Ultra minimalist life එකකට මම හුරු උන විදිහ

Wheeler Dealers

Junior member
  • Jul 8, 2017
    15
    51
    13
    මේ මම කියන්න යන්නෙ මම ultra minimalist life එකකට හුරු උන විදිහ

    අපෙ ගෙදර ඉන්නෙ තුන්දෙනයි
    අපි ටීවි බලන්නේ නෑ ඒ ඔක්කොම ෆෝන් එකෙන් සිංදු අහන්නෙ එහෙමත් හැමදේම ෆෝන් ඒකෙන් තමයි ඉතින් ගෙදර තිබුණු ටීවී එකයි ඕඩියෝ සිස්ටම් එකයි විකුණල දැම්මා

    එතකොට අපිට වැඩක් නැති කිසිම ඉලෙක්ට්රොනික බඩු අපි ගන්නෙ නෑ

    ගෙදර ඉලෙක්ට්රොනික බඩු විදිහට තියෙන්නේ ෆ්‍රිජ් එකයි වොෂින් මැෂිමයි රයිස් කුකර් එකයි

    අනික අපෙ ගෙදර ලී බඩු එහෙම සෑහෙන අඩුයි සාලෙ සෝෆා සෙට් එකයි පුටු කිපයක් තියනව

    කෑම කාමරෙ ස්ටේන්ලස් වලින් ටෙම්පර්ඩ් ග්ලාස් දාලා හදපු මේසෙයි ස්ටේන්ලස් පුටු ටික තියනව

    පිඟන් කෝප්ප එහෙම අවශ්‍ය ප්‍රමානෙට විතරයි තියෙන්නේ

    කාමර වල රෙදි එහෙම දාගන්න කබඩ් එකයි ඇඳයි පොඩි මේසෙකුයි තියෙන්නේ

    කඩෙන් බඩු ගේන්න රෙදි බෑග් තියනව ෂොපින් නම් ගෙදරට ගේන්නෙම නෑ

    ක්ලීනින් ලික්විඩ් එහෙම ලීටර් දෙක තුනක ගැලුම් ගේන්නෙ ඉවර උනාම ආපහු රීෆිල් කරල ගන්නෙ

    ගෙදරින් අයින් වෙන කුණු වෙන වෙනම වර්ග කරල වෙන් කරල තියනව ප්ලාස්ටික් වර්ග වෙනම අයින් කරල තියනව ඕන අයට දෙන්න

    වැඩකට නැති ඉලෙක්ට්‍රොනික් ගැජට් නම් කිසිම එකක් නෑ මට තියෙන්නෙ ෆෝන් එකයි වයර්ඩ් ඉයර් ෆෝන් එකයි

    ගෙදරට තියෙන්නේ එකම එක ෆෝන් චාජර් එකක් ඇන්කර් පෝට් පහක චාජර් එකක්

    පුලුවන් තරම් බලන්නෙ ගෙදරට එන අනවශ්‍ය බඩු නවත්ත ගන්න

    වාහනේ උනත් ඕනෙවට වඩා ලෙවකන්න යන්නෙ නෑ සර්විස් එක කරගත්තා පැද්දා ගෙදරදි වාහනේ වැඩ කිසිම දෙයක් කරන්නෙ නෑ ඔක්කොම පිටින් තමයි

    ඇත්තටම එහෙම සරලව ජීවත් වෙනකොට මාරම නිදහස්

    දැන් ඉතිං කියන්න එපා එහෙනම් ගල් ගුහා වල ඉදපන් කියල අද කාලේ හැටියට නැතුවම බැරි දේවල් විතරයි ගෙදර තියෙන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Why Would You Do That Ross Geller GIF
     

    AnuradhaRa

    Well-known member
  • Umba poth kiyawanawada?
    Gedara minissu ekata ekathu wea katha karanne kama kanne rhema nadda?
    tv balanne nathi eka nan hondai
    මම රෑට කන්නෙ හතාමාරට දෙරනෙ යන ඉස්කෝලෙ නාට්ටිය බල බල

    ඒක ආතල්
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    Extrime minimalist නෙවෙ මං. හැබැයි කාමරේ බඩු පුළුවන් තරම් අඩුවෙන් පිලිවෙලට තියෙනවාට කැමති.

    Online බඩු ගද්දි ටිකක් හිතලා ඕනිමයි කියලා හිතෙන ඒවා විතරයි ගන්නෙ
     
    • Like
    Reactions: NRTG and JokerFan

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය සරල ජීවිතේ එපා වෙයි පවිච්චි කරන ඒව කැඩුනම. වාහනේ හුලන් ගියාම. පෝන් චාජරේ කැඩුනම. වතුර ලයින් එකක් කරන්ට් ලයින් එකක් කැඩුනම. ඔව්ව හදන්න එකෙක් දවසින් හොයාගන්න බැරි උනාම. දවසින් replacement බඩුවක් ගන්න බැරි උනාම.
    හරියට මුකුත් කරගන්න බැරි කෙනෙක් වගේ.
     

    Wheeler Dealers

    Junior member
  • Jul 8, 2017
    15
    51
    13
    ඇයි මේ සමහර අයට රිදිලා? ඇයි මම බලෙන් මම ඉන්න විදිහට ඉන්න කිව්වද? :lol: :lol: