ඔව් හරියට බැලුවොත් එහෙම තමයි. ඒත් ඕකෙ දෙපැත්තක් තියෙනව.දෙරණ වගේ නාලිකා කරන්නෙ ගෝඨගෙ ඒව නිව්ස් වල වැඩියෙන් පෙන්නන එක. මුලින් ගෝඨගෙ ඒව පෙන්නල පස්සෙ සජිත්ගෙ ඒව අඩුවෙන් දානව. එයාල නිව්ස් වල පෙන්නන්නෙ තව කෙනෙක් කියපු දෙයක් විතරයි. එයාලගෙ කැමැත්ත අනුව ගෝඨගෙ නිව්ස් වැඩිපුර පෙන්නනව. ඒත් සිරස වගේ චැනල් මෙයිට හාත්පසින්ම වෙනස් කියල මට හිතෙන්නෙ. ඒව කරන්නෙ තුප්පහි වැඩ. මට මතකයි දවසක් නිව්ස් යද්දි මැද්දෙන් සිරසෙම එකෙක් ඇවිල්ල විනාඩි 10කට වැඩිය බැසිල්ට බැනගෙන ගියා. තවත් කෙනෙක් විවේචනය කරනව තමන්ගෙම නාලිකාවෙන්. ඔයවගේ සිද්ධි දෙක තුනක්ම මම දැකල තියෙනව සිරසෙ. අන්න ඒක තමයි ප්‍රධානම වෙනස ඔය චැනල් දෙකේ. තව ITN වගේ චැනල් බලන්න ඒ අයම රිසර්ච් කර කර බොරු මවමින් මඩ ගහනව අනිත් පක්ෂෙට. ඒත් Derana, Hiru වගේ මාධ්‍ය එහෙම දේවල් කරනව නම් මම දැකල නෑ. කෙනෙක් කියන එකක් පෙන්නනව විතරයි. හැබැයි එක කෙනෙක්ට වෙලාව වැඩියෙන් දෙනව තමන්ගෙ චැනල් එකේ.
හරියටම කරනව නම් ඔයා කිව්ව විදිය තමයි හරි. හැමෝටම සමාන කාලයක් දීල හැමෝගෙම ඒව පෙන්නන්න ඕන...