රහසේ ඔත්තු බැලූ විදෙස් බුද්ධි ප්‍රධානියකු මෙරටින් නෙරපයි
ප්‍රබල බුද්ධි සේවාවන් විසින් මෙරටට එවා තිබූ සිව් දෙනකුගෙන් යුත් චරපුරුෂයන් කණ්‌ඩායමක ප්‍රධානියා අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා බුද්ධි අංශ ඔහු වහාම මෙරටින් පිටුවහල් කර ඇත. මේ බුද්ධි කණ්‌ඩායමේ ප්‍රධානියා අල්ලාගෙන ඇත්තේ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී යාචක වෙස්‌ගෙන සැරිසරණ අවස්‌ථාවේදීය.සිව් දෙනකුගෙන් යුත් විදේශ බුද්ධි කණ්‌ඩායම තමන් හමුවීමේ ස්‌ථානය ලෙස තෝරාගෙන තිබුණේ විහාරමහා දේවි උද්‍යානය යෑයි රජයේ ඉහළ පෙළේ බුද්ධි අංශ ආරංචි මාර්ග අනාවරණය කළේය.
මෙම සිව් දෙනාගේ චරපුරුෂ කණ්‌ඩායම මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් වශයෙනි.අග්නිදිග ආසියාවේ රටක් ශ්‍රී ලංකාව තුළ සිදුකරන කටයුතු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම මොවුන්ට පැවරී තිබුණි.
Source:lankacnews