1 තීරුව, 7 වන ඡේදය.
ටියැන්ස් ආයතනයට සම්බන්ධ වන කිසිම පුද්ගලයෙකු මුදල් ගෙවා තමන්ට අවශ්‍ය භාන්ඩ මිලදී ගැනීමක් විනා, කිසිදු මුදල්මය ආයෝජනයක් සිදු නොකරන නිසා, මෙම 1998 අංක 30 දරණ බැංකු පනතේ 83 ඇ වගන්තිය ටියැන්ස් සඳහා කැප නොවෙයි. වල්ගෙ පාග ගත්තා නේද? මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගැනීම, මුදල් ආයෝජනයකට සමාන කරන මොහු, කඩයට ගොස් පාන් රාත්තලක් මිලදී ගැනීම දකින්නේද, මුදල් ආයෝජනයක් ලෙසද කියා මම නොදනී. සමහර විට ස.වි. පාන් රාත්තලක් ගන්නෙ චෙක් පතකින්ද දන්නෙ නෑ. මදැයි… ඇන ගත්ත නේද?
තවද, සාමාජිකයින් තම ජාලයේ කොපමණ සංඛ්‍යාවක් වැඩි වූවද, ඔවුන් භාන්ඩ පාවිච්චි කලේ නැත්නම්, ආදායම් ලැබෙන්නේ නැති වීම අප ව්‍යාපාරයේ ඇති සුවිශේෂී භාවයයි. අපි නම් ඔළු ගෙඩි ගානට සල්ලි හම්බු කොරන්නේ නැත. ස.වි. ට මම නම් යෝජනා කරන්නෙ ආපහු ගිහින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සම්බන්ධ වෙලා, සාවධානව අහන් ඉන්න කියල. මතක නියා ගන්න අමාරු නම් පටිගත කර ගත්තත් කමක් නෑ. මතක ඇතුව අපේ කොළඹ 7 පිහිටි ප්‍රධාන කාර්යාලයේම වැඩසටහනකට සම්බන්ධ වෙන්න.. (බෙහෙත් ගන්න කියල, හොර වෙදෙක් ලඟට ගිහින් ඇන ගත්තට ඒක ස.වි. ගෙ ප්‍රශ්නයක් මිසක් උතුම් වූ වෛද්‍ය වෘත්තියේ ප්‍රශ්ණයක් නම් නෙමේ.) දැන් කියන්න නම් එපා අපි බෙහෙත් විකුණනව කියල. මම උදාහරණයක් කිව්වෙ හොඳේ….
1 තීරුව, 10 වන ඡේදය – සිට – 2 තීරුව, 1 ඡේදය දක්වා.
ස.වි. ගෙ ලිපියට අනුව, විමසල තියෙන බැංකු නිලධාරි තුමා කියල තියෙන්නෙ පිරමීඩ ව්‍යාපාර ගැන මිසක් ටියැන්ස් ගැන නෙවෙයිනෙ…. ඇයි දන්නෙ නෑ එතුමාට නම කියන්න බැරි. නිකන් රජයේ ලියාපදිංචිව ඇති සමාගම් වලට අපහාස කිරීම ඇඟට ගුණදායක නොවන බව ස.විත ට වඩා නම් ඒ නිලධාරි තුමාට තේරෙන්න ඇති. ආයෙමත් ඇන ගත්ත නේද?
2 තීරුව, 2 වන ඡේදය.
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් ¾ කට ඔස්ටියෝපොරෝසිස් කියල වෙලඳ දැන්වීම් පුන පුනා රූපවාහිනියෙ විකාශය කරන්නෙ ශරීරයට අරක්කු මදි වෙලාද දන්නෙ නෑ. ස.වි. 8 ශ්‍රේණිය වත් පාස් ද කියල මට හිතෙනව. ස.වි. ට නම් කැල්සියම් කෙසේ වෙතත්, අරක්කු ටික නම් යහ පදමට ලැබෙනව ඇති. ඇයි ඉතින් වෙළඳ පොලේ කැල්සියම් රුපියල් 2 ට තියෙනව නම්, පුන පුනා කිරිපිටි ම බොන්න කියන්නෙ? පොඩ්ඩක් ස.වි. වල්ගෙ පාගගෙන වගේ. කඩේ තියෙන කැල්සියම් කාබනේට් පෙති ගිල්ලම බඩේ ගල් එන නිසා තමයි ඒව වෛද්‍ය අනුමැතියකින් තොරව ගන්න එපා කියන්නෙ. ඒත් ටියැන්ස් කැල්සියම් නම් 100% ක් ස්වාභාවිකයි. ලංකාව තුල අති විශාල ලෙස විකුණුම් වෙන ටියැන්ස් කැල්සියම් ගිලල එක මිනිහෙක් හරි මැරුණා කියල වාර්තාවක් නම් තාම පත්තරේක දැකල නෑ. ඒත්, ස.වි. ට නම් ඕන වෙලා තියෙන්නෙ රුපියල් 2 ට කැල්සියම් පෙති මිනිස්සුන්ට දීල බඩේ ගල් හදන්නද කොහෙද. මම හිතන්නෙ ස.වි. ගෙ ගෙදර හදන්න ගල් මදි වෙලා වගේ….