This hurts a lot

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    FB-IMG-1659863630838.jpg



    මේ දරුවා දකින වාරයක් ගානෙ දැනෙන්නෙ වරදකාරී හැඟීමක් !

    පුරවැසියන් විදිහට බදු ගෙවලා, ඡන්දෙ දාලා අපි මොකක්ද කරගෙන තියෙන්නෙ.

    ලෝක මට්ටමේ සහජ දක්ෂතාවක් තියන අවුරුදු 18 ක දරුවෙක්‍ට තමන්ගේ මල්ලවපොර පුහුණුවීම් වලට මෙට්ටයක් දෙන්න අපොහොසත් වෙච්ච ජාතියක් අපි. ඒ දරුවට ඕන කරන පෝෂණය සහිත බත් පිඟානක්, සපත්තු කුට්ටමක් දෙන්න අපොහොසත් වෙච්ච රටක් අපි.

    ඒ වෙනුවට අපි කොහෙවත් ඉන්න 1/4කන්නි අpaතයන්ගෙ පරම්පරාවල හැම එකාටම අපේ බදුසල්ලිවලින් පිංබත් ගිල්ලෙව්වා. උන්ට රොකට් යවන්න, ලෝක සවාරි ගිහින් සැප ගන්න කැඹුරුවා. ඒ එකෙක්ට උදේ නැගිටිද්දි ඔලු හතරෙ හිපපොටේමස් කෙනෙක් ඕන වුණොත් ඒකට බිලියන ගාණක් විනාස කරද්දි බේබිලගෙ පිනනෙ කියලා බඩ උලන් හිටියා.

    එහෙම රටක දරුවෙකුයි, වෘත්තීයමය සුදුසුකම් නැති කෝච් කෙනෙකුයි තනියම තමන්ට ඕන දේවල් හොයාගෙන තනියම පුහුණුවෙලා ලෝකෙ හොඳම පහසුකම් එක්ක පුහුණුවෙච්ච ක්‍රීඩකයන්ව උස්සලා ලෝකෙම ඉස්සරහා බිම දාලා පදක්කමක් ගන්නකොට අපි කොහොමද ආඩම්බර වෙන්නෙ. ඇත්තටම අපි ලැජ්ජ වෙන්න ඕනෙ නේද මේ දරුවගෙ මූණවත් බලන්න.?
    ඒ දරුවට ලැබිය යුතු හැමදේම නොදී අහුරලා ඒ කෙල්ල දින්නට පස්සෙ කවි ලියන්නෙ කොහොමද අපි !

    තව මේ වගේ දරුවො කී දෙනෙක් මේ රටේ ඇද්ද ?

    උන් ඉද්දි අපි ඒ දරුවන්‍ට වියදම් කරන්න තියන සල්ලිවලින් 1/4 කන්නි කී දෙනෙක්ට දැනුත් පිංබත් ගිල්ලනවා ඇද්ද ?

    ඒ කෙල්ල මල්ලවපොර පිට්ටනියෙදි උස්සලා බිම දැම්මෙ ලෝක ශූරියක්ව නෙමෙයි. අපිව !

    පුතේ සමාවෙයන් !

    Copied from ✍ චමල් අකලංක පොල්වත්තගේ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒ වෙනුවට අපි කොහෙවත් ඉන්න 1/4කන්නි අpaතයන්ගෙ පරම්පරාවල හැම එකාටම අපේ බදුසල්ලිවලින් පිංබත් ගිල්ලෙව්වා. උන්ට රොකට් යවන්න, ලෝක සවාරි ගිහින් සැප ගන්න කැඹුරුවා. ඒ එකෙක්ට උදේ නැගිටිද්දි ඔලු හතරෙ හිපපොටේමස් කෙනෙක් ඕන වුණොත් ඒකට බිලියන ගාණක් විනාස කරද්දි බේබිලගෙ පිනනෙ කියලා බඩ උලන් හිටියා.
    ඕක නෙමෙයි හේතුව මං හිතන විදියට
    ලකේ පංකාවේ priority එක දෙන්නේ ක්‍රිකට් වලට ඉස්කොලේ ඉදලම
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,984
    19,417
    113
    Miami
    ඕක නෙමෙයි හේතුව මං හිතන විදියට
    ලකේ පංකාවේ priority එක දෙන්නේ ක්‍රිකට් වලට ඉස්කොලේ ඉදලම
    අන්න ඒකයි. උන් රට ගිහින් කුඩු ගහලා බඩු ගහලා සැප අරන් 0ට අවුට් වෙලා එනවා. ඒත් උන්ටයි සලකන්නෙ. වෙන ක්‍රීඩා එකකටවත් සපෝට් එක නෑ.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    Lankawe inne pisso ban.sihiyak tiyena ekektanan meke inna be.
    Sirawata ow

    ඕක නෙමෙයි හේතුව මං හිතන විදියට
    ලකේ පංකාවේ priority එක දෙන්නේ ක්‍රිකට් වලට ඉස්කොලේ ඉදලම
    True
    ------ Post added on Aug 7, 2022 at 4:21 PM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඒක නම් ඇත්ත.දැන් බලන්න Aus වලයි ලංකාවෙයි ජනගහනය සමානයි, හොරකන් කරන එක නවත්තලා ක්‍රීඩාව ට පොඩි අවදානයක් දුන්නත් commonwealth games වලින් අඩුම රන් පදක්කම් 5-10 ගන්න තිබ්බ. අවශ්‍ය සල්ලිම නෙමෙයි, හරි වැඩපිලි වේලක්.
     

    Sen-lu

    Well-known member
  • මලල ක්‍රීඩා සංගම් වලට ඔලිම්පික් එකෙනුත් සල්ලි ලැබෙනව. ඕවගෙ ඉන්න කාක්කො ඒව ගිලල ඉන්නව මිසක් වෙන වැඩක් කරන්නෙනෑ. මිනිස්සුන්ගෙ Core value එක හොරා කන එකයි, නමට රස්සාව කරන එකයි, දොලපිදේනි දෙන එකයි උනාම ඕක තමා වෙන්නෙ. දැන්ම ඉඳන් හරියට education system එක වෙනස් කරොත් 2100දි විතර ඕව හදාගන්න පුළුවන් වෙයි.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    ඒක නම් ඇත්ත.දැන් බලන්න Aus වලයි ලංකාවෙයි ජනගහනය සමානයි, හොරකන් කරන එක නවත්තලා ක්‍රීඩාව ට පොඩි අවදානයක් දුන්නත් commonwealth games වලින් අඩුම රන් පදක්කම් 5-10 ගන්න තිබ්බ. අවශ්‍ය සල්ලිම නෙමෙයි, හරි වැඩපිලි වේලක්.
    Cricket walata mul thana deela wadi ape rate @avjayarathne uda kiwwa wage. Podi hari mudalak denawanam wena ewata ekenuth gasaa kanawa

    We could talk for another kalpa but sl will be like this forever
    True. Never
    ------ Post added on Aug 7, 2022 at 4:38 PM

    මලල ක්‍රීඩා සංගම් වලට ඔලිම්පික් එකෙනුත් සල්ලි ලැබෙනව. ඕවගෙ ඉන්න කාක්කො ඒව ගිලල ඉන්නව මිසක් වෙන වැඩක් කරන්නෙනෑ. මිනිස්සුන්ගෙ Core value එක හොරා කන එකයි, නමට රස්සාව කරන එකයි, දොලපිදේනි දෙන එකයි උනාම ඕක තමා වෙන්නෙ. දැන්ම ඉඳන් හරියට education system එක වෙනස් කරොත් 2100දි විතර ඕව හදාගන්න පුළුවන් වෙයි.
    2100 th be ban. Me rate gam kabarayonge attitudes ekka.
    ------ Post added on Aug 7, 2022 at 4:38 PM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    ඔය සංගම් වල ඉන්න උන්ගෙන් උඩ ඉඳලම තියෙන්නෙ හොරකමයි වංචාවයි. ඒ කාලකන්නි ඉන්නකන් මොනව කොහොම කලත් වැඩක් නෑ. ඔක්කොටම කලින් උන්ව එලෝල දාල ඕන ක්‍රීඩාව දියුණු කරන්න.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ඕක නෙමෙයි හේතුව මං හිතන විදියට
    ලකේ පංකාවේ priority එක දෙන්නේ ක්‍රිකට් වලට ඉස්කොලේ ඉදලම
    ඔව් මචන් එක ඇත්ත. අනිත් කිසි ක්‍රීඩාවකට මුන් හරියට සලකන්නේ නැ. පදක්කමක් ගහල ආවත් කිසිම සැලකීමක් නැ..