Trance (2020) Sri Lankan Version

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    ට්‍රාන්ස් කියන ෆිල්ම් එක බැලුවම තේරෙනව සමහර චරිත එක එක මිනිස්සුන්ගෙ වුවමනාවට සහ අතකොළුවක් විදියට ගොඩනැගෙන චරිත කියන එක. ඇත්තටම කිව්වොත් ලංකාවෙත් පහුගිය කාලය ඇතුලත මේ වගේ චරිත කීපයක් ගොඩනැගුන කියන එකයි මගේ පෞද්ගලික මතය. සමහරවිට මම වැරදියි කියල ඔයාල හිතාවි. ඒත් මට හිතට දැනෙන දේ මම කියන්නෙ මට කිසිම වාසියක් හෝ ලාභයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.
    කාලයක් පිටිදූවේ සිරිධම්ම විදියට මහණදම් පුරපු හාමුදුරුවො නමක් ඇත්තටම සමාජය ඇතුලෙ අයිකන් එකක් වුණේ ස්වාධීන රූපවාහිනියෙ විකාශය වුණු දොරමඩලාව කියන වැඩසටහන නිසා. ඇත්තටම ඒ උන්නාන්සේ සමහර කරුනු තෝරල බේරල දුන්න විදිය බෞද්ධයො විතරක් නෙවෙයි අනිත් ආගම්වල අය වුණත් ධනාත්මක විදියට දකින්න ඇති කියන එක මම විශ්වාස කරනවා. කොහොම වුණත් එක පාරටම මේ උන්නාන්සේ රට චාරිකාවක වැඩල කොහෙදෝ මන්ද කැලයක් අස්සෙ ටීෂර්ට් ඇඳගෙන ගත්ත පින්තූර ටිකක් නිසා තමයි ආයෙත් සමාජයෙ කතා බහට ලක්වෙන්න ගත්තෙ සහ මාතෘකාවක් බවට පත්වුණේ. කොහොම වුණත් මේ ටීෂර්ට් කතාවෙන් පස්සෙ උන්නාන්සෙ මිනිස්සු අතරට එන්නෙ වෙනම චරිතයක් විදියට අරහත් යන නාමයකුත් ඉස්සරහට උන්නාන්සේ විසින්ම ආරෝපණය කරගෙන. කොහොමහරි මේ කාලයෙ මමත් උන්නාන්සේව හැබැහින් දැකගත්ත කිහිපවතාවකදි. ඒ සෑම අවස්ථාවකදීම වගේ මම හොඳින්ම දැකපු දෙයක් තමයි මේ උන්නාන්සේට අසුන් පනවල තිබුණෙ අනිත් හාමුදුරුවරුන්ට වඩා පිටුපසින්. ඒ වගේම මම හොඳින්ම දැකපු එක කාරණයක් තමයි මේ උන්නාන්සේ අනිත් හාමුදුරුවරුන්ට වැඳගෙන, ගෞරව කරගෙන තමයි පිටුපස අසුනේ වාඩිවෙන්නෙ කියන එක. මට හොඳටම නෝට් මේ උන්නාන්සෙ වඩින උත්සවවලට ගොඩක් වෙලාවට නාකි මයිනත් එනව.
    දැන් මට හිතෙන දේ කියන්නම්. මම දකින විදියට මේ සමන්තභද්‍ර කියන්නෙත් මයිනලගෙ නිර්මාණයක්. මයිනලගෙ කළු සල්ලි සුදු කරන්න භාවිතා කරන මනි ලොන්ඩරින් මැෂින් එකක්. ඒ වගේම මයිනලට ඕනි විදියට මිනිස්සුන්ගෙ ඔළු හෝදන්න යූස් කරන තවත් එක ඉත්තෙක්. උමන්දාව කරගෙන යන්න හමුදාවෙනුයි, විශේෂ කාර්ය බලකායෙනුයි දෙනව වගේ සහයෝගයක් ඇයි රටේ තියෙන අනිත් පන්සල්වලටත් නොලැබෙන්නෙ? ඇයි අසරණ ගොවියන්ට එහෙම සහයෝගයක් නොදෙන්නෙ?
    දැනටත් මුදල් බැරකරන්න කියල පිටිදූවේ සිරිධම්මගෙ නම තියෙන එකවුන්ට් එකක එකවුන්ට් නම්බර් එකක විස්තර යූටියුබ් වීඩියෝ අස්සෙ ප්‍රදර්ශණය කරන්නෙ, එයාගෙ එකවුන්ට් එක රහත් වෙලා නැති නිසාද?
    ඉතිහාසය විපරම් කරල බැලුවම තේරෙනව මේ චීවරධාරියා මොන වගේ නාටකයක්ද නටන්නෙ කියල. රහත් වුණත් ජේවීපී එක, අරගල කාරයො සහ නාකි අම්මන්ඩිල එක්ක තියෙන්නෙ පුදුම වෛරයක්. ඉරාජ්ට, නාකි මයිනට, පොඩි මයිනට, වගේම චන්දිමාල්ල වගේ පඩ ෂෝ එකට සල්ලි විසිකරන එවුන් කෙරේ තියෙන්නෙ පුදුම ආදරයක්.
    ඇත්තටම මේ මනුස්සය රහත්නම් කිසිම කාරණයකදි මුදල් පෙරමුණු කරගන්නෙ නෑ. තමන්ගෙ සුඛය ගැන මේ තරමට හිතන්නෙත් නෑ. ඒක අපේ සමහර හරක්ට තේරෙන්නෙත් නෑ, මේ යකා ගහල තියෙන තෙලේ හැටියට.
    අපිට රට දාල යන්න හිතෙන්නෙ මේ රටේ ප්‍රශ්ණයක් නිසා නෙවෙයි. රටේ ඉන්න මෙන්න මේ වගේ රට කන මරිමෝල් මිනිස්සුයි උන්ගෙ පස්සෙන් යන බත්කන හරක් රැලයි නිසා.
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    Kalu salli sudu kerana widiya mata poddak pahadili karapan saralawa?
    කළු සල්ලි උමන්දාවට ඉන්වෙස්ට් කරනව. උමන්දාවට ලැබෙන ආධාර අනිත් පැත්තෙන් අදිනව.. එතකොට සුදු වෙනව. සරලයි නේහ්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,210
    164,303
    113
    එකමත් එක රටක
    ඇත්තටම ඒ උන්නාන්සේ සමහර කරුනු තෝරල බේරල දුන්න විදිය බෞද්ධයො විතරක් නෙවෙයි අනිත් ආගම්වල අය වුණත් ධනාත්මක විදියට දකින්න ඇති කියන එක මම විශ්වාස කරනවා. කොහොම වුණත් එක පාරටම මේ උන්නාන්සේ රට චාරිකාවක වැඩල කොහෙදෝ මන්ද කැලයක් අස්සෙ ටීෂර්ට් ඇඳගෙන ගත්ත පින්තූර ටිකක් නිසා තමයි ආයෙත් සමාජයෙ කතා බහට ලක්වෙන්න ගත්තෙ සහ මාතෘකාවක් බවට පත්වුණේ. කොහොම වුණත් මේ ටීෂර්ට් කතාවෙන් පස්සෙ උන්නාන්සෙ මිනිස්සු අතරට එන්නෙ වෙනම චරිතයක් විදියට අරහත් යන නාමයකුත් ඉස්සරහට උන්නාන්සේ විසින්ම ආරෝපණය කරගෙන...

    ඇත්තටම මේ මනුස්සය රහත්නම් කිසිම කාරණයකදි මුදල් පෙරමුණු කරගන්නෙ නෑ. තමන්ගෙ සුඛය ගැන මේ තරමට හිතන්නෙත් නෑ. ඒක අපේ සමහර හරක්ට තේරෙන්නෙත් නෑ, මේ යකා ගහල තියෙන තෙලේ හැටියට.

    පස්වග තවුසනුත් ඔය විදියටම නේද හිතුවේ . ඉස්සර නම් හොදට දුෂ්කරක්‍රියා කරගෙන විමුක්ති මාර්ගයේ ගියා , දැන් නම් හොදට කාල බිල , සැප විදිනවා ..විමුක්තිය අවබෝද කරගන්න කෙනෙක් මෙහෙම හැසිරෙනවද හිතල දාල ගියා..

    :rofl:
    කවුද දන්නේ ඇත්තටම රහත් උනාම ඔහොමද කියලා. උබල හදාගෙන තියන sumperman "රහත්" model එකට දාල බලලා ඕක කියන්න බෑ .
    පස්වග තව්සන් කරෙත් ඒක .
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    පස්වග තවුසනුත් ඔය විදියටම නේද හිතුවේ . ඉස්සර නම් හොදට දුෂ්කරක්‍රියා කරගෙන විමුක්ති මාර්ගයේ ගියා , දැන් නම් හොදට කාල බිල , සැප විදිනවා ..විමුක්තිය අවබෝද කරගන්න කෙනෙක් මෙහෙම හැසිරෙනවද හිතල දාල ගියා..

    :rofl:
    කවුද දන්නේ ඇත්තටම රහත් උනාම ඔහොමද කියලා. උබල හදාගෙන තියන sumperman "රහත්" model එකට දාල බලලා ඕක කියන්න බෑ .
    පස්වග තව්සන් කරෙත් ඒක .
    ලොකුම විනාශෙ ඔය වගේ කතා මිනිහ විතරක් නෙවෙයි උඹල අපි වගේ අයත් සමාජගත කරන එකයි. ඇත්තටම ‍රහත් කෙනෙක් මොන විදියට හැසිරෙනවද මොන විදියට ජීවිකාව ගෙවනවද කියල උඹවත් මමවත්, ඇත්තටම මේ ලෝකෙ කවුරුවත් දැකපු නැති නිසානෙ මේ හැමදේම. ඒක තමයි පොරට තියෙන එකම ගැලවීම. ඒක ස්තීර ගැලවීමක් නෙවෙයි. තාවකාලිකයි. මහින්ද ඇතුලු හොර නඩයට කඩේ යන යාමෙන්ම තේරෙනව මෙයාගෙ යටි අරමුණ මොකක්ද කියන එක. ඒ වගේම මහින්දලගෙ වටේ ඉන්න හෙන්චො සෙට් එක දෙන ස්පොන්සර්ශිප් එකෙන් තේරෙනව මෙයා රැකිල තියෙන්නෙ කවුරු නිසාද කියන එක.
    රහත් කෙසේ වෙතත් බුදුන් හරියට අනුගමනය කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් සල්ලි පෙරට දාගෙන මේ තරම් ප්‍රසිද්ධිය පස්සෙ දුවාවිද නැද්ද කියල හොඳට හිතපන්. අතඇරීම කියන්නෙ අතඇරීම මිසක් ලබාගැනීම සහ ලංකරගැනීම නෙවෙයිනෙ බං. මෙතන තියෙන්නෙ ලබාගැනීමෙ චේතනාව විතරයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,210
    164,303
    113
    එකමත් එක රටක
    අතඇරීම කියන්නෙ අතඇරීම මිසක් ලබාගැනීම සහ ලංකරගැනීම නෙවෙයිනෙ බං. මෙතන තියෙන්නෙ ලබාගැනීමෙ චේතනාව විතරයි.
    එහෙම කියන්න බෑ නේ බන් . වේළුවනාරාමය , ජේතවනාරාමය , පුර්වාරාමය වගේ කහවනු කෝටි ගානක් වියදම් කරල හදපු තැන් වල බුදුහාමුදුරුවෝ හිටිය නේ . ඒවා පිළිගත්තා නේ.
    අග්‍රදායක , අග්‍ර දායිකා ව උනේ කොටී ගානක් වටින දේවල් පුජා කරපු අනේපිඩු සිටු , විශාකා මිසක් දුප්පත් අය නෙවෙයි. :rofl:

    සමන්තබද්‍රටත් කියන්න පුලුවන් මම මේවා අල්ලාගෙන නෑ , අනිත් අය පුජා කරා කියලා..
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    එහෙම කියන්න බෑ නේ බන් . වේළුවනාරාමය , ජේතවනාරාමය , පුර්වාරාමය වගේ කහවනු කෝටි ගානක් වියදම් කරල හදපු තැන් වල බුදුහාමුදුරුවෝ හිටිය නේ . ඒවා පිළිගත්තා නේ.
    අග්‍රදායක , අග්‍ර දායිකා ව උනේ කොටී ගානක් වටින දේවල් පුජා කරපු අනේපිඩු සිටු , විශාකා මිසක් දුප්පත් අය නෙවෙයි. :rofl:

    සමන්තබද්‍රටත් කියන්න පුලුවන් මම මේවා අල්ලාගෙන නෑ , අනිත් අය පුජා කරා කියලා..
    ඒ බුද්ධ කාලෙ හදවල පූජා කරපු තැනුත් බුදුහාමුදුරුවො තමන්ගෙ නමට ලියාගෙන තියෙන්න ඇති නේහ් බං. බුදුහාමුදුරුවොත් එකවුන්ට් එකකට සල්ලි එකතු කෙරෙව්ව කියල උඹ අහල තියෙනවද? අනිත් කාරණේ මේ වීඩියෝ බලන පෝසත් මිනිස්සු විතරක්ම නෙවෙයි සල්ලි දාන්නෙ මේ මනුස්සයගෙ එකවුන්ට් එකට... නෑ නෑ සිරිධම්මගෙ එකවුන්ට් එකට.
    අනික් කාරනේ ඔච්චරම සල්ලි වුවමනානම් අර පැත්තක පාර්ක් කරල තියෙන V8 එක විකුණල සල්ලි කරන්න කියමුකො... ඒවත් අතාරින්න බැරි නැතුව ඇතිනෙ. කොහොමත් රහත්නෙ..
     
    • Wow
    Reactions: Nidarshana_k