මම අහල තියන විදියට cvt gearbox එකේ gears වෙනම නැහැ. එකේ තියෙන්න එකම එක gear එකයි. එකයි අපිට මේ කාර් වල යනකොට පරණ auto gear ඒවගේ වගේ gear මාරු වෙනවා තේරෙන්නේ නැත්තේ. හැබැයි gear ratios වෙනස් වෙනවා s හා d වලදී. s එක තියෙන්නේ ඔවෙර්ටකින් වලට. එකට ස්පෝර්ට්ස් mode එක කිවත් අවුලක් නැහැ. මොකද s එකට දැම්මම gear ratios වෙනස් වෙලා ඉන්ස්ටන්ට් pickup එක වැඩි වෙනවා. හැබැයි turbo එහෙම මේ engines වල එන්නේ නැහැ. මේ variable gear ratios හින්දා තමයි cvt කාර් manual gear ඒවා ගානටම පෙට්රෝල් වැඩ කරන්නේ. අපි අඩුවෙන් gas දෙනකොට එය ඒක sense කරලා වැඩි gear එකකට දාගන්නවා මේ විදියට. ඒ කියන්නේ අපි manual එකක 5th එකේ දාල 40ට යනවා වගේ තමයි. ඕනි නම් මේක බලන්න පුළුවන් ඉන්ස්ටන්ට් fual economy guage එක දිහා බලාගෙන 40 ට යන ගමන් හිමින් හිමින් gas එක අතහැරලා අයෙත් තිබ්බ මට්ටමට වඩා ටිකක් අඩුවෙන් එත් එක ගානටම තියාගෙන ඉන්න. මම allion 260 එකක මේ විදියට ගිහින් 32km/l අරන් තියෙනවා. පුරුදු වුනාම 40 ට යන්න ඕනි නැහැ 60 / 70 අතරේ යන්න පුළුවන්. හැබැයි 32 ගන්න මම ගියේ 55ට විතර.