TRUTH behind SAITM

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1782003

    ඊයෙ දිනයේ ආරම්භ වෙලා තියෙන මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් විදියට යමක් සඳහන් කළා, ඊට පසුව කීප දෙනෙක් පෞද්ගලික පණිවිඩ එවමින් මෙය අලුත් ත්‍රෙඩ් එකක් ආරම්භ කර සඳහන් කරන ලෙස කියා සිටියා, ඒ නිසා හැමෝටම බලාගන්න මේ ටික මම දාන්නම්, හොඳ අවබෝධයෙන් කියවන්න, ලැබෙන ගල් මුල්, මල් සියල්ලම සතුටින් බාරගන්නම්, ඔය කට්ටියගෙ ප්‍රතිචාරත් මේකට එකතු කරන්න,

    පලවෙනි කතන්දරේ මෙහෙමයි, ග්‍රී ලංකාවෙ තියෙනවා SLMC(Sri Lanka Medical Council) කියලා එකක්,මුලින් මම ඒ ගැන විස්තරයක් දෙන්නම්කො,
    ඒකෙන් තමයි ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ, ලංකාවෙ ඉන්න හැම ඩොක්ටර් කෙනෙක්ම රෙජිස්ටර් කරන්නේ, හැම Medical Faculty එකකම තත්වය පරීක්ෂා කරන්නේ, පිටරටින් උපාධි අරගෙන එන දොස්තරවරුන්ට විභාගයක් තියලා ඒකෙන් සීමිත පිරිසක් අපේ රටේ වෛද්‍යවරු විදියට තෝර ගන්නේ, තව වෛද්‍යවරුන්ට එරෙහිම යන සියලුම පැමිණිලි විභාග කරන්නේ, රටේ සෞඛ්‍ය පැත්තෙන් මොනවහරි ප්‍රශ්නතියේ නම් ඒව හොයලා බලන්නේ, තව මේ ආයතනයෙන් කරන ගොඩක් වැඩ රාජකාරි තියෙනවා බං, ඒ වගේම වෙන රටවල් වලට සාපේක්ෂව අපේ රටේ රෝහල් ගොඩක් හොඳයි, ඒක මනින එක සාධකයක් තමයි මාතෘ මරණ ඒකකය, ඒක අපේ රටේ අවුරුද්දකට 30ක් වගේ ඉතාමත් අඩු ගානක තියෙන්නේ, ඒකට මූලිකවම දායක වෙලා තියෙන්නේ මෙන්න මේ SLMC ආයතනය,

    ඔන්න ඕක තමයි බං SLMC එකේ කාර්යයන්(හිතලා බලපං මේක රටට කොච්චර ලොකු වැඩක් කරනවාද කියලා)

    DSC_0019.JPG
    ඒකෙ සභාපති තමයි මෙන්න මේ පුද්ගලයා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ගොඩක් වටින මනුස්සයෙක්, පෞද්ගලිකව මම ගොඩක් අගය කරන චරිතයක් මේ ඉන්නේ, දැන් SAITM එකේ අයගෙ ලොකුම හතුර තමයි මේ මනුස්සයා, මොකද මෙයා කියලා තියෙනවා SAITM එක ආරම්භ කළොත් ආරම්භ කරන්න වෙන්නේ එයාගෙ මලගම උඩින් කියලා,

    උඹල දන්නවද දන්නෙ නෑ සමහරවිට මේ කියන දේ, මම කළින් කිව්ව විදියට SLMC එකෙන් තමයි පිටරටින් උපාධි අරගෙන එන දොස්තරලට මෙහේදි විභාගයක් දීලා ඒක පාස් වුණොත් විතරයි ලංකාවෙ ඇතුලෙ දොස්තර කෙනෙක් විදියට පිළිගන්නේ, ඉතිං උඹල ඕන නම් හොයලා බලන්න එක අවුරුද්දක ඔය විභාගෙ ලියන්න 2500කට වඩා දොස්තරවරු එනවලු ඒත් පාස් වෙන්නේ 80ක් විතර පොඩි ගානක්ලු, ඒකට හේතුව අර අනිත් 2000ගානම ලංකාවෙ මට්ටමට සුදුසු වෛද්‍යවරු නෙමෙයි එන්නේ, මම බොරු කියනවා කියලා හිතෙනවා නම් නෙට් එකේ සර්ච් කරල බලපං නැත්නම් ඔය ක්ෂ්‍රේත්‍රය ගැන දන්න කෙනෙක්ගෙන් අහල බලපං, එතකොට පොඩ්ඩක් හිතලා බලන්න 2500 කින් 80ක් වගේ පොඩි ගානක් තේරෙනවා නම් ඔය SLMC එක ලංකාවෙ තිබ්බෙ නැත්නම් ඔය පිටරටින් එන 2500 කිට්ටු හැම වෛද්‍යවරයෙක්ම ලංකාවෙ ඇතුලෙ හොස්පිටල් වල ඉන්නවා, එතකොට කොච්චර ලොකු ව්‍යසනයක්ද බලපං රටට වෙන්නේ? නිකමට විනාඩියක් හිතලා බලපං,

    ඉතිං දැන් ප්‍රශ්නෙ මේකයි,

    SLMC එකෙන් SAITM එකේ තත්වය පරීක්ෂා කරලා(10 දෙනෙක්ගෙන්යුත් කමිටුවකින්) ඒකට අවසරය දීලා නෑ, මොකද ඒක නියම ප්‍රමිතියකින් නැති නිසා, මෙන්න මේවා තමයි එයාල ප්‍රධාන විදියට කියල තියෙන හේතු,
    * ප්‍රායෝගික පරීක්ෂණ කරන්න නිවැරදි හොස්පිටල් එකක් නැති කම.
    * එක සිසුවෙක්ට පරීක්ෂා කිරීමට තරම් ප්‍රමාණවත් රෝගීන් පිරිසක් නොසිටීම.
    * ගොඩක් දේවල් ළමයින්ට Plastic Dummy වලින් උගන්වන නිසා ඒව ප්‍රායෝගික නොමැතිකම.

    මෙන්න මේවා තමයි ප්‍රධානම කරුණු, මේවා තීරණය කරල තියෙන්නේ උඹල අපි වගේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි මේ පිළිබඳ පුළුල් දැනුමක් තියෙන රටේ සෞඛ්‍යය පාලනය කරල මනා දැනුමක් ඇති විද්වත් කමිටුවකින් ගත්ත තීරණයක්,

    ඉතිං,

    මේ තීරණය නිසා SAITM එකට කවදාවත්ම එළියට එන්න දෙන්න නෑ SLMC එකෙන්, ඒක දන්න නිසා මේකෙ ඉහළ ඉන්න හෙංචයියො කරන්නේ දේශපාලනයේ බලය පාවිච්චි කරලා SLMC එක වහලා දාන්න, එතකොට නිකංම SAITM එකත් රටේ Approve වෙන නිසා,

    දැන් උඹල හිතපං,

    ඔය කියන විදියට SLMC එක වැහුනොත් රටට යන කල දසාව ගැන පොඩ්ඩක් හිතලා බලපං, මට හිතෙන විදියට මම ටිකක් කියන්නම්,
    1. ලංකාවත් ඉන්දියාව වගේ හන්දියක් හන්දියක් ගානෙ කිසිම ප්‍රමිතියකින් තොර පොලවල් තියේවි.
    2. මනුස්සයෙකුට බෙහෙත් ගන්න නියම දක්ෂ දොස්තර කවුද කියලා හඳුනගන්න බැරිවෙයි ඒ නිසා ගොඩක් රෝගීන් කිසිම දැනුමක් නොමැති වෛද්‍යවරු ළඟට ගිහිල්ලා විනාස වෙයි.
    3.ලංකාවෙ සෞඛ්‍යය ගොඩක් පිරිහෙයි(දැනට ලෝකෙන්ම ගොඩක් ප්‍රශංසනීය මට්ටමක පවතින දේ)
    4. රටේ ළදරු මරණ, මාතෘ මරණ ඒකකය ගොඩක් වැඩිවෙයි.

    ඔය වගේ ගොඩක් දේවල් වෙයි, ඔය මට දැනෙන ටික තමයි බං කිව්වේ,


    වැඩේ තියෙන්නෙ මේ දේ ගැන ගොඩක් අය ගැන අවබෝධයක් නෑ, මෙතැන කමෙන්ට් කරන 95%ක් දෙනාවත්, මම කිව්ව දේ හොඳට හිතට අරගෙන වෙන තැනකින් හොයලා බලන්න, උඹලටත් තේරෙයි මේ රටට වෙන්න යන විනාසය ගැන,

    මේක ගැන කතාකරන්න ගොඩක් දේවල් තියෙනවා මේ ප්‍රධානම කරුණ ගැන විතරයි මම කතා කළේ,

    එක විනාසයක් මෙයිට අවුරුදු කීපයකට කළින් සිද්දවුණා ඒකත් අපේ රටේ මිනිසුන්ගෙ අවබෝධය මදිකම නිසා දෙවැනියට වෙන්න යන ලොකුම විනාශය තමයි මේක, ඒ නිසා රටක් විදියට මේ විනාසය නවත්වන්න උදව්වක් දීපල්ලා හැමෝම එහෙම කළොත් අනාගතේ අපේම ළමයෙක්ට දැන් තියෙනවා වගේ රජයේ රෝහලකට ගිහිල්ලා බය නැතුව බෙහෙත් ටිකක් ගන්න පුලුවන් වේවි!


    එලකිරි!


    මේ ත්‍රෙඩ් එක ආරම්භ කරන්න කිව්ව සහෝදරයන්ටත් ස්තූතියි,



    පසුව ලියමි :




    මුලින්ම මෙන්න මේ වීඩියෝ එක බලලා හිටපංකො, නිදහසේ බලන්න බං, Sound එක්ක බලන්න, මේක බලලා ඉවර වුණායින් පස්සේ තේරුම් යයි මම මේ කියලා තියෙන කතාව තවත් හොඳින්, ඒ වගේම මේ මම කිව්ව දේ නිසා අපේ රටට අනාගතයේදී සිද්ධ වෙන්න යන විනාසය මේ වීඩියෝ එක බැලුවයින් පස්සෙ තවත් හොඳින් තේරුම් යයි උඹලට, මම මෙතැන මේ හැම දෙයක්ම දාන්නේ එක එකාට බැනගන්න නෙමෙයි මේ වෙන්න යන විනාසය අපි හැමෝම දැකලා මේ ගැන මිනිස්සු දැනුවත් කරන්න. ස්වාධීනව උඹලත් හිතල බලපං මේ වෙන්න යන විනාසය ගැන.

    සැ.යු :
    තමන්ගෙ කුහකත්වය ගැන පමණක් සිතන,මෝඩ විදියට තර්ක ඉදිරිපත් කරන, තමන්ගේ බඩ ගැන විතරක් සිතා අනාගතයක් ගැන නොතේරෙන, කෙනෙක් ඉහළ යනවට ලොකු ඊරිසියාවක් ඇති කවදාවත් දියුණුවක් නැති එක තැන පල්වෙන, මොළයක් නැති බූරුවන් මෙය නැරඹුවේ නැති වුණාට කමක් නෑ, නැරඹුවත් කමක් නෑ අර පරණ සිංහල කතාවක් තියෙනවා නේ "හරක වුණාට කමක් නෑ උම්බෑ කිියන්න එපා" කියලා, අන්න ඒ වගේ තමන්ගේ මෝඩකම අන් අයට ප්‍රදර්ශනය නොකර නිහඬව සිටින මෙන් ඉල්ලා සිටිනවා.
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,049
    113
    invoke db "Injected Memory"
    මේ ප්‍රශ්නෙ ගැන හරියට දන්නෙ නැතුව Comment එකක් දාන්න බැ බං, ඒත් උබ කියලා තියෙන එවාගෙන් නම් යමක් තෙරෙනවා,
     
    • Like
    Reactions: BINGU_PUTHA

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    මේ ප්‍රශ්නෙ ගැන හරියට දන්නෙ නැතුව Comment එකක් දාන්න බැ බං, ඒත් උබ කියලා තියෙන එවාගෙන් නම් යමක් තෙරෙනවා,

    දෙයක් තේරුනා නම් හොඳටම ඇති බං, මේ කියන දේ මේ ක්ෂේත්‍රයෙ ඉන්න කෙනෙක්ගෙන් අහල බලපං, ඒ අය කියයි තව විස්තර ඇතුවම, :):):)
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    SLMC exam eka ochchara amaru nam, standard ekak thiyenawa nam, e exam ekama govt hospital graduates la ta thiyannath one neda
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    SAITM ප්‍රශ්නය. මම නම් ඔය ගැන කතා කරන්නවත් කැමති නැහැ. ලංකාවේ මෙඩිකල් ෆීල්ඩ් එක චොර උනොත් එදාට නම් ලංකාවේ ඉන්නේ නෑ මෝඩ සිංහලුන්ට විඳවන්න කියලා. හැබැයි මගේ කාට හරි අසනීප උනොත් නම් අනිවා හොඳ දොස්තරලා ගාවට විතරක් යවා ගන්න අවබෝධයක් මට තියෙනවා.

    මහ අවුවේ උගුර ලේ රහ වෙනකන් කෑ ගගහා අපිත් පෙළපාලි ගියපු කාලයක් තිබ්බා. නමුත් ඒ කලේ අපේ කුහක කම්ට හා ඉරිසියාවට කියලා කියනවනම් එතනින් එහාට දෙයක් කියලා වැඩක් නැහැනේ බං. තේරෙයි හැබැයි කල් යයි. මෝඩ සිංහලු එදාට විඳවයි.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ithin ara pitaratawal walin igenagena ena medical studentslata dena exam eka mehe SAITM eke kattiyata deela eken select karaganna barida machan?
    Monawa unath mamanan kiyanne oya SAITM eke igena ganna evun tikanan maha moda yakku tikak:(.Unta wena field ekak aththema nadda oya medical field eka arenna??
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    SLMC exam eka ochchara amaru nam, standard ekak thiyenawa nam, e exam ekama govt hospital graduates la ta thiyannath one neda

    SLMC eken thamai bn final MBBS exam eka thiyanne, ekata aniwa hama gov. Student kenekma sit karanna ona, eka pass unoth witharai bn MBBS certificate eka denne, eka karanneth SLMC eken thamai anith eka mama udadi kiwwa wage ara foreigneers lata thiyana exam eka ape MBBS exam ekata wada chuttak lesi exam ekak(ethakota hithala balapan lankawe gov. Campus welin out wena students la kochchara dakshaida kiyala)

    Thawa deyak bn SAITM eke un kalayak wali alluwa MBBS unta liyanna ba kiyala, ekata hethuwa un hondatama dannawa unta MBBS liyanna ba kiyala,

    Onna okai bn thathwe
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Ithin ara pitaratawal walin igenagena ena medical studentslata dena exam eka mehe SAITM eke kattiyata deela eken select karaganna barida machan?

    පිස්සුද මනුස්සයෝ? සල්ලි තිබ්බා කියලා උන්ට විභාග පාස් වෙන්න බැහැ
    ඒක නිසා සයිටම් අය ඔය විභාගෙන වාඩිකරවන එකත් විහිළුවක්
    ඔය එක එක උන්ට පුළුවන්ද රජයේ කැම්පස් වලින් එලියට එන දෙවිවරුන්ට සමාන වෙන්නෙ?
    ටික දවසකින් රජයේ ඒවා වල උගන්නන අයත් ප්‍රයිවට් ඒවගේ පඩියට පනීවී
    බැහැ බැහැ එහෙම විභාග තියලා පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් එන අය දොස්තර වෙනවට අපි විරුද්දයි
    සේරම දොස්තර උනාම විශේෂ සැලකීම, වාහන පර්මිට් උනත් නැති වෙන්න ඉඩ තියෙනවා
    අනික වර්ජනයක් කලත් එකෙක්වත් මැරෙන එකක් නැහැ එහෙම උනොත්
    රජයේ රෝහලේ මිනී ගොඩ ගැහෙන්න ගැහෙන්න තමා රජයෙන් උනත් දොස්තර දෙවිවරුන් ගෙ කතා අහන්නෙ
    එහෙම උනාම දොස්තරකම බාල්දු වෙනවා, බේසම් වල කකුල් ඔබන් පාඩම් කරපු දොස්තර දෙවිවරුයි ප්‍රයිවට් ඉගෙන ගත්ත අයයි එකම රස්සාව කරන්න?
    ඔහේට පිස්සුද මේක දේව රස්සාව! :):rofl:
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Ithin ara pitaratawal walin igenagena ena medical studentslata dena exam eka mehe SAITM eke kattiyata deela eken select karaganna barida machan?
    Monawa unath mamanan kiyanne oya SAITM eke igena ganna evun tikanan maha moda yakku tikak:(.Unta wena field ekak aththema nadda oya medical field eka arenna??

    :lol: maara kathawak ne yako uba kiyanne. unta ona eka ne un karanne. unta medicine karanna ona nam ai nokara inne.. mehe nattam rata gihin hari karai. ehema karala apuwama SLMC ekata puke agillak gahan inna wenne. ethakota wenne ithn mehe thiyana salli wena ratawal walata pooja wena eka. karanna thiyenne SAITM eka hari standard ekata hadala ganna eka. munta ona eka newei ne. munta ona private education nawattanna :lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Ithin ara pitaratawal walin igenagena ena medical studentslata dena exam eka mehe SAITM eke kattiyata deela eken select karaganna barida machan?
    Monawa unath mamanan kiyanne oya SAITM eke igena ganna evun tikanan maha moda yakku tikak:(.Unta wena field ekak aththema nadda oya medical field eka arenna??

    Puluwan man danna taramin saitem aya oya exam noliyai field ekata enne.ekai metana tiyana prashne.
    exam liyalanam enne awulak na
    :)
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Oya Carlo Fonseka kiyana miniha thamai 'STANDARD' ekakata hadapu 'Ragama Private Medical College' eka wahala danna hethuwak wune. Oya SAITM anan manan okkoma awe eeta passe.

    Loke anith hema ratema thienawa wage private medical college lankawe thiena eka prashnayak newei.

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    SAITM - register wela tyenne oya kiyana widihe exam ekakakin MBBS ganna. (pitarata University ekak ekka partnership gahala,final years tika e piligatta university haraha karawala Graduate karanna)

    eth business eke laabe wenuwen standards sahitha Universityak widiyata degree denna haduwa SAITM.

    SAITM apohosath una SLMC illapu standards denna, maintain karanna.

    Desapaluwange saakku purawala SAITMuthsaha karanawa standards natuwa wayidya wurthiyata athul wanna
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පිස්සුද මනුස්සයෝ? සල්ලි තිබ්බා කියලා උන්ට විභාග පාස් වෙන්න බැහැ
    ඒක නිසා සයිටම් අය ඔය විභාගෙන වාඩිකරවන එකත් විහිළුවක්
    ඔය එක එක උන්ට පුළුවන්ද රජයේ කැම්පස් වලින් එලියට එන දෙවිවරුන්ට සමාන වෙන්නෙ?
    ටික දවසකින් රජයේ ඒවා වල උගන්නන අයත් ප්‍රයිවට් ඒවගේ පඩියට පනීවී
    බැහැ බැහැ එහෙම විභාග තියලා පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් එන අය දොස්තර වෙනවට අපි විරුද්දයි
    සේරම දොස්තර උනාම විශේෂ සැලකීම, වාහන පර්මිට් උනත් නැති වෙන්න ඉඩ තියෙනවා
    අනික වර්ජනයක් කලත් එකෙක්වත් මැරෙන එකක් නැහැ එහෙම උනොත්
    රජයේ රෝහලේ මිනී ගොඩ ගැහෙන්න ගැහෙන්න තමා රජයෙන් උනත් දොස්තර දෙවිවරුන් ගෙ කතා අහන්නෙ
    එහෙම උනාම දොස්තරකම බාල්දු වෙනවා, බේසම් වල කකුල් ඔබන් පාඩම් කරපු දොස්තර දෙවිවරුයි ප්‍රයිවට් ඉගෙන ගත්ත අයයි එකම රස්සාව කරන්න?
    ඔහේට පිස්සුද මේක දේව රස්සාව! :):rofl:
    Ohoma kiyanna epa asainam exam ekata wadi wennath demu :lol:
    :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Oya Carlo Fonseka kiyana miniha thamai 'STANDARD' ekakata hadapu 'Ragama Private Medical College' eka wahala danna hethuwak wune. Oya SAITM anan manan okkoma awe eeta passe.

    Loke anith hema ratema thienawa wage private medical college lankawe thiena eka prashnayak newei.

    Attada goverment eken leclage padi wadi nokaraddi private ewaye wadi padi deddi gov uni ibema wahei..antimata duppath amma tattage lamai pass wela awama uganwanne oba thumada?:growl::growl:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Puluwan man danna taramin saitem aya oya exam noliyai field ekata enne.ekai metana tiyana prashne.
    exam liyalanam enne awulak na
    :)

    Ithin harine ban pitarata gihin ena evunta ee exam eka liyanne nathuwa mehe docter wenna bane.Ithin saitm eke ayatath ee rule ekama genna barida??:)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තමන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන රටේ මිනිස්සු මරන්න හදද්දි අනුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගත්ත අය රටේ මිනිස්සු බේර ගන්නවා,අනුන්ගේ සල්ලි වලට කෙලෙහි ගුන දැක්විමක් විදියට,නැත්තන් අනුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන ශේප් එකේ වෙන රටකට මාරු වෙන්න පුලුවන් නේ :):)
     
    Last edited: