ටෙලි නාට්‍ය දෙක තුනක් විතරයි ටී වී එකේ බලන්නේ.ඒත් අම්මා බලන නිසා බලනවා නැත්තන් ඒත් නෑ. අපි හිතුවට වඩා මේ මජර සිස්ටෙම් එකේ බූවල්ලාගේ අඬු දිගයි. අපි 225 ට විතරක් බැන්නාට මේ මජර සිස්ටම් එකෙන් යැපෙන සෑහෙන පිරිසක් ඉන්නවා. සාමාන්‍ය මිනිස්සු, ටීවී චැනල් හිමිකරුවෝ, නිවේදකයෝ, රාජ්‍ය සේවකයෝ, චීවරධාරීන්, නළුනිලියෝ ගායක ගායිකාවෝ. දේශපාලකයෝ හැම තැනකම මේ මජර සිස්ටම් එක පවත්වාගෙන යන්න උදව් ගන්න පුලුවන් අය හදාගෙන තියෙන්නේ. ඔය අතර අපි ඉස්සර උඩ දාගෙන ගරු කරපු ප්‍රසිද්ධ චරිත ඉන්නවා. දැන් තමයි තේරෙන්නේ අපි මහ උගත්තු මහා කළාකරුවෝ කියලා හිතාගෙන හිටපු උන් අපිව අන්දලා අපිටම ඇරලා කියලා. විශේශයෙන් හාමුදුරුවෝ ඉස්සර හිටියේ බුදුහාමුදුරොවෝ වගේ දැන් ඒ අයගෙත් රෙදි ගැලවෙනවා. JVP එකට රැල්ලක් ආපු නිසා මෙච්චර කල් හැංගි හැංගි මිනිස්සුන්ට ඇරපු උන් දැන් බයටම එළියට ඇවිත් කෑගහනවා