Trincomalee - ත්‍රිකුණාමලයේ දවස් 3ක්
ට්‍රින්කෝ නැත්තම් ත්‍රිකුණාමලය හරිම ලස්සන බීච් තියෙන පැත්තක් . පුදුම ආසාවක් තිබ්බා මෙහෙ ගිහින් එන්න . කොහමහරි යාලුවෝ ටිකක් එක්ක ත්‍රිකුණාමලයේ ගියා. මේ අවුරුද්දේ මුල වගේ ගියේ. වෙලාවක් තිබ්බේ නැහැ ත්‍රෙඩ් එකක් විස්තර ඇතිව දාන්න. ඔන්න අද දානවා.
මේක දන්නේ නම් තව යන කාටහරි උදව්වක් වෙන්න . මම මේ ට්‍රිප් එක ප්ලෑන් කරද්දී ගොඩක් ඉන්ටර්නෙට් එකේ බලන්න හොද තැන් මොනාද කියලා බැලුවා . මීට කලින් ට්‍රින්කෝ මම ගිහින් නැහැ. හොද ප්ලෑන් එකක් නැතුව ගිහින් නම් වැඩක් නැහැ . මේක ප්ලෑන් කරගන්න එළකිරියේ පෝරිසාදයා මට ලොකු උදව්වක් දුන්නා
හොදට විස්තර දුන්නා . ත්‍රෙඩ් එක දන්නෙත් පොරට ස්තුතියක් විදියට
මේ ත්‍රෙඩ් එක පොරට උපහාරයක් වේවා

හරි මෙන්න මෙහෙමයි ගියේ
ලෝන්ග් වීකෙන්ඩ් එකක් අල්ලලා ගියේ. නැත්තම් දවස් 3ක් නෑ නේ
පලවෙනි දවස
අපි පලවෙනි දවසේ පාන්දර 4ට වගේ කොළඹින් පිටත් වුනා. අපි දඹුල්ල හරහා ගියේ. එක හින්දා උදේම දඹුල්ලට ගිහින් මුලින්ම කෑවා
හොද තැනක් දඹුල්ලේ ඉන්න කිරියේ සහෝදරෙය්ක් සෙට් කළා.
බෙන්තොට බේක් හවුස් දඹුල්ල. උදේ කෑම බෙදාගෙන බඩ පැලෙන්න කන්න පුළුවන් . බත් , ඉදි ආප්ප , පාන් හැම දෙයක්ම තිබ්බා (බුෆේ). එක්කෙනෙක්ට 250/= වුනේ (දැන් මාස 10කට විතර කලින් හොදේ ).
මේ තියෙන්නේ බිල හතර දෙනෙක්ට
හොදට කාලා ඉවර වෙලා අපි කලේ පිදුරංගල නැගපු එක .
මේ තියෙන්නේ පිදුරංගල ඉදන් සීගිරිය පේන ෆොටෝ එකක්
මේක මමමයි ගත්තේ හොදේ
නැග්ගා වගේම ඊට පස්සේ ඉතින් පිදුරංගල බැස්සා
කැමතිනම් කට්ටියට පුළුවන් විදියකට පිදුරංගල පන්සලටත් ආධාරයක් කරල එන්න පුළුවන්
අපි සිගිරිය නැග්ගේ නැහැ . එක පාර කදු දෙකක් නගින්නත් බැහැ . අනික සිගිරිය ඕන තරම් ගිහිල්ලත් තියෙනවා
හරි ඊට පස්සේ අපි ට්‍රින්කෝ බලා ගියා
යන ගමන් කන්තලේ වැව ගාව පොඩ්ඩක් නවත්තලා ෆොටෝස් ටිකක් ගැහුවා
කන්තලේ මාගේ කැමරා ඇසින්
දවල් එක වගේ වෙද්දී අපි ට්‍රින්කෝ ආවා . පට්ට බඩගිනි . එක හින්දා දවල්ට කෑවා ට්‍රින්කෝ පැත්තේ තිබ්බ කඩේකින්. මේක නම් එහෙන් හොයාගත්ත කඩයක්.
ඊට පස්සේ අපි ගියා Trincomalee British War Cemetery එක බලන්න
මේකේ කනත්තක්. විශේෂත්වය තමයි දෙවෙනි ලෝක යුද්දයේදී මිය ගිය බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ මල සිරුරු තමයි මේකේ තියෙන්නේ. සෙනග ඇත්තෙම නැති තරම් . හුගක් නිස්කලංක තැනක්
හරි හවස් වෙලා අපි ගියා කොනේස්වාරම්. ඒ කාලේ කෝනේස්වරම් වල තියෙන ශිව දෙවියන්ගේ ප්‍රතිමාව අලුත් වැඩියා කටයුතු වලට වහලා තිබ්බේ
. එක හින්දා ෆොටෝ එකක් ගන්න බැරි වුනා
මේ තියෙන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් ගත්ත ෆොටෝ එකක් ඕගොල්ලොන්ට බලන්න
හැබැයි මම කෝනේස්වරම් වලදී ගත්ත වෙන පින්තූර ටිකක් පහලින්
මේ තියෙන්න රාවණා කැපුම . මේකට ලස්සන ඉතිහාස කතාවක් තියෙනවා . ඒකත් පොඩ්ඩක් හොයලා කියවන්න
මම හිතන්නේ මේ එල්ලලා තියෙන්නේ එක එක එක්කෙනා වෙච්ච භාර වෙන්න ඇති
කෝනේස්වරම් ඉදන් මුහුද පේන විදිය
ෆොර්ට් ෆෙඩ්රික් එකත් තියෙන්නේ කෝනේස්වරම් හරියෙම . කෝනේස්වරම් යන කොට ෆොර්ට් ෆෙඩ්රික් කොහමත් හම්බවෙනවා. මුවෝ එහෙම බලාගන්න පුළුවන්
පලවෙනි දවස ප්ලෑන් කරපු විදියට අපි ඉවර කළා . ඊට පස්සේ ටවුන් එකේ ෆූඩ් සිටි එකකින් අනන් මනං අරගෙන ඉන්න රෙස්ට් හවුස් එකට ආවා. පලවෙනි දවසේ හිටියේ බීච් සයිඩ් එකේ රෙස්ට් හවුස් එකක . අපි පලවෙනි දවසේ හිටපු තැන එච්චරම රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් නෙමෙයි . එකේ හින්දා එකේ නම මම දාන්නේ නැහැ . 4000/= වගේ ඉදන් 3 දෙනෙක්ට වගේ ඉන්න පුළුවන් AC රූම්ස් ඕන තරම් තියෙනවා. ඒත් පොඩ්ඩක් වියදම් වැඩි වුනාට කමක් නැහැ හොද තැනක් හොයලා බලලා යන්න . රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන් වල විස්තර මම මෙතනින් දාන්නම්
.
දෙවෙනි දවස
දවසෙන් බාගයක්ම වගේ කලේ ත්‍රිකුණාමලය වරායයි කවුතුකගාරයයි බලපු එක.
මේ තියෙන්නේ ප්‍රීමා ෆැක්ටරි එක
නවත්තලා තියෙන cruise ship එකක් මම හිතන්නේ . හවස මේක ආපහු යනවා අපි දැක්කා .
Museum එකෙත් ගොඩක් දේවල් බලන්න තියෙනවා . ඒකත් බලන්න මතක ඇතිව
ඊට පස්සේ අපි දවල්ට කාලා හවස් වරුවෙම බීච් එකේ බැහැලා නානා හිටියේ
එතනින් ඇත්තටම දෙවෙනි දවස ඉවරයි. අපි දෙවෙනි දවසේ හිටියේ
මාර්බල් බීච් රිස්රෝර්ට් වල. ඒක නම් මරු තැන . හවස 6ට වගේ අපි ආවා . ඇවිල්ලා ආපහු නා ගත්තා . බීච් එකේ වැලි යන්න
. රෑට කාලා බීලා කයියක් දාගෙන හිටියා. දෙවෙනි දවස එතනින් ඉවරයි .
තුන් වෙනි දවස
තුන් වෙනි දවසේ උදේ පාන්දර 7ට විතර නැගිට්ටා
. මාර්බල් බීච් රිස්රෝර්ට් වල හිටපු නිසා දොර ඇරපු ගමන් මාර්බල් බීච් එක . හැබැයි අපේ කරුමෙට එදා ටිකක් විතර වැස්සා . මුහුදත් සැරයි . කාටවත් මුහුදට බහින්න දුන්නේ නැහැ එදා .
මේක උදේ 9ට විතර ගහන්න ඇති. ඕගොල්ලොන්ට පේනවනේ කළුවරයි වගේ එවෙලෙත්
උදේට අපි කිරිබත් කෑවා
. හැබැයි එදා ඉතින් දවසෙම වැස්ස. අපි හිතාගෙන හිටියේ නිලාවෙලි යන්න උදෙන්ම. බඩු ටික අස් කරගෙන හොටෙල් එකෙන් checkout වෙලා කොයි එකටත් ගියා නිලාවේලි පැත්තේ. වැඩක් නැහැ වැස්ස හින්දා මුහුද සැරයි . එදා බැස්සනම් සමහරවිට මේ ත්‍රෙඩ් එක දාන්න වෙන එකකුත් නැහැ . ඒක හින්දා අපි බැස්සේ නැහැ 
අපිට පොඩ්ඩක් වැරදුනු තැනක් මේක . ට්‍රින්කෝ යනවනම් වැස්ස කාලවල් මග ඇරලා යන්න. මොකද මුහුද සැර නම් කාටවත් බහින්න දෙන්නේ නැහැ .
බීච් වටේම ලයිෆ් ගාර්ඩ් කරන්න හමුදාවේ අයියලා ඉන්නවා . ඒගොල්ලෝ කියන දේවල් අහන්න පණ්ඩිත නොවී . ඒක අපේම ආරක්ෂාවට. යන්න හොද කාලවල් කියලා කිව්වේ අප්‍රේල් වගේ . ඒකාලේ තමයි සීසන් එක .
අපි උදේ 11:30 ට වගේ නිලාවේලි වලින් පිටත් වුනා . තුන් වෙනි දවසේ අපේ ප්ලෑන් එක තිබ්බේ නිලාවේලි යන එක . කොහමත් 12ට කලින් අපි ට්‍රින්කෝ වලින් පිටත් වෙන්න හිටියේ . හරි ඔන්න අපි ට්‍රින්කෝ වලින් පිටත් වුනා.
එන ගමන් කින්නියා උණු වතුර ලිං බලන්නත් ගියා . නිවාඩු දවසක් හින්දා එදා පට්ට සෙනග .
මේකේ උබලට උණු වතුර ලිං පෙනෙයිද මන්දා. එච්චර සෙනග

එතන වැඩි වෙලා හිටියේ නැහැ . ඉන්න හිතෙන්නෙත් නැහැ

අපි ඊට පස්සේ කොළඹ බලා ආවා
එන ගමන් කන්තලෙන් කිරි ගත්තා . දඹුල්ල පැත්තෙන් එළවලු , පලතුරු ටිකක් ගත්තා ගෙදෙරට ගෙනියන්න
එන ගමන් දවල්ට කෑවෙත් මගදී හම්බවෙච්ච කඩයකින්
කොහමහරි හවස 7 වගේ වෙද්දී අපි කොළඹ
මම විස්තර දාලා තියෙන්නේ අපි ඒ ඒ තැන් වලට ගියපු පිළිවෙලට. ගූගල් මැප්ස් දාගෙන යන්න පුළුවන් ඔය හැමතකටම
මේක දන්නේ නම් තව යන කාටහරි උදව්වක් වෙන්න . මම මේ ට්‍රිප් එක ප්ලෑන් කරද්දී ගොඩක් ඉන්ටර්නෙට් එකේ බලන්න හොද තැන් මොනාද කියලා බැලුවා . මීට කලින් ට්‍රින්කෝ මම ගිහින් නැහැ. හොද ප්ලෑන් එකක් නැතුව ගිහින් නම් වැඩක් නැහැ . මේක ප්ලෑන් කරගන්න එළකිරියේ පෝරිසාදයා මට ලොකු උදව්වක් දුන්නා
හොදට විස්තර දුන්නා . ත්‍රෙඩ් එක දන්නෙත් පොරට ස්තුතියක් විදියට
මේ ත්‍රෙඩ් එක පොරට උපහාරයක් වේවා

හරි මෙන්න මෙහෙමයි ගියේ
ලෝන්ග් වීකෙන්ඩ් එකක් අල්ලලා ගියේ. නැත්තම් දවස් 3ක් නෑ නේ

පලවෙනි දවස
අපි පලවෙනි දවසේ පාන්දර 4ට වගේ කොළඹින් පිටත් වුනා. අපි දඹුල්ල හරහා ගියේ. එක හින්දා උදේම දඹුල්ලට ගිහින් මුලින්ම කෑවා
හොද තැනක් දඹුල්ලේ ඉන්න කිරියේ සහෝදරෙය්ක් සෙට් කළා.
බෙන්තොට බේක් හවුස් දඹුල්ල. උදේ කෑම බෙදාගෙන බඩ පැලෙන්න කන්න පුළුවන් . බත් , ඉදි ආප්ප , පාන් හැම දෙයක්ම තිබ්බා (බුෆේ). එක්කෙනෙක්ට 250/= වුනේ (දැන් මාස 10කට විතර කලින් හොදේ ).
මේ තියෙන්නේ බිල හතර දෙනෙක්ට

හොදට කාලා ඉවර වෙලා අපි කලේ පිදුරංගල නැගපු එක .
මේ තියෙන්නේ පිදුරංගල ඉදන් සීගිරිය පේන ෆොටෝ එකක්
මේක මමමයි ගත්තේ හොදේ

නැග්ගා වගේම ඊට පස්සේ ඉතින් පිදුරංගල බැස්සා

කැමතිනම් කට්ටියට පුළුවන් විදියකට පිදුරංගල පන්සලටත් ආධාරයක් කරල එන්න පුළුවන්
අපි සිගිරිය නැග්ගේ නැහැ . එක පාර කදු දෙකක් නගින්නත් බැහැ . අනික සිගිරිය ඕන තරම් ගිහිල්ලත් තියෙනවා

හරි ඊට පස්සේ අපි ට්‍රින්කෝ බලා ගියා
යන ගමන් කන්තලේ වැව ගාව පොඩ්ඩක් නවත්තලා ෆොටෝස් ටිකක් ගැහුවා
කන්තලේ මාගේ කැමරා ඇසින්
දවල් එක වගේ වෙද්දී අපි ට්‍රින්කෝ ආවා . පට්ට බඩගිනි . එක හින්දා දවල්ට කෑවා ට්‍රින්කෝ පැත්තේ තිබ්බ කඩේකින්. මේක නම් එහෙන් හොයාගත්ත කඩයක්.
ඊට පස්සේ අපි ගියා Trincomalee British War Cemetery එක බලන්න
මේකේ කනත්තක්. විශේෂත්වය තමයි දෙවෙනි ලෝක යුද්දයේදී මිය ගිය බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ මල සිරුරු තමයි මේකේ තියෙන්නේ. සෙනග ඇත්තෙම නැති තරම් . හුගක් නිස්කලංක තැනක්
හරි හවස් වෙලා අපි ගියා කොනේස්වාරම්. ඒ කාලේ කෝනේස්වරම් වල තියෙන ශිව දෙවියන්ගේ ප්‍රතිමාව අලුත් වැඩියා කටයුතු වලට වහලා තිබ්බේ
. එක හින්දා ෆොටෝ එකක් ගන්න බැරි වුනා මේ තියෙන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් ගත්ත ෆොටෝ එකක් ඕගොල්ලොන්ට බලන්න

හැබැයි මම කෝනේස්වරම් වලදී ගත්ත වෙන පින්තූර ටිකක් පහලින්
මේ තියෙන්න රාවණා කැපුම . මේකට ලස්සන ඉතිහාස කතාවක් තියෙනවා . ඒකත් පොඩ්ඩක් හොයලා කියවන්න
මම හිතන්නේ මේ එල්ලලා තියෙන්නේ එක එක එක්කෙනා වෙච්ච භාර වෙන්න ඇති
කෝනේස්වරම් ඉදන් මුහුද පේන විදිය
ෆොර්ට් ෆෙඩ්රික් එකත් තියෙන්නේ කෝනේස්වරම් හරියෙම . කෝනේස්වරම් යන කොට ෆොර්ට් ෆෙඩ්රික් කොහමත් හම්බවෙනවා. මුවෝ එහෙම බලාගන්න පුළුවන්
පලවෙනි දවස ප්ලෑන් කරපු විදියට අපි ඉවර කළා . ඊට පස්සේ ටවුන් එකේ ෆූඩ් සිටි එකකින් අනන් මනං අරගෙන ඉන්න රෙස්ට් හවුස් එකට ආවා. පලවෙනි දවසේ හිටියේ බීච් සයිඩ් එකේ රෙස්ට් හවුස් එකක . අපි පලවෙනි දවසේ හිටපු තැන එච්චරම රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් නෙමෙයි . එකේ හින්දා එකේ නම මම දාන්නේ නැහැ . 4000/= වගේ ඉදන් 3 දෙනෙක්ට වගේ ඉන්න පුළුවන් AC රූම්ස් ඕන තරම් තියෙනවා. ඒත් පොඩ්ඩක් වියදම් වැඩි වුනාට කමක් නැහැ හොද තැනක් හොයලා බලලා යන්න . රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන් වල විස්තර මම මෙතනින් දාන්නම්
.දෙවෙනි දවස
දවසෙන් බාගයක්ම වගේ කලේ ත්‍රිකුණාමලය වරායයි කවුතුකගාරයයි බලපු එක.
මේ තියෙන්නේ ප්‍රීමා ෆැක්ටරි එක
නවත්තලා තියෙන cruise ship එකක් මම හිතන්නේ . හවස මේක ආපහු යනවා අපි දැක්කා .
Museum එකෙත් ගොඩක් දේවල් බලන්න තියෙනවා . ඒකත් බලන්න මතක ඇතිව
ඊට පස්සේ අපි දවල්ට කාලා හවස් වරුවෙම බීච් එකේ බැහැලා නානා හිටියේ
එතනින් ඇත්තටම දෙවෙනි දවස ඉවරයි. අපි දෙවෙනි දවසේ හිටියේ
මාර්බල් බීච් රිස්රෝර්ට් වල. ඒක නම් මරු තැන . හවස 6ට වගේ අපි ආවා . ඇවිල්ලා ආපහු නා ගත්තා . බීච් එකේ වැලි යන්න
. රෑට කාලා බීලා කයියක් දාගෙන හිටියා. දෙවෙනි දවස එතනින් ඉවරයි . තුන් වෙනි දවස
තුන් වෙනි දවසේ උදේ පාන්දර 7ට විතර නැගිට්ටා
. මාර්බල් බීච් රිස්රෝර්ට් වල හිටපු නිසා දොර ඇරපු ගමන් මාර්බල් බීච් එක . හැබැයි අපේ කරුමෙට එදා ටිකක් විතර වැස්සා . මුහුදත් සැරයි . කාටවත් මුහුදට බහින්න දුන්නේ නැහැ එදා .මේක උදේ 9ට විතර ගහන්න ඇති. ඕගොල්ලොන්ට පේනවනේ කළුවරයි වගේ එවෙලෙත්