THIRD EPISODE - ප්‍රාර්ථනා පියමන්....
[FONT="]ප්‍රාර්ථනා පියමන්[/FONT]
[FONT="] ප්‍රථම කොටස[/FONT][FONT="]
[/FONT][FONT="]දෙවන කොටස
[/FONT] [FONT="]තෙවන කොටස…..[/FONT]
[FONT="]
වසර කිහිපයකට පෙර සිදුවූ සොදුරුතම සිද්ධි දාමයක සුන්දර මතකයන් පෙලක් අතර මා සැරිසරමින් සිටිමි. හදවත මනස පාලනය කරමින් තිබිනි. මා අයේෂාගේ ෆොටෝ කිහිපයක් ගත්තේ ඇය නර්තනයේ යෙදෙමින් සිට්න අතරවාරයේදීයි.
සිදුවූයේ මා බලාපොරොත්තු නොවූ දෙයකි..
අද එතැන් සිට....
අශේන් මල්ලී ඔයා ගාව හොද කැමරාවක් තියන්වා නේද..??? පොඩ්ඩකට ඒක දෙනවද..??? අපේ චූටි නංගිගේ පොටෝ ටිකක් ගන්න. අපේ කැමරාවේ බැටරි ඩෙඩ් උනා. [/FONT]
[FONT="]ගයේශා අක්කාගේ ඉල්ලීම මා දැඩි අපහසුතාවයකට පත් කලේය. කැමරාව දුන්නොත් අනිවාර්යයෙන්ම ගයේශා අක්කා පොටෝ ගැලරිය පරීක්ෂා කරනු ඇත. එවිට මා ලබාගත් අයේශාගේ පොටෝ ඇය දකිනු ඇත. ඉන්පසු උදාවන තත්වය බරපතල වනු නිසැකය. මා කල්පනාවේ නිමග්නව සිටියෙමි.[/FONT]
[FONT="]මල්ලී..[/FONT]
[FONT="]ගයේශා අක්කා නැවතත් කතා කරයි. මම ඇයට කියන්නට බොරුවක් කල්පනාකරමි. [/FONT]
[FONT="]අයේශලාගේ පොටෝ ගහන්න ඕන කියලා එයාලගේ පංතියේ යාළුවෝ කැමරාව අරන් ගිහින් දැන් තමා ගෙනාවේ. මම හිතන්නේ ඒක දැන් ක්‍රිශාන් ගාව ඇති.[/FONT]
[FONT="]මම කීමී.[/FONT]
[FONT="]ආ.. ලොකු නංගිගේ ගන්න නෙමෙයි. චූටි නංගිගේ ගන්න. ඊලගට තියන්නේ එයාලගේ ඉවෙන්ට් එකනේ. අනික තාත්තා පල්ලෙහා ඉදන් ගන්නම් කීවා…[/FONT]
[FONT="]තාත්තා…..[/FONT]
[FONT="]මට එකවරම ඉහල ස්වරයකින් කියවිණි. කල හැකිදෙයක් කල්පනා නොවෙයි. එමෙන්ම ඊලග ඉවෙන්ට් එක නිවේදනය කල යුතුවද ඇත. කල හැකි වන්නේ අමාරුවෙන් ගත් පොටෝ ටික මකාදැමීම පමණි.[/FONT]
[FONT="]ආ හරි අක්කේ. ඒකේ මෙමරි ෆුල් වෙලා කියල ක්‍රිශාන් කීවා. ඉන්න මන් ඕන් නැති ටිකක් මකලා ගෙනත් දෙන්නම්. [/FONT]
[FONT="]නෑ නෑ චිප් එක ඕන නෑ මල්ලී අපේ චිප් එක දාගන්නම්.[/FONT]
[FONT="]යන්තම් වැඩේ ගොඩින් බේරිනි.[/FONT]
[FONT="]අයියේ මෙන්න ක්‍රිශාන් අයියලා ඇවිත්.[/FONT]
[FONT="]මල්ලිගේ හඩින් අතීතයේ සිදුවූ සුන්දර සිදුවීම් දාමය තුල ගිලී සිටි මා නැවත පියවි ලෝකයට ආවෙමි. එදා විවිධ ප්රසංගයේදී මා ලබාගත් පොටෝ අදටත් සුරැකිව මා සතුව ඇතත් බොහෝ දිනකින් ඒවා නැවත බැලීමට නොහැකි විය. එනිසාම ඒවා නැවත ඇද බැලීමට දැඩි උවමනාවක් සිතට ආවද මිතුරන්ගේ පැමිණීම නිසා ඒ ආශාව පසෙක තබන්නට සිදුවීමි..[/FONT]
[FONT="]ආ…. ඒපාර උබ නිදිද.??? මෙන්න මිනිස්සු අපිට බොරුවට මැච් එකට එනවා කියල ගෙදර ඇවිත් නිදි..[/FONT]
[FONT="]මගේ කාමරයේ දොර රෙද්ද මෑත් කරමින් ගිම්හාන් කී අතර ක්‍රිශාන් මා දෙස දැඩි පරික්ෂාවෙන් බැලීය.[/FONT]
[FONT="]මට ටිකක් ඇගට හරි නෑ වගෙ බන්. උබල යමල්ලා. මම ටිකක් වෙලා ඉදල එන්නම්.[/FONT]
[FONT="]මම යාළුවන්ට බොරුවක් කීමි.[/FONT]
[FONT="]අනේ මේ උබ එයි මේන් කියල. නිකන් අපිටත් බෝලේ බස්සන්නේ නැතිව නැගිටලා යමන් බන්. අර එලියේ සුදුවයි, බඩියයිත් බලන් ඉන්නවා, අපි මේ ආවේ උබවත් ඇදගෙන හරි යන්න.[/FONT]
[FONT="]ක්‍රිශාන් මගේ අතකින් අදිමින්ම පැවසුවේය.[/FONT]
[FONT="]යාළුවන්ගේ දැඩි පෙරැත්තකිරීම හමුවේ මා ඇදෙන් නැගිට ඔවුන් හා යාමට සැරසුනි. [/FONT]
[FONT="]ඒ සමගම[/FONT]
[FONT="]ලොකු පුතා……[/FONT]
[FONT="]අම්මා කතා කලාය.[/FONT]
[FONT="]ඇයි අම්මා…..[/FONT]
[FONT="]පොඩ්ඩක් මෙහෙට එන්නකෝ.[/FONT]
[FONT="]මම යාළුවන්ගෙන් මිදී අම්මා හුන් දෙසට ගියෙමි.[/FONT]
[FONT="]මොකද යාළුවෝ ඇවිත් ඉන්නේ..????[/FONT]
[FONT="]අම්මා සුපුරුදු ප්රශ්නය මතු කලාය.[/FONT]
[FONT="]මේ මේ…. බෝල ගහන්න යන් කියන්න අම්මා….[/FONT]
[FONT="]ඔයාට මේක හැමදාම කියන්න දෙයක්ද ලොකු පුතා. විභාගෙට තව මාස කීයද..????? දැන් සෙල්ලම් කරාම හරියනවද..????? පංති යනවා කියලා යනවා මොනවා කරනවද කියලා කවුරුත් දන්නෑ .[/FONT]
[FONT="]අනේ අම්මා….[/FONT]
[FONT="]මම අම්මා අසල හුරතල් වීමී.[/FONT]
[FONT="]අම්මා අම්මා නෙමෙයි ඔළුව පාවිච්චි කරලා වැඩ කරනවා. ඒ ලමයින්ට තවම විභගෙට කල් තියන්වා, ඔයාට එහෙමද..??? අනික දැන් බලනවා ඔයාගේ වයසේ කිසිම ලමයෙක් එනවද සෙල්ලම් කරන්න.???? හැමෝම පාඩම් කරන්වා. ඉතින් ඇයි ඔයාට බැරි එක විදියකට ගෙදරට වෙලා පාඩම් කරන්න.[/FONT]
[FONT="]ආ….. අම්මා හිතන් ඉන්නේ මගේ වයසේ එවුන් ක්‍රිකට් ගහන්න එන්නේ නෑ කියලද….???? එන්නේ නැත්තේ අර බුද්ධියා විතරයි..[/FONT]
[FONT="]ඒ ලමයට මොලේ තියන්වා. ඒ නිසා ගෙදරට වෙලා පාඩම් කරනවා.[/FONT]
[FONT="]ඉතින් අම්මා කියන්නේ මටත් ගෙදරටම වෙලා ගේ ගෙම්බෙක් වගේ ඉන්න කියලද.???[/FONT]
[FONT="]නෑ ලමයෝ හැමදේටම කාලයක් තියන්වා. තව ටික කාලයක් ගියාම පාඩම් කරල විභාග පාස් කරන්න කියලද….???? ඔය ක්‍රිශානුයි, ගිම්හානුයි, සුදූලයි අර බඩියද මොකාද කියන ලමයයි තමා ඔයාවත් ඕවට ඈදගන්නේ. ඉන්නකෝ මන් අනිත් දවසේ ඒ අයට තමා කතා කරන්නෙ..[/FONT]
[FONT="]අම්මා හැමදාම ඔය ටික කියයි. ඒත් කවදාවත් මා මිතුරන්ට කිසිවක් නොකියන අම්මා වෙලාවකට ඔවුන්ට මටත් වඩා හොදින් සලකයි. මා ඇසුරු කරන මිතුරන් ගැන අම්මා තුල හොද පැහැදීමක් තිබුන නිසා යාළුවන් සමග කරන කටයුතු වලදී අම්මා දැඩි බලපෑමක් එල්ලකලේ නැත. එහෙත් මෑතක සිට නිතරම විභාගය ගැන සිහිකරමින් අම්මා මිතුරන් සමග සිදුකරන ගනුදෙනු සීමාකිරීමට බලපෑම් කලාය.[/FONT]
[FONT="]අම්මාගේ මේ බැනුම් මට හොදට පත්තියම් වී ඇති නිසාත් අම්මා කොතරම් බැනවැදී හෝ අවසන මාගේ ඉල්ලීම් වලට කන්දී ඒවා ඉටුකරන නිසාත් අම්මාට මා තවත් ඇවටිලි කලේය.[/FONT]
[FONT="]අනේ අම්මා අදට විතරක් යන්නම් ඉතින්, අරුන් ටිකත් ඇවිත්නේ ඉන්නෙ..[/FONT]
[FONT="]හා හා අදට විතරක් ගිහින් එනවාකෝ එහෙනම්. හැබැයි තාත්තා දැක්කොත් එහෙම මම නම් එන්නෑ බේරගන්න ඕන්….[/FONT]
[FONT="]අපේ තාත්තා අම්මා තරම් සැර නැත. ජීවිතයේ මේ තාක් කල් තාත්තා මට කිසිම පහරක් ගසා නැත. තාත්තාත් මමත් වෙලාවකට මිතුරන් සේ එදිනෙදා දේ කතාකරගනිති. ඒ මොනවා උනත් තාත්තාට ඇති ගෞරවය නිසාම අප නිවසේ කිසිවකුත් තත්තාගේ තීරණ අභියෝගයට ලක් නොකරයි..[/FONT]
[FONT="]අම්මාගෙන් ලද අවසරයෙන් මා මිතුරන් වෙත නැවත සම්බන්ධ විය.[/FONT]
[FONT="]අප සැවොම පාපැදි වල නැගී ක්‍රීඩාංගනයට ගියෝය.[/FONT]
[FONT="]ක්‍රීඩාංගනයේදී සැමදාම මුණගැසෙන කොළු රංචුව අවශේෂ අනෙකුත් සාමාජිකයන් එනතුරු වල්පල් කතාකරමින් සිනාසෙමින් විහිළු කරගනිමින් සිටියෝය. එහෙත් අද ඔවුන් අතර අමුත්තෙක් සිටින බවක් දිසිවූයේ ඔවුන් එක් පුද්ගලයෙක් වටකරගෙන අල්ලාප සල්ලාපයේ යෙදී සිටි බැවිනි.[/FONT]
[FONT="]ඒ අර බලපන්කෝ අපේ උන්ට ගේමක් සෙට් වෙලා වගේ. අර මොකෙක්වද වට කරගෙන ඉන්නේ..[/FONT]
[FONT="]ක්‍රිශාන් සුපුරුදු කලබලයට පත්විය.[/FONT]
[FONT="]එතන ඇති ගේමක් නෑ බන්. කවුරු හරි අළුත් එකෙක් ඇවිත් වගේ. [/FONT]
[FONT="]මම අඩමානයට පිළිතුරු දුනිමි.[/FONT]
[FONT="]කවුද බන් ඒ. ටිකක් දැකල පුරුදු ඩයල් එකක් වගේ.[/FONT]
[FONT="]ගිම්හාන්ද අපේ කතාවට රුකුල් දුන්නේය.[/FONT]
[FONT="]කතාවෙන් කතාව අප පස්දෙනා ඔවුන් අසලටම ලංවිය.[/FONT]
[FONT="]ආ… මේ දුල්ෂාන් අයියනේ.[/FONT]
[FONT="]බඩියා ඉහල ස්වරයකින් කී අතර දුල්ෂාන් අයියා අප සිටි දෙසට හැරිනි.[/FONT]
[FONT="]ආ… මල්ලිලා..[/FONT]
[FONT="]දුල්ෂාන් අයිය කවද්ද ලංකාවට ආවේ.[/FONT]
[FONT="]මම ඇසුවේ දුල්ෂාන් අයියට අතට අත දෙමින්මය.[/FONT]
[FONT="]ඊයේ හවස තමා ආවේ මල්ලී….[/FONT]
[FONT="]දුල්ෂාන් යනු මට වඩා වසර හයක් පමණ වැඩිමල් අයෙක් වූ අතර ඔහු මින් වසර තුනකට පමණ පෙර දකුණු කොරියාවට රැකියාවක් කිරීම සදහා සංක්‍රමණය විය. ඒ වකවානුවේ ඔහුගේ ගමන සදහා මගේ තාත්තාගෙන් රුපියල් ලක්ෂ දෙකක ණයක් ඉල්ලාගත් අතර ඔහු විදෙස්ගතවී මාස කිහිපයකින්ම එම මුදල පොලියත් සමග ගෙවා දැමු හෙයින් ඔහුට ඉහළ වැටුපක් ලැබෙන රැකියාවක් ලැබී ඇතැයි ඒ දින වල සිටම ගමේ රාවයක් පැතිරී තිබිණි.[/FONT]
[FONT="]දුල්ෂාන් අයිය සමග සතුටු සාමීචියේ යෙදුනු කොල්ලන් සුළු මොහොතකට පසු සුපුරුදු ක්‍රීඩාවට යොමුවිය.[/FONT]
[FONT="]ක්‍රීඩා කර නිවසට යන අතරතුර දුල්ෂාන් අයියත් අප සමගම ආවේන් අප ඔහු සමග කතාවට වැටිනි.[/FONT]
[FONT="]දුලා අයියා ආයෙත් රට යනවද..???[/FONT]
[FONT="]සුදුවා එක්වරම හඩ අවදි කලේය.[/FONT]
[FONT="]පිස්සුද මල්ලී.. එහෙ ගිහින් කෝටියක් හම්බ කරනවට වඩා ලංකාවේ ඉදන් එක රුපියලක් හම්බකරන එක වටිනවා.. එහෙ ඉදන් සල්ලි නම් ලක්ෂ ගානක් හොයන්න පුළුවන් ඒත් අපි කන කට්ට දන්නේ දෙයියොම විතරයි. [/FONT]
[FONT="]දුල්ෂාන් අයියා බොහෝ දෙනෙක් නොකියන කතාවක් පැවසීය.[/FONT]
[FONT="]මම ආයේ යන්නේ නෑ බන්. මම හංදියේ තියන අපේ ඉඩමේ මොකක් හරි බිස්නස් එකක් පටන්ගන්න ඉන්නේ..[/FONT]
[FONT="]නැවතත් ඔහු පැවසීය..[/FONT]
[FONT="]කතාවෙන් කතාව අප අපේ නිවස දෙසට හැරෙනා බෝක්කුව අසලට ආහ. බෝක්කුවට යටින් ගලායන ඇල අද වෙනදාටත් වඩා පෘෂ්ඨිමත්ව ඇතැයි සිතුනද ඇත්තටම එහි ගලාගියේ වෙනදා ගලායන ජල පරිමාවම පමණි. මිතුරන්ට සමුදුන් මා නිවෙස කරා කඩිනමින් පියමැන්නේ වෙලාව රාත්‍රී හතට ආසන්නව පැවති නිසාය. [/FONT]
[FONT="]පාඩම් කිරීම සදහා පාන්දර තුනට එලාම් එක තැබුවද එලාම් එක වැදීමට පෙර මා අවදි විය. මිදුලේ ඇති වෙරළු ගසේ මල් පිපී එහි සුවද දසත ගලා ගියේය. අවට පරිසරයේ පවතින සුළගට සැලෙන වෙරළු පත් වල හඩට වඩා වෙරළු මල් වල සුවද පපුවට දැනෙයි. මට අයේශාගේ ෆොටෝ ටික නැවතත් ඇද බැලීමට සිතක් පහළ විය. මගේ පොත් රාක්කයේ පහලම පේලියේ මැදට වන්නට පිහිටි පොත් ගොන්නේ යටින්ම පිහිටි ලියා අවසන් කල රසායන විද්‍යාව පොතේ පිටකවරයට ඇතුල් පැත්තෙන් අයේශාගෙ සුන්දරත්වය අපූර්ව ලෙස සටහන් වූ ජායාරූප තුන මම සගවාගෙන සිටිමි. [/FONT]
[FONT="]ජායාරූප තුන පිළිවෙලින් පරිස්සමින් එලියට ගත් මා ඒවා එකින් එක පිරික්සන්නට වීමි. එහි එක් ජායාරූපයක් කෙරේ මගේ සිත දැඩිව ලොබ බැද තිබිණි. එහි වූයේ අයේශා එක් අතක් පපුව ආසන්නයේත් අනෙක් අත ඉහලටත් ඔසවමින් රංගන්යේ යෙදී සිටින අයුරුය. ඇගේ නුවන් යුග කැමරා කාචයටටම නාභිගතව තිබිණි. ඇගේ පිරුණු ළමැද උස්වී පෙනෙන්නට වූ අතර සිනාසෙමින් සිටින නිසා කම්මුල් වලගැසී තිබිණ..[/FONT]
[FONT="]අනේ දෙවියනි අයේශා මගේම වෙනවා නම්…. මම සිතීමි. [/FONT]
[FONT="]නොසන්සුන් සිතුවිලි ආයාසයෙන් සන්සුන් කරගත් මා සිත පොත වෙතට ඈදාගතිමි.[/FONT]
[FONT="]පැය කිහිපයක් එක දිගට පාඩම් කල මා අම්මා සාදා දුන් තේක බී පාසල් යාමට සැරසුණි.[/FONT]
[FONT="]හොදට පාඩම් වැඩ ටික කරගන්න පුතේ. අපිට වෙන මොකුත් ඕනේ නෑ.[/FONT]
[FONT="]පාසල් යාමට මත්තෙන් අම්මාට වදින විට අම්මා කීය.[/FONT]
[FONT="]අම්මාට සිනහවකින් පිළිතුරු දුන් මා පාර දෙසට පියමන් කලෙමි. [/FONT]
[FONT="]වේලාව හයයි තිහට පමණ ඇත. තාමත් වලාකුළු සිසාරා ඉර පායා නැත. පාර දෙපස ඉබේ පැලවුනු නිල් කටරොළු වැල් වල ලා නිල් පාටින් පිපිඑමින් පවතින මල් පොහොට්ටු ඇතිකලේ සොදුරු බවකි. ඒ ලා නිල් පාට මල් පොහොට්ටු නුදුරේම තද නිල් පාට මලක් වී පිපෙනු ඇත.[/FONT]
[FONT="]එකවරම පිටුපසින් පැමිණි මෝටර් රථයක් මා පසුකොට ඉදිරියට ඇදී ගොස් නැවැත්වීය.[/FONT]
[FONT="]පුතා එනවද යන්න අපිත් එක්ක.[/FONT]
[FONT="]ඒ අයේශාගේ තාත්තායි.[/FONT]
[FONT="]ආ…. හරි අන්කල් යන් මාත් එන්නම්.[/FONT]
[FONT="]එක්වරම සිදු වූ දෙය නිසා පුදුමයට පත්වූ මම දිවගොස් කාරයේ පිටුපසට ගොඩවිය..[/FONT]
[FONT="]ගුඩ් මෝර්නින් අශේන් අයියේ.[/FONT]
[FONT="]හදවතේ ගැඹුරුම තැනක් රිදුම් දෙන්නට විය…. ඒ අයේශාය….[/FONT]
[FONT="]ප්‍රාර්ථනා පියමන්[/FONT]
[FONT="] ප්‍රථම කොටස[/FONT][FONT="]
[/FONT][FONT="]දෙවන කොටස
[/FONT] [FONT="]තෙවන කොටස…..[/FONT]
වසර කිහිපයකට පෙර සිදුවූ සොදුරුතම සිද්ධි දාමයක සුන්දර මතකයන් පෙලක් අතර මා සැරිසරමින් සිටිමි. හදවත මනස පාලනය කරමින් තිබිනි. මා අයේෂාගේ ෆොටෝ කිහිපයක් ගත්තේ ඇය නර්තනයේ යෙදෙමින් සිට්න අතරවාරයේදීයි.
සිදුවූයේ මා බලාපොරොත්තු නොවූ දෙයකි..
අද එතැන් සිට....
අශේන් මල්ලී ඔයා ගාව හොද කැමරාවක් තියන්වා නේද..??? පොඩ්ඩකට ඒක දෙනවද..??? අපේ චූටි නංගිගේ පොටෝ ටිකක් ගන්න. අපේ කැමරාවේ බැටරි ඩෙඩ් උනා. [/FONT]
[FONT="]ගයේශා අක්කාගේ ඉල්ලීම මා දැඩි අපහසුතාවයකට පත් කලේය. කැමරාව දුන්නොත් අනිවාර්යයෙන්ම ගයේශා අක්කා පොටෝ ගැලරිය පරීක්ෂා කරනු ඇත. එවිට මා ලබාගත් අයේශාගේ පොටෝ ඇය දකිනු ඇත. ඉන්පසු උදාවන තත්වය බරපතල වනු නිසැකය. මා කල්පනාවේ නිමග්නව සිටියෙමි.[/FONT]
[FONT="]මල්ලී..[/FONT]
[FONT="]ගයේශා අක්කා නැවතත් කතා කරයි. මම ඇයට කියන්නට බොරුවක් කල්පනාකරමි. [/FONT]
[FONT="]අයේශලාගේ පොටෝ ගහන්න ඕන කියලා එයාලගේ පංතියේ යාළුවෝ කැමරාව අරන් ගිහින් දැන් තමා ගෙනාවේ. මම හිතන්නේ ඒක දැන් ක්‍රිශාන් ගාව ඇති.[/FONT]
[FONT="]මම කීමී.[/FONT]
[FONT="]ආ.. ලොකු නංගිගේ ගන්න නෙමෙයි. චූටි නංගිගේ ගන්න. ඊලගට තියන්නේ එයාලගේ ඉවෙන්ට් එකනේ. අනික තාත්තා පල්ලෙහා ඉදන් ගන්නම් කීවා…[/FONT]
[FONT="]තාත්තා…..[/FONT]
[FONT="]මට එකවරම ඉහල ස්වරයකින් කියවිණි. කල හැකිදෙයක් කල්පනා නොවෙයි. එමෙන්ම ඊලග ඉවෙන්ට් එක නිවේදනය කල යුතුවද ඇත. කල හැකි වන්නේ අමාරුවෙන් ගත් පොටෝ ටික මකාදැමීම පමණි.[/FONT]
[FONT="]ආ හරි අක්කේ. ඒකේ මෙමරි ෆුල් වෙලා කියල ක්‍රිශාන් කීවා. ඉන්න මන් ඕන් නැති ටිකක් මකලා ගෙනත් දෙන්නම්. [/FONT]
[FONT="]නෑ නෑ චිප් එක ඕන නෑ මල්ලී අපේ චිප් එක දාගන්නම්.[/FONT]
[FONT="]යන්තම් වැඩේ ගොඩින් බේරිනි.[/FONT]
[FONT="]**********[/FONT]

Last edited: