Type of Contracts - කොන්ත්‍රාත් වර්ග

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
Type of Contracts(construction) - කොන්ත්‍රාත් වර්ග

ඉදිකිරීම් කොන්ත්‍රාත් වර්ග...
:nerd::nerd::nerd::):)

කොන්ත්‍රාත් වර්ග කොන්ත්‍රාත් ක්‍රම අනුව ටෙන්ඩර් කිරීමේ ක්‍රමද සුළු වශයෙන් වෙනස් වේ. යම් කර්තව්‍යයක් කර ගැනීමට අදහස් කරන පාර්ශවයේ අවශ්‍යතාවයන් අනුව ව්‍යාපෘතියේ ස්වාභාවය අනුව (ඒය නිම කිරීමට අැති කාළය/ ඒහි විශාලත්ය ඒහි සංකීර්ණත්වය) අනුව සුදුසු කොන්ත්‍රාත් වර්ගයක් තෝරාගත යුතු වේ.

බහුලව භාවිතා වන කොන්ත්‍රාත් වර්ග කීපයකි. ඒවා පහත පරිදි වේ.

Measure and Pay Contracts - මැන ගෙවීම් කොන්ත්‍රාත් ක්‍රමය
Lump Sum Contracts - කුට්ටි මුදල් කොන්ත්‍රාත් ක්‍රමය
Schedule of Rates Contracts - ගාස්තු ප්‍රමාණ සහිත කොන්ත්‍රාත් ක්‍රමය

සම්ප්‍රධායික කොන්ත්‍රාත් ක්‍රම

ඉතා අෑත අතීතයේදී (රාජ්‍ය අාණ්ඩු පැවති කාළ සීමා වලදී) ව්‍යාපෘතිවල අයිතිකරු කොන්ත්‍රාත් වූයේ "අදාල රාජ්‍යයේ රජතුමාය". ඒකල පැවති කොන්ත්‍රාත් ක්‍රමය වූයේ රජුන් විසින් සැපයූ ද්‍රව්‍ය හා ශ්‍රමය නිසි අයුරින් උපයෝගී කර ගනිමින් "රාජ්‍ය විශේෂඥයන්" විසින් අදාල ව්‍යාපෘතිය මෙහෙයවීමයි. මෙවැනි ව්‍යාපෘති වලදී වැය වන මුදල අඩු වීමත් ඒසේ ඉතිරිවන මුදල රටතුළ ඉතිරිවීමත් සිදුවේ. නමුත් ඉදිකිරීම් කටයුතු සදහා දීර්ඝ කාළයක් ගත වීම මේ ක්‍රමය් අැති අවාසියකි. තවද රජුගේ බලය අඩුවන කාලසීමා වලදී ව්‍යාපෘතියේ කටයුතු මන්දගාමී ස්වාභාවයක් ගැනේ. අධිරාජ්‍යවාදීන්ගේ අාක්‍රමණයත් සමග ඒකී සම්ප්‍රධායික තත්වය වෙනස් වී නව සම්ප්‍රදායක් අැති විය. ඒම කොන්ත්‍රාත් ක්‍රමයද සම්ප්‍රධායික කොන්ත්‍රාත් ක්‍රමය යටතට ගැනේ. ඒම කොන්ත්‍රාත් ක්‍රම නම්,

මිණුම් කර ගෙවීමේ ක්‍රමය - Measure and Pay Contracts
කුට්ටි මුදල් කොන්ත්‍රාත් ක්‍රමය - Lum Sum Contracts

1. මිණුම් කර ගෙවීමේ ක්‍රමය - Measure and Pay Contracts

බහුලව යොදාගනු ලබන කොන්ත්‍රාත් වර්ගයකි. මෙම කොන්ත්‍රාත් ක්‍රමයේදී නිම කළයුතු කාර්යයන් පිළිබදව පහත සදහන් කරුණු අඩංගු විය යුතුයි.
ඉතා පැහැදිලි පරිවිතරයන් සමග කළ යුතු වැඩ විස්තරය අඩංගු විය යුතුය.
කිරීමට නියමිත වැඩ ප්‍රමාණය හා ඒකකය සදහන් විය යුතුය.
ඒකී වැඩ ඒකක සදහා ගෙවනු ලබන මුදල සහ ගෙවනු ලබන මුළු මුදල සදහන් විය යුතුය.
මිණුම් කර ගෙවීම් කරනු ලබන්නේ අයිතිකරු හෝ ඔහුගේ උපදේශකගේ නියමය පරිදි නිම කර අැති ඔහු විසින් පිලිගෙන භාරගනු ලැබූ වැඩ කොයස් සදහා පමණි.

ඒ නිසාම කොන්ත්‍රාත් ගිවිසුමේ සදහන් මුළු මුදල ලබා ගැනීම අපහසු වේ. ඒමෙන්ම ඒම මුළු මුදල ගෙවීමටත් අයිතිකරු බැදී නොමැත. කොන්ත්‍රාත්කරු විසින් නිමකරනු ලැබූ වැඩ ප්‍රමාණය ගිවිසුමේ සදහන් වැඩ ප්‍රමාණයට වඩා අඩු වූ විට වටිනාකම අඩු වීමේ තත්වය උදාවේ. කොන්ත්‍රාත්තුවේ සදහන් වැඩ ප්‍රමණයට වඩා වැඩි ප්‍රමාණයක් කරන්නට සිදුවුවහොත් ඒ සදහා සේවාදායකයාගේ හෝ උපදේශකගේ අනුමැතිය ගත යුතු වේ. ඒසේ පූර්ණ අනුමැතිය ගෙන කරනු ලබන අමතර වැඩ සදහා මුළු මුදල ගෙවීමට සේවාදායකයා බැදී සිටියි.

මේ කොන්ත්‍රාත් ක්‍රමයේදී පෙර ටෙන්ඩර් අවදියට ඉතාමත් දීර්ඝ කාළයක් ගත වේ. තීරණ වලට ඒළඹීමට සාපේක්ෂව වැඩි කාළයක් ගතවේ.
පාර්ශව 3 අතර මනා සම්බන්ධයක් ගොඩ නැගේ. ඒ නිසාම ව්‍යාපෘතිය සාර්ථක වේ.

2. පූර්ණ වැය (කුට්ටි මුදල්) කොන්ත්‍රාත් ක්‍රමය - Lum Sum Contracts

සැලසුම්, පිරිවිතර හා අනෙකුත් විස්තර අනුව යම් ව්‍යාපෘතියක් සාර්ථකව නිමකර භාරදීමට කොන්ත්‍රාත්කරුවන්ට හිමිවිය යුතු සම්පූර්ණ වූත්, නොවෙනස් වූත් මුදලක් සදහන් කොන්ත්‍රාත් ක්‍රමයකි. මේ කොන්ත්‍රාත් ක්‍රමය සාර්ථක වීමට නම්, ව්‍යාපෘතියට අදාල සියළුම විස්තර නිවැරදිව හා සම්පූර්ණ වශයෙන් කොන්ත්‍රාත්කරුවන්ට ටෙන්ඩර් අවස්ථාවේදීම ලබා දිය යුතුය.

➟ මේ කොන්ත්‍රාත් ක්‍රමයේදී මොනයම් හේතුවක් නිසා වුවද කොන්ත්‍රාත් මුදල සංශෝධනය කළ නොහැක.

➟ මේ වර්ගයේ කොන්ත්‍රාත් ක්‍රම අප රටේ සාර්ථක වන්නේ ඉතාම කලාතුරකිනි. හේතුව නම් සවිස්තරාත්මක සැලසුම්, සවිස්තරාත්මක පිරිවිතර 100% ක්ම නිවැරදි B.O.Q අාදිය උපදේශකයන් විසින් කොන්ත්‍රාත්කරුවන්ට ටෙන්ඩර් අවදියේදී ලබා නොදීමයි.

➟ කොන්ත්‍රාත් ලියවිලි මගින් විස්තර වන ඉදිකිරීම සම්පූර්ණයෙන් නිමවනතුරු කොන්ත්‍රාත්කරු හා අයිතිකරුගේ වගකීම අවසන් නොවේ.


අැති විය හැකි විචල්‍යයන් නිසා කොන්ත්‍රාත්තුවේ මුදල් වෙනස් කම් අැතිවේ. තවද අපගේ රට තුළ සීඝ්‍රයෙන් සහ අක්‍රමවත්ව ද්‍රව්‍ය සහ කම්කරු වේතන ඉහල යාම සිදුවන නිසාත් කොන්ත්‍රාත්තුවේ මුදල වෙනස් වේ. ඒබැවින් විචල්‍ය නියෝග පිලිගැනෙන හා මිල ඉහල යාම් නිසා අැතිවන අමතර ගෙවීම් සදහා ඉඩ සැලසෙන පරිදි පූර්ණ වැය කොන්ත්‍රාත් කොන්දේසි මාලාවේ සංශෝධන සිදුකර අැත.

මේ කොන්ත්‍රාත් ක්‍රමයේ අැති විශේෂ ලක්ෂණ නම්,

ප්‍රමාණ බිල් පත්‍රයේ ඉල්ලා අැති සෑම වැඩ අංශයක්ම මිල කිරීම.

මිල ගණන් අනුව අවසානයේ නොවෙනස් ස්ථිර මිලක් ලැබීම. මොනයම් හේතුවක් නිසා මේ අගය නොවෙනස් වීම. අයිතිකරුට ව්‍යාපෘතියේ වටිනාකම පිළිබද පැහැදිලි විශ්වාසයක් ලැබීම.

සියළුම කොන්ත්‍රාත් ලේඛන සකසා අවසන් කර තිබීම.

ටෙන්ඩර් අැගයීම පහසු වීම.

විචල්‍ය සහ අමතර වැඩ පිළිබද පැහැදිලි පිලිවෙතක් තිබීම. (ඒවා නොකිරීම)


සම්ප්‍රදායික කොන්ත්‍රාත් ක්‍රම වන මිණුම් කර ගෙවීමේ කොන්ත්‍රාත් ක්‍රමය, කුට්ටි මුදල් කොන්ත්‍රාත් ක්‍රමය යන ක්‍රම දෙකේ අැති ප්‍රධානම අවාසිය වනුයේ ව්‍යාපෘතිය සදහා අධික කාළයක් ගත වීමයි, එම නිසා ව්‍යාපෘති කාලය අඩුකර ගැනීම උදෙසා සම්ප්‍රදායික කොන්ත්‍රාත් ක්‍රම භාවිතයේදී විවිධ ක්‍රම භාවිතා කරනු ලබයි.
එ්වා අතර,


1.) එකම ව්‍යාපෘතියක වැඩ එ්කක කොන්ත්‍රාත්කරුවන් කීපදෙනෙකු අතරට පැවරීම. (කොන්ක්‍රීට් වැඩ, බැමි වැඩ, විදුලි වැඩ, පයිප්ප වැඩ, කපරාරු වැඩ, දොර ජනේල වැඩ අාදී වශයෙන්) මේ තුළින් තම තමන්ගේ වැඩ කොටස් හැකි ඉක්මනින් නිම කිරීමට උපරිම උත්සාහය/ සැලසුම් කරනු ලබයි. එ් තුලින් අායතනයේ කීර්ති නාමය අාරක්ෂා කරගනිමින් වැඩි දියුණු කර ගැනීමත් අපේක්ෂා කරයි. එ් තුලින් ව්‍යාපෘතියේ අයිතිකරු/ උපදේශකගේ අැගයීමට ලක් වේ.

2.) වැඩ නිම කරන අාකාරය අනුව කොන්ත්‍රාත්කරුවන්ට යම් මූල්‍යමය වාසියක් ලබාදීම. මේ පිළිබදව ටෙන්ඩර් අවදියේදීම දැනුම් දීම් කරනු ලබයි.
(ව්‍යාපෘතියේ නියමිත කාලසීමාවට පෙර නිම කරන සෑම දිනක් වෙනුවෙන් අමතර මුදලක්/ ව්‍යාපෘතියෙන් ප්‍රතිශතයක් ගෙවීමට එකග වීම වැනි... )

(කුට්ටි මුදල්) Lum Sum කොන්ත්‍රාත් ක්‍රමයේ අැති වාසි

↭ අන්තර් ගෙවීම් සදහා ඉදිරිපත් කරන බිල් පත්‍රවල සවිස්තරාත්මක ගණනය කිරීම් අනවශ්‍ය වීම.
↭ අයිතිකරුට සහතික කරන ලද ස්ථිර වටිනාකම් සහිත කොන්ත්‍රාත් ලියවිල්ලක් ලැබීම.
↭ කොන්ත්‍රාත්කරුට ඉදිකිරීම ගැන පැහැදිලි අවබෝධයක් ලැබීම.

මේ ක්‍රමයේ අැති එක් විශේෂ අවාසිය නම්,

අයිතිකරුට හෝ උපදේශක තැනට ව්‍යාපෘතිය කරගෙන යන අවස්ථාවේදී කිසිම ඉදිකිරීම් කොටසක් වෙනස් කල නොහැකි වීම. (විචල්‍ය සහ අමතර වැඩ නොකරන පිලිවෙත නිසා)

3. ගාස්තු ප්‍රමාණ සහිත කොන්ත්‍රාත් ක්‍රමය - Schedule of Rates Contracts

මෙම කොන්ත්‍රාත් ක්‍රමයේදී ටෙන්ඩර් ලියවිලි ලෙස ඉදිරිපත් කරනු ලබන්නේ පහත සදහන් එ්වාය.

§ සාමාන්‍ය පිරිවිතරයන්
§ ව්‍යාපෘතියේ විශාලත්වය සහ ස්වාභාවය පෙන්නුම් කරන සැලසුම් පිටපත්
§ අදාල ව්‍යාපෘතියේ සියලු වැඩ කොටස් අඩංගු වූ වැඩ අංක උප ලේඛනයක් පමණි.

සවිස්තරාත්මක සැලසුම්, B.O.Q අාදිය සකස් කර නොමැති අවස්ථාවකදී ඉතා ඉක්මනින් මිල ගණන් කැදවීමක් අවශ්‍ය විටකදී මෙම කොන්ත්‍රාත් ක්‍රමය උපයෝගී කරලගනු ලැබේ. දැනට බහුලව භාවිතා කෙරෙන "Measure & Pay" ක්‍රමය යටතේ සිදු කෙරෙන අාකාරයටම "Schedule of Rates" කොන්ත්‍රාත් ක්‍රමයේ ගෙවීම් කරනු ලැබේ. එහෙත් ටෙන්ඩර් අවධියේදී B.O.Q එකක් ලබාදීමක් මේ ක්‍රමයේදී සිදු නොවේ.


visit for more information >> https://constructionway.blogspot.com/2017/01/type-of-contracts.html

ගන්න පුලුවන් දෙයක් තියෙනම් ගනිල්ල, නැත්නම් ඒත් ගනිල්ල:)
බම්පියක් වත් දාගෙන යන්න තව කෙනෙක්ට බලන්න
:nerd:
 
Last edited:

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ela.

    udinma damma nam hari construction contracts gana katha karanne kiala. thawa thianawa neda cost plus (eh kianne cost reimbursement + margin), incentive contracts, % of fee type contracts (consultancy agreements wala ehema thiyenne).

    samanyen (construction specific nathuwa) contract types kiala kianawa contracts under seal, express contracts, implied contracts etc.
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ela.
    :rofl: tnx
    udinma damma nam hari construction contracts gana katha karanne kiala. thawa thianawa neda cost plus (eh kianne cost reimbursement + margin), incentive contracts, % of fee type contracts (consultancy agreements wala ehema thiyenne).

    samanyen (construction specific nathuwa) contract types kiala kianawa contracts under seal, express contracts, implied contracts etc.
    :rofl::) thanx, niweradi kara
    Experianced QS kenk Kandy construction firm ekakata nathi wei da??
    :)tnx, wenama thread 1k dapan bn
    :)tnx,

    :)tnx,