මචං මම දැන් බැඳල ටික කාලයයි වෙන්නේ. ඒත් බන් පොඩි අවුලක් තියෙනව. වයිෆ් මචං මම කැමති කෑම හදල දෙන්නෑ. සෑහෙන්න වද කරන්න නැත්නම් මතක් කරන්න ඕන හදන්න. දෙන්න එක්ක ෆුඩ්සිටියට ගියත් ගොඩක්වෙලාවට එයා තෝරගන්නේ එයා කැමති ඒව.
මම කැමති ඒව මම තෝරල කාට් එකට දැම්මම කියනව මටනම් බෑ ඕව හදන්න කියල
මම ගොඩක් මස් කන්න ආස කෙනෙක් මස් හදන්නෑ බන්
මම ජිම් යන නිසා මස් ටිකක් ගන්න ඕනනේ වැඩිපුර දැන් මම තමයි ඒව හදන්නේ. සමපෝෂ ගෙනාවොත් මළ පනිනව පොල් ගාන්න බෑ කියල. මලාට හදන්නෑ.
මම පරිප්පු කන්න කැමති එයා කැමති නෑ.
මට මේක එපා වෙලා පොඩි කතා බහක් වෙලා පොඩි පොඩි ප්‍රශ්න වගයකුත් ඇති උනා බන්. මොකද මට කේන්ති යනව මම කැමති දේවල් හදන්නේ නැති උනාම.
ඔයාට ඕන නම් ඔයා හදන් කන්න කියනව
පස්සේ මමත් හිතන්න ගත්ත එයත් මනුස්සයෙක්නේ. එයාට කියල මගේ කෑම හදවගන්නේ මොකද කියල මමම හදන්න ගත්ත. කවද කාපු ටකරන්ද
ඒකට අම්ම. අම්මල නම් අපි කැමති දේවල්මනේ හදන්නේ. 
කොහොම උනත් වයිෆ් කියන්නේ අම්ම නෙමේනේ. දැන් මම කේන්ති ගන්නෑ. මමම මට ඕන ඒව හදා ගන්නව. දැන් ටිකක් හුරු වෙලා වගේ. සමහර වෙලාවට මම අනාගන්නව වගේ දැනුනොත් අවිති මූන විකාරයක් කරන් තරහෙන් වගේ කරල දෙනව. ඒ උනාට එපා වෙනව බන් එ් මූඩ් එක දැක්කම.
මගේ යාලුවොන්ගේ වයිෆ්ල නම් එහෙම නෑ බන්. මම ඔය සීන් උන් එක්ක කිව්වම උන් හිනා වෙනව.
මට හෙන දුකයි බන්.
මම හිත හදාගත්තට එයත් මනුස්සයෙක්නේ එයාට කියල කෑම හදාගන්න බලන් ඉන්නේ මොකදට කියල. සමහර වෙලාට හිතට එනව මිනිහ කැමති කෑමක් හදල දෙන්න බැරි ගෑනි මොකදට කියල.
වෙන අඩු පාඩුවක්නම් නෑ බන්.
කුනුහරුප දාන්න එපා බන් ත්‍රෙඩ් එකක් දැම්මම.

Last edited: