Time or Degree ?

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ------Experience ganna university onama naha. Kenek progress venna try karanakota experience enava.

    eka nevei bn kiyanne. University ekaka full time degreeyak karanakota labena experience eka. eka wena kohenwat ganna baha.

    life eka kiyanne iskole ewara una gaman job ekakata gihin wada karanna patan ganna eka nevei. e kalayedi e kalayata awashya experience eka ganin.

    mage opinion eka, OL karanna one, AL karannat one, eeta passe university ekaka full time igana ganna one. eeta passe karana one deyak karapan. one taram time tiyenawa.
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Yes. before doing courses here and there better to follow honors degree what ever filed you are interest in reputed university.
    That is value of your life. When after obtain degree you can have relavant job as well as you can study further as well
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Time flies like hell, but what we learn will never leave us.
    If you have done A/L right now or you are in 19-22 age group plus if you are a boy, then definitely go for the degree.

    Otherwise you can read for a part time degree. earning while you study is the best option.

    Have you selected for a government university ? or are you planning to do a private degree ?
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    රත්තරං;16061516 said:
    මේ මොකෙක් හරි කැම්පස් යනවා කියලා විජය කුමාරය ලංකාවට ආපු එකයි කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි ගැන ආට් ඩිග්‍රි කෑල්ලක් කරපු එකෙක් හරි, කැලනියෙන් කොලඹින් ජපුරෙන් ඔය පුද්ගලික කඩ කෑලි වලින් කිලෝ ගානට දෙන කොමර්ස් ඩිග්‍රි කෑල්ලක් කරපු එකෙක් හරි දිහා බලලා කියනවා අන්න අරූ කැම්පස් ගිහින් ජොබ් නැතුව ඉන්නවා / අන්න අරූගේ පඩිය 20000යි. කැම්පස් නොගිය එකා 40000ක් ගන්නවා කියලා. එහෙනම් මෙහෙමත් කියපන්කෝ පොල් කඩන එකෙන් දවසට 2000ක් හොයනවා. මාසෙට 60000ක්. කසිප්පු ගහලා නැති උන් නැත්නම් උනුත් මිනිස්සු. ඩොකෙක්ගේ බේසික් එකත් ඊට අඩුයි

    ඕවා බන් "දෙව්ලොව නොගිය ගමරාලලාගේ දෙව්ලොව විවරන"

    මම- රත්තරං - උස්සස් අද්යාපනයට පූර්න කාලීනව වැයකල කාලය අව්රුදු 4යි

    මම කැම්පස් යද්දී මගේ යාලුවා (කමල් කියමුකෝ ) ලීසින් කොම්පැනියක වැඩට ගියේ 18000ට
    මම කැම්පස් අවුට් වෙද්දි උගේ පඩිය 35000යි
    කැම්පස් අවුට් වෙලා මගේ පලවෙනි පඩිය 30000යි
    දකින උන්ට මාර ආතල්

    අද කමල්ගේ පඩිය 45000ක් විතර
    මගේ මාසික ආදායම දැන් උගේ අව්රුද්දේ පඩියට ටිකක් වැඩී, (පොර ටෝකක් නෙමේ, මේකේ උන් දන්නවා මම කව්ද කියලා )

    හැබැයි උගත්කම විතරක් මදි. ටැලන්ට් එකත් තියෙන්න ඕනේ. ඉස්සෙල්ලා ඉගෙනගනින් ඊට පස්සේ ඔලුව හැදුනහම ජොබක් නැතත් බිස්නස් එකක් හරි සාර්තකව කලෑකි

    ඔය මම ඉස්සෙල්ලා කිව්ව ජාතියේ ආර්ට් කොමර්ස් උපාදියකටනම් අව්රුදු 4ක් නැහෙනවට වඩා හොදා දෑතේ රස්සාවක් ඉගෙනගන්නවා

    දැන් ඔය අයියා මෙතන කියල තියන විදිහට MATHS කරලා DEGREE එකක් ගත්තොත් හරි ආර්ට් හරි COMMERCE හරි කලොත් අනාගතයක් නෑ එකනේ කියලා තියෙන්නේ වක්‍රව.

    මමනම් කියන්නේ ආර්ට් හරි COMMERCE කරලා මිනිස්සුන්ට ගොඩ යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතිව,

    ඔයාගේ පඩිය උදාහරණයට අරන් තියන හින්ද කියන්නම් ඔයා කියන විදිහට ඔයාගේ පඩිය දැන් මාසෙට ලක්ෂ 5 ට වැඩියිනේ,ඒ ඔයා ඔයාගේ අංශයෙන් ඉහලටම ගිය හින්දනේ ,දැන් ආර්ට් කරලා LAWYER කෙනෙක් වෙලා ඒ අංශයෙන් ඉහලටම ගිය කෙනෙක් සාමාන්‍යයෙන් එක නඩුවකට කතා කරන්න ලක්ෂ 15,20 ඊටත් වඩා ගන්නවා බොහෝ විශාල ව්‍යාපාර සම්බන්ද නඩු වලට එක දවසට ඔය ගාන ගන්නවා ,ඉතින් එය ආර්ට් කරපු කෙනෙක් නේ.

    තව ඔය ලංකාවේ තියන කොටස් වෙලදපොලේ REGISTER කරපු සමාගම් 225 ම මුල් පුටු 10න් 9ක්ම තියෙන්නේ COMMERCE කරලා ආපු අයටනේ ඒ අයට ඔය අයිය හිතන්නේ පඩි ලක්ෂ 5 ට අඩුයි කියලද.මුළු ලෝකෙම තත්වේ ඕකයි ,ඕනෙම ආයතනයක කළමනාකරණ කටයුතු කරන්නේ ව්ර්තිය කළමනාකරුවන්,

    ඔය NDT මග නවත්තල ඇවිල්ලා සල්ලිකාරයා වුන ධම්මික පෙරේරා 1999 දී Dr. Nadeem Ul Haque හදල දුන්න PLAN එක හින්ද තමයි තමයි මම ගොඩ ගියේ කියල ධම්මික පෙරේරම කියනවා.Dr. Nadeem Ul Haque කියන්නේ කව්ද ECON වලින් ඉහලටම ඉගෙන ගත්ත කෙනෙක් ඔය ගොල්ලෝ කියන විදිහට කසිකබල් ආර්ට් කාරයෙක් ,දම්මික පෙරේරා වුනත් ව්‍යාපාර පිහිටවලා , පරිපාලනය කරන්නේ නෑ පරිපාලනය ව්ර්තිය පිරිසකට බාර දෙනවා ENGINEERS ල නෙමේ ඒවා පරිපාලනය කරන්නේ.

    මම කියන්න හදන මුලිකම දේ තමයි ඕනේ දෙයක් DEGREE යට කරලා ගොඩ යන්න ක්‍රම තියනවා
    විජය කුවේණි ගෙන හදාරලා වුනත් ,
    ලංකාවේ නම් ඔය MATHS උණ ගොඩක් තියනවා ,o/l එකට හිටපු වුන් a/l MATHS කරනකොට අනිත් එවුන් ගණන් ගන්නේ නෑ කොලබ ඉස්කෝල වල ඕක ගොඩක් තියනවා,තව OFFICE වලත් ඕක තියනවා අම්මලා ගාව.

    MATHS,COMMERCE,ARTS,BIO ඔක්කොම ලෝකෙට ඕනේ ඒක හින්ද අනිත් විෂයන් චාටෙර් කරන එක, DEGREE ය චර්ටෙර් කරන එක නවත්තන එක තම හොදම දේ,
     
    • Like
    Reactions: mldarshana

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    දැන් ඔය අයියා මෙතන කියල තියන විදිහට MATHS කරලා DEGREE එකක් ගත්තොත් හරි ආර්ට් හරි COMMERCE හරි කලොත් අනාගතයක් නෑ එකනේ කියලා තියෙන්නේ වක්‍රව.

    මමනම් කියන්නේ ආර්ට් හරි COMMERCE කරලා මිනිස්සුන්ට ගොඩ යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතිව.....

    MATHS,COMMERCE,ARTS,BIO ඔක්කොම ලෝකෙට ඕනේ ඒක හින්ද අනිත් විෂයන් චාටෙර් කරන එක, DEGREE ය චර්ටෙර් කරන එක නවත්තන එක තම හොදම දේ,

    maths වගේ විෂයන් එක්ක ටිකක් කල් ඉද්දි ඔලුව වෙනස් වෙනවා බං.....ඒක කිව්වට තේරෙන්නෙ නෑ....කරාම තමයි ඒ වෙනස දැනෙන්නේ ඇඟට.....
    :yes::yes::yes:
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18

    maths වගේ විෂයන් එක්ක ටිකක් කල් ඉද්දි ඔලුව වෙනස් වෙනවා බං.....ඒක කිව්වට තේරෙන්නෙ නෑ....කරාම තමයි ඒ වෙනස දැනෙන්නේ ඇඟට.....
    :yes::yes::yes:

    එහෙම එකක් ඇති , මන් හිතන්නේ ඔතනදි වෙන්නේ අනිත් එවූන් හිතන් නැති විදිහට හිතීමක් වෙන්න ඇති,
    හැබෙයි lawyers ලට ,ව්‍යවසායකයින්ට ත් ඔවුන්ටම ආවේණික සිතීමක් දර්ශනයක් තියනවා,lawyers විදිහට engineers ලාටත්, engineers ලා විදිහට lawyers ලාටත් හිටන්න බෑ.ඒක ඇත්ත.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔය දෙකම වැඩක් නැ බන් ,හොද හදවතක් නැත්නම් ,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City

    maths වගේ විෂයන් එක්ක ටිකක් කල් ඉද්දි ඔලුව වෙනස් වෙනවා බං.....ඒක කිව්වට තේරෙන්නෙ නෑ....කරාම තමයි ඒ වෙනස දැනෙන්නේ ඇඟට.....
    :yes::yes::yes:
    මචං මෙහෙමයි ගණිතය වගේ විෂයක් කරද්දි ඔළුව වෙනස් වෙනවා තමා .සමහරුන්ගේ ඔළුව වැඩිවෙනවා .සමහරුන්ගේ ඔළුව ඉදිමෙනවා (මමත් ගණිතය හදාරපු කෙනෙක් ). ඒත් සමහරුන්ගේ අවංක වෙනසක් ඇතිවෙනවා .ඒක හැම කෙනාටම ලැබෙන්නේ නැහැ .ඒ වෙනස් වීම එන්නේ ගණිතය වගේ විෂයක තියෙන ව්‍යුක්ත සොභාවය සහ ප්‍රහේළිකාමය සොභාවය නිසා සිතීමේ තාර්කික බවක් ගොඬ නැඟෙනවා .ඒත් වර්තමාන ටියුෂන් ගුරුවරුන්ට පිංසිද්ධ වෙන්න ගණිතයත් සහ ඊට අදාළ අනික් විෂයනුත් ස්මරණයෙන් එහෙමත් නැත්තම් කටපාඩමෙන් පාස් වෙන්න දඟලන සොභාවයක් මත ඔය කියන තාර්කික භාවය අද වෙද්දි ගණිතය තුළුන් කෙනෙක්ට ලැබෙනවද කියන එක ගැටළුවට කාරනාවක් .නමුත් සිතීම සහ නිර්මාණාත්මක චින්තනය උසස් බුද්ධිය කියන එව්වා තාර්කික මනසින්ම නිර්මානය වෙන්නේ නැහැ .එව්වට සාහිත්‍ය ,කලාව ,සෞන්දර්‍ය ,ආගම වගේ කරුණු කාරනා කෙනෙක් තුල තියෙන්න ඕනේ .මොකද මර මතකයි අපේ ඉස්කොලේ අපි සාමාන්‍ය පෙළ කරන කාලේ මම අපේ සිංහල ගුරුවරයගෙන් ඇහැව්වා "ඇයි අපි සාහිත්‍ය ඉගෙන ගන්න ඕනේ " කියලා .මම ඒ ප්‍රශ්නේ ඇහැව්වේ පොරක් වෙන්න හිතාගෙන නෙමේ .මොකද අපි ගණිතය ,විද්‍යාව අනිවාර්‍ය සහ වැදගත්ම කියන සංකල්පයේ ඉඳන්නේ සාමාන්‍ය පෙළ කරන්නේ .ඒක නිසා තමා මම අර ප්‍රශ්නේ ඇහැව්වේ .එතකොට සර් මට දුන්න උත්තරේ තමා "සාහිත්‍‍ය්යෙන් තමා මිනිහෙක් වෙන්නේ " කියලා .මම එදා ඒක නිකන් කින්ඩියට වගේ අරං සර් ගේ උත්තරයට පොඩි ජෝක් පාරක් දැම්මා .ඒත් අද මට තේරෙනවා එදා ඒ කිව්ව දේ හරි තේරුම මොකක්ක්ද කියලා .මොකද ගණිතයට ,විද්‍යාවට හැම එකම කරන්න බැහැ .එව්වට මිනිහෙක් හදන්න බැහැ .ඒව්වට අර මම කලින් කිව්ව දේවල් ඕන කරනවා .තව දෙයක් කියන්නම් .උඹලා දන්නවා ඇතිනේ ලියනාඩෝ ඩාවින්සි ගැන .කවුරුත් දන්නේ එයාව චිත්‍ර ශිල්පියෙක් විදියට .ඒ කියන්න අද අය කියන වචනයෙන් ගත්තොත් ආර්ට් කාරයෙක් .හැබයි ඩාවින්සි ශරීරය ගැන අධ්‍යනය කරලා ඇඳපු චිත්‍ර හරහා තමා බටහිර වෛද්‍ය වරු ශරීරය අභ්‍යන්තරට ගැන හරියට දැක්කේ .මොකද ඩාවින්සි ගණිතය,විද්‍යාව වගේම කලාවත් හොඳින් හැදෑරුවා .තව ගත්තොත් ඇල්බට් අයින්ස්ටයින් කියන්නේ විද්‍යාඥයෙක් වගේම දක්ෂ වයලීන් වාදන ශිල්පියෙක් ,ඒක දන්නේ ටික දෙනෙක් වෙන්න ඇති මෙතන ඉන්න .ඉතිං අර උපාධිය මේ උපාධිය කියලා හංව්ඩු ගහන එක එච්චර හොඳ දෙයක් නම් නෙමේ .මොකද හැම විෂයක්ම වැදගත් මචං .අනික මේකත් මතක තියාගණින් අපි දැන් කියනවානේ ගණිතය හා විද්‍යාව කරන එකෙක්ගේ හිතීම වෙනස් කියලා .තව ටික කාලෙකින් ඔය ගණිතය සහ විද්‍යාව් කියන තැනට පරිඝනක ප්‍රකමන කලාව නැතහෝත් ප්‍රොග්‍රෑමින්ග් ලැන්වේජ්ස හැදෑරීම කියන දේ පත්වෙනවා .මොකද ඉස්සරහට තාර්කිකව හිතන්න පුරුදුවෙන්න නම් ගණිතය ,විද්‍යාවට වඩා කම්පියුටර් ප්‍රෝග්‍රැමින්ග් ඇවිල්ලා තියෙන්නේ .මොකද වර්තමාන නවින විද්‍යාවේ දේවාලය වෙච්ච ඇමරිකාවෙ දැන් ඒ දේ වේගෙන යනවා .හොයලා බලපන් ඒක .මම දැක්කා ඇමරිකානු රජයත් ,ඒ වගේම තොරතුරු තාක්ශනයේ යෝධයෝ වගේ වෙච්ච බිල්ගෙට්ස් ,මාර්ක් සකර්බර්ග් වගේ අය සෙට් වෙලා වෙනම වැඩ පිළිවෙලක් දියත් කරනවා .හැබැයි උන් කියන්නේ නැහැ ගණිතය විද්‍යාව කරන්න එපා කියලා .මොකද එකත් ඕනේ .එත් අර සිතීමේ වෙනස ඒගොල්ලෝ දැන් ඇති කරන්න යන්නේ ගණිතය හරහා නෙමේ .එකයි මම කියන්න හැදුවේ .apea රටෙත් වෙනස් වෙයි කියලා මම හිතනවා .:yes::yes::yes::yes::yes::yes:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    What is more important ? For getting a degree at least 4 years. That is a considerable big time. What is more important ? Time or Degree ? Please express your wise ideas about this question.

    ඔය ප්‍රශ්නේට උත්තරේ තියෙන්නේ ඔයා උපාධිය හදාරලා අවසානයේ බලාපොරොත්තු වෙන අරමුණ මොකක්ද කියන එක මතයි. තමන් බලාපොරොත්තු වන ක්‍ෂේත්‍රයේ පරතෙරට යන්න මූලික අධ්‍යාපන සුදුසු කමක් විදියට උපාධිය පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් කවදාවත් ඒ අවුරුදු 4 හෝ 5 අපතේ යන්නේ නැහැ. නැතුව නමට උපාධියක් කරන්න යනවා නම්, තමන් ඒක කොහෙත්ම පාවිච්චි කරන්නේ නැති බව දැන දැනම ඒක කාලය අපතේ යැවීමක්.

    උපාධියක් කරන්න අවස්ථාවක් ලැබිල තියනවා, නමුත් ඔයාට අදහසක් නැහැ අවසානයේ මොකක් වෙයිද කියල. උපාධියක් කරලා ගොඩ ගිය හැම කෙනෙක්ටම වගේ එයාලගේ ජිවිත වල නොසැලෙන අරමුණු තියනවා. මොන දේ උනත් තමන්ගේ plan එකෙන් පිට නොයන ස්ථාවරයක් තියෙනවා. ඔයා campus එකට bus එකේ යනකොට ඔයාගේ යාළුවො car එකකින් වැඩට යනවා සහ මුදල් අතින් යහපත් තත්වයක් තියෙන දේ දකිනකොට ඒ කට්ට කන්න ඔයාගේ හිත ශක්තිමත් වීම මෙතනදී අත්‍යවශ්‍යයි. මොකද ඔයා බුද්ධිමත් විදියට ඔයාගේ උපාධිය පාවිච්චි කලොත්, සහ අවුරුදු 6ක් 7ක් ඉවසුවොත්, ඔයාට ලැබෙන දේ දස ගුණයකින් ඉහල වෙන්න පුළුවන්.

    උපාධියක් රහිත ඉහල ව්‍යාපාර වල හිමිකරුවෝ ඉන්නවා ඕනේ තරම්. එත් ඔයා උපාධිය ගන්න වුනු මහන්සිය වගේ සිය දහස් ගුණයක් ඒ මිනිස්සු තමන්ගේ ව්‍යාපාරය ගොඩ නගා ගන්න දවල් රෑ නැතුව මහන්සි වෙනවා. එලියට ඇවිදින් කෝටි ගණන් වාහන වල නැගල සැපට යනවා අපට පෙනුනට ඒ මිනිස්සු දවල් රෑ දුක් විදිනවා ඒ සල්ලි ආරක්ෂා කරගන්න. ඒ සදහා ඔයාට ඉහල බුද්ධියක් තිබිය යුතුයි. හොද කාර්යශුර පුද්ගලයෙක් විය යුතුයි. ඒ හන්ද උපාධියකදී හදාරන මූලික දැනුම සහ එතනදී ලැබෙන සමාජ අත්දැකීම් රැකියාවකදී ප්‍රයෝජනවත් කරගන්න තරම් ඔයා බුද්ධිමතෙක් නම් ඒ තරම් මානසික පිඩනයකින් තොරව ඔයාටත් යහපත් ජිවන තත්වයක හිමි කාරයෙක් විය හැකියි. උගත්කමයි බුද්ධිමත් කමයි අතර ලොකු වෙනසක් තියනවා. අපේ campus වලින් පිටවෙන බහුතරයක් නංගිලට මල්ලිට තියෙන්නේ උගත් කම විතරයි බුද්ධිමත් කම හෙවත් මොළේ හරියට පාවිච්චි කිරීම කියන එක දන්නේ නැහැ. ඒකයි එයාල රැකියාවල් ඉල්ලගෙන පෙළපාලි යන්නේ. මොළේ තියන හිතේ හය්ය තියන එක උපාධිකරයෙක්වත් කාගෙන්වත් රැකියාවල් ඉල්ලලා හිගා කන්නේ කන්නේ නැහැ. තමන්ව demand කරලා රැකියාවල් ලබා ගන්න තත්වෙට පත්වෙනවා. ඒකට ඒ මිනිස්සු ලග තමන්ට ආවේනික උනු දීර්ග කාලින සැලසුම් තියනවා. වටේ පිටේ මිනිස්සුන්ගේ කතා අහල සැලෙන්නේ නැති පිට කොන්දක් තියනවා. හොද ඉවසීමක් තියනවා. හොද ඉවසීමක් නැති මිනිහෙක්ට කවදාවත් දියුණුවේ ඉහලටම යන්න බැහැ. ඔයාටත් එහෙම හැකියාවක් තියනවා නම් උපාධියක් කරලා තමන්ගේ සැලසුමකට වැඩ කරලා එතෙන්ට එන්න. වටිනා අදහස් "රත්තරං" මල්ලි ඇතුළුව තව කීප දෙනෙක් මේකේ දීල තිබුන.

    මමත් අවුරුදු 10ක් විතර කාලයක් උසස් අධ්‍යාපනය වෙනුවෙන් කැප කරලා (අනික් මිනිස්සුන්ගේ නොයෙකුත් කියමන් මැද්දේ) අද මගේ හීන සේරම හැබෑ කරන් ජිවත් වෙන කෙනෙක්.මම දැක්ක කෙනෙක් කොතැනක හරි කියල තිබුන ලංකාවේ උපාධිය හරහා ඉගන ගෙන ඒවා practically use කරන දේ වෙන්නේ අඩුවෙන් කියල. නමුත් ලංකාවේ ආචාර්ය උපාධිය සදහා සුදුසු අන්තර්ජාතිකව පිළිගන්න පර්යේෂණ කෙරෙනවා. මම විද්‍යා අංශයෙන් ඉගන මගේ ආචාර්ය උපාධිය ලංකාවේදී සම්පුර්න කළේ. නමුත් ඒ සියලුම සුදුසු කම් ඇමෙරිකාවේදී පිළිගත්තා. ලංකාවේ විද්‍යා අංශ වලින් ආචාර්ය උපාධි සහ අනිකුත් පර්යේශන වලට පහසුකම් තියනවා. හොද තත්වයේ පරයේශන සිද්ද වෙනවා. මේ හැමදේකටම අපි ඉගන ගන්න මූලික සිද්දාන්ත පාවිච්චි වෙනවා. අපිට මුදල් ප්‍රතිපාදන සහ උසස් විද්‍යාගාර පහසුකම් අඩුයි. සාමාන්‍ය උපාධිය හදාරන අවධියේදී මේ ගැන කරන දැනුවත් වීම් අඩුයි. ඒ සදහා හීන මවන දිගු සැලසුම් සහ ඉතා ඉහල ඉවසිඉමක් සහිතව කට්ටක් කන්න පුළුවන් ඉතා සීමිත උපාධිධරියන් පිරිසක් පමණයි මේ මාර්ගයට පිවිසෙන්නේ.

    හැමදේම තීරණය වන්නේ තමන්ගේ අරමුණු මතයි. කිසිම දෙයක් වැඩකට නැති වෙන්නේ නැහැ තමන් කරන දේ 100%ක් කැප වීමෙන් කරනවා නම්. අනික් මිනිස්සු දිහා බලල තමන්ගේ ජීවිතය තීරණය කරන්න එපා. මුලින්ම තමන්ගේ හැකියාවන් සහ අවශ්‍යතා හදුනාගන්න. ඉන් පසු දිගු කාලින සැලසුමකට අනුව එක අරමුණක පිහිටලා නොපසුබට උත්සාහයෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන්න. ඕනෙම වෙලාවක අවදානම ගන්න පුරුදු වෙන්න, තමන්ව විශ්වාස කරලා. කාලය අපතේ යවන්නේ නැතුව තීරණ ක්‍රියාත්මක කරන්න.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540

    ---Degree eka gatthu samahara ayata thaman igena gatthu deya useful venava. Namuth degree eka gatthu godak denekuta thaman igena gatthu deya job eka karana kota useful venne naha, Mama kiyanne university ekedi igena gatthu godak theory. godak degree holders lata useful venne naha. Teachers la harunama, anith degree professionals la godak denek ,engineering degree ekak thibunath , karanne job ekata, sevaya karana thana, MANAGEMENT ekak ADMINISTRATION ekak. Hamoma neve, namuth goda denek. Work karana place eke effectively vada karanne, degree nathi unath parana experience aya nedha? Samahara velavata, o-level pass experienced technician, Degree thiyena engineer ta vada useful venava. Mama proofs dennam, samahara velavata engineers lath goda enne , experienced technician ge help eken.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,639
    1
    57,747
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩිග්‍රි ඕනෙ නැහැ. නැකතක් හදාගෙන බොරු අනාවැකි දෙක තුනක් කියන්න පුරුදු උනා නම් ජෝතිසකාරයෙක් වෙලා මහ රජ්ජුරුවන්ටත් උපදෙස් දෙන්න පුලුවන්.:shocked::shocked: