Trump දිනුවට තාම USA ජනාධිපති Biden ... ඇයි එහෙම ? 😯

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,860
    1
    6,705
    113
    BIDEN-TRUMP-16_1731532808994_1731532834899.jpg


    මචං ඕක ඇමරිකාවෙ ව්‍යවස්ථාවේ එන එකක් ... සාමාන්‍යයෙන් ඇමරිකාවෙ ජනාධිපතිවරණය ක් තියෙන්නෙ සෑම අවුරුදු හතරකටම වරක් එන නොවැම්බර් පලවෙනි සඳුදගෙන් පස්සෙ එන අඟහරුවාද ... ඉතින් ඒ විදියට ඇමරිකාවෙ වැඩිම ඡන්ද කොට්ඨාස ජයග්‍රහණය කරණ කෙනා ජනාධිපති වෙනව

    ඒත් ... ඒ ජයග්‍රාහකයට බලය හම්බ වෙන්නෙ මාස දෙකකින් .. ඔව් හරියටම ඊගාව අවුරුද්දෙ ජනවාරි 20 වෙනිද තමා නව ජනපතිගෙ දිවුරුම් දීම තියෙන්නෙ ... එතකල් නව ජනාධිපති දිනුවද පාලන බලය තියෙන්නෙ හිටපු ජනපතිටමයි

    මේ මාස 2කට අධික කාලය හඳුන්වනව බල හුවමාරු කාලය (Transitional Period) කියල .. USA වගේ ලෝක බලවතෙක්ගෙ බලය හුවමාරු කිරීම සංකීර්ණ නිසා තමා එහෙම කාලසීමාවක් තියෙන්නෙ .. නව ජනපති කැබිනට් මණ්ඩලය පත්කිරීම, සෙනෙට් පත් කිරීම වගෙ පරිපාලන කටයුතු ඒ කාලසීමාවෙ සිදුවෙනව

    ඉතින් දැන් වෙලා තියෙන්නෙ Donald Trump ලබන 2025 ජනවාරි 20 දිවුරුම් දෙනකල්, යන යකා කොරහත් බිඳගෙන යනව වගෙ Joe Biden - Kamala Harris පාලනය වටේටම කෙලවගෙන යනව, Trump ආවම Ukraine දෙන Fund, Arms නවත්තනව කියන නිසා උන් හදන්නෙ පට පට ගාල USA වලින් අදින්න්න ... ඉතින් දැන් තත්වෙ ඒම තමයි.

    දැන් USA Law Makers ල කතා වෙනව මේ Biden කරණ පිස්සු වැඩ නිසා ඔවුන්ගෙ ව්‍යවස්ථා ව අනුව හදිසි තත්වයක් මත Biden ව බලයෙන් පහ කරන්න ... ඒත් තාම මුකුත් ආරංචියක් නෑ ඒ ගැන

    ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ Biden-Harris ආණ්ඩුව ලෝක යුද්ධයක් ඇති නොකරේවා කියල ... ජනවාරි 20 වෙනකල් අල්ලන් ඉඳියොත් Trump ආව ගමන් මේ සේරම යුද්ධ Cool Down වෙනව ...

    Trump come back soon and save the world 🇺🇸