Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ela ela hamadama ekak liyapan

    යා, තෑන්ක්ස්. අද එකක් දානවා.

    මේක කියවනකොට අවුලක් එන්න ඇත්තේ, ඉංග්‍රීසි එක පුළුවන් තරම් ඒ ස්ටයිල් එකටම සිංහලටම දාන්න හදන නිසා වෙන්න ඕන. ඉස්සරහට ට්‍රයි එකක් දාන්නම් තව පැහැදිලි වෙන්න ලියන්න.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    uba liyahan uba liyana widiyata. api kiyawannam. mata nam kiyawanakota ethanata awa harima wachane adaala na. uba akurak daala tharu tikak dammama athi moakda convey wenna ona idea eka sentence ekath ekka gattaama enawa. wachane wachane kiyawanna ona na.

    තෑන්ක්ස් ඉන්පුට් එකට. උඹට අවුලක් වුනේ නෑ නේද ලියන විදිය? මොකද මීටත් වඩා සරලව ලියන්න අමාරුයි ඉතින්
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    තෑන්ක්ස් ඉන්පුට් එකට. උඹට අවුලක් වුනේ නෑ නේද ලියන විදිය? මොකද මීටත් වඩා සරලව ලියන්න අමාරුයි ඉතින්

    ow machan. mata nam case ekak na. mama issara monte cristo eke pariwarthana kiyawanakotat samahara italian names walata magema wachana dagena kiyawagena giye. mokada e charithe misak exact name eka wadagath na kiyawanna. meketh ehema thama. ethana uba express karana feeling eka danenawa uba daana tharu tiken.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    වින්ස් මුද්ද කටින් අල්ලා ඇද්දේය. එවිට ඔහුට ඇසුනේ කිසියම් රසානයක ප්‍රතික්‍රියාවක් ආරම්භ වීම මගින් ඇතිවුනු බුබුළු දැමීමේ සහ "හිස්-හිස්" ගෑමේ ශබ්ධයකි. එවිටම ඔහු පොඩි එකාව දැන් විවරව තිබුනු ට්‍රක් ජනේලය තුලට වීසි කර දැම්මේය. එය සිදු කිරීමට, බාස්කට් බෝල් අංගනයක මැද සිට බාස්කටය තුලට බෝලය වීසි කරන හාෆ්-කෝට් ෂොට් එකක් වැනි තරු පහේ වීසි කිරිමේ ශිල්පයක් උවමනා වූයේ නැත. කොටින්ම, බාස්කටය යට සිටගෙන එය තුලට බෝලය දමන පුල්-අප් ජම්පර් එකක් තරම් වත් එය අපහසු කාරියක් වූයේ නැත. එයට හුදෙක් එල්ලය බලා වේගයන් බෝම්බය වීසි කිරීම පමනක් ප්‍රමානවත් වින. ඔහු, මොහොතකට පෙර ගුලි කල ලේන්සුවක් තම අත තුල තබාගෙන සිට, ඉන්පසු අත විවර කරන විට පරෙවියෙක් අත තුලින් මැවූ ඉන්ද්‍රජාලිකයෙකු බදු විය.

    දැන් උඹ මාව යටකරපන්, වින්ස් සිතුවේය. මේක හොද හිතින් ඉවරයක් කරලා දාමු.

    එහෙත් සිදු වූයේ, ට්‍රකය වින්ස් වෙත එනු වෙනුවට, පැද්දී ඔහුගෙන් ඈත් වීමයි. ඉඩක් තිබුනේ නම් එය නැවත තමා කරා එනු ඇති බව වින්ස්ට ඒකාන්ත විය. ට්‍රකයෙහි එම ඉවතට චලනය වීම, තමා වෙත දමා ගැසූ වස්තුවේ නොවැදී සිටීමට ලාෆ්ලින් නොසිතාම කල ප්‍රතීක ක්‍රියාවක ප්‍රතිපලයක් පමනක් විය. එහෙත් එය වින්ස් ගේ ජීවිතය බේරීමට තරම් ප්‍රමානවත් විය. මන්දයත්, ඩ්‍රයිවර් තැන තම රථය ආපසු කෙලින් කොටගෙන, වින්ස් ඇඩම්සන් ව මාර්ගයෙන් වීසි කර දැමීමේ පහර දීමට කලින්, පොඩි එකා තමාගේ රාජකාරිය අකුරටම සිදු කල බැවිනි.

    කැබය තුල ප්‍රභල, ශ්වේතවන් ආලෝක පහරක් ඇති වී ගියේය. එය පෙනුනේ, දෙවියන් අහසෙහි සිට පහතට නැවී, ලාෆ්ලින්ගේ ඡායාරූපයක් ගත්තාක් මෙනි. ආපසු වමතට එනු වෙනුවට, ලාෆ්ලින් ආතක් පාතක් නොමැතිව දකුණට පැද්දී යන්නට විය -- මුලින් ෂෝ-ලෝ වෙත දිවෙන රූට්-6 මහා මාර්ගයේ දකුණු මං තීරුවට, ඉන්පසු ඊටත් එපිටට. ට්‍රකය මාර්ගයෙහි දකුනතෙහි තිබූ ආරක්ෂක වැටෙහි හැපී එය කීතු කීතු කොට දැමීය. එයින් රිදීවන් ගිනි පුළිගු ඇතිරිල්ලක් පැන නැගිනි. එකවර දැල්වූ බඹර චක්‍ර දහසකින් නැගෙන්නාක් බදු ගිලි කෙලි වරුසාවක් ඇති වී ගියේය. වින්ස් ඉතා සන්තෝශයෙන් ජූලි 4 වැනි දා ගැන කල්පනා කලේය. රේස් නැවතත් ඔහුගේ ඔඩොක්කුව මත හිදගෙන උන් කුඩා දරුවෙකු බවට පෙරලී සිටි අතර, ඔහු බලමින් සිටියේ අහස් වෙඩිලි වල රතුවන් ආලෝකයන් සහ ඉහලාකාශයෙහි පිපිරෙමින් තිබූ ගිනි බෝම්බ දෙසයි. ආකාශයෙන් පොලොවට පතිත වුනු එලි, ඔහුගේ පුත්‍රයාගේ සන්තෝශයෙන් ඉපිලුනු, කළුවන් දෑස් තුල බැබලෙමින් තිබිනි.

    ට්‍රකය ආරක්ෂක වැට තුලින් ගමන් කලේ, එය ටින්ෆොයිල් කරදාසි වලින් සෑදූ දෙයක් මෙන් එය ඉරා පොඩිකර දමමිනි. ලාෆ්ලින් මාර්ගය සහ කාන්තාර බිම අතර තිබූ අඩි විස්සේ මාර්ග කන්ඩිය මතින් පාවී ගොස්, පහතින් තිබූ, වැලි සහ කරනම් ශාක වලින් පිරී ගිය වලකට පතිත විය. කැබය පසුපසින් පැමිනි යෝධ ටැංකිය, ජම්බාරයකින් (Ram) පහර දුන් කලෙක මෙන් කැබයේ පිටුපස ඇනිනි. එහෙත් එය දැක ගැනීමට පෙර, වින්ස් වෙඩිල්ලක් මෙන් එම ස්ථානය පසු කොට ගොස්ය තිබුනේ. ඔහු තම තිරිංග තද කොට තැවතුනේ, ආරක්ෂක වැට තිබූ තැනින් ඈතට ගොස්ය. එහෙත් පසුපසින් පැමිනි ලෙමී, සිදුවූ සියල්ල දුටුවේය.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ලෙමී සියල්ල දුටුවේය. කැබය සහ තෙල් ටැංකිය V හැඩයට නැවී යනුද, ඉන්පසු එ් දෙක දෙකට කැඩී යනුද, ටැංකිය පෙරලී යනුද, ඊට පසු තත්පරයකට දෙකකට පසු කැබයද පෙරලී යනුද, අවසානයේදී තෙල් ටැංකිය පැලී පුපුරා යනුද ඔහු දුටුවේය. ගිනි බෝලයක් ආකාශයට පැන නැගී ගිය අතර, තෙල් පැහැති කාලවර්ණ දුම් කුළුණක් අහස කරා දිව යන්නට පටන්ගත්තේය. කැබය ටැංකිය පසු කරමින් පෙරලී පෙරලී ගියේය. එහි සිලින්ඩයරක් වැනි හැඩය හදුනාගත නොහැකි දුඹුරු පැහැති යකඩ ගුලියක් බවට පරිවර්ථනය විය. එහි පැලී ගිය තැන් වලින් මතුවුනු ලෝහමය උල් සහ කොකු මතු පිටට, රත් වූ හිරු රැස් වැටී දිලිසුම් දුනි.

    කැබය එහි නෞබාරය (Cargo) වූ ටැංකියට සහ දුම් කුළුණට අඩි අසූවක් පමන දුරින් බිම පතිත වූයේ, එහි රියදුරු කවුළුව අහසට හැරී යන සේය. මේ වන විට වින්ස් තමා විසින් මාර්ගය මත සෑදූ රෝද පහරවල් දිගේ ආපසු දුවමින් සිටියේය. ඔහු කැබයෙහි ඇද වී ගිය කවුළුව තුලින් එසවීමට තැත් දරන රූපය දැකගති. එහි මුහුන ඔහු දෙසට හැරීනි. එහෙත් එය මුහුනක් නොවූ අතර, එය රුධිරය තැවරුනු වෙස් මුහුණක් විය. ඩ්‍රයිවර් තැන ජනේලය තුලින් තම ඉගටිය දක්වා එසවී, අනතුරුව ආපසු කැබය තුලට ඇදවැටුනේය. හිරු රැසින් දැවුනු හස්තය--ටෑටූවකින් යුතු වූ එම අත--, සබ්මැරීනයක දිගු පාරිදර්ශක දුරේක්ෂයක් මෙන් අහසට දිගු වෙලාය. එහි අත්ල, මැණික් කටුව අසලින් නැවී එහාට මෙහාට එල්ලෙමින් තිබිනි.

    වින්ස් දුවමින් පැමින ලෙමීගේ බයිකය අසල නතර වූයේ, හුස්මක් කටක් ගැනීමට වෙහෙසෙමිනි. මොහොතකට ඔහු සිතුවේ තමා සිහිමූර්ජා වනු ඇතැයි කියාය. එහෙත් ඔහු ඉදිරියට නැවී තම දෑත් තම දනිස් වලට ගසා පහතට නැවුනු විට, ඔහුට මද සහනයක් දැනිනි.

    "උඹ ඌට වැඩේ දුන්නා, කැප්ටන්." ලෙමීගේ කටහඩ උද්වේගයෙන් කර්කශව ගොසිනි.

    "කෝකටත් ඒක ෂුවර් කරගන්න එක හොදයි," වින්ස් කීයේය. එහෙත් එම පාරිදර්ශක අත සහ එහි අන්තයෙන් පහලට එල්ලෙන අත්ල මගින්, එසේ කිරීමට අවශ්‍යතාවක් නැති බවට පැහැදිලි විය.

    "මොකෑ බැරි?" ලෙමී පැවසුවේය. "මට කොහොමත් හුජ්ජා පාරක් දාන්නත් ඕන"

    "උඹ ඌට පන තිබුනත් නැතත්, උගෙ ඇගට පයිප්පෙ අරිනව එහෙම නෙමෙයි" වින්ස් කියා සිටියේය.

    මෙවිට ලග එන එන්ජිමක ගෙරවීමක් ඇසී ගියේය: රේස් ගේ හාර්ලිය. හේ බයිකයේ පසුපස රෝදය මාර්ගය මත ලිස්සා හරිමින් ආටෝප සහගතව බයිකය නැවතූ අතර, ඉන්පසු එන්ජිම නවතා දමා හාර්ලියෙන් බැසගත්තේය. ඔහුගේ මුහුන දුහුවිල්ලෙන් නෑවී තිබුනද, එය ප්‍රීතියෙන් සහ ජයග්‍රාහී හැගීමෙන් බැබලෙමින් තිබිනි. ඒ, රේස්ගේ මුහුනෙහි එබදු පෙනුමක්, ඔහුට අවුරුදු දොලසක වසයකින් පසු වින්ස් දැකගත් පලමු වතාව විය.. වසර දොලහේදී රේස් කුණු-පාරක යතුරු පැදි තරගයක් (dirt-track race)දිනා තිබිනි. ඒ වින්ස් ඔහුට තනා දුන් කුඩා පාරකය (quarter-midget). ඔහු ධාවනය කර තිබුනේ බලය වැඩි කල ස්ට්‍රැටොන් එන්ජිමකින් යුතු කහවන් ටෝපීඩෝ මෝටර් සයිකලයකි. කොටු සහිත කොඩිය පසු කරමින් ඔහු තරගය ජයගැනීමෙන් පසුව, කොළුවා බයිකයෙන් ඉවතට පැන දුවමින් පැමිනියේ, හරියටම රේස් ගේ මුහුනේ මේ දැන් ඇති පෙනුමෙන් යුතුවය.

    රේස් වින්ස් වටා තම දෑත් වීසි කරමින් ඔහුව වැලද ගත්තේය. "අපි දිනුවා! අපි දිනුවා, තාත්තේ! අපි උගේ හු** පස්ස තෙල් දාලා බැද්දා!

    මොහොතක් ගතවන තෙක්, රේස්ට තමාව එසේ වැලද ගෙන සිටීමට වින්ස් ඉඩ හැරියේය. මන්දයත්, අවසන් වරට ඔහු තමාව එසේ වැලද ගෙන තිබුනේ ඉතා දුර අතීත කාලයකදී වූ හෙයිනි. තවද, මේ ඔහුගේ නරක් වූ පුත්‍රයාගේ වඩා යහපත් ස්වාභාවය වූ හෙයිනි. සෑම කෙනෙකුටම යහපත් පැත්තක් ඇත. වින්ස්ගේ මේ වයසේදී පවා, ඔහු අසා සහ දැක තිබුනු දෑ එසේම තිබෙද්දීත්, ඔහු එය එසේ යැයි විශ්වාස කලේය. ඉතින්, ඔහු එම වැළද ගැනීමට මද වේලාවක් ඉඩ දුන්නේ, තම පුත්‍රයාගේ සිරුරේ උණුසුම රස විදිමිනි. එමෙන්ම ඔහු එම දුර්ලභ හැගුම තම මතකයේ තබා ගැනීමට තමාටම පොරොන්දුවක් දුන්නේය..

    ඊළග මොහොතේදී ඔහු රේස්ගේ පපුවට තම දෑත් තබා ඔහුව ඉවතට තල්ලු කොට දැමීය--වේගයෙන්. රේස් පිටුපසට විසි වී ගිය අතර, ඔහුගේ සර්ප සමින් සෑදූ බූට් වලින් යුතු පාද පැටලී ගොස් ඔහු වැටෙන්නට ගියේය. ඔහුගේ මුහුනේ තිබූ ආදරය සහ ජයග්‍රහණයෙන් පිරුණු පෙනුම අතුරුදන්ව යාමට පටන් ගත්තේය. . . .
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    අතුරුදහන්ව නොව, එකට මුසුව ගියේය. එය වින්ස් හොදින් හැදිගෙන තිබූ පෙනුමක් විය: අවිශ්වාසය මුසු නොකැමැත්ත. අනේ පලයන් යන්ඩ, ඒක අකමැත්ත නෙවෙයි, කිසිදාක ඒක අකමැත්ත වුනේ නෑ.

    එය නොකැමැත්ත නොවුනි. එය වෛරය විය. දීප්තියෙන් බබල බබලා පුපුරු ගසන වෛරය විය.

    දැන් තරාදියේ දෙපැත්ත සමානයි, සර්. හු**න්

    "මොකද්ද ඒකිගෙ නම කීවේ?" වින්ස් ඇසවේය.

    "මොකා?"

    "එ්කිගෙ නම, ජෝන්." වසර ගනනාවකින් රේස්ගේ මුල් නමින් වින්ස් ඔහුව දැන් ඇමතුවේය. දැන් එය ඇසීමට ඔවුන් දෙදනා හැරෙන්නට වෙනෙකෙකු එතැන නොවීය. ලෙමී සිටියේ මාර්ගය සහ කාන්තාර බිම අතර තිබූ මෘදු පස් වලින් සැදි ගොඩැල්ල දිගේ පහල බසිමිනි. ඔහු ගමන් කලේ, පෙර ලාෆ්ලින් නැමැති වූ, දැන් යකඩ බෝලයක් පමනක් වූ කැබය වෙතය. එමෙන්ම ඔහු වින්ස් හා ඔහුගේ පුත්‍රයාගේ මෘදු පෞද්ගලික කතා බහට ඉඩදෙමින් ඉවතට යාමට කල්පනා කොට තිබිනි.

    "ඔහෙට තියෙන අමාරුව මොකද්ද?" රේස් කී අතර, එය ක්‍රෝධ සහගත පැහැදිලි ‍පරිභවයක් විය. එහෙත් වින්ස් ඉදිරියට නැඹුරු වී, ජෝන් "රේස්" ඇඩම්සන්ගේ එම හු** පරාවර්ථක අවු කණ්ණාඩිය ඔහුගේ මුහුනෙන් ඉරා ගලවා දැමූ විට, රේස් ගේ දෑස් වල තිබූ සත්‍යය ඔහු දැකගත්තේය. මෙයට කාරණය කුමක්දැයි ඔහු දැන සිටියේය. වින්ස් රේස් ගෙන් දැඩිව ප්‍රශ්ණ කර තිබුනි. එය වියට්නාමයේදී ඔවුන් හැදින්වූයේ "Five-by" ලෙස ප්‍රශ්ණ කිරීම යනුවෙනි. ඔවුන් තාමත් එම වදන ඉරාකයේ පාවිච්චි කරන්නේ දැයි ඔහුට කල්පනාවක් ඇති විය. එසේ නැතිනම් මෝර්ස් කෝඩ් මෙන් එයද අභාවය ගොස් ඇතිද?

    "මොකද්ද දැන් උඹට ඕන කරන්නේ, ජෝන්? ෂෝ-ලෝ වලට යන්ඩ? ගිහින් ක්ලාර්ක්ගේ නංගීට තලලා, ඒකිගෙන් හංගපු සල්ලි ඉල්ලගන්ඩ?.. ඒකි ලග ඇති සල්ලියක් නෑ බං."

    "සමාර විට තියෙන්ඩ පුලුවන්" පිලිකුලෙන් යුතු අඩමානයක් පලකරමින් රේස් කීය. එහෙත් ඊලග මොහොතෙදී ඔහු නැවතත් දැඩිව ගියේය. "ඒවා ඒකි ගාව තියනවා. මම ක්ලාර්ක්ගේ හැටි දන්නවා. ඌට ඒ වෙසි පණ වගේ විස්වාසයි."

    "එතකොට කල්ලිය ගැන මොකද? .... මොකද? උන්ව අමතක කරලා දානවද? ඩීන්, එලිස්... අනිත් උන්? ඩොක්?"

    "උං මැරිලා." රේස් තම පියා දෙස නොසැලකිලිමත් ලෙස වරින් වර බලමින් කීය. "උං ගොළුබෙල්ලො වගේ ගාටනවා. ඇරත් උන් හොග දෙනෙක් දැන් හැට පැනපු රිලව්." ඔහෙත් එහෙමයි, එම සීතල දෑස් ප්‍රකාශ කලේය.

    ලෙමී ආපසු පැමිනෙමින් සිටි අතර, ඔහුගේ බූට් සපත්තු වලින් දූවිලි ඇවිස්සුනේය. ඔහුගේ අතෙහි යම් කිසි දෙයක් තිබිනි.

    "ඒකිගෙ නම මොකද්ද?" වින්ස් නැවත ඇසුවේය. "ක්ලාර්ක් ගේ නංගී නෙමේ, උගෙ කෙල්ල?"

    "මොන හු***ද? ඇත්තට ඔහෙට තියෙන රුදාව මොකද්ද?" ඉන්පසු ඔහු නැවතුනු අතර, ඔහු වින්ස්ව තමා වෙත නම්මා ගැනීමට උත්සාහයක් ගත්තේය. යදින සැටි රේස් දැන සිටියේ නම්,ඔහුගේ මුහුණ දැන් යදින්නාක් වැනි ස්වභාවයකට පෙරලෙමින් තිබිනි. "දෙයියම්පා, ඔය හරස් ප්‍රස්න ඇහිල්ල අතෑරලා දානවද? අපි දිනුවා. අපි ට්‍රක් කාරයට පෙන්නුවා අපි කවුද කියලා."

    "උඹ ක්ලාර්ක් ගැන දැනගෙන හිටියා. උඹ ෆලූජාවෙදි ඌ ගැන දැනගෙන හිටියා, ඒ වගේම මෙහෙදිත් ඌ ගැන දැනගෙන හිටියා. උඹලා දෙක තකට තක හිටියේ. උඹ ඌ ගැන දන්නව නම්, උඹ ඒකි ගැනත් දැනගෙන ඉන්ඩ ඕන. මොකද්ද කෙල්ලගෙ නම?"

    "ජේනි.. ජොඇනී.. ඒවගේ මොකද්ද එකක්."

    වින්ස් රේස් ගේ කම්මුලට ගැසුවේය..
     
    • Like
    Reactions: amilabanuka

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එක වරම වැදුනු පහරින් රේස් තක්බීරිව ගිය අතර, ඔහු පිටුපසට අඩියක් තබා ඇසිපිය ගැසීය. ඔහු මොහොතකට අවුරුදු දහයේ කොළුවෙකු බවට පෙරලිනි. මොහොතකට පමනක්. සැනෙකින් ඔහුගේ වෛරයෙන් යුතු බැල්ම නැවතත් ආපිට පැමිනියේය: එම පිලිකුල්ජනක, පිළුණු වූ බැල්ම.

    "අර ඩයිනර් එක ලගදී උට අපි කතා කරන ඒවා ඇහුනා. ට්‍රක් කාරයට" වින්ස් කීය. ඔහු එය පැවසුවේ ඉවසීමෙන් යුතුවය. හරියටම මෙම තරුණයා දරුවෙකුව සිටි කලදී ඔහුට කථා කරන්නාක් බදුවය. මෙම තරුණයාව බේරා ගැනීමට, මොහොතකට කලින් ඔහු තම දිවි පරදුවට තබා තිබිනි. අහ්, එහෙත් එය හුදු සහජාශයක් පමණක් වූ අතර, ඔහුට එසේ කල නොහැකිව නොතිබිනි. මෙම බියකරු කාලකණ්ණි දිනයේදී සිදුවුනු එකම යහපත් සිද්ධිය එය විය. මෙම බයිසිකල් පරම්පරාවේ, තම සහජාශයෙන් ක්‍රියා කල එකම පුද්ගලයාද ඔහු පමණක් වූයේ නැත. "ඌ දැනගත්තා එතනදී උට අපිව බාවන්ඩ බැරි බව. ඒත් ඌට අපිව අතෑරලා දාන්ඩත් බැරිවුනා. එ හින්දා ඌ අපි එනකන් බලාගෙන හිටියා. ඌ අපි පේන තෙක් මානෙට එනකන් එක්කෝ හෙමින් යන්ඩ ඇති, නැත්තම් නැවතිලා ඉන්ඩ ඇති. ඊට පස්සේ ඌ අපිට ඌව පහුකරගෙන යන්ඩ ඉඩ ඇරියා."

    "මට ඔහේ කියන්නේ මොන මල ඉලව්වක්ද කියලා තේරුමක් නෑ!" රේස් වේගයෙන් පැවසුවේය. එහෙත් ඔහු කලේ රගපෑමක් වූ අතර, ඔවුන් දෙදෙනම එය දැන සිටියෝය.

    "මිනිහා මේ පාර ගැන දැනගනයි හිටියේ. පාර මිනිහට වාසි උන ගමන්ම ඌ අපි පස්සේ එලවගෙන එන්ඩ පටන් ගත්තා. මිනිහා හැසිරුනේ නියම සොල්දාදුවෙක් වගේ."

    එසේය. ඉන්පසු ට්‍රක් රියදුරා තම සිතෙහි පැවති එකම කටයුත්ත ඉටු කිරීම පිණිස ඔවුන් පසුපස හඹා ආවේ, එයින් තමාට සිදුවන නියත හානිය ගැන හෝ නොසලකාය. ලාෆ්ලින් නිගරුවට පෙර මරණය දැකීමට තීරණය කොට තිබිනි. වින්ස් ඔහු ගැන කිසිත් නොදැන සිටියද, හදිසියේම තම පුත්‍රයාටද වඩා එම ට්‍රක් රියදුරා ගැන කැමැත්තක් ඔහු ගේ සිත තුල ඇති වී ගියේය. එවැනි දෙයක් සිතෙහි පහල වීම සිදුවිය නොහැක්කක් වූ නමුදු, සත්‍යය එය විය.

    "ඔහෙට පිස්සු" රේස් කීය.

    "මට එහෙම හිතෙන් නෑ. මට හිතෙන විදියට, ඩයිනර් එක ඉස්සරහා අපි මිනිහා ලග නතර කරද්දී, මිනිහා ඒ කෙල්ලව අද බලන්න යන්නයි හිටියේ. ඒ තාත්ත කෙනෙක් තමං ආදරේ කරන ලමයට කරන දෙයක්. දුම් පයිප්පේ උර උරා ඉන්නවට වඩා, තමන්ගේ ලමයත් එක්ක කරන්ඩ හොද දෙයක්. සමහර විට මිනිහා දුවත් එක්ක ට්‍රක් එකේ රවුමක් යන්ඩ හිතේ තියාගෙන ඉන්ඩ ඇති. සමහර විට ඉඩ කඩක් ලැබුනු වෙලාවට තමන්ගේ ලමයගේ සැප සනීප බලන්ඩ යන්ඩ හිතාගෙන ඉන්ඩ ඇති."

    මෙහිදී ලෙමී ඔවුන් අසලට පැමිනියේය. "මිනිහා මැරිලා" ඔහු කීය.

    වින්ස් හිස සැලුවේය.

    "වයිසර් එක ඇතුලේ මේක තිබුනා". ලෙමී තමා අත තිබුනු දෙය වින්ස්ට දුන්නේය. වින්ස් එය දෙස බැලීමට නොකැමැති වූ නමුත්, ඔහු ඒ වෙත තම බැල්ම හෙලීය. එය සිනාසෙන කෙල්ලකගේ ඡායාරූපයක් විය. ඇගේ හිසකේ පොනී-ටේලයක් ලෙස ගොතලාය. ඈ ඇදගෙන සිටියේ, කෝර්මන් උසස් පාසැලේ ස්වෙට්-ශර්ටයකි (දිගු අත් සහිත ටී-ශර්ටය). ඒ, ඈ මිය ගිය මොහොතේදී ඈ ඇද සිටි ශර්ටයම විය. ඈ ලාෆ්ලින් ට්‍රකයේ බම්පරය මත හිදගෙන සිටි අතර, ඇගේ පිට ට්‍රකයේ රිදීමය ග්‍රිලය මතට බර වෙලාය. ඈ තම පියාගේ කැමෝ කැප් තොප්පිය (යුධ හමුදාවේ පළදින කොල සහ කළු පුල්ලි සහිත තොප්පි) පිටුපසට කරකවා පැලද සිටි අතර, විසිළු සැලූටයක් පාමින්, විරිත්තා නොසිටීමට උත්සාහ ගනිමින් සිටියාය. සැලූටය කා හටද? ඇත්තෙන්ම ලාෆ්ලින් හට. කැමරාව අතෙහි තබාගෙන සිටියේ ලාෆ්ලින්ය.

    "ඒකිගෙ නම ජැකී ලාෆ්ලින්" රේස් කීය. "ඒකිත් දැං මැරිලා. ඉතින් ඒකිටත් හි*** ගියාවේ"

    ලෙමී ඉදිරියට අඩියක් තැබුවේ, රේස්ව ඔහුගේ බයිකයෙන් ඔසවා ඉවතට ඇද, ඔහුගේ දත් ඇදි ඔහුටම කැවීමටය.

     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එහෙත් වින්ස් ලෙමී දෙස බැල්මක් හෙලමින් ඔහුව නැවතුවේය. ඉන්පසු ඔහු තැවතත් තම පුත්‍රයා දෙස බැලීය.

    "බයිසිකලේ පැදගෙන පලයන්, පුතා" හේ කීය. "හොද කල් කිරියාවෙන් ඉන්න බලපන්" රේස් ඔහු දෙස බැලුවේ ඔහු කීදේ වටහා නොගනිමිනි.

    "ඒත් ෂෝ-ලෝ වල නවතින්න එපා. මොකද මම හිතාගෙන ඉන්නවා එක පුංචි වේසියක් අනතුරේ වැටිලා ඉන්නවයි කියලා පොලිසියට දැනුං දෙන්න. මම කියන්න හිතාගෙන ඉන්නේ, කොහෙද යන පිස්සෙක් ඒකිගේ අයියව මරලා, දැන් ඊළග බිල්ල උගෙ නංගි වෙන්න පුලුවන් කියලා."

    "එතකොට උන් ඔහෙගෙන් ඇහුවාම ඒ විස්තර දැනගත්තේ කොහොමද කියලා, ඔහෙ මොකද කියන්නේ?"

    "සේරම දේවල්." වින්ස් කීයේය. ඔහුගේ හඩ සන්සුන් විය. සන්සුන් නොව එය ශාන්ත භාවයට පවා පත්වී තිබිනැයි කියත හැකි විය. "ඉක්මනට යන එක ඇගට ගුනයි. දැන් ඉතිං පලයන්. උඹ ඒකට දස්සයා නෙව. කුම්බා පාරෙදි උඹ ට්‍රක් එක පැරුද්දුවා... ඒක නියම දක්ස කමක්. මම උඹව ඒකට අගේ කරනවා. උඹට ඒක කරන්න පුළුවන් වුනේ, බයිසිකල් පැදිල්ල උඹේ ඇගේ තියන හින්දා. ඒක උඹට ලැබිලා තියන තෑග්ගක්. වෙන දෙයක් මම දන් නෑ, ඒත් උඹට ඒ වැඩේ නම් හරියට කරන්න පුළුවනි. ඉතින්, උඹේ තෑග්ගයි, උඹේ පස්ස පැත්තයි අරගෙන දැන් මෙතනින් මෙතනින් චුත වෙයන්."

    රේස් ඔහු දෙස බැලුවේය. මුලින් ඔහුගේ ස්වභාවය අවිනිශ්චිත ස්වභාවයක් ගත් අතර, ඊළග මොහොතේදී එය බියකට පරිවර්ථනය විය. එහෙත් එයද වැඩි වේලාවක් නොපවතිනු ඇත. ඔහුගේ හු**න් යැයි ලෝකයට පවසන ස්වභාවය ඉක්මනින්ම නැවතත් ඔහු කරා පැමිනෙනු ඇත. ඔහුට තිබුනේ එපමනිකි: ඔහුගේ හු**න් යන චෛතසිකය සහ ඔහුගේ අව්කණ්ණාඩිය සහ ඔහුගේ වාත වේගයෙන් යුතු බයිකය.

    "තාත්තෙ--"

    "පලයන්, පුතා" මෙවර පැවසුවේ ලෙමීය. "අර දුම් පාර දැනටමත් කවුරු හරි දැකලා ඇති. ඉක්මනටම දිස්ත්‍රික් පොලීසිය ඒවි"

    රේස් සිනා පලකලේය. ඔහු එසේ කරද්දී, එකම එක කදුළු බිදුවක් ඔහුගේ දකුනැසින් පිටතට පැන, ඔහුගේ කම්මුලෙහි තිබූ දුහුවිල්ල කපාගෙන පහලට ඇදී ගියේය... "නාකි බයගුල්ලො" හේ කීය.

    රේස් තම බයිකය වෙත ආපිට ගියේය. ඔහුගේ සර්ප-සම් බූට් සපත්තු වටා බැද තිබූ දම්වැල් හඩ නැගුවේය . . . එම හඩ මද ලෙස ඔලමොට්ටල එකක් බව වින්ස්ට සිතිනි.

    රේස් තම පාදය ආසනය මතින් පැද්දූ අතර, තම හාර්ලිය පණ ගන්වාගෙන බටහිර දිශාවට ධාවනය කරන්නට විය -- ෂෝ-ලෝ ඇති දිශාවට. ඔහු ආපසු හැරී බලතැයි වින්ස් බලාපොරොත්තු නොවූ අතර, ඔහු බලාපොරොත්තු නොවූ දෙය කඩ නොවුනි.

    ඔවුන් ඔහු යනු බලා සිටියෝය. මදකට පසු ලෙමී කථා කලේය, "කැප්ටන්, අපිත් යන්න යනවද දැන්?"

    "යන්න තැනක් නෑ, බං. මට හිතෙනවා ටික‍වෙලාවක් මේ පාර අයිනේ ඉදගෙන ඉන්න."

    "හොදමයි" ලෙමී කීය. "උඹේ කැමැත්තක්. එහෙනම් මාත් ටිකක් ඉදගෙන ඉන්නවා"

    ඔවුන් මාර්ගය අයිනට ගොස්, විකිනීමට බ්ලැන්කෙට්ටු නැති මහළු ඉන්දියානුවන් සේ, එරමිනියා ගොතාගෙන වාඩි ගත්තෝය. ඔවුන් තෙල් ටැංකිය කාන්තාරය මැද දැවී යන සැටි බලා සිටින්නට පටන්ගත්හ. කාලවර්ණ තෙල් දුමාරය, සමාවක් නොමැති ආකාශය වෙත පැන නැගී, ඉහලාකාශය මතට එකතු වෙමින් තිබිනි. දුම් වලින් සමහරක් ඔවුන් දෙසටද පාවී ආවේය. ඒවා තෙල් දුගදින් පිරි ඝනැති දුම් විය.

    "උඹට ගද අප්පිරිය නම්, ටිකක් එහාට ගිහින් ඉදගමු" වින්ස් කීය.

    ලෙමී තම හිස පිටුපසට ඇල කොට, මිලාධික වයින් වීදුරුවක සුවද මැන බලන මිනිසෙකු මෙන්, තම පෙනහළු පුරා ගැඹුරින් වාතය ආශ්වාශ කලේය.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    "අවුලක් නෑ, ගද නිකං වියට්නාමෙදි වගේ. " විස්න් හිස සැලුවේය.

    "මට පරණ කාලේ මතක් වෙනවා." වින්ස් කියේය. "අපි මීට වඩා වේගෙන් වැඩ කරපු කාලේ."

    වින්ස් නැවතත් හිස සැලුවේය. "ලස්‍සනට ජීවත් ‍වෙන්න---"

    යප්. නැත්තම් හිනා වී ගෙන මැරෙන්ඩ"

    ඔවුන් ඊට පසු කිසිවක් එකිනෙකාට පැවසුවේ නැති අතර, ඔවුන් හුදෙක් එතැන ඉදගෙන ඉන්නට වූවෝය--සූදානම්න්. වින්ස්ගේ අතෙහි ලාෆ්ලින් දැරියගේ ජායාරූපය තිබිනි. විටින් විට ඔහු, ඡායාරූපය හිරු දෙස හරවමින් ඒ දෙස යන්තමින් බැලුවේය. ඔහු එම කෙල්ල කොතරම් ලාබාලදැයිද, සහ කොතරම් සන්තෝශයෙන් ඡායාරූපයේ සිටින්නේදැයිද කල්පනා කලේය. කෙසේ වෙතත්, ඔහු වැඩි වේලාවක් බැලුවේ ගිනි ගෙන දැවෙන ට්‍රකය දෙසයි.


    Image%2B001.png

     
    • Like
    Reactions: OKman