Thor: Ragnarok - Trailer Breakdown

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    29befr8.jpg






    Thor: Ragnarok, නොහොත් නෝර්ස් පුරාවෘතයට අනුව ඔවුන්ගේ ලෝකාවසානය මේ අවුරුද්දේ තුන්වෙනි මාවල් චිත්‍රපටය වගේම MCU Phase 3හි පස්වන චිත්‍රපටය ලෙසට එළිදැක්වීමට නියමිත මේක අයන් මෑන්, කැප්ටන් ඇමරිකා චිත්‍රපට ත්‍රිත්වය මෙන් තෝර්ගෙ චිත්‍රපට ත්රිත්වයද සම්පුර්ණ කිරීමක්. මාවල් ලා ඉතා අවදානම් චිත්‍රපටි පවා ඉතාමත් සිත් ගන්නා සුළු අයුරින් කරලා බොක්ස් ඔෆිස් හිට්, ඉහළ රේටිංස් මෙන්ම හැමෝගෙම අවධානය සහ කැමැත්ත දිනාගන්න චිත්‍රපටි බවට හරවන්න මාවල් ලා දක්වන්නේ සහජ දක්ෂතාවයක්. නමුත් බොක්ස් ඔෆිස් තලයේ හොඳ මට්ටමක පැවතියත් තෝර්ගෙ මුල් චිත්‍රපට, විශේෂයෙන් Thor: the Dark World MCU හි අනෙක් චිත්‍රපට හා සාපේක්ෂව එතරම් ප්‍රසාදයක් දිනා ගත්තේ නැහැ. නමුත් Thor: Ragnarok චිත්‍රපටය මඟින් බොක්ස් ඔෆිස් මෙන්ම රසිකයන්ගේ ප්‍රසාදය ද ඉහළින්ම දිනාගනු ඇති බවට දැනටමත් සලකුණු පහළ වෙලා තියෙන්නේ. ඒ මොකද කියනවනම් ට්‍රේලරයම ඉහළ ප්‍රතිචාර ලබාගෙන දනටමත් මෙම වසරේ Highly Anticipated චිත්‍රපටයක් බවට මෙය පත් වී අවසන් නිසා. ඒ වගේම මේ ට්‍රේලරයෙන් රසික බලාපොරොත්තු රැසක් සංසිදෙව්වා වගේම ඉහළ නැංවුවා කියල කියන්න පුළුවන්. Guardians of the Galaxy අධ්‍යක්ෂක James Gunn පවා කිවේ මෙය මාවල් ලා මෙතෙක් නිකුත් කරපු හොඳම ට්‍රේලරයද වෙන්න පුළුවන් කියලා. ඒකත් තමන්ගේ GoTGvol2 වගේම Spider-Man:Homecoming වගේ ට්‍රේලර් පවා නිකුත් වෙලා තිබ්යෙද්දී. එහෙනං අපි පටන් ගමු Let's Break it down !!!



    ygpke4lx27tksuxpjyjs.gif


    “Now, I know what you’re thinking. ‘How did this happen?’ Well, it’s a long story.” කොමික්බුක් මූවි ට්‍රේලරයක් මේ විදිහට පටන්ගනිද්දීම හිතෙන්න ඇති what the hell කියලා. අන්න ඒක තමයි Taika Waititi කියන අපේ Thor: Ragnarok ඩිරෙක්ටර්ගෙ ස්ටයිල් එක. Waititi ගැන දළ අදහසක් ගන්න නම් මම නිර්දේශ කරනවා පොරගේ What we do in the shadows ෆිල්ම් එක බලන්න කියලා.


    17991851_1962009934027963_1050455238949286224_n.jpg

    තෝර් පටන් ගනිද්දිම මේ ඉන්නේ Helheim එහෙම නැත්තම් අපායේද ? හැබැයි ගින්දරයි ඩීමන්ස්ලා වගේ ඉන්න ජීවි හෝ අජීවී කොට්ඨාසය දිහා බලද්දී නම් අපිට තව Realm එකක් මතක් වෙනවා. ඒ තමයි Fire Lord Surtur ඇතුළු Fire Demonsලා ඉන්න Muspelheim එක. Muspelheim අපිට මොහොතකට වගේ දකින්න ලැබෙනවා Thor the Dark World එකේ Realms අතර Convergence එකේදී.​


    17992270_1962010960694527_8026893209621945161_n.jpg

    රැග්නරොක් ෆිල්ම් එක සම්බන්ධ පෝස්ටර්, ෆස්ට් ලුක්, සෙට් ෆොටෝස් හැම කිසිම එකක දකින්න ලැබුණු නැති අපේ තෝර් ගෙ නිදැල්ලේ කඩා හැලෙන ක්ලැසික් කොන්ඩේ මෙතැනදී දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මේක Age of Ultron සහ Doctor Strange පොස්ට් ක්‍රෙඩිට් සීන් එකෙන් ගොඩක් කාලෙකට පස්සේ නෙවෙයි. Unlesss it is a Flashback !


    ktzgfedasusytqgz6j6i.gif

    Norse Goddess of Death, මොඩර්න් කොස්ටියුම් එකක් දාගෙන ෂොපින් යන දර්ශනයක් කියලා නම් හිතන්න එපා. මේ Helheim වලින් පනින දර්ශනය වෙන්න ඕනි. හැබැයි ට්‍රේලර් එකකම ප්‍රධාන චරිතය දම්වැල් වලින් ගැටගහල තියෙද්දී ඊළඟ දර්ශනයෙන් ප්‍රධාන හතුරා ලස්සනට ඇවිදන් එන එක නම් මරු.


    17992305_1962012004027756_3789164670477648236_n.jpg

    කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටීම ? මේකත් ට්‍රේලරේ හොඳම හරියවල්වලින් එකක්. ගොඩක් දුරට මේ නිව් යෝක් නගරයේ කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. කොයිතරම් බලසම්පන්න ප්‍රතිවාදීන් ම්යෝල්නියර් එකෙන් තෝර් මෙල්ල කරලා තිබ්බත් නෝර්ස් මරණයේ දෙවඟන, Hela මෙල්ල කරන්න ගිහින් Mjolnir විශාල අකුණු විසර්ජනයක් එක්ක කුඩු වෙලා යනවා අපිට දකින්න ලැබෙනවා. ඒක නම් තරමක් දුක හිතෙන දර්ශනයක්. අයන් මෑන් 3 එකේ Tony Sark තමන්ගේ ආමර් පුපුරවා හැරලා arc reactor එක මුහුදට විසි කරනවා. Captain America 3 එකේදී අන්තිම සටනෙන් පස්සෙ කැප්ටන් තමන්ගේ shield එක දාලා යනවා. මෙතනදී Mjolnir එක අවසන් ගමන් යනවා. මම පුද්ගලිකව හිතුවේ මේ ෆිල්ම් එකේදී Mjolnir එක වෙනත් මානයක හිර වෙනවා ඇති කියලා, ඒත් මේක නම් කොහොමටවත් බලාපොරොත්තු නොවූවක්. ඒ නිසාම තමයි මේක සුපිරිම දසුනක් වෙන්නෙ. මෙතනදී අපි Hela ගැන කතා කරොත් හේලා නම් ගොඩක්ම පවර්ෆුල්. rumors වලට අනුව නම් මේ දර්ශනයේදී Thor එක්ක තව කෙනෙක් ඉන්නවා ඒ Doctor Strange වෙන්න පුළුවන් කියලයි කියන්නේ



    fbrd1jrbd1xde0ixdqeu.gif


    තමන් වෙත එන Mjolnir එක තනි අතින් නවත්තලා පෙන්නන facial reaction එක නම් priceless ! මේ ට්‍රේලරේදී Hela ව මුලින්ම පෙන්නද්දී පේන ඇඳුමම තමයි ගොඩක් දුරට මෙතනත් තියෙන්නෙ. මේ ඇඳුමේ වර්ණ සංකලනය ගත්තොත් මේකට සමාන තවත් කෙනෙක් ඉන්නවා ඒ තමයි අපේ Loki. කොමික් වලදී නම් Hela කියන්නේ Lokiගේ දුව වුනාට MCU එකේදීත් එහෙමම වෙයිද කියලා කියන්න බෑ. සමහර වෙලාවට මේක කොමික් reference එකක් විතරක්ම වෙන්නත් පුළුවන්. Cate Blanchett, අපි කවුරුත් දන්නා Lord of the Rings වල Lady Galadriel, Hela කියන චරිතය රඟපාන්න ගත්තෙ එයාගේ පුතාලගේ ඉල්ලීමටලු. දැන් නම් හිතෙනවා ඒක නම් ගොඩක් වටින තීරණයක් කියලා. Cate කියන්නේ හොඳම නිළිය සහ හොඳම සහයක නිළිය සඳහා ඔස්කාර් සම්මානම දෙකක් සහ තවත් නානාප්‍රකාර සම්මාන දිනාගත්තු අති දක්ෂ නිළියක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.


    17990687_1962012204027736_4221572356268631531_n.jpg

    Hela මෙච්චර පවර්ෆුල් වුණේ කොහොමද ? Hela ස්වභාවයෙන්ම බලගතු වුනාට ඇස්ගාඩ් වල බලගතුම ආයුධයක් පවා විනාශ කරන්න තරම් බලයක් තියෙන එක ගැන නම් සැකයක් හිතෙනවා සමහර වෙලාවට Hela සතුව දැනටමත් තවම එළිදරව් නොවූ Soul Gem එක නම් Infinity Stone එක තිබෙනවා වෙන්න පුළුවන්. එතකොට Heimdall ළඟ නෙවෙයිද එක තිබුනේ ? එහෙම තිබ්බනම් ඒක Hela අරගත්තේ කොහොමද ? ප්‍රශ්න නම් සැහෙන්න තියෙනවා.​


    17991268_1962013010694322_7067745381581505391_n.jpg

    Mjolnir එකේ කෑලි අතරින් මතු වෙන ලෝගෝ එක දකිද්දී නම් හම්මේ නේ. Phase 3 වලදී ට්‍රේලර්ස්වල මාවල් ලෝගෝ එක රෝල් වෙන විදිහ ඊට කලින් ආපු ට්‍රේලර් එක්ක බලද්දී ගොඩක් "අමුතුයි"..​


    nqlh3ft0i20xaxrdvva7.gif


    කලින් ආපු බහුතරයක් මාවල් ෆිල්ම්වලට වැඩිය මේ විනාඩි දෙකේ ට්‍රේලරෙයෙන්ම උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා මාවල් විශ්වය පැන්සලෙන් නිර්මාණය කරපු Jack Kirby ට. මේ දර්ශනය ඊට කදිම නිදසුනක්. Hela මාවල් චරිතයක් විදිහය Stan Lee ලියද්දි එයාව ඇන්දේ Jack Kirby.අනිත් එක තමයි Hela හැරෙන කොට යන පසුබිමින් යන සින්දුව. මේ ගැන නම් විශේෂයෙන් සඳහන් කරන්න වටිනවා. මේක ඇවිත් Led Zeppelin නම් රොක් බෑන්ඩ් එක විසින් කරපු 1970වෙ හිට් වුණ සින්දුවක්. අහලා නැත්තම් අනිවාර්යෙන් අහලා බලන්න. ට්‍රේලරය පුරවටම දිවෙන මේ සින්දුව මේ වෙනකන් ගොඩක් ෆිල්ම් වල භාවිතා වුනාට මේ වගේ ෆිල්ම් එකකට තමයි ගොඩක්ම ගැලපෙන්නේ. මොකද මේ සින්දුවෙන් කියන්නෙත් වයිකිං සහ නොර්ස් දෙවිවරු ගැන. ඒ වගේම මේ සින්දුව ට්‍රේලරයේ හැම දර්ශනයක් එක්කම නියමෙට Sync වෙනවා.


    18010328_1962013627360927_1425939818091890981_n.jpg


    මීළඟට අපිට දකින්න ලැබෙනවා අපිට කන්සෙප්ට් ආර්ට් වල දකින්න ලැබුනා වගේම දසුනක්. ඇස්ගාඩියන් වොරියර්ස්ලා Hela ඉදිරිපිට පෙළ ගැහිලා ඉන්නවා. Hela කොහොමද ඇස්ගාඩ් වලට ආවේ ? කෝ Hela ගෙ Headdress එක ? කෝ Heimdall ? හැබැයි මේ දසුන ස්ටිල් එකක් විදිහට ගත්තනම් ලස්සනට ගහපු එකක්. මේ ට්‍රේලරේ තියෙන තවත් විශේෂත්වයක් වෙන්නෙ ඒක. මොකද මේවගේ ඒවා ට්‍රේලරේ පුරාවටම වගේ දකින්න ලැබෙනවා.​


    17991175_1962013707360919_4606067993625411042_n.jpg


    "Asgard... is dead" කියලා Hela කීවත් ඇස්ගාඩ් කියන වචනය අපිට එකට අහන්න ලැබෙන්නේ නෑ. එනිසා සමහර වෙලාවට මේක මික්ස් කරපු දෙබසක් කියලා හිතන්න පුළුවන්. මෙතනදී Helaගේ පෙනුම ගත්තම කලින් පෙන්නපු ඒවට වඩා ටිකක් අළුත්. ඒ කියන්නේ කඩමලු ඇඳුම වෙනුවට හොඳ ඇඳුමක්, වෙනස් කොණ්ඩා මෝස්තරයක්, ඒ වගේම වෙනස් මේකප් එකක් ? ඒ කියන්නේ මේක සාපේක්ෂව වෙනස් කාලයක් කියන එක. ගොඩක් වෙලාවට අතීතේ වෙන්නත් පුළුවන්. මොකද අන්තිමට ඇස්ගාඩ් වල තත්වේ හැටියට තිබ්බේ Odin පහ කරලා Loki ඇස්ගාඩ් පාලනය කරනවා. පස්සේ කොහොම හරි Thor Loki දෙන්නම මිඩ්ගාඩ් ඒ කියන්නේ පෘථිවියට ඇවිත් තාත්තා හොයන්න එනවා.

    කොමික් වලදී Hela අතේ තියෙනවා Thor ගෙ Mjolnir එක වගේම Uru ලෝහයෙන් නිර්මිත කඩුවක්. මෙතැනදී පෙන්නනෙත් ඒකම වෙන්නත් පුළුවන්.​


    Screenshot_2.png


    z0kriaq9dmhgqvgp3wfe.gif


    ඇස්ගාඩ් කියලා හිතන්න පුළුවන් නගරයක් කහ පැහැති ගින්නකින්, හරියටම කියනවනම් මාරුතයකින් දැවිලා අළු වෙලා යන දර්ශනයක් දකින්න ලැබෙනවා. ඒත් ඇයි කහ පාට ? මෙතැනදී අපි අමතක කරන්න නරකයි Soul Gem එකේ පාටත් කහ පාට කියලා. හැබැයි කොමික් වල. ඒ වගේම අපිට Yggdrasil එනම් නොර්ස් පුරාවෘත වල World Tree වගේ විශේෂ වෘක්ෂයක් අළු වෙලා යනවා දකින්න ලැබෙනවා. සමහර විට මේකත් ඒ ගස සඳහා හුදෙක් reference එකක් විතරක් වෙන්නත් පුළුවන්. ඊළඟට Thor ඒවගේම කුණාටුවක් වගේ එකකට අහුවෙලා ඉන්නවා. මේ Sakaar වලට විවෘත වෙන පෝර්ටල් එකක් වෙන්නත් පුළුවන්. මොකක්ද මේ Skaar ?


    18010492_1962013994027557_6881515063707098055_n.jpg


    තෝර් වැටෙනවා පෝර්ටල් එකක් හරහා යම් කිසි ග්‍රහලෝකයකට. පේන විදියට මේ ලෝකේට විවෘත වෙන පෝර්ටල් ගොඩක්ම තියෙනවා. වාර්තා වල හැටියට මේ ග්‍රහලෝකය තමයි Sakaar. Planet Hulk කොමික් එකේදී Hulkව පෘථිවියෙන් පිටුවහල් කරාට පස්සේ Hulk පතිත වෙන්නෙ මේ ලෝකෙට. මේ ෆිල්ම් Thor: Ragnarok කිව්වට මේක හල්ක්ගෙත් fair share එකක් තියෙනවා. මෙතනදී දකින්න ලැබෙන පරිසරය, ජීවින් හරියටම Guardians fo the Galaxy සහ Star Wars වල Tatooine ග්‍රහලෝකේ දර්ශන වලට තරමක් සමානයි.​


    17952936_1962014067360883_4181438140220251801_n.jpg


    Kevin Feige කියලා තිබ්බා Phase 3 වලදී කාන්තා චරිතවලට වැඩි ඉඩකඩක් දෙනවා කියලා. මේ ට්‍රේලරයෙනුත් ඒක පැහැදිලිවම පෙන්නවා. මුලදී ට්‍රේලරේ වැඩි හරියක් පෙන්නුවේ Hela ව. දැන් අපිට හඳුන්වලා දෙනවා තවත් සුපිරි කාන්තා චරිතයක් වන Valkyrie ව. Valkyrieටත් Thor හා සමාන දර්ශන ප්‍රමාණයක් මේ ට්‍රේලරේ තියෙනවා. මෙතැනදී Valkyrie ඉස්සරහින් තියෙන යානාවන් දිහා බැලුවම පේනවා අමුතු ජ්‍යාමිතික හැඩතල වගයක්. අන්න ඒක තමයි ජැක් කර්බිගේ ආවේණික ආට් එක. Mjolnir එකත් නැති Thor ව මාළු දැලක් වගේ එකක ඔතලා Valkyrie මේ කොහෙද ගෙනියන්නෙ ?​


    xxwz7u50lphey1whzkjo.gif



    මෙතැනදී තත්පර 3ක් වගේ කාලයක් ඇතුලත පෙන්නන්නෙ Valkyrieගේ ඉතිහාස කතාව. මේ Valkyrieගේ ඇත්ත නම Brunnhilde. මෙයත් ඇස්ගාඩියන් රණශුරියක්. මෙතැනදී පෙන්නන්නෙ Valkyrie Odinගේ අණ මත එයා මෙහෙයවන Valkyrior නම් රණශුර දේවතාවන් කණ්ඩායමක් සමඟ Valhalla දිනා ගැනීම සඳහා Hela එක්ක සටනට යන අවස්ථාව වෙන්න ඕනේ. Valkyrie Sakaar වලට එන්නෙ මේ සිද්ධියෙන් පස්සේ වෙන්න ඕනෙ.


    ftzeutxgitptyjqeimzl.gif


    Valkyrie Thor ව ඇදන් ගියේ හිර කරන්න. ඒ ඇයි ? මෙතැනදී දකින්න ලැබෙන තවත් විශේෂ දෙයක් තමයි එක්තරා ජීවියෙක් අතේ තියෙන ට්‍රයිඩන්ට් එක. ඒ කියන්නේ Namor the Submariner ඉන්නවා කියන එකද ? සහතිකවම කියන්න නම් අමාරුයි. ඒත් මාවල් ලා ලයන්ස්ගේට් ස්ටුඩියෝස් වලින් නේමෝර්ගෙ චිත්‍රපට හිමිකම් ළඟකදී අත්පත් කරගත්තා කියලත් අමතක කරන්න බෑ.


    17992010_1962014424027514_2608061221189250979_n.jpg


    කලින් රූපරාමුවේදී අපි දැක්කා Thorගේ දිග කොන්ඩේ කොට වෙන්න හේතුව. ඒ වගේම දැන් අපි දකිනවා කොහොමද Thorගේ මූණේ tatoo එකක් තියෙන්නේ කියලා. Valkyrieගේ අතේ තියෙන්නෙ තීන්ත බාල්දියක් !


    17991949_1962014574027499_2051784507474799891_n.jpg



    අපිට නිල වශයෙන්ම දකින්න ලැබෙනවා Jeff Goldblumගෙ Grandmaster චරිතය. පේන විදියට මෙයා තමයි Sakaar පාලනය කරන්නෙ. සුපර්හිරෝස්ලගේ ද්වන්ධ සටන් පවත්වන්නෙක් හැටියට මෙයා ගොඩක් ප්‍රසිද්ධයි. Planet Hulk කොමික් වලදී Sakaar පාලනය කරන්නෙ Red King කියලා අධිරාජ්‍යවාදියෙක්. මේ ෆිල්ම් එකේදී නම් එයාගේ තැන ගන්නෙ Grandmaster වගේ. ඒ කියන්නෙ මේකට ප්‍රධාන වෙන්නෙ Thor: Ragnarok කොමික් එක විතරක්ම නෙවෙයි, Planet Hulk, Grandmasterත් ඉන්න නිසා ගොඩක් වෙලාවට Contest of Champions වගේ comicsත් එකතු කරලයි කරලා තියෙන්නෙ. Grandmaster ගැන කියනවනම් මෙයා මාවල් විශ්වයේ ඉන්න එල්ඩර් කෙනෙක්. හරියටම Guardians of the Galaxy එකේදී අපිට හමු වුණු Collector වගේ. Collector හා Grandmaster සහෝදරයෝ වෙනවා කියලත් කොමික් වලට වැඩිය Ultimate Spiderman, Guardians of the Galaxy වගේ animated සීරිස් වල සඳහන් වෙලා තියෙනවා. ෆිල්ම් එකේදීත් එහෙම වෙන්න ගොඩක් අවස්ථාව තියෙනවා. කොමික්වලදී එල්ඩර්ස්ලගෙනුත් බලගතුම එල්ඩර් කෙනෙක් වෙන මෙයා තමයි JLA/Avengers ක්‍රොස් ඕවර් එකේදී Krona කියන DC සුපර්විලන් ට එරෙහිව ජස්ටිස් ලීග් එකයි ඇවෙන්ජර්ස්ලවයි සංවිධානය කරන්නෙත්.



    18010093_1962016270693996_3506919110775885692_n.jpg



    “What have you brought today, tell me?” කියලා ග්‍රෑන්ඩ්මාස්ටර් අහද්දී Valkyrie උත්තර දෙන්නෙ “A contender.” කියලා. ඒ කියන්නෙ Valkyrie දැන් වැඩ කරන්නෙ ග්‍රෑන්ඩ්මාස්ටර් වෙනුවෙන්. එහෙම නැත්තම් Bounty Huntress කෙනෙක්. Midgard වල තමන්ගේ යාළුවො සිවිල් යුද්ධයකටත් මුහුණ දෙද්දී තෝර් ට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ සෑහෙන බරපතල ප්‍රශ්න වැලකට. තෝර් ට ඇයි Valkyrie contender එහෙම නැත්තම් තරඟකරුවෙක් කියන්නෙ ? කෝ Loki, කෝ Allfather Odin ? ම්යෝල්නියර් නැතුව Thor ට මොනවා වෙයිද ?


    18194860_1969669149928708_8564765757773896304_n.jpg


    තෝර් රැග්නරොක් එකේදී හයිම්ඩාල් ගෙ ෆස්ට් ලූක් එක අපිට දකින්න ලැබෙනවා. හැබැයි කලින් තෝර් චිත්‍රපටි වල වගේ සුපුරුදු ලෝහමය සන්නාහ එක්ක නම් නෙවෙයි. පේන විදියට හයිම්ඩාල් හේලා ගෙන් බේරිලා, ඒත් තාම හේලා ගෙ සොල්දාදුවෝ හයිම්ඩාල්ව පන්නනවා වගේ. ලෝගුවෙන් කියන්න පුළුවන් හයිම්ඩාල් ඇස්ගාඩ් වලින් පිටවෙලා ගොඩක් කාලයක් ගත කරලා කියලා. සන්නාහ අතහැරියට කඩුව නම් අතෑරලා නෑ. මේ තියෙන්නේ Head කියලා හඳුන්වන හයිම්ඩාල් Realmවල දොරටු විවර කරන ඒ සුපුරුදු කඩුවම තමා.​


    btsfdeeatdxfjo4yihbv.gif


    අහසේ පේන එක්තරා පෝර්ටල් එකක් කරා ඇදී යන මේ යානය කාගේද ? කැප්ටන් මාවල් ? වර්ණ සංකලනය දිහා දැක්කම මෙහෙම හිතෙන්න ඇති එත් මේ කැප්ටන් මාවල්ගෙ යානය නම් නෙවෙයි. ගොඩක් වෙලාවට ග්‍රෑන්ඩ්මාස්ටර්ගෙ යානය වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒත් ඒ ඇතුලේ ඉන්නේ ග්රෑන්ඩ්මාස්ටර්ද නැත්තන් යානය හයිජැක් කරගෙන පලා යන සුපුරුදු පිරිසක්ද කියල නම් කියන්න අමාරුයි.


    18222250_1969669796595310_9072589257020806297_n.jpg


    හේලා වගේම ෆිල්ම් එකකින් පළවෙනියට දකින්න ලැබෙන තවත් කොමික්ස් වල ඉන්න ප්‍රසිද්ධ චරිතයක් තමයි මේ. Skurge: the Excecutioner කියලයි හඳුන්වන්නෙ. මෙයා Amora: the Enchantress යටතේ තමයි කොමික් වල වැඩ කරන්නෙ. මේ ෆිල්ම් එකේදී එන්චාන්ට්‍රස් නැති නිසා ස්කර්ජ් කොහොම වෙයිද කියල කියන්න අමාරුයි. ගොඩක් වෙලාවට මෙයා මෙතනදී ඉන්නෙ හේලා හරි ග්‍රෑන්ඩ්මාස්ටර් හරි යටතේ වෙන්න ඕනේ. ඇස්ගාඩියන් සහ ෆ්රෝස්ට් ජයන්ට් දෙපලකට දාව ඉපදුනු ස්කර්ජ්, ඇස්ගාඩියන් කෙනෙකුටත් වඩා කාය ශක්තියක් තියෙන කෙනෙක්. මෙයාගේ ප්‍රධාන ආයුධය වෙන්නෙ ද්විත්ව තල පොරොවක්. අපිට මෙතනදී ඒක වෙනුවට දකින්න ලැබෙන තුවක්කුව The Mighty Thor කොමික් එකේ එක් සිදුවීමක් හා සමානයි. ඒ ගැන මං ස්පොයිල් කරන්නෙ නෑ හැබැයි ඒ අවස්ථාවේත් ස්කර්ජ් අතේ තුවක්කුවක් තියෙනවා කියලා විතරක් කියන්නම්.


    18268532_1969670753261881_6454917581071325498_n.jpg


    මේ ඉන්නෙ කවුද කින්ද මන්ද කියල නම් කියන්න බැරිවුනාට මේ සොල්දාදුවන්ගේ සන්නාහයේ නිර්මාණ වගේම පසුතලයේ දකින්න ලැබෙන විවිධ වර්ගයේ දේවල් සේරම ජැක් කර්බිගේ ආර්ට්වර්ක් වගේම තමයි හදලා තියෙන්නෙ


    ejf9yxyf7ykpprgx2kyj.gif


    ට්‍රේලරේ මුලදී දකින්න ලැබෙන දර්ශනයේම ඊළඟ දර්ශනයක් තමයි මේකත්. හැබැයි අපිට මෙතනදී හේලාගේ Headdress එක පැළඳගෙන ඉන්නවා දකින්න ලැබෙනවා. මෙතනදී හේලා ඇස්ගාඩියන්ලව තනියම මෙල්ල කරන එකෙන්ම හිතාගන්න පුළුවන් හේලා කියන්නෙ One Woman Army එකක් කියලා


    ipwfcc6b0sm0gdptkdgw.gif

    අපි කවුරුත් මේ දැන් මතුවෙයි කිය කියා බලා හිටපු මොහොතක් තමයි මේ. ඇඳුම් පැළඳුම් ටිකක් අළුත් වුනාට අපේ ලෝකි නම් ඒ විදිහමයි. කොමික්වලදී ලෝකි තමයි රැග්නරොක් එකේදී ගම කන්නේ. මේ ෆිල්ම් එකේදී නම් කොහොම මොනවා වෙයිද කියන්න මම නම් දන්නෑ. කාටද පුළුවන් ඉතින් ලෝකිගෙ පක්ෂපාතිත්වය මෙහෙමයි කියන්න ? පසුබිමින් දකින්න ලැබෙන ජීවින් ගැන මෙලෝ අදහසක් නැති වුනාට මේ පාලමක් වගේ එකක් නිසා අපිට පුළුවන් ඇස්ගාඩ් කියල අනුමාන කරන්න.හැබැයි මේ දර්ශනයයි පසුබිම් මියුසික් එකයි නම් කියලා වැඩක් නෑ​


    yncpzpm2cgalwxtbg3dh.gif


    වල්කරි තෝර් ව ග්‍රෑන්ඩ්මාස්ටර්ට බාර දුන්නට පස්සේ අපිට තෝර් ව දකින්න ලැබෙනවා ටිකක් අලුත් විදිහකට. ඒ කලින් පෝස්ටර්, ප්‍රොමෝ වල දකින්න ලැබුනා වගේම කොට කොණ්ඩයක් සහ පාට කරපු මුහුණක් එක්ක. තෝර් ගෙ මේ ලූක් එක අන්වර්ති තෝර් කොමික් එකේ තෝර්ගෙ පෙනුම හා සමානයි. අන්වර්ති තෝර් කියන්නෙත් ම්යෝල්නියර් එකක් නැති තෝර් ගෙ කොමික් එකක්. දැන් තෝර් ඉන්නෙ සකාර්වල කොලෝසියමක් වගේ තැනක Gladiator තරඟකරුවෙක් විදිහට. ඊට අමතරව තෝර්ට අළුත් හිස් ආවරණයකුත් ලැබිලා. තෝර් රසිකයෝ සෑහෙන කාලයක් තිස්සේ නඟපු මැසිවිල්ලක් තමයි තෝර්ගෙ ප්‍රතිරූපයට ආවේණික ඒ හිස් පළඳනාව තෝර් පළවෙනි එකෙන් පස්සේ හැම චිත්රපටියකින්ම ඒක කපා හැරලා කියලා. ඒත් රැග්නරොක් එකෙන් ටයිකා වේටිටි යම් සහනයක් දීලා තියෙනවා වගේ. ඒ අතරේ ග්‍රෑන්ඩ්මාස්ටර් කියනවා..
    "I'ts main event time, And now, I give you..." කියලා. එතකොට තෝර්ගෙ ප්‍රතිවාදී තරඟකරුවා කවුද ?



    18221809_1969673099928313_2413586419509897811_n.jpg


    අපිට දකින්න ලැබෙනවා අවුරුද්දකට විතර පස්සේ හල්ක්ව ! ඒජ් ඔෆ් අල්ට්රෝන් එකේදී ක්වින්ජෙට් එකේදී දැක්කට පස්සේ හල්ක්ව දකින්න ලැබෙන්නෙ ද්වන්ධ සටන් පිටියක. අපි කලිනුත් කිව්වා වගේ මේක තෝර්ගෙ ෆිල්ම් එකක් විතරක්ම නෙවෙයි. ප්ලැනට් හල්ක් ෆිල්ම් එකකුත් වෙනවා. ප්ලැනට් හල්ක් එකේදී හල්ක් ව පෘථිවියෙන් පිටුවහල් කරාට පස්සේ හල්ක් පතිත වෙන්නෙ සකාර් කියන ග්‍රහලෝකයේ. එහේ ඉන්න රෙඩ් කිං කියන අධිරාජ්‍යවාදියා හල්ක්ව අල්ලගෙන විනෝදය පිණිස පවත්වන ද්වන්ද සටන් වලට හල්ක්වත් භාවිතා කරනවා. පේන විදිහට අවුරුද්දක්ම අසරණ හල්ක් කරලා තියෙන්නෙ ඒක. වෙනදට ඉරුණු කලිසමක් පිටින් ඉන්න හල්ක් මෙතනදී ඉන්නෙ සන්නාහ සන්නද්ධ වෙලා. මේ සන්නාහය තමයි ප්ලැනට් හල්ක් කොමික් එකේදී හල්ක්ගෙ අනන්‍යතාවය. මේකෙදිත් ඒකට උපරිම සාධාරණයක් ඉටු කරමින් ඒ විදිහටම අරං තියෙනවා. මෙතැනදී සිද්ධවෙන WTF සිදුවීම නම් ඒ හල්ක්ව දකිද්දී තෝර්ගෙ ප්‍රතිචාරය.
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    xdfgkjorwvlycq4cgaeh.gif


    කාලෙකින් තමන්ගෙ පරම මිත්රයෙක්ව දකිද්දී "YYYESSSSS" කියලා තෝර් කියද්දී ප්‍රේක්ෂකාගාරය මොහොතකට මුළුමනින්ම නිශ්ශබ්ද වෙනවා. ඒ විතරක් නෙවෙයි ග්‍රෑන්ඩ්මාස්ටරුත් බලනවා මොකක්ද බොලේ මේ කියලා. එක විදිහකට ගලා යන ට්‍රේලරය මොහොතකින් කණපිට හරවන්නට මේ වචනය සමත් වෙනවා. අන්න ඒක තමයි අපේ අළුත් අධ්‍යක්ෂකගේ ස්ටයිල් එක.


    18222638_1969673453261611_4782912714148026989_n.jpg



    සුඛෝපබෝගී විශේෂ විදුරු කුටියක ඉඳන් සටන නරඹන ග්‍රෑන්ඩ්මාස්ටර් එක්ක අපිට දකින්න ලැබෙනවා තෝර්ගෙ සහෝදර රත්නය. මේ කුටියේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ දෙන්නගේ පිටිපස්සේ ඉන්න පිරිස හා බිත්තිවල ආර්ට්වර්ක් එක. ඔව් ඔව් ඒවත් ජැක් කර්බිගේම තමයි. ග්‍රෑන්ඩ්මාස්ටර් පිටුපසින් ඉන්න සමහරු හරියට විශ්වයේ ඉන්න Celestial Beings වගේ. එයාලවත් නිර්මාණය කරේ කර්බිම තමා. හැබැයි අපිට Celestialsලගේ ඊස්ටර් එග් එකක් විදියට දකින්න ලැබෙන පළවෙනි පාර මේකම නෙමෙයි.


    tqijudnob7yub8yc64dv.gif


    තමන්ගෙ අනිත් යාලුවෝ සිවිල් යුද්ධයක සටන් කරද්දී තමන්ට ආරාධනා නොකරපු නිසා තෝර් සහ හල්ක් දෙන්නා වෙනම සටන් කරන්න තීරණය කරලා වගේ. රැග්නරොක් ඩිරෙක්ටර් කිව්වෙ මේක තෝර්ගෙයි හල්ක්ගෙයි Buddy Road Trip Movie එකක් වගේ කියලා. අපිට හල්ක්ව ගොඩක් දකින්න ලැබේවි. තෝර් හල්ක් එක්ක සටනට එන්න කලින් තවත් තරඟ කිහිපයකටම මුහුණ දීලයි එන්නෙ. හරියට මේක ෆයිනල් මැච් එකක් වගේ. ඒ කලින් සටන් කරපු තරඟකරුවන් ගොඩක් වෙලාවට ප්ලැනට් හල්ක් කොමික් එකේ ඉන්න Warbound කණ්ඩායමේ අය වෙන්න ඕන. මොකද Korg, Miek වගේ Warbound චරිත දැනටමත් ෆිල්ම් එකේ ඉන්නවා කියලා තහවුරු කරලා ඉවරයි. අනික Korg චරිතයට රඟපාන්නේ වෙනකවුරුවත් නෙවෙයි අපේ ඩිරෙක්ටර් ටයිකා වේටිටි කියලත් තහවුරු කරා.

    මේ අවුරුද්දේ කොමික්බුක් චිත්‍රපට කීපයක් නිකුත් වෙන්න නියමිත වුනත් මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම විශේෂ තැනක් දිනා ගනීවි කියලා මේ ට්‍රේලරයෙන්ම අපිට කියන්න පුළුවන්. අනෙක් තෝර් චිත්‍රපට මාවල් වල එතරම් සාර්ථකත්වයක් අත් කර නොගත්තත් මේ චිත්‍රපටය නොවැම්බර්වලම නිකුත් වෙන්න නියමිත DCලගේ ජස්ටිස් ලීග් චිත්‍රපටය එක්ක පවා හොඳ තරඟයක් දේවි







    Source - ComicScript
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අයි සුපිරි කියන්නේ
    dc ලට දෙයි සුපිරි තරඟයක්

    මොනවා නැතත් මර්වල් ලා ෆිල්ම් අතින් ඉදිරියෙන්ම ඉන්නවා
     
    • Like
    Reactions: $H@v!nK@

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    එල ත්‍රෙඩ් එක.

    වොන්ඩර් වුමන්ගේ මියුසික් එකයි මේකෙ මියුසික් එකයි හෙනම සමානයි කියලා හිතෙන්නෙ මට විතරද :P :growl:
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Yaluwe mama oyage sinhalen dapu me review eka english walata harawala aragaththata kamak na neda?? :nerd:

    monawunath oyage me post eka mata sahenna watinawa! jaya wewa!