මම රනිල් හොදයි කිව්වෙ නෑනෙ
මම කිව්වෙ සිරසට මෙහෙම කොයි පක්ශයක් ගැනවත් බලපෑම් කරන්න අයිතියක් නෑ..ඒ අය තමන්ගෙ සීමවෙන් ගොඩක් එහාට යනවා.
උදා: වරක් මහින්ද කියල තිබුනා සිරස මෛත්‍රීට කඩේ යන්නෙ නිකන් කෝටි ගානක් වටින සංඛ්යාත ගත්ත නිසා කියලා. ඕක කිව්ව වෙලාවෙ ඉදල මහින්දට පරන විඩියෝ දදා සුමාන ගානක් ගෑහුවා..ඒක තනිකර කලේ පලිගන්න..තමන්ගෙ මහන්තතකම පෙන්නන්න විතරයි.
රනිල් කියන්නෙ තනිකර කලු සුද්දෙක්.අන්ත ලිබරල් පෙඩරල් වාදියෙක්.විකුනන්නෙක්...යාලුවන්ට කොල්ලකන්න ඉඩදීල බලන් ඉන්න ඌන පුද්ගලයෙක්. රනිල් වෙනුවට සජිත් විකල්පයක් නෙවේ..සජිත්ට කිසි උගත්කමක් ඩිප්ලොමසි එකක්,ප්‍රොටෝකෝල් දැනුමක් නෑ..පුර්‍රණ නුසුදුස්සෙක්.එනිසා අතිශය රටට අහිතකරයි.
ඩඩ්ලිගෙන් පස්සෙ යූන්පී එක කොහොමත් රටට හොදක් කරපු කෙනෙක් නෑ.තනිකර විනාසකාරි පක්ශයක් වෙලා.නමුත් මේකට තියෙන චන්ද බේසෙක ප්‍රයෝජනයට ගන්න හොද කෙනෙක් එනවනම් හොදයි..
ගයන්ත,,නවීන්..යම් මට්ටමක ඉන්නවා නමුත් පරිනත නෑ..
අනික් පැත්ත ගත්තත් මහින්ද උනත් තෙරුම් ගන්න ඕන රට හදන්න තමන්ට යුද්දෙන් පස්සෙ හොද අවස්තාවක් තිබ්බ නමුත් මල්ලිල පුතාල ගොට්ටො සෙල්ලම් දාල කෙලව ගත්ත කියල කලින් සැරේ.මහින්දට තියෙන පෞර්ශය පාවිච්චි කරල රට හදන්න පුලුවන් එකෙක්ටවත් නැවෙන් නැතුව නමුත් ආයෙ අර විමල්ල,ජොනීල නාමල් ල නැටුවොත් පරන සන්තෑසියම තමා වෙන්නෙ.
රටේ තරුන කොල්ලො කෙල්ලො මම කියන්නෙ කිසිම පක්ශෙකට කඩේ යන්න හොද නෑ..වහල්ලු වෙන්න හොද නෑ...තාම අපිත් වහල් මානසිකත්වෙනම් ඉන්නෙ කොල නිල් රතු කැපුවත් කියල මේ ගෝලියකරනය වෙච්චි ලෝකෙ ලැජ්ජ වෙන්න ඕනෙ
සිරසෙ ඇජෙන්ඩා ඇති. හැබැයි උන් ඔය කතා කරන්නෙ රටේ අවශ්‍යතාවයක්. මට පක්ශ පාට අදාල නෑ. ඒත් දිනවන්න පුළුවන් නායකයෙක් පක්ශෙකට ඉන්න ඕනේ. එක පාරක් දෙපාරක් පැරදෙන එක සාමාන්‍යයි. ඒත් 30 වතාවක්? අනිත් එක තමයි මම කැමති රටේ තියෙන හැම පක්ෂයෙකම හොරෙක් නොවෙන කෙනෙක් නායකයා වෙනව නම්. මොකද පොඩි එකා මහ එකාව අනුගමනය කරනවා. සජිත්ගෙ වැරදි ඇති. ඒත් සජිත් කියන්නෙ රනිල්ට සාපෙක්ෂව හොරකම් කරපු කෙනෙක් නෙවේ. සජිත් නූගතා ගොනා වෙන්න පුළුවන්. ඌගෙ නූගත් කමට හම්බුනෙත් ඕනම නූගතෙක්ට කරන්න පුළුවන් ඇමතිකමක්. හම්බවෙච්ච ඇමතිකමෙන් ගමේ මිනිස්සුන්ට ඌ ගෙවල් හදලා දෙනවා. රණවිරු පවුල් වලට ගෙවල් දෙනවා. අසරන මිනිස්සුන්ට සලකනවා. අපේ උගත් ඩිප්ලොමසි ප්‍රොටොකොල් මාස්ටර් ඒවා පාවිච්චි කරලා මොකෑ කරේ? දුන්නා නේද මහ දවලේ මහ බැංකුවට ශොට් එක. තමන්ගෙ ගජ මිතුරු කල්ලිය එක්ක අඩු නැතිව ඩිප්ලොමසි එකයි පටලව ගන්නෙ නැතුව ප්‍රොටොකොල් හැන්ඩ්ලිනුයි කොරලා තියෙනව
සජිත්ට බැන බැන ඉන්නේ දීලා බලපන්කො කොරන හැටි බලන්න. අවුලක් තියෙනව නම් වෙනස් කරගන්න පුළුවන්නෙ. නොදී ඉඳලා හරියන්නෙ නෑනේ. මහින්දටත් චන්ද්‍රිකා නොදී හිටියට මහින්ද භාර අරගෙන පක්ශෙ අරගෙන ගියානෙ. එකම පක්ශෙ නායක කම අවුරුදු 10 පනිනකොට මහින්දට නැතුව බැරි විමල්ල,ජොනීල නාමල් කල්ලිය වගේම, රනිල්ටත් මලික් කබීර් අලෝසියස් කල්ලිය නැතුවම බෑ. ඕක ඒ මිනිස්සුන්ගෙ වැරැද්දක් නෙවේ, එක තැන හිටියම හැදෙන ලෙඩක්. ඔය ලෙඩේ හැදුනට පස්සෙ හොඳ කරන්න බෑ. හොඳ උනා වගේ බොරුවට හිටියත් අර ලෙඩේ ගතිය ආයි ආයි එනවා. අකමැති උනත් කපලම දාන්න වෙනවා.







