ජපානයෙ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ටොයෝටා මෝටර් රථ සමාගම මාර්තු 16 වෙනිදා සිට ජපානය තුළ කරන සියලුම නිෂ්පාදන කටයුතු නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.ඔවුන් මෙම තීරණයට ඵළඹ ඇත්තේ පසුගිය සිකුරාදා දින ජපානය තුළ හටගත් සුනාමි තත්වයෙන් සිය සමාගමේ නිෂ්පාදනාගාරයන්ට සිදු වූ අලාභහානි සැලකිල්ලට ගෙනයි.මේ අනුව ජපානය තුළ පවත්වාගෙන යන්නා වූ toyota සමාගමේ නිෂ්පාදන කම්හල් 12 ක් මෙසේ වසා දැමීමට නියමිතයි.ඵමෙන්ම වාහන 40000 කින් පමණ සිය නිෂ්පාදන කප්පාදු කිරීමටත් ඔවුන් සූදානමින් සිටිනවා.ටෝකියා කොටස් වෙළෙදපොල තුල සිය වෙළෙද පුතිශතය 7.7% කින්ද නිව්යෝර්ක් කොටස් වෙළෙදපොල තුළ වෙළෙද පුතිශතය 6.1% කින් ද ටොයෝටා සමාගමේ වෙළෙදපොල මේ වන විට බිද වැටී ඇති බව වාර්තා වෙයි.මේ අතර ඉදිරි කාලය තුළදී ජපන් වාහන වල මිල ගණන් ඉතා ඉහළ යා හැකි බව විදෙස් ආර්ථික විශ්ලේෂකයින් පවසා සිටියි.
උපුටාගැනීම
උපුටාගැනීම
Code:
http://**************.blogspot.com/2011/03/blog-post_14.html
Last edited by a moderator:




mu thread eka dala thiyenne plant close kala wage..