Ubuntu වලට Dongle එකක් Connect කිරීම

Apr 26, 2008
10,015
355
0
38
~ In your bathroom ~
Ubuntu වලට Dongle එකක් Connect කිරීම

Ubuntu වලට Dongle එකක් Connect කිරීම
මේ කියන්න හදන්නේ 3G phone එකකින් එහෙමත් නැත්නම් Dongle එකකින් software එකක් use කරන්නෙ නැතුව Ubuntu හරහා අන්තර්ජාලයට එකතු වෙන විදියක් ගැන. මේක හරිම සරල ක්රමයක්. ඒ වගේම මේක ගොඩක් දෙනා දැනටම භාවිතා කරන ක්රමයක්. දන්නෙ නැති අයට උදව්වක් විදියට තමයි මම මේක ලියන්නෙ.

step01.png



පලමු පියවර විදියට, ubuntu මුහුනතේ තියන Network Connection icon එක Right Click කරල pop up menu එකෙන් Edit Connections කියන එන තෝරගන්න.

step02.png


ඊ ලගට ලැබෙන window එකෙන් Mobile Broadband tab එක තෝරල ඒකෙ add button එක click කරන්න.
step03.png


ඊට පස්සෙ ලැබෙන window එකෙන් Create a connection for this broadband device: යටතේ තියන list එකෙන් ගැලපෙන device එක තෝර ගන්න. මෙතනට ගොඩක් දුරල මොඩම් එකේ නම එන්නෙ නෑ. නමුත් එතන තියන device එක select කරාම හරි.

step04.png


step05.png


step06.png



ඊ ලගට එන windows වලදී රට, සේවා සපයන ආයතනයේ නම හා සේවා පැකේඡය තෝරාගන්න. ඉන්පසු වෙනස් කම් save කර එම window එක close කරන්න. දැන් නැවතත් Network Connections window එක පෙනේවි.

step07.png


එහි ඔබ අලුතින් සාදාගත් connection එක ඈතුලත් වී තියෙනව. දැන් ඒ window එක close කරන්න. ආපහු network connection icon එක Left Click කරල Avalable යටතේ තියන දැනු හදපු connection එක click කරල අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පුලුවන්.

දැක්කනෙ හරිම සරල ක්රමයක්. මොනව හරි අවුලක් තියනවනම් මට කියන්න. හැබැයි මේක Dialog Original Dongle එකත් එක්ක හරියටම වැඩකරේ නෑ.


http://keshandesilva.blogspot.com/2010/11/ubuntu-dongle-connect.html#comment-form