*උපුටාගැනීමකි.*
ශ්‍රී ලංකාවේ .....
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන පිරිස...
පිං පඩි කාරයින් වේ..
(මොකද ඔවුන්ට කඩවල් වලින් බඩු දෙන විට බදු අඩු කරන බැවිනි)
පිටසක්වල ජීවීන් වේ...( ඔවුන්ට වෘත්තිය ගැටලු තිබිය නොහැක, අවම මූලික වැටුපකට වහල් සේවයේ නිරත විය යුතුය )
විශ්වකර්‍මයන් විය යුතුය..( මොකද අවුරුදු ගනන් පරණ සේවයෙන් ඉවත් කල යුතු මට්ටමේ ඇති දුම්රියන් කවදාවත් නොකැඩෙන සේ සකස් කර ධාවනය කරවිය යුතුය ..)
පිටවල් ගෝන හං විය යුතුය ..( මොකද ලංකාවේ සිටින විශාරද මට්ටමේ බහුසෘත සුවහසක් මගී ජනතාවගෙන් ගුටි කෑමට හා බැනුම් ඇසීමට සැදී පැහැදී සිටිය යුතුය..)
නමුත්...
දන්නවද..?
අවුරුදු ගනන් ඉවත් කල යුතු මට්ටමේ පීලි ඉතා අමාරුවෙන් පිළිසකර කරමින් මාර්ග හා කර්මාන්ත අංශයේ බිම් මට්ටමේ සේවකයින් ඉතා දුශ්කර සේවයක දිවා රෑ නිරත වෙන බව..(මිලදී ගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න )
දුම්රිය රියදුරු මහතුන් හා නියාමක මහතුන් එක දුම්රියකින් බැස අනෙක් දුම්රියට තේ එකක්වත් නොබී සේවයට යෙදෙන බව... (බදවාගැනීම් කරන්නේ ඔවුන් නොවන බව සලකන්න)
තමන්ගේ බිරිද, දරුවන්,දෙමව්පියන්ට හදිසි අනතුරක් හෝ අභාවයක් සිදුවුවහොත් කෙනෙක් ඇවිත් මුදවාලන තුරු අකන්ඩ සේවයක දුම්රිය ස්ථානාධිපති වරුන් සේවය කල යුතු බව ... ( එසේ නොවන්නේ ඔවුන් පිටසක්වල ජීවීන් බැවිනි ..)
දුම්රියක් ප්‍රමාද කර හෝ ආරක්ෂාව උපරිම දීමට හා දිවා රෑ දෙකෙහි නිදි වරිතව මෙහෙයුම් කටයුතු කරන දුම්රිය පාලක මහතුන්ගේ අසීරු රාජකාරිය ..( එහෙම වෙන්නේ නැත.. මොකද ඒ ඔපිස් AC කරලය)
පොඩ්ඩ බැරි වුනාම රෙද්ද උස්සගෙන එන අය පමණක් දැනගන්න..
අපිට වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීමට HR අංශයක් නැත..ඇත්තේ වෘත්තීය සමිති පමණි.
නිසි කලට උසස් වීම් නැති කමින් සේවකයින්
දැඩි පීඩනයකින් රාජකාරි වල නිරත වේ....
ඔබලාගේ පැත්තෙන් දුම්රිය ප්‍රමාද වීම.. වර්ජන වැරදි ලෙස පෙනේ..
දුම්රිය ප්‍රමාද වනවාට අපත් පොඩ්ඩක්වත් කැමති නැත..
වර්ජන කිරීමටත් කැමති නැත...
නමුත් එතනට අපව තල්ලු කරන තැන් වලින් ප්‍රශ්න කිරීමට හෝ පහර දීමට එකදු වීරයෙක්වත් නැත.. අතට අහුවෙන එකාට පහර දීම පසෙක තබා දුම්රිය මේ තැනට තල්ලු කරපු උන්ව සොයා පහර දෙන්න පෙල ගැසෙනවනං....
එකෙන්ම අපිත් එතන....
මොකද මං දුම්රිය දෙපාර්තමේන්තුවට .. මේ රටට පට්ට ආදරෙයි...




