Tickets please

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    පෙරහර බලන්න නුවරයන අයගෙන් කොළඹ කොටුව දුම්රිය පොළ පිරිලා. ටිකට් ගන්න දිග පෝලිමක්. පෝලිමේ ඇදෙන යාළු තරුණයෝ තුන් දෙනෙක් පිටුපසින් හිටියේ තරුණ කෙල්ලො තුන් දෙනෙක්. ටිකට් කවුළුව වෙත ළඟා වීමෙන් පසු තරුණයෝ තිදෙනා නුවරට ටිකට් තුනක් ගත්තා. ඒත් කෙල්ලෝ තුන්දෙනාම ගත්තේ එක ටිකට් එකයි.

    "චෙකර්ලා ආවොත් තමුසෙලා කම්මුතුයි" තරුණයෙක් කීවා.

    "බලා ඉන්නවකො මොකද වෙන්නෙ කියලා" කෙල්ලක් කීවා.

    කෝච්චිය ආපු හැටියෙ සේරම දනිපනි ගාල කෝච්චියට ගොඩවුණා. හැමෝ ම ගොඩවුණේ එකම පෙට්ටියට. කෙල්ලො තුන්දෙනා මුලින් ම කළේ වැසිකිළි කුටියට රිංග ගන්න එක. රිංගගත්ත ගමන් ඔවුන් දොරත් වහගත්තා. දැන් කෝච්චිය ඇදෙනවා. අතර මගදි
    Ticket Checker ආවා.

    "Tickets please" කිය කිය ඔවුන් හැමෝම ළඟට ගියා. එක් අයෙක් වැසිකිළි දොරට තට්ටු කළා.
    "Tickets please" ඔහු කීවා. දොර යන්තම් ඇරිලා ටිකට් එකක් තියෙන අතක් එළියට ආවා. Ticket Checker එය පරීක්ෂා කොට Punch කරල ආපහු දුන්නා. දොරවැහුණා.

    මේ දර්ශනයෙන් තරුණයෝ තුන්දෙනා අන්දුන්කුන්දුන් වුණා. ආපසු එන ගමනෙදි මේ ක්‍රමය තමනුත් අනුගමනය කරන්න ඕන කියලා ඔවුන් කතා කරගත්තා.

    ආපසු ගමන සඳහා නුවර දුම්රිය පොළට ආ ඔවුනට යළිත් අර කෙල්ලන්ව මුණ ගැහුණා. "අපිත් මේ සැරේ කොළඹ යන්නෙ අර විදියට. අපිත් එක ටිකට් එකක් අරන් ලැට් එකට රිංගනවා". ඔවුන් කීවා.

    "අපි නම් මේ සැරේ එකක්වත් ගන්නෙ නැහැ" කෙල්ලො තුන්දෙනා කීවා.

    "එක ටිකට් එකක් වත් ගන්නේ නැහැ!" තරුණයෝ මවිතය පළ කළා."නිකං අමාරුවේ වැටෙන්න එපා!" ඔවුන් එහෙම කීවෙ හිනාවෙමින්.

    "බලා ඉන්නවකො මොකද වෙන්නෙ කියලා" කෙල්ලො තුන්දෙනා කීවා.

    දුම්රිය වේදිකාවට ආ සැනෙන් කෙල්ලො තුන්දෙනා සුපුරුදු විදියට වැසිකිළියට රිංග ගත්තා. දොර වහගත්තා. ඊට ඉදිරිපසින් වගේ තිබුණු අනෙක් වැසිකිළියට තරුණයෝ තුන්දෙනා රිංගගත්තා. දොරවහගත්තා.

    දුම්රිය ගමන ඇරඹුණා. ටික වේලාවකින් එක් කෙල්ලෙක් වැසිකිළියෙන් හෙමිහිට එළියට ආවා. ඉදිරි වැසිකිළි දොරට තට්ටු කළ ඇය හඬ වෙනස්කරල
    "Tickets please"කීවා.

    Link