ඩිම නඩත්තු කරන සුපිරින්ටෙන්ඩන්ට් ගේ office ට ගිහින් දොරට තට්ටු කරන්න .මිනිහ දොර ඇරියම බොහොම ගරු සරු ඇතුව මිනිහට කතා කරල කියන්න “සුපිරින්ටෙන්ඩන්ට් මහත්තයෝ.මෙන්න ඔහෙට බොහොම වටිනා හොඳ BAROMETER එකක් ගෙනාවා . මේක අරගෙන . තරහ නොගෙන මේ බිල්ඩිමේ උස හරියටම කීයදැ කියල මට කියන්නකෝ.” මිනිහ උත්තරේ දෙයි පටස් ගාල...


    ඔය වගේ ක්‍රම සහ විදි රාශියක් තියෙනවා BAROMETER එකක් උපයෝගී කරගෙන බිල්ඩිම්වල උස මනින්න, කියල කොල්ල දෙසා බැවා...
    ඉතින් මේ විදියට මේ උත්තර ටික දීගෙන යනකොට මට වුනත් තේරෙනවා මූ මෝඩයෙක් නෙවෙයි කියල .මම ඒ පාර ඇහැව්වා තමුසේ ඇත්තටම හරි උත්තරේ දන්නේ නැතිද කියල...එතකොට ඌ කියපි අර lecturer බලාපොරොත්තු වෙන “නිවැරදි” උත්තරෙත් ඌ දන්නවා. හැබැයි ඌට එදා ඉඳන් අරහන් ඔය පොතේ හැටියටම ,සම්මතෙන් පිට නොගිහින්, උන් හිතන යල් පැන ගිය විදියටම අපිවත් යවන්න හදන ගුරුවරුන්ව . ඒකයි මෙහෙම කලේ කියලා....
    මේ ගෝලයා ඇත්තටම පස්සේ කාලෙක ලොකු scientist කෙනෙක් වෙලා 1922 නොබෙල් තෑග්ගත් දින්නා....

    මිනිහගේ නම Niel Bohr . කස්ටිය නම් දන්නවත් ඇති....
    කොහොම හරි කතාවේ moral එක

    ” බැහැ කියල දෙයක් නෑ. ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් තියනවා . ස්ටෑන්ඩර්ඩ් solution එක හරියන්නේ නැත්තන් තව තව ක්‍රම සහ විදි තියෙනවා.”
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    නීල්ස් බෝර් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. අයින්ස්ටයින්වත් වාද කරලා බිංදුවට දාලා පරද්දපු කෙනෙක්.

    එයා ගැන මේ වගේ කතා ගොඩක් තියනවා.

    අයින්ස්ටයින් වගේ මොළය විතරක් තිබ්බ කෙනෙකුත් නෙවෙයි. ඔහු ඉතා දක්ශ ක්‍රීඩකයෙක්, ඉතාම නිර්භීත කෙනෙක් (වරක් හිට්ලර්ගේ කනින් රිංගලා බෝට්ටුවකින් පැනලා ගියා ), හොද පවුලකුත් හදලා පුතාවත් නොබෙල් තෑග්ග ගන්න මට්ටමට පත් කලා.


    My favorite scientist.:)
     
    • Like
    Reactions: mldarshana