ඔබ.. මගේ කරගන්නයි මා පැතුවේ
බොහෝ කල් සිට
මා... ඔබේ නරක පුරුද්දක් කරගනු මැන
එයයි මට ඔබට පැවසීමට ඇත්තේ
සිරුර නමැති මේ සයුරේ..
එක් රළක් නොසෙලවී ඇත්තේ
ඊට චංචල වීමට දෙන්නකෝ.
කවියක්ව වී මේ ඇසෙන්නේ
මත් වූ දෑස් වලින් කියුවක්දෝ..
ළඟට ඇවිදින් මට බලන්න ඉඩ දෙන්නකෝ
ආදරේ ආශාවන් පොද වැස්සේ තෙමී යන්නට
එන්නකෝ...
සදහට ඔබ මාගේ කරගන්නයි මා පැතුවේ..
කිසිදා යන්නට නොදී
බොහෝ කල් සිට
ඔබේ.. දෑස් වල තැනක මා සඟවා ගන්න
එයයි මට ඔබට පැවසීමට ඇත්තේ
දැන් නම් මා නවතනු එපා
හිත හිතුවක්කාර වී ඇත්තේ
එතරමට මා උමතු වී ඇත්තේ
මොහොතකට ඇවිදින් බලන්න
මමත් විඳවනා තරම්
කෑලි වලට කැඩී බිදී ඇත්තේ
දැන් කිසිම පසුබැලීමක් අවැසි නැත
සිදුවන සියල්ලම, නිවැරදිය.
එන්නකෝ.
ඔබ සමඟින් එක් වීමටයි මා පැතුවේ
බොහෝ කල් සිට
මට ඔබ ළඟින්ම හිඳින්න ඉඩ දෙනු මැනේ
එයයි මට ඔබට පැවසීමට තිබූයේ.
ඔබ.. මගේ කරගන්නයි මා පැතුවේ
බොහෝ කල් සිට
මා පැතුවේ බොහෝ කල් සිට.
කාලෙකට පස්සේ අහපු romantic සිංදුවක් මචංලා
SONG : TUMHE APNA BANANE KA
SINGERS : ARMAAN MALIK & NEETI MOHAN
MUSIC : AMAAL MALLIK
Last edited: