මම ඔයාලාට දැනගන්නත් එක්ක මේක ගැන පොඩි විස්තරයක් කරන්නම්... 
මේ vehicle එකට battery දෙකක් සහ එක engine මක් තියෙනවා. එකක් 12V Battery එකක්, එක තියෙන්නෙ bulb වලට, starter motor, Break System වලට සහ අනෙකුත් පොඩි පොඩි වැඩ වලට තමයි තියෙන්නෙ.
අනෙක් battery එක තියෙන්නෙ engine එකත් එක්ක වැඩ කරන්නයි. එ battery එක හැමෝම දැකල තියෙන battery එක වගේ පොඩි battery එකක් නෙවේ.
Vehicle එකේ පිටිපස්සෙ තියෙන sheet එකේ size එකට තමයි හදල තියෙන්නෙ. ඒ කියන්නෙ, අපි ඉදගත්තහම sheet එකට හේත්තු වෙන aria එකේ තමයි සවි කරල තියෙන්න. Battery එකේ normally 500V වගේ out කරනව. එ out කරන voltage එක 250V-230V වලට convert වීමක් වෙනව. Convert කරන inverter unit එක තියෙන්නෙ vehicle එකේ ඉස්සරහ, engine එකත් එක්ක. Vehicle එකේ gear box එකට තියෙන්නෙ, motors වලින් සමන්විත gear පද්ධතියක්. වෙන vehicle වල දැකපු gear box එකක් මෙකෙ දකින්න නෑ.
මේ vehicle එක drive කරද්දි vehicle එක drive වෙන විදිය මම ටිකක් පැහැදිලි කරන්නම්.
මේකෙ තියෙන petrol engine එකෙන්, HV battery (Hi Voltage Battery) එක charge කිරීමක් සිදු කරනවා. Battery එක full charge උනාට පසුව engine එක automatically off වෙලා, HV Battery එකෙන් vehicle එක ධාවනය වෙනවා. Battery එකේ power එක අඩු වෙනවත් එක්කම, engine එක automatically on වෙනවා. එහෙම on වෙද්දි අපේ කනටවත්, ඇගටවත් දැනෙන්නෙ නෑ. ඊට පසුව නැවත battery එක full charge උනාට පස්සෙ, නැවත engine එක off වෙලා HV battery එකෙන් vehicle එක ධාවනය වෙනවා. ඔය විදියට තමයි මේ vehicle එක ධාවනය වෙන්නෙ. දැනට හදල තියෙන 2011 model එකේ hood එකට solar panel එකක් fix කරල එනවලු, එකෙන් තමයි HV Battery එක charge කරන්නෙ. දැනට ගෙන්නලා තියෙන prius vehicle එක petrol ලීටර් එකකින් Km 30 ක් 35 දුර යන්න පුලුවන්. Solar panal එකක් දාල අවහම, හිතාගන්න බෑ petrol කොහොම වැඩ කරයිද කියලා…
වෙන vehicle repair කරන කෙනෙකුට, මේ vehicle එක ගැන නොදැන repair කරන්න බෑ. මම මේකෙන් අදහස් කලේ, මෙකෙ තියෙන bulb එකක් එහෙම change කරන්න බෑ කියල නෙවේ, මෙකෙ engine trouble එකක් එහෙම හදන්න ගියොතින්, අනිවා… current එක වදිනවා…
මේක repair එකකදි, dickey එක open කලාට පස්සෙ, තියෙනවා පොඩි රතු පාටින් දාලා, අතින් ඇදල ගන්න පුලුවන් කොටසක්. අන්න ඒක හොයල ගලවල ගත්තට පස්සෙ බයවෙන්න දෙයක් නෑ.
මේ vehicle එක TOYOTA company එකේ repairing ඇරුනු කොට, පිට නිවැරදිව repair කරන්න දැනට ලන්කාවෙ ඉන්නෙ එක්කෙනයි, එයත් අපිත් එක්කම TOYOTA එකේම හිටුපු කෙනෙක්. මේ vehicle එක හදපු කාලෙ, ඒ කියන්නෙ, prius vehicle එක TOYOTA එකෙන් එලියට දාන්නත් ඉස්සෙල්ලා, එ අයියාව ලන්කවෙ TOYOTA company එකෙන් Japan යවලා මේකෙ හැම technique එකක්ම ඉගෙන ගෙන එන්න එයාව යැව්වා. එයා ලන්කාවට අවිල්ල, තමයි අපිට මේ ටික කියලා දුන්නෙ.
මේ vehicle ලන්කාවට ගෙන්නන එක තහනම් කරන්න හදනවයි කියලා අහන්න ලබුනා, ටික ටික හොයාගෙන යද්දි දැනගන්න ලබුනෙ, මේ vehicle එක accident එකකදි ගිනිගන්නවලු…
එහෙම ගිනිගන්න මූලික හේතුව නම්, එකෙ තියෙන HV battery එක petrol tank එක ලගම පිහිටිමයි… ජපන්නු ඔකටත් පිලියමක් හදල එවයි… 
Last edited: