Toyota Prius

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    TOYOTA PRIUS කියන්නේ ලංකාවේ මෙන්ම
    වෙනත් රටවල් වලත් HYBRID තාක්ශණය තුලින් ප්‍රචලිත වුණ වාහනහක්.
    PRIUS HYBRID 3වන පරම්පරාවේ රථයේ PHV (PLUGGING HYBRID) හෙවත් විදුලියෙන් ආරෝපනය කල හැකි වාහනයක් හදුන්වා දුන්නා. නමුත් මේ වාහනයේ නිශ්පාදන කටයුතු 2015 වසරේ නවතා දැමුවා. ඒ වුනත් 2017 පෙබරවාරී 17 වන දින නවතම PHV PRIUS රථය ජපානයේ TOYOTA සමාගම කටයුතු කලා.
    නවතම PRIUS PLUGGING HYBRID රථය ඉතා ඉහල ධාරිතාවයකින් යුත් LITHIUM IORN බැටරියකින් යුතු වන අතර පැවති රථයට සාපේක්ශව ඉතා ඉහල ඉන්ධන කාර්‍යක්ෂමතාවකින් යුතු වනවා. තුන්වන පරම්පරාවේ PRIUS PHV රථය නියමිත තත්ව යටතේ විද්‍යුත් බලය සහිතව ලීටරයකට 68.2KM ධාවනය කල හැකි වූ අතර නවතම රථය විද්‍යුත් බලයෙන් එනම් ඉලෙක්ට්‍රික් වාහනයක් ලෙස 135KM ද 1.8L එන්ජිමේ බලයෙන් 37.2KM ද ධාවන හැකියාව ඇත.
    වැඩි දියුණු කරන ලද මෙම රථයේ බැටරිය 100v/6A යටතේ සම්පූර්ණ ආරෝපණයට පැය 14ක් ගත වන නමුත් 200v/16A යටතේ සම්පූර්ණ ආරෝපණයට ගත වන්නේ පැය 2ක් හා මිනිත්තු 20ක් පමණි.
    නවතම PRIUS PHV රථයට SOLA PANNEL තාක්ශණයද හදුන්වාදී ඇති අතර එම ආරෝපණයෙන් පමණක් දිනකට 2.9KM-6.1KM දුරක් ධාවනය කල හැකි බව TOYOTA සමාගම දක්වා තිබේ.
    LED ප්‍රධාන ලාම්පු 4කින් සමන්විත වන අතර ඉදිරියේ ඇති වාහන වල පසුපස ලාම්පු හා ඉදිරියෙන් එන වාහන වල ප්‍රධාන ලාම්පු හදුනාගැනීමේ හැකියාවෙන් යුක්ත වේ.
    PRIUS PHV නව රථයේ S GRADE හැර අනෙක් රථවල ඇතුලත අගල් 11.6 ප්‍රමාණයේ තිරයක්ද, T- CONNECTED SD NAVIGATION ඇතුලත් වේ. T-CONNECTION හරහා රථයේ බැටරි තත්වය හා ලඟම ඇති බැටරි ආරෝපණය කරගත හැකි ස්ථාන රියදුරුගේ ජංගම දුරකථනයට ලබා දේ.
    TOYOTA JAPAN සමාගම මෙම නවතම මෝටර් රථයට SAFETY SENSE C වෙනුවට SAFETY SENSE P හදුන්වා දී ඇති ඇතර සමාගම මසකට රථ 2500 නිශ්පාදනයට අපේක්ශා කෙරේ.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    2017-toyota-prius-prime-plug-in-inline-1-photo-667265-s-original.jpg


    prius prime 2017 එක මෙහෙට එනකොට ලක්ෂ 95ක් වත් වෙයි නේද?
     
    Last edited:

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මොනා කරන්නද, දුක තමයි. පොටෝ බලා සැනසීමක් තමයි කරන්න වෙන්නේ.