unicode නැතුව සිංහල site තුලට

Apr 6, 2011
861
34
0
unicode නැතුව සිංහල site තුලට

widget-si-blue-250.png


SETT යුනිකේත විකේතකය යනු...

SETT යුනිකේත විකේතකය යනු ඔබේ සිංහල බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට එක් කර ගත හැකි වෙබ් විජෙට්ටුවකි.



මෙම විජෙට්ටුව ඔබ ඔබේ අඩවියට එක් කරගත් පසු, යම් පාඨකයෙක් ඔබේ අඩවියට පිවිසෙන විටම ඔහුගේ හෝ ඇයගේ පරිගණකයේ සිංහල යුනිකේත සහය තිබේද නැද්ද යන්න SETT යුනිකේත විකේතකයෙන් පරීක්ෂා කර හඳුනා ගනු ලබයි.



ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය ඇති බවට හඳුනාගනු ලැබුණහොත් SETT විකේතකයෙන් කිසිඳු කාර්යයක් සිදුනොවෙයි. නමුත් ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය නොමැති බවට හඳුනාගනු ලැබුණහොත්, SETT යුනිකේත විකේතකය මැදිහත් වී ඔබේ අඩවියේ ඇති සිංහල අන්තර්ගතයන් විකේතනය (decode) කර, නිසි ආකාරයෙන් එම අන්තර්ගතයන් ‍පෙන්වනු ලබයි.



ඊට අමතරව, සිංහල සහය නොමැති පාඨකයන්ට ඔවුන්ගේ පරිගණකයේ සිංහල සහය නොමැති බව මෙමඟින් දැනුම් දෙන අතර, සිංහල යුනිකේත ස්ථාපනය කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් වෙත ‍යොමු කරවීමද සිදු කරනු ලබයි.

වැඩි විස්තර
 
Last edited:
  • Like
Reactions: emil

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒ කිව්වේ නැත්නම් එයා ඒක unicode වලට හරවනවද?
    නැත්නම් unicode නැතුව මෙහෙ ආවට වැඩක් නෑ කියල
    කියනවද?
     
    Apr 6, 2011
    861
    34
    0
    ඒ කිව්වේ නැත්නම් එයා ඒක unicode වලට හරවනවද?
    නැත්නම් unicode නැතුව මෙහෙ ආවට වැඩක් නෑ කියල
    කියනවද?

    ලින්ක් එකෙන් ගිහිං බලන්න . එතන වැඩ සටහන ගැන සම්පූර්න විස්තරයක් තියෙනවා
     

    TDKPerera

    Junior member
  • Dec 19, 2008
    39
    35
    18
    ඒ කිව්වේ නැත්නම් එයා ඒක unicode වලට හරවනවද?
    නැත්නම් unicode නැතුව මෙහෙ ආවට වැඩක් නෑ කියල
    කියනවද?

    පරිගණකයේ සිංහල යුනිකොඩ් install කරලා නැත්නම් එයා ඒක එයාගෙ විදියකින් decode කරලා සිංහලෙන් පෙන්නනවා.

    තව ඊට අමතරව පරිගණකයේ යුනිකෝඩ් නෑ කියලා හඳුනගත්තොත් ඒ බව පාඨකයින්ට දැනුම් දීලා පරිගණකයට සිංහල යුනිකෝඩ් දාගන්න කියලා ලින්ස්සුත් දෙනවා.