TOYOTA VVT-I Engine

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ඔන්න අද පොඩි වෙනසක් කරන්න හිතුනා. හැමදාම වාහන වල පිට පෙනුම කෙරෙහි අවදානය යොමුකරපු නිසා. ටිකක් අභ්‍යන්තරය ගැන කියන්න හිතුනා. වෙනමුකුත් නෙමෙයි. වාහනේක හදවත බදු එන්ජිම ගැන තමා අද කියන්න යන්නේ.


2009-toyota-corolla-altis-dual-vvti-engine.jpg


අපි කවුරුත් අතර ප්‍රසිද්ද
VVT-I ( Variable Valve Timing with intelligence ) නාමය TOYOTA සමාගම සතු වටිනා තාක්ශනයක් . 1991 කරලියට එන VVT තාක්ෂනය නව මුහුනුවරක් ගන්නේ 1996 දි . ඒ පෙර තිබු තාක්ෂනයට "I" අකුරක් එකතු කරලා. මේක නිකන්ම නිකන් "I" අකුරක් නෙමෙයි. හරි වටිනවා. මේකෙන් කියවෙන්නෙ intelligence කියන එකයි .


වාහනයේ ඇති
Sensor එකක් ආදාරයෙන් එ අවස්තාවේ වාහනේ පවතින්නේ
ධාවන තත්වයෙද, එකතැන නවත්වලද , මොන ගියරයේ කොපමන බරක් අදිනවද කියලා මේ Sensor එක මගින් තීරනය කරලා එන්ජිම තුලට යන ඉන්ධන ප්‍රමානය වෙනස් කරනවා.බොහොම පිරිමැසුම් දායි ඉන්දන ධහනයකට වග කියන මේ තාක්ෂනය නිසා ප්‍රසිද්දියට පත් උන වාහනේ කවුරුත් දන්නවනේ .Toyota Corolla 121 . වැරදිලාවත් කවුරුත් කියන්නේ නැහැ Corolla 121 එකෙ පෙට්‍රොල් කෙරන්නේ නහැ කියලා:P:rofl: . එකට හේතුව තමා මේ මාදිලියේ වාහන වල එන VVTI engine එක :) . පසුකාලීනව VVTI තාක්ෂනය තවත් දියුණු කරලා DUAL VVTI (DVVTI)කියන තාක්ශනය හදුන්වලා දුන්නා. මෙහිදී පිවිසුම් සහ පිටාර වෑල්ව කියන ස්ථාන දෙකේදිම ඉන්දන ඉතුරු කරලා දෙනවා...:cool::cool:


පල්ලෙහා තියෙන Video එකෙන් බොහොම සරල විදිහට VVTI එන්ජිමක ක්‍රියාකාරිත්වය පෙන්නනවා. පිරිමැසුම් දායී විදිහට ඉන්දන දහනය වෙන්නෙ කොහොමද කියන එක මෙකෙන් තෙරෙයි. තව ගැබුරට හදාරන කෙනෙකුට මේ ඔස්සේ ගිහින් YOU TUBE වල තියෙන Vidio බලන්න පුලුවන්




Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl: