මේ දරුවා දකින වාරයක් ගානෙ දැනෙන්නෙ වරදකාරී හැඟීමක් !
පුරවැසියන් විදිහට බදු ගෙවලා, ඡන්දෙ දාලා අපි මොකක්ද කරගෙන තියෙන්නෙ.
ලෝක මට්ටමේ සහජ දක්ෂතාවක් තියන අවුරුදු 18 ක දරුවෙක්‍ට තමන්ගේ මල්ලවපොර පුහුණුවීම් වලට මෙට්ටයක් දෙන්න අපොහොසත් වෙච්ච ජාතියක් අපි. ඒ දරුවට ඕන කරන පෝෂණය සහිත බත් පිඟානක්, සපත්තු කුට්ටමක් දෙන්න අපොහොසත් වෙච්ච රටක් අපි.
ඒ වෙනුවට අපි කොහෙවත් ඉන්න 1/4කන්නි අpaතයන්ගෙ පරම්පරාවල හැම එකාටම අපේ බදුසල්ලිවලින් පිංබත් ගිල්ලෙව්වා. උන්ට රොකට් යවන්න, ලෝක සවාරි ගිහින් සැප ගන්න කැඹුරුවා. ඒ එකෙක්ට උදේ නැගිටිද්දි ඔලු හතරෙ හිපපොටේමස් කෙනෙක් ඕන වුණොත් ඒකට බිලියන ගාණක් විනාස කරද්දි බේබිලගෙ පිනනෙ කියලා බඩ උලන් හිටියා.
එහෙම රටක දරුවෙකුයි, වෘත්තීයමය සුදුසුකම් නැති කෝච් කෙනෙකුයි තනියම තමන්ට ඕන දේවල් හොයාගෙන තනියම පුහුණුවෙලා ලෝකෙ හොඳම පහසුකම් එක්ක පුහුණුවෙච්ච ක්‍රීඩකයන්ව උස්සලා ලෝකෙම ඉස්සරහා බිම දාලා පදක්කමක් ගන්නකොට අපි කොහොමද ආඩම්බර වෙන්නෙ. ඇත්තටම අපි ලැජ්ජ වෙන්න ඕනෙ නේද මේ දරුවගෙ මූණවත් බලන්න.?
ඒ දරුවට ලැබිය යුතු හැමදේම නොදී අහුරලා ඒ කෙල්ල දින්නට පස්සෙ කවි ලියන්නෙ කොහොමද අපි !
තව මේ වගේ දරුවො කී දෙනෙක් මේ රටේ ඇද්ද ?
උන් ඉද්දි අපි ඒ දරුවන්‍ට වියදම් කරන්න තියන සල්ලිවලින් 1/4 කන්නි කී දෙනෙක්ට දැනුත් පිංබත් ගිල්ලනවා ඇද්ද ?
ඒ කෙල්ල මල්ලවපොර පිට්ටනියෙදි උස්සලා බිම දැම්මෙ ලෝක ශූරියක්ව නෙමෙයි. අපිව !
පුතේ සමාවෙයන් !
Copied from ✍ චමල් අකලංක පොල්වත්තගේ