Typical Sinhalese

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,265
    3,490
    113
    Maligawatta

    දිනක් මම කඩයට ගිය වෙලේ එහි සිටියේ සුද්දෙකි. ඔහු මුදලාලි සමඟ ලොකු කතාවකය. මම ඔහුට සමීපව සුව දුක් විචාරිමි.

    "මම නෙදර්ලන්ත පුරවැසියෙක්. මං අවිවාහකයි. මට වයස අවුරුදු 35යි. මගේ තාත්තා නෙදර්ලන්තයේ රෝහල් ගණනාවක් හිමි ධනපතියෙක්. මං කුඩා කල කරපු වරදකට ඔහු මාව කාමරයක හිර කරා. මං තරුණයෙක් වෙනතුරුම ඒ කාමරේ හිරවෙලා හිටියා.මං කවුළුවෙන් ඈත පේන දේවල් කාමරයේ අඳිනවා. මං ඒ පින්තූර එක්ක ජීවත්වුනා. ඒ රටේ රජයට අනුව මං තරුණයෙක් වූ පසුව එසේ සිර කරගෙන ඉන්නට බෑ. අවසානයේ මානව හිමිකම් කාර්‍යාලයක සහයෙන් මට එලියට එන්න අවස්ථාව ලැබුණා. මං මුලින්ම කළේ මගෙ තාත්තාට විරුද්ධව නඩු කියපු එක.අධිකරණයෙන් කිව්වා මං කැමති වන්දියක් ඉල්ලන ලෙස. අවසානයේ සෑම මසකම ඔහුගේ ආදායමෙන් කොටසක් මගේ ගිණුමට බැර කරණ ලෙස නියෝගකළා. මගේ ගිණුමට මුදල් බැර වුවත් මට හිතාගන්න බැරිවුනා ඊළඟට මං කළ යුතු දේ. මට ඕනි වුණා ඇවිදින්න. මට හිතුනා මං හිරවෙලා හිටපු කාලයේ මඟහැරුණු පරිසරය හොයාගෙන යන්න. මං රටින් රටට ඇවිද්දා. එහිදී මට විවිධ මිනිසුන් හමුවුනා. එහෙමයි මට මේ කඩේ මුදලාලිව හමුවුනේ.
    ලංකාවේ ඇවිදිනකොට මං දැක්කා මිනිසුන් පේමන්ට් දිගේ නිදියනවා. මං එයාලට සල්ලි දුන්නා. කෑම දුන්නා. මං වෙරළේ ඇවිදිනකොට මං දැක්කා දුප්පත් ළමයි. එයාලා බඩගින්නේ අඬනවා දැක්කාම මං එයාලට රස කෑම අරන් දුන්නා.ඒත් එයාලා ස්තූති කළේ නෑ. දවසක් මං එහෙම මිනිස්සුන්ට උදව් කරනකොට කීපදෙනෙක් ඇවිල්ලා මට ගැහුවා. මගේ සල්ලි මගේ මාලය වගේම මගේ කමිසයත් ගලවගෙන ගියා. මේ රටේ ඉන්නේ නරක මිනිස්සු.
    ලංකාවේ මිනිස්සු බුදුහාමුදුරුවන්ට වඳිනවා. ඒත් එයාලා අපිට වඳින්න දෙන්නෑ. අපි බුදුහාමුදුරුවො වඳින්න ගියාම සල්ලි ඉල්ලනවා. සල්ලි නොදුන්නොත් එලවනවා. මං සුදු නිසා එක විදිහක් ඔයා කළු නිසා එක විදිහක්. ඒ ඔයාලගෙ රටේ මිනිස්සුන්ගෙ හැටි. බුදුහාමුදුරුවො ඉන්න ඕනි හිතේ. ඔයාලගෙ බුදුහාමුදුරුවො ඔයාලගෙ හිතේ නෑ. මාලිගාව ඉස්සරහා මිනිස්සු රංඩු වෙනවා. පරවුනු මල් විකුණනවා. දළඳා වැඳලා ඉස්සරහා හෝටලෙන් සිගරට් අරන් බොනවා. ඔයාලගෙ හිතේ බුදුහාමුදුවෝ නෑ. ඔයාලගෙ මිනිස්සු වන්දනාවේ ගියාම බුදුහාමුදුරුවන්ගේ බුදුපිළිමෙට,වැඳලා ඒක පිටපස්සටම ගිහින් මූත්‍රා කරනවා. වටේ බුලත් කෙල ගහනවා. බීලා බෝතලේ පූජා භූමියේම දාලා එනවා. ඔයාලාගේ හිතේ ආගමක් තියනවා කියලා මං දැකලා නෑ. මට එක ආගමක් නෑ. මං ලංකාවට ආවාම බුදුහාමුදුරුවන්ගේ චිත්‍ර අඳිනවා. පන්සල් ගිහින් වඳිනවා.මං ඉන්දියාවට ගියාම කෝවිල් යනවා. ගිහින් පොට්ටු තියාගෙන දෙවියන්ට වඳිනවා. එයාලා ඉන්නේ මගේ හිතේ. මං එයාලට වඳින්නේ හදවතින්.
    ලංකාවේ පොලීසියට විනයක් නෑ. හදවතක් නෑ. මට හිතුනාම මං නොමිලේ එයාලට කෑම දෙනවා. දවස්ගාණකින් එයාලට ඒවා මතක නෑ. නොමිලේම බනින්න හේතු හදාගන්නවා. එයාලාගේ නීතිය තමයි අවිනීතිය. මං මේ කඩේට ආවේ මුදලාලි නිසා. මං ලංකාවට ආවාම මිනිස්සු මට බඩු විකුණන්නේ වැඩි ගානට.ඔයාලට සීයට විකුණන බිස්කට් එක මට දෙසිය පනහක් කියනවා. මං මේ මුදලාලිගෙන් විතරයි අඩුවට බඩු දෙන මනුස්සකමක් දැක්කේ. මං මේ නරක රටෙන් යනවා.මේ මං ලංකාවට ආව තුන්වෙනි වතාව. ආයෙමත් එන්නේ නෑ.
    ඔයාලගෙ රටේ දහයක් මිනිස්සු ඉන්නවා නම් නවයක්ම නරකයි. එක්කෙනෙක් හොඳයි ඒත් හොඳ අය හොයාගන්න අමාරුයි. මං දෙසැම්බර් විසිතුන් වෙනිදා ඉන්දියාවට යනවා. මං එහෙ ළමා රෝහල ළමයින්ගේ නත්තල් සීයා වෙන්න හිතුවා. මං එහෙ ගෙනියන්න රෝහලට අවශ්‍යය ප්ලාස්ටර් බැන්ඩේජ් වගේ දේවල් ගොඬාක් ලංකාවෙන් ගත්තා. ළමයින්ට දෙන්න තෑගි ගොඬාක් ගත්තා. විසිපස්වෙනිදා රෑට එයාලට නත්තල් අරන් මං යනවා. මං සතුට ලබන්නේ අනිත් අයගේ සතුට දැකලා. මට තියෙන්නේ කමිස දෙකයි. කලිසම් දෙකයි. වෙන ඔරලෝසුවක දෙයක් මං ගාව නෑ. මං හරි සරලයි"
    මං කොහොමද ඔයාව හොයාගන්නේ? මට ඔයාගේ දුරකතන අංකය facebook නම දෙන්න.
    "මට දුරකථනයක් නෑ. මට ෆේස් බුක් ඊමේල් නෑ. කොටින්ම මට ලිපිනයක් නෑ. මං රටින් රටට යනකොට එ මොහොතේ හමුවෙන කෙනා මගෙ යාළුවා. ඊට පස්සේ කවදාවත් එයාව ආය මුණගැහෙන්නේ නෑ. මට හිතුනොත් මං එයාලා බලන්න යනවා. ඒත් මාව කාටවත් හොයාගන්න බෑ. මටම කියලා නෑයෝ යාලුවෝ නෑ. මං ඇවිදගෙන ඇවිදගෙන යනවා. ලංකාවෙන් අරගෙන යන්නේ මං නිසා සතුටුවෙන අයගේ හිනාව විතරයි"

    15380762_855956334547474_4879383457553741677_n.jpg
     
    • Like
    Reactions: Bitter Truth

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොඩ මූසල මීහරකො.. ටිපිකල් සින්හලීස් කියන්නේ, ඒ කඩේ එකාගේ සරම උස්සලා බලලද? මම නම් තව කිව්වත් කමක් නැ මෙහෙම, ලාන්කිකයෙක් නොවෙන නිස. තො ලන්කාවෙම ඉදගෙන ඒකටම කෙලිනවනේ. නරකයි බ්‍රො..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,339
    45,354
    113
    ඇත්ත නැත්ත වැඩක් නැ නමුත් කථාව සම්පුර්න ඇත්ත :yes:

    දැන් ලංකාවේ හොද මිනිස්සු නැහැ බන්.මොන ජාතියේ උනත් ඔක්කොම එකයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් ලංකාවේ හොද මිනිස්සු නැහැ බන්.මොන ජාතියේ උනත් ඔක්කොම එකයි.
    මම නම් මේ කියන කතාවෙන් 50%කට් එකග නැ.. නරක මිනිස්සු ඉන්නවා කොයි රටෙත්. ඒත් ලන්කාවේ සමස්තයක් හැටියට විදේශිකයෙකුට හින්සා කරන මිනිස්සු අඩුයි.. බස් එකක කොච්චියක ගියත් කවදාවත් මම දැකලා නැ ඒක..
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,265
    3,490
    113
    Maligawatta
    මොඩ මූසල මීහරකො.. ටිපිකල් සින්හලීස් කියන්නේ, ඒ කඩේ එකාගේ සරම උස්සලා බලලද? මම නම් තව කිව්වත් කමක් නැ මෙහෙම, ලාන්කිකයෙක් නොවෙන නිස. තො ලන්කාවෙම ඉදගෙන ඒකටම කෙලිනවනේ. නරකයි බ්‍රො..

    punda, dai nee okkamal waaya mudikittu nillu :angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    punda, dai nee okkamal waaya mudikittu nillu :angry:
    කියන නෙයියමක් සින්හලෙන් හරි ඉන්ග්ලිශ් වලින් හරි ෆ්‍රෙන්ච් වලින් හරි කියපන් බන්. දෙමල කියලා මම දෙමල ඉගෙන ගත්තේ නැ..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම නම් මේ කියන කතාවෙන් 50%කට් එකග නැ.. නරක මිනිස්සු ඉන්නවා කොයි රටෙත්. ඒත් ලන්කාවේ සමස්තයක් හැටියට විදේශිකයෙකුට හින්සා කරන මිනිස්සු අඩුයි.. බස් එකක කොච්චියක ගියත් කවදාවත් මම දැකලා නැ ඒක..

    විදේශිකයෙකුට හිංසා නම් කරන් නැ නමුත් විදේශිකයන්ව හූරන් කණ මේ වගේ රටක් ලෝකේ නැ උඹ ඉන්න රටේ උඹට වෙන විදිහකට සලකනවට උඹ කැමැතිද කියපන් ඒ රටවල් වල ලෝකල් උන්ට එක ගානකුයි ෆොරින් උන්ට වෙණ ගනනුයි තියෙනවද නැනේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,339
    45,354
    113
    මම නම් මේ කියන කතාවෙන් 50%කට් එකග නැ.. නරක මිනිස්සු ඉන්නවා කොයි රටෙත්. ඒත් ලන්කාවේ සමස්තයක් හැටියට විදේශිකයෙකුට හින්සා කරන මිනිස්සු අඩුයි.. බස් එකක කොච්චියක ගියත් කවදාවත් මම දැකලා නැ ඒක..

    එතකොට මේ සුද්දා බොරුද ඔය කියලා තියෙන්නේ.:confused:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඒක තමයි නාන. මේ සිංහලයාගේ රටේ මිනිස්සු හොඳ නැහැ. එහෙවු රටේ උඹලත් ලැගගෙන ඉන්න එක හරිම කැතයි. ඒනිසා "අල්ලා හුවක්බර්" කියලා උඹලගේ සෙට් එකත් එක්ක මේ රටෙන් තොලොන්චි වෙලා පලයන්කෝ Please...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    විදේශිකයෙකුට හිංසා නම් කරන් නැ නමුත් විදේශිකයන්ව හූරන් කණ මේ වගේ රටක් ලෝකේ නැ උඹ ඉන්න රටේ උඹට වෙන විදිහකට සලකනවට උඹ කැමැතිද කියපන් ඒ රටවල් වල ලෝකල් උන්ට එක ගානකුයි ෆොරින් උන්ට වෙණ ගනනුයි තියෙනවද නැනේ
    ටිකට් සිද්දිය නම් තියනවා. තව ටුවරිස්ට් උන්ට ත්‍රීවීල් බුවාල සල්ලි කඩන සීන් ඇති. හැබැයි මචන් කවදාවත් මම දැකලා නැ සින්හල හො දෙමල, මුස්ලිම් ශ්‍රී ලාන්කික මිනිහෙක් සුද්දෙක්ට දෙකක් ඇනලා සල්ලි බඩු උස්සනවා.. ඒවා නම් බොරු කතා. මේ යකා ලන්කාවේ පන්සල් කොවිල් ගැන කියන්නේ හරියට යුරොප් වල උන් පල්ලි පන්සල් කොවිල් යනවා වගේ. වයසක උන් හැරෙන්න වෙන මොකෙක්වත් නැ එහෙ පල්ලි වල. උබ කිව්වට් විශ්වාස කරපන් ලගක් වෙනකන් එන්ගලන්තේ රැට ඒශියන් එකෙකුට පාරේ යන්න බැ. රැ වාහනේක අතුරු පාරක ආවොත් සුද්දයක් දෙයි. එහෙමයි විදේශිකයන්ට සමහර රටවල සලකන්නේ. සමහර ඇමෙරිකන් පැති තියනවා ස්පැනිශ් උන්ට රෙස්ටුරන්ට් එකක කන්න නිදහසක් නැ.. ඒ අතින් ලන්කාවේ අරාබිකරයෙක් ආවත්, සුද්දෙක් ආවත් සල්ලි කැඩුවට හින්සාවක් කරන්නේ නැ. ඔය සල්ලිකඩන්නෙත් වෘතීමය ගයිඩ් උන් සහා ටුවරිසම් කරන බුවාලා විතරයි. ගම්වල අහින්සක මිනිස්සු එහෙම නැ. අපි ඔනා තරම් එහෙම සුදු ජාතික උන්ව එක ගිහින් තියනවා ගම් වලට. මේ කුරුනැගල පැත්තේ ගමකට එක්ක ගියා මගේ යාලුවෙක් එක පාරක්, ඒ ගමේ ග්‍රාමසේවක ගෙදර හිටිය ගැනු කෙනා තකහනියා පිටි කොටලා කැවුම් මුන් කැවු අනන් මනන් හදලා දුන්නා සුද්දට බලන්න ඔනා කිව්වම. සල්ලි සතයක්වත් ගත්තේ නැ.. එහෙම මිනිස්සු ඉන්නවා බන්..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,372
    113
    මාලඹේ
    ලංකාවේ කුණු බඩු වැඩි ගානට විකුනන්නේ තම්බිම තමා.
    නැතුව වෙන කවුරුවත් නෙවෙයි.
    කුණු තේ කොළවලට කෙමිකල් ගහලා විකුනන්නෙත් කොළොන්නාවේ ඉන්න තම්බි තමා
    නිකන් කොපි පේස්ට් කරලා අල්ලාහ් ව චාටර් කරන්නේ නැතුව ඉදපන් බං
    මෙන්න ගත්ත තැන

    https://plus.google.com/+SachinthaPasindu/posts/DFx59eqrNZN
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට මේ සුද්දා බොරුද ඔය කියලා තියෙන්නේ.:confused:
    බොරු නේන්නම් බන්. අනික උගේ කතාව බලහන්. අනාත යකෙක්නේ. මුන්ට ටුවරිස්ට්ලා කියනවද? ටුවරිස්ට්ලා ඇත්ත රිවීව් එකක් ගන්න ඔනා නම් එයාර්පොට් එකේ ඩිපාචර් ලොන්ජ් එකේ ඉන්න උන්ගෙන් ලන්කාව ගැන අහපන්. උන් ඔහොම කියයිද කියලා උන්ගේ එක්ස්පිරියන්ස් එක ගැන. මම නම් ජිවිතේට එහෙම අහලා නැ පිට එකෙක් ලන්කාව චාටර් ආයේ එන්නේ නැ කියනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ වගේ ගොන් පාට් වලින් වෙන්නේ රටේ ආර්තිකේ වැටෙන එක. ටුවරිසම් ගැන මෙහෙම උබලම රිවීව් දැම්මම ආයේ එකෙක් එයිද? මට නම් වැඩක් නැ. ඒත් මම කිව්වේ මේක අමූලික බොරු නිසා. මමත් අවුරුදු ගානක ඉදන් යනවා එනවා. යුද්දේ කාලෙත් ආව. ඒත් අද වෙනකන් එකෙක්වත් මට හින්සාවක් කරලා නැ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,372
    113
    මාලඹේ
    ටිකට් සිද්දිය නම් තියනවා. තව ටුවරිස්ට් උන්ට ත්‍රීවීල් බුවාල සල්ලි කඩන සීන් ඇති. හැබැයි මචන් කවදාවත් මම දැකලා නැ සින්හල හො දෙමල, මුස්ලිම් ශ්‍රී ලාන්කික මිනිහෙක් සුද්දෙක්ට දෙකක් ඇනලා සල්ලි බඩු උස්සනවා.. ඒවා නම් බොරු කතා. මේ යකා ලන්කාවේ පන්සල් කොවිල් ගැන කියන්නේ හරියට යුරොප් වල උන් පල්ලි පන්සල් කොවිල් යනවා වගේ. වයසක උන් හැරෙන්න වෙන මොකෙක්වත් නැ එහෙ පල්ලි වල. උබ කිව්වට් විශ්වාස කරපන් ලගක් වෙනකන් එන්ගලන්තේ රැට ඒශියන් එකෙකුට පාරේ යන්න බැ. රැ වාහනේක අතුරු පාරක ආවොත් සුද්දයක් දෙයි. එහෙමයි විදේශිකයන්ට සමහර රටවල සලකන්නේ. සමහර ඇමෙරිකන් පැති තියනවා ස්පැනිශ් උන්ට රෙස්ටුරන්ට් එකක කන්න නිදහසක් නැ.. ඒ අතින් ලන්කාවේ අරාබිකරයෙක් ආවත්, සුද්දෙක් ආවත් සල්ලි කැඩුවට හින්සාවක් කරන්නේ නැ. ඔය සල්ලිකඩන්නෙත් වෘතීමය ගයිඩ් උන් සහා ටුවරිසම් කරන බුවාලා විතරයි. ගම්වල අහින්සක මිනිස්සු එහෙම නැ. අපි ඔනා තරම් එහෙම සුදු ජාතික උන්ව එක ගිහින් තියනවා ගම් වලට. මේ කුරුනැගල පැත්තේ ගමකට එක්ක ගියා මගේ යාලුවෙක් එක පාරක්, ඒ ගමේ ග්‍රාමසේවක ගෙදර හිටිය ගැනු කෙනා තකහනියා පිටි කොටලා කැවුම් මුන් කැවු අනන් මනන් හදලා දුන්නා සුද්දට බලන්න ඔනා කිව්වම. සල්ලි සතයක්වත් ගත්තේ නැ.. එහෙම මිනිස්සු ඉන්නවා බන්..

    මෙන්න වෙනරටවල් වල .ලංකාව ඒ අතින් කොච්චර හොදද?
    තම්බි සිංහල එවුන්ගෙන්ම කාල සිංහල එවුන්ටම කෙලිනවා.
    ලංකාව හොද නැත්නම් තමබියෝ සෞදි වලට ගිහිං පදිංචි වෙයන්

    https://www.youtube.com/watch?v=c0ztLtpuwkM
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ටිකට් සිද්දිය නම් තියනවා. තව ටුවරිස්ට් උන්ට ත්‍රීවීල් බුවාල සල්ලි කඩන සීන් ඇති. හැබැයි මචන් කවදාවත් මම දැකලා නැ සින්හල හො දෙමල, මුස්ලිම් ශ්‍රී ලාන්කික මිනිහෙක් සුද්දෙක්ට දෙකක් ඇනලා සල්ලි බඩු උස්සනවා.. ඒවා නම් බොරු කතා. මේ යකා ලන්කාවේ පන්සල් කොවිල් ගැන කියන්නේ හරියට යුරොප් වල උන් පල්ලි පන්සල් කොවිල් යනවා වගේ. වයසක උන් හැරෙන්න වෙන මොකෙක්වත් නැ එහෙ පල්ලි වල. උබ කිව්වට් විශ්වාස කරපන් ලගක් වෙනකන් එන්ගලන්තේ රැට ඒශියන් එකෙකුට පාරේ යන්න බැ. රැ වාහනේක අතුරු පාරක ආවොත් සුද්දයක් දෙයි. එහෙමයි විදේශිකයන්ට සමහර රටවල සලකන්නේ. සමහර ඇමෙරිකන් පැති තියනවා ස්පැනිශ් උන්ට රෙස්ටුරන්ට් එකක කන්න නිදහසක් නැ.. ඒ අතින් ලන්කාවේ අරාබිකරයෙක් ආවත්, සුද්දෙක් ආවත් සල්ලි කැඩුවට හින්සාවක් කරන්නේ නැ. ඔය සල්ලිකඩන්නෙත් වෘතීමය ගයිඩ් උන් සහා ටුවරිසම් කරන බුවාලා විතරයි. ගම්වල අහින්සක මිනිස්සු එහෙම නැ. අපි ඔනා තරම් එහෙම සුදු ජාතික උන්ව එක ගිහින් තියනවා ගම් වලට. මේ කුරුනැගල පැත්තේ ගමකට එක්ක ගියා මගේ යාලුවෙක් එක පාරක්, ඒ ගමේ ග්‍රාමසේවක ගෙදර හිටිය ගැනු කෙනා තකහනියා පිටි කොටලා කැවුම් මුන් කැවු අනන් මනන් හදලා දුන්නා සුද්දට බලන්න ඔනා කිව්වම. සල්ලි සතයක්වත් ගත්තේ නැ.. එහෙම මිනිස්සු ඉන්නවා බන්..

    හුරාන් කණ එක ටිකට් සිද්දිය තමයි ගොඩක්ම තියෙන්නේ සමහර තැන් වල තැබිලි ගෙඩියත් අෂ්ප ගණන් වලට ෆොරින් උන්ට දෙන්නේ, පික්පොකට් වගේ ඒවා නම් ලෝකල් ෆොරින් කියලා නැ සාමාන්‍ය දේවල්නේ, අනිත් ඒවා හරි හැබැයි ඔය රටවල කොල්ල කන්නේ ගේම් දෙන්නේ ඒ රටේ ලෝකල් උන් නෙමේ ගොඩක් වෙලාවට ඇෆ්රිකාවෙන් ලතින් ඇමරිකන් පකිස්තාන් තුර්කි වගේ රටවලින් ආපු උන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම දැක්ක මේක ෆේක්බුක් එකෙත් තියනව... ම හිතෙන විදියට ප්‍රබන්දයක් මේක...
    කොහොමත් ලන්කාව ආගන්තුක සත්කාර හොඳයි ගොඩක් රටවල් වලට වඩා..