තම මව උදේ පාන්දරින් නැගිට සාදා දෙන බත් පාර්සලය ද රැගෙන උදැසනින් ටියුෂන් පන්තිය වෙත එන බව පවසා නිවසින් පැමිණෙන තම දරුවා ටියුෂන් නොගිහින් වෙනත් තැනක හිටියහොත් ඒ දෙමාපින්ට දැනෙන්නේ දරාගත නොහැකි වේදනාවකි. එවැනි තරුණ තරුණියන් පිරිසක් ආදරයෙන් වේලි බස් යටට වී සිටින මෙම ඡායාරූප කැමරාවේ සටහන් වුයේ අද (1) උදැසන මාතර මුහුදු වෙරල තීරයේදීය. ඔවුන් ඉදිරිපස පිහිටා ඇත්තේ මාතර පරෙවිදූව උපෝසථාගාරයයි. එහි සිට්න භික්ෂූන් වහන්සේලාට හා වැද පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට මෙම දර්ශනය දැකීමෙන් කුමක් සිතට පහළ වන්නේද, යම් හෙයින් බස් රියක් පිටුපසට ධාවනය උවහොත් ජිවිතයෙන් වන්දි ගෙවීමට ද සිදුවනු ඇත.එමෙන්ම මෙම තරුණ තරුණියන් නිරන්තරයෙන් කප්පම්කරුවන්ගේ හා වෙනත් පුද්ගලයින්ගේ ග්‍රහණයට ලක්වන්නේය.මෙතරම් ජනාකීර්ණ ස්ථානයක මේ ආකාරයට හැසිරෙන්නේ නම් පාළු ස්ථානයක ඔවුන් කෙසේ හැසිරෙන්නේ ද . මෙම ඡායාරූප ඉතා රහසිගත ලෙස ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන් මාධ්‍යවේදී ප්‍රියාන් ද සිල්වා මහතාට Matara hot news විශේෂ ස්තුතිය



sepa thama
