2011 දී , ලර්නර්ස් එකකට ගියා..
කාර් වෑන් ගට්ටේ..
ඇල්ටෝ එක දුන්නේ පදින්න ..
හොඳට පුරුදු උනා ..
ට්‍රයල් දවස ආවා..
නාකී මයිනා එතකොට සිරි ලංකාවේ ජනාධිපති

ඌ එනවා කියලා මග දිගට ආමි එකෙන් දාලා බැරියර් එක්ක ටවුම පුරා..
4 ක් ගියා .. කෙල්ලො 3 යි මායි...
ඉස්සෙල්ලාම එක කෙල්ලෙක් ගෙන් පටන් ගට්ටා.. හොඳට එළවන් ගියා මගදි කහ ඉරක් උඩදි එක්සැමිනර් නතර කරන්න කීවා.. එතකොට ඔක්කොම කහ දැන්නේ ඉර සුදු වෙලා තියෙන්නේ

අර මෝඩ මූසලි දබක් ගාලා කහ ඉර උඩම නතර කරා ...
එක්සැමිනර් - ඔහොම්මම බැහැලා ගෙදර යන්න ආයේ එන්න එපා කීවා ඒකීට

මූණ පුක වෙලා ඒකී ගියා..
මම බයෙන් බයෙන් ඔයා යන්න ඔයා යන්න කිය කියා අනිත් දෙන්නට පාස් කරා

උන් හොඳට කරා ගොඩ දා ගට්ටා..
අන්තිමයා මම.. නැග්ගා වාහනෙට.. මූ අරකිට වගේම එක පාර කහ ඉරක් උඩදි නතර කරන්න කීවා.. මම කහ ඉර පන්නලා අයිනෙන් නතර කරා.. මූ කොලේට හරියක් දැම්මා එවෙලේ.. හැපී මූඩ් ඔන් උනා මගේ

ඔහොම යන ගමන් දකුණට කපන්න ගගා කියනවා අරූ.. මම ඉතින් හෑන්ඩ් සිග්නල් දානවා කරක කරක.. අවුලක් නෑ .. ලර්නර්ස් බුවත් හැපී එකේ..
ඔන්න එක්සැමිනර් කීවා ඌව ඔෆීස් එකෙන් දාන්න කියලා.. මම යනකොට කැරි මයිනා එනවා චොපර් එකේ..


උගේ චොපර් එක බාන පේන මානේ ටමා එක්සැමිනර් ගේ ඔෆීස් එක තියෙන්නේ.. ආමි පොලිස් එවුන් එක පාර බැරියර් බෝඩ් ඇල්ලුවා වාහනේ නටර උනා ජබොක් ගාලා.. ස්ටාට් කරලා ආයේ යනකොට ආයේ නතර කරනව , 3 පාරක් නතර කරා හිට්ටා

.. ඔන්න අරූගේ ඔෆීස් එක ළඟට ආවා ඌ කීවා අයිනට දාන්න කියලා මම හෑන්ඩ් සිග්නල් දාලා නතර කරණකොට අරූ එක පාරම සුක්කානම අල්ලන් මට බැන්න කොහෙද ඕයී යන්නේ කියල

බලනකොට එතන කානුවක්

තව පොඩ්ඩෙන් හබක්

අවුලක් නෑ පාස් කරා..
පස්සේ ඉතින් ලර්නර්ස් බුවාට බුලත් අතක් දීල වැඳලා ආවා.. වදිනකොට ඌ කියනවා මේ වොච් එක අරන් දුන්නේඅර ළමයා , මේ සපත්තු දෙක අර ලමයා, මේක අරයා වගේ කතා.. ඌට තෑගී ඕනී වෙලා

හා කියලා ආවා ආයේ ගියේ නෑ.. දැන් නම් පොර මැරිලා ඇති..
පුරුදු වෙන කාලේ 2km විතර දුර යන්න දෙනවා.. මම යනවා අවුලක් නැතුව 80 ට පාගලා.. එක පාරක් 100 ට ගියා ඌ බැන්නා මට

ඌට බයයි ලු.. ඌ යන්නේ උපරිම 40 ට..